Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Kiara Advani තවත් තෙළිඟු චිත්‍රපටයකට ගිවිසුම්ගත වෙයි.

$
0
0

අධ්‍යක්ෂක Shankarගේ නවතම සිනමාපටය, තෙළෙඟු නළු Ram Charanගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් නිර්මාණය වනවා වගේම නුදුරු දිනයකදීම එහි රූපගත කිරීම් ආරම්භ කිරීමට සියල්ලම සූදානම්.  Sri Venkateswara Creations බැනරය යටතේ තිරගත වීමට නියමිත මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Dil Raju සහ Shirish විසින්. චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා නිළියන් කිහිප දෙනෙක්ම යෝජනා වුණත් නිෂ්පාදකයින් ඒ ගැන නිළ නිවේදනයක් නිකුත් කරන්නට හදිසි වුණෙත් නැහැ. කෙසේ නමුත් අවසානයේදී මෙහි heroine චරිතයට හින්දි නිළි Kiara Adwani ගිවිසුම් ගත වෙලා තියෙනවා. ජූලි 31වනදාට යෙදුණු ඇගේ උපන් දිනයට සමගාමීවයි මේ ආරංචිය මාධ්‍යයට නිකුත් කලේ.

මේ කියාරාගේ පළමු තෙළෙඟු සිනමාපටය නම් නෙමෙයි. ඇගේ මුල්ම තෙළෙඟු නිර්මාණය වුණේ 2018 වසරේ Mahesh Babu රඟ පෑ Bharat Ane Nenu චිත්‍රපටයයි. එය වාණිජ වශයෙන් මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින්ද සාර්ථක නිර්මාණයක් වුණා. ඉන් පසුව, 2019 වසරේදී ඇය තවත් තෙළෙඟු නිර්මාණයකට දායක වුණා. විශේෂත්වය වන්නේ Kiara සමඟ එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ද Ram Charanම වීමයි. ඒ 2019දී තිරගත වුණු Vinaya Vidheya Rama සිනමාපටයයි. නමුත් එය නම් බොහොම ඍණාත්මක ප්‍රතිචාර සමඟින් ආදායම් අතිනුත් අසාර්ථ වූ චිත්‍රපටයක්.

දැනට “RC 15” ලෙස තාවකාලික title එකකින් හඳුන්වන මේ සිනමාපටය තෙළෙඟු, දමිළ හා හින්දි භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත කරන්නයි සූදානම. මෙහි Ram Charan දේශපාලනයට සම්බන්ධ චරිතයක් රඟ දක්වන බවටයි ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතමුන් ඉඟි පළ කරන්නේ. Ram Charanගේ පියා, SuperStar චිරන්ජීවිගේ cameo දර්ශනයකුත් මෙයට ඇතුළත් බවත් කියවෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ගාස්තුව වෙනුවෙන් Shankar ඉන්දියානු කෝටි 20ක ගාස්තුවක් අය කළ බවත් අන්තර්ජාලයේ සඳහන්. නමුත් එහි ඇත්ත නැත්ත පිලිබඳ තහවුරු කොට නැහැ. Ram Charanගේ 15වන සිනමා නිර්මාණය වන මෙය, Dil Rajuගේ 50වෙනි නිෂ්පාදනයයි.

මේ මොහොතේ දකුණු ඉන්දියාවේ සිටින ජනප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයා වන S. Thaman විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබනවා.

Chiru 153: Lucifer Telugu remake titled Godfather

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles