ගයාන් හා චතුරිකා කියන්නේ පහුගිය කාලේ හුඟාක් කතා බහට ලක් වු යුවළක්.ඔවුන් දෙදෙනා ගැන වෙබ් අඩවි නොයෙක් දේ කතා කරන්න පටන් ගත්තා.ගයාන් චතුරිකා ඉන්නේ එකට,කන්නේ මේවා,කරන්නේ මේක…මේ වගේ නොයෙක් දේ පළකරන්න පටන් ගත්තා.මොකද ඔය වගේ ඕපදූප වලට මේ කාලේ හොඳ මාකට් එකකුත් තියෙනවා නේ.මේ දේවල් වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඔන්න දැන් නම් ගයානුයි චතුරිකයි ඇත්තටම ආයි එකතු වෙලා.
හැබැයි ඉතින් වෙන දේකට නෙවෙයි.නිෂ්පාදන කටයුත්තකට…ආරංචියේ හැටියට මේ දෙන්නා එකතු වෙලා ටෙලි නිර්මාණයක් නිෂ්පාදනය කරන්න යනවාලු. නාට්‍යයේ නම ‘ආත්මා’. එය ආත්ම දෙකක කතා පුවතක්. ආත්මා හී සුපෙම්වතුන් වන්නේ ද ගයාන් සහ චතුරිකාමයි.
රාජගිරිය සවරින් හෝටලයේ පැවැති මුහුරත් උළෙලකින් අනතුරුව වැඩ කටයුතු ඇරැඹි ආත්මා හී ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරිණී, ලයනල් වික්‍රම, මානෙල් වානගුරු, රමණී සිරිවර්ධන, නිරෝෂා තලගල, අනුර බණ්ඩාර රාජගුරු, කමල් දේශප්‍රිය, විශ්ව ලංකා, මේනකා මධුවන්ති, රූපා ගෝමස්, දයාසිරි හෙට්ටිආරච්චි, චමිල අත්තනායක ඇතුළු පිරිස රගනයෙන් දායක වෙනවා.
ආත්මා හි අධ්‍යක්ෂණය මෙන්ම කැමරාව මෙහෙයවීම ජනක චමින්ද අත්තනායකගෙනි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණය කරනු ලබනවා. චින්තක පීරිස්ගේ තිර රචනයෙන් හැඩවන මෙහි කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ සිදු කරනු ලබනවා. චමින්ද වෙලේගෙදර අංග රචනයෙන් ද, අසුන් මල්වත්ත සංස්කරණයෙන් ද, මංජුල ගුණවර්ධන නිෂ්පාදන කළමනාකරණයෙන් ද ආත්මා සඳහා දායක වී සිටිනවා
The post ගයාන්ගෙයි චතුරිකාගෙයි අලුත්ම වැඩේ appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.