Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

රිතික්, දීපිකා අතරට එකතු වෙන අනිල් කපූර්: Fighter

$
0
0

Hrithik Roshan සහ Deepika Padukone රංගනයෙන් එක් වන නවතම ක්‍රියාදාම චිත්‍රපටයක් ගැන විස්තර මුලින්ම බොලිවුඩයෙන් ආරංචි වුණේ පසුගිය ජූලි මාසයේදීයි. Fighter යනුවෙන් නම් කර තිබෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කෙරෙන්නේ Viacom18 Studios චිත්‍රපට ආයතනයේ මූලිකත්වයෙන්. මෙහි announcement වීඩියෝවෙන් පසු චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුණු බවට රසිකයින්ට දැකගන්නට ලැබුණත් ඉන්පසු කිසිදු major update එකක් ගැන විස්තර පළවුණේ නැහැ. දීර්ඝ නිහැඬියාවකට පසු Fighter චිත්‍රපටයේ අලුත්ම විස්තරයක් පසුගිය සතියේ මාධ්‍යයට අණාවරණය වුණේ එවන් තත්වයක් මතදී යි.

ඒ, එතෙක් කල් රහසක්ව පැවති Fighter හි උපප්‍රධාන රංගන ශිල්පීන් ලැයිස්තුවේ පළමු සාමජිකයාවයි! චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය Hrithik Roshan සහ Deepika Padukone නිරූපණය කරන බව දැනුම් දුන්නත්, සෙසු ශිල්පීන් පිරිස ගැන කිසිදු නිල තොරතුරක් leak නොවෙන්නට නිෂ්පාදන කණ්ඩායම වග බලාගත්තා. පසුගිය දෙසැම්බර් 24වනදා මෙම major update එක නිකුත් වෙන තාක්, රසිකයින් ඒ පිළිබඳව දැන සිටියේ නැහැ.
මේ අයුරින් නිල වශයෙන් දැනුම් දුන් Fighter හි පළමු උප-ප්‍රධාන චරිතය වුණේ Anil Kapoor නැමැති ප්‍රවීණ රංගන ශිල්පියායි…

මේ ගැන පළමු නිවේදනය නිකුත් කළේ Fighter චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන Hrithik Roshan විසිනුයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Siddharth Anand, Anil Kapoor සහ ඔහු සිටින සමූහ ඡායාරූපයක් පළ කරමිනුයි රිතික් මේ ගැන announce කළේ. උපන් දිනය වෙනුවෙන් Anil Kapoorට සුබ පැතූ Hrithik, ඔහු වැනි ජ්‍යෙෂ්ඨයෙකු සමඟ තිරය බෙදා ගැනීමට ලැබීම සතුටක් බවත් තමන්ගේ පණිවුඩයේ සඳහන් කර තිබුණා.

“Happiest Birthday to the man who grows younger each year in spirit and health, Anil Kapoor! Best wishes to you Sir.
From witnessing your legendary presence on sets as a mere assistant, to finally having the opportunity of sharing the screen with you…
Super excited for #Fighter.”

Hrithik Roshanගේ ට්විටර් පණිවුඩය නිකුත් කර වැඩි වෙලාවක් ගත වන්නට මත්තෙන් Anil Kapoor නැවතත් ඔහුට ප්‍රතිචාර දැක්වූයේ Fighter කණ්ඩායමේ සාමාජිකයෙකු වෙන්න ලැබීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බව පවසමින්.

“Thank you so much, Hrithik Roshan!
Happy to be a part of team #Fighter and working with you on-screen finally!”

මීට අමතරව ෆයිටර් ප්‍රධාන නිලිය Deepika Padukone තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් තබමින් Anil Kapoorට සුබ පැතුම් එක් කළා. “Welcome to Fighter, birthday boy!” යනුවෙන් සඳහන් කර තිබූ ඇගේ පණිවුඩයත් සිනමාලෝලී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා.

වර්තමාන බොලිවුඩ් සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන Anil Kapoor රංගනයට පිවිසෙන්නේ 1970 වසරේ Tu Payal Mein Geet සිනමාපටය හරහායි. නමුත් එය කිසි දිනෙක තිරගත වුනු නිර්මාණයක් නෙමෙයි. ඔහු සම්බන්ධ වූ චිත්‍රපට අතුරින් පළමු වරට තිරගත වූයේ 1980 වසරේ Vamsa Vruksham සිනමාපටයයි. එතැන් පටන් මේ දක්වා චිත්‍රපට 100කට අධික ප්‍රමාණයකට අනිල් කපූර් රංගනයෙන් දායක වී තිබෙනවා. හින්දි, කන්නඩ, තෙළිඟු, මලයාලම්, දමිළ ආදී සිනමා කර්මාන්ත ගණනාවකට සම්බන්ධ වූ අනිල් තමන්ගේ පළමු filmfare සම්මානය ලබා ගන්නේ 1984 වර්ෂයේදී යි. ඒ Mashaal චිත්‍රපටය වෙනුවෙන් Best Supporting Actor කැගටරිය නියෝජනය කරමිනුයි. 1988දී Tezaab චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නලුවාට (Best Actor) හිමි Filmfare සම්මානය ලබා ගන්නත් ඔහු සමත් වුනා.

ඉන්දීය රංගන ශිල්පියෙකුට තම රංගන ජීවිතය තුළ හිමිවිය හැකි උසස්ම සම්මානය වන හොඳම නලුවාට හිමි ඉන්දීය ජාතික සම්මානය (National Film Award for Best Actor) හිමි කරගන්නත් Anil වාසනාවන්ත වුනා. 2000 වසරේදී ඔහු එය ජයග්‍රහණය කළේ Pukar සිනමාපටයේ ‘මේජර් ජයිදේව් රාජ්වන්ශ්ගේ’ කැපී පෙනෙන රංගනය උදෙසා යි.
2008 වසරේ නිකුත් වූ Slumdog Millionaire චිත්‍රපටය අනිල්ගේ සිනමා ජීවිතයේ සුවිශේෂීම නිර්මාණය ලෙස බොහෝ-දෙනෙක් හඳුන්වනවා. ලෝක සිනමා කර්මාන්තය තුළ ඉන්දියාවේ නම සලකුණු කළ මෑතකාලීන සංදිස්ථානය වශයෙනුත් එය ජනප්‍රියයි. ඇකඩමි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය, වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයා ඇතුළු සම්මාන 08ක් ජයග්‍රහණය කළ Slumdog Millionaire සිනමාපටයෙ හි ප්‍රධාන චරිතයකටත් Anil Kapoor එක් වුනා.

ඊට අමතරව Ek Ladki Ko Dekha Toh Aisa Laga, Total Dhamaal, Malang, AK vs AK වැනි සාර්ථක නිර්මාණ රාශියක් අනිල් කපූර්ගේ අවසාන චිත්‍රපට අතරේ තිබෙනවා. ‘70 දශකයේදී රංගනයට පිවිසි ඔහු ඉන් වසර 50කට පමණ පසුවත් නලුවෙක් වශයෙන් සාර්ථක ස්ථාවරයක සිටින බවට හොඳම නිදසුන් තමයි ඒ…

අනිල් කපූර් සහ රිතික් රෝෂන් දෙදෙනා එකට රඟපාන පළමු නිර්මාණය Fighter චිත්‍රපටයයි. ඒ වගේම දීපිකා සහ රිතික් එකම චිත්‍රපටයකට සම්බන්ධ වෙන මුල්ම වතාව වන්නේ ද මෙයයි. 2013දී Race 2 සිනමාපටයෙන් නම් දීපිකා සහ අනිල් දෙදෙනාවම දැකගන්න ලැබුණා ඔබට මතක ඇති.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙය ‌ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත Action චිත්‍රපට මාලාවක පළමු නිර්මාණයයි. ඉන්දියානු සිනමා ඉතිහාසයේ පළවෙනිම aerial action movie franchise මාලාව වන්නේද, මෙය බවයි නිෂ්පාදකයින් පවසන්නේ.

Siddharth Anand විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ගුවන් සටන් මූලික කරගෙන නිර්මාණය වූවක්. Siddharth Anand හා Hrithik Roshanගේ සුසංයෝගයෙන් සෑදෙන තුන්වෙනි චිත්‍රපටිය තමයි Fighter නමින් හඳුන්වන්නේ. ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් පෙරදී නිර්මාණය වූ Bang Bang, War සිනමාපට දෙකම අතිශය සාර්ථකත්වයට පත් වුණා. රසිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලබාගත්තා. අති දැවැන්ත බොක්ස්-ඔෆිස් ආදායම් ලබාගත්තා. ඒ නිසාම මේ වනවිටත් රිතික්ගේ රසිකයින් Fighter වෙනුවෙනුත් බලාගෙන ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්. ඒ විතරක් නෙමෙයි, බොලිවුඩයේ සදාතනික ආදරවන්තයා Shah Rukh Khanගේ අලුත්ම ක්‍රියාදාම සිනමාපටය, Pathan අධ්‍යක්ෂණය කරන්නෙත් සිද්ධාර්ත්මයි. මේ සෑම කාරණාවක් නිසාම Fighterට ගොඩ නැඟිලා තියෙන hype එක නම් සුලු පටු නැහැ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Siddharth Anand කියන විදිහට මෙය නිර්මාණය වෙන්නේ ඉන්දීය සිනමා ප්‍රේක්ෂකාගාරයට විතරක්ම නොවෙයි. රූපගත කිරීම් සිදු වෙන්නෙත් ලෝක සිනමාවේ භාවිතා වෙන සංකීර්ණම සහ මිල අධිකම තාක්ෂණික උපාංග භාවිතයෙන් බව ඔහු කියනවා. රටවල් ගණනාවක Location දැවැන්ත ප්‍රමාණයක රූපගත කිරීම් සිදු කරන්න දැනටමත් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ. චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වන Viacom18 Studios හි COO වන Ajit Andhare මේ ගැන තමන්ගේ අදහස ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“An aerial action film offers a unique cinematic experience. It’s never been done in India. Being a ‘Top Gun’ fan, I have been looking for a script for years that explores aerial action and has a story rooted in India. ‘Fighter’ is that answer. Siddharth understands this genre and brings a unique flair to his films. I am excited to collaborate with him in building this franchise.”

මේ වෙනකොට ඉන්දියාව ආශ්‍රිතව Fighter සිනමාපටයේ රූපගත කිරීම් සිදුවෙමින් තිබෙනවා. Hrithik සහ Deepika දෙදෙනාම ඔවුන්ගේ social media handles හරහා මේ ගැන තමන්ගේ රසිකයින්ට දැනුම් දුන්නා. දැනට සැලසුම් කරලා තිබෙන ආකාරයට 2022 වසරේදී තමයි සිනමාශාලා ප්‍රදර්ශනය වෙනුවෙන් චිත්‍රපටය නිකුත් කරන්නට නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වෙන්නේ.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>