
කොවිඩ් වසංගතයෙන් පසු යළිත් විවෘත වූ මෙරට සිනමාහල්වල, ලාංකීය චිත්‍රපට කිහිපයක්ම සාර්ථකව ප්‍රදර්ශනය වුනා. ගෝලීය වසංගතයේ දුෂ්කරතා අභිබවමින් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්නට අපේ සිනමා ක්ෂේත්‍රය යළිත් දැන් උත්සාහ දරමින් සිටිනවා.
නිහඬ සෙවණැලි, භවතරණ, ගිනිමල් පොකුරු සහ නිම්හිම් චිත්‍රපටවලට පසු දැන් යළිත් නවතම සිංහල චිත්‍රපට ද්විත්වයක් දිවයින පුරා සිනමාශාලාවල තිරගත වනවා. ඒ බෙන්ට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ කවුරුවත් දන්නෑ නෑ සිනමාපටය සහ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ජංගි හොරා සිනමාපටයයි… පසුගිය දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹි මේ චිත්‍රපට ද්විත්වය ම මේ වනවිටත් සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය වන Underpants Thief හෙවත් ජංගි හොරා චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 23 වනදා සිට තිරගත වීම ආරම්භ වුනා. මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් සහ ඔහුව ඉන් සුවපත් කරගැනීමට උත්සාහ දරන ඔහුගේ සහෝදරයාගේ බිරිඳ අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙන මේ සිනමාපටය නිර්මාණය වී තිබෙනවා.
සෝමරත්න දිසානායක විසින්ම චිත්‍රපටයේ තිර පිටපත ද රචනා කර තිබෙන අතර රේණුකා බාලසූරිය මෙහි නිෂ්පාදිකාව වනවා.. පුබුදු චතුරංග සමගින් දිල්හානි ඒකනායක චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්ව සිටිනවා. මීට අමතරව චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය සහ තුමිඳු දොඩන්තැන්න ආදී ශිල්පීන් රැසක් Underpants Thief චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
විශ්වා බාලසූරිය චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. ආචාර්‍ය් රෝහණ වීරසිංහගේ ස්වර රටාවන්ට හැඩවූ ශශිකා නිසංසලා සහ හර්ෂණ දිසානායකගේ ගීත කිහිපයක්ම Underpants Thief චිත්‍රපටයේ අඩංගු වනවා. සෝමරත්න දිසානායකගේ හුරුපුරුදු චිත්‍රපට ශෛලියෙන් බැහැර වූවක් නිසාම සමාජ මාධ්‍ය තුළත් මේ චිත්‍රපටය ගැන විශාල කතාබහක් ඇති වුනා. වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වන මෙය දිවයින පුරා සිනමාශාලා ගණනාවක අතිසාර්ථකව ප්‍රදර්ශනය වනවා. වසර දෙක හමාරකට පසු House-Full පුවරුව අත්පත් කර ගැනීමට ජංගි හොරා චිත්‍රපටය සමත්ව තිබෙනවා.
බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ කවුරුත් දන්නෙ නෑ චිත්‍රපටය, ජංගි හොරා චිත්‍රපටයට සමාගාමීව දිවයින පුරා තිරගත වනවා. ලාංකීය දේශපාලනයේ අඳුරු පැතිකඩ පිළිබඳ සිදු කළ සිනමාත්මක විමසා බැලීමක් ලෙස කවුරුත් දන්නෑ නෑ සිනමා නිර්මාණය හඳුන්වා දිය හැකියි.. දූෂිත දේශපාලකයින් සහ ඔවුන්ගේ ව්‍යාපාරික සගයින්ට එරෙහි වන පොලිස් නිලධාරියෙකු වටා ගෙතෙන Nobody Knows සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි විසිනුයි. ගිහාන් ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සංගීතා වීරරත්න, ලකී ඩයස්, කුමාර තිරිමාදුර, බුද්ධික ජයරත්න, වැනි ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පීන් රැසක් උපප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වනවා. Nobody Knows සිනමාපටයේ සුලු දර්ශන කාලයක් හිමි චරිත බොහෝමයකට ද ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් යොදා ගෙන තිබීම විශේෂත්වයක්.
මිලින්ද තෙන්නකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලක විසින් සිදුකොට තිබෙනවා. කලා අධ්‍යක්ෂණය සුජීව ගුණරත්නගෙන්.. සුනිල් ආරියරත්න ගීත රචනයෙන්ද නන්දා මාලිනී ගීත ගායනයෙන්ද චිත්‍රපටයට දායක වී තිබෙනවා. Nobody Knows, බෙනට් රත්නායකගේම නිෂ්පාදනයක්.
උසස් රසවින්දනයක් සඳහා සිනමාශාලාවට යන ඔබට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් Cinema lk අප මතක් කර සිටිනවා.