Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

ජයන්ත චන්ද්‍රසිරිගෙන් මිදුණු විශ්වයක් ළඟදීම

$
0
0

“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්! මෙය 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා ගෙතෙන්නක් වගේම අතීතය සහ වර්තමානය අතර මුහුවන ප්‍රේමණීය කතා පුවතක් බවට කියැවෙනවා.
එමෙන්ම, මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් දැකබලා ගන්නට ත් ප්‍රේක්ෂකයින්ට හැකියාව තිබෙනවා.

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන මිදුණු විශ්වය සිනමාපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ උද්දික ප්‍රේමරත්න සහ උදාරි වර්ණකුලසූරිය විසිනුයි. ඊට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, චුලක්ෂි රණතුංග, දමිතා අබේරත්න, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, අයිශාරා අතුකෝරළ සහ කුසුම් රේණු ආදී ප්‍රධාන පෙළේ ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්ම මෙහි සෙසු රංගනයෙන් දායක වනවා.

මෙය ජයන්ත චන්ද්‍රසිරිගේ හයවන සිනමා අධ්‍යක්ෂණයයි. වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි විශිෂ්ට ටෙලි කතාමාලා නිර්මාණය කළ ජයන්ත චන්ද්‍රසිරි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ  2002 වසරේදී අග්නිදාහය සිනමාපටය හරහායි. ඉන්පසුව ගරිල්ලා මාකටින්, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු සිනමාපට අධ්‍යක්ෂණය කළ ඔහුගේ අවසන් සිනමා නිර්මාණය වුණේ 2018 වසරේ එළි දැක්වූ ඝරසර්ප චිත්‍රපටයයි. මෙවැනි සිනමාපට තුළින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජයන්ත චන්ද්‍රසිරි ලබා ගත් රසික අවදානය නිසාම, මේ සිනමාපටයටත් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා.

2021 වසරේදී තිරගත වීමට නියමිතව තිබූ මිදුණු විශ්වය සිනමාපටය කෝවිඩ් වසංගතය නිසා කල් ගියත්, යළි මෙම වසරේදී තිරගත වන බවට නිෂ්පාදකයින් විසින් පවසනවා.

කැමරාකරණයෙන් ප්‍රවීන් ජයරත්න එකතු වන මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසිනි. නිමල් ෆ්‍රැන්සිස් සහය අධ්‍යක්ෂණයෙන්ද පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන්ද සහය වන මිදුණු විශ්වය සිනමාපටය, රුවන් ජයසිංහගේ නිෂ්පාදනයකි. මීට පෙර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනළ සංධ්වනිය නිෂ්පාදනය කළේද රුවන් ජයසිංහ විසින්මයි.

Movie : Frozen Cosmos
Directed by : Jayantha Chandrasiri
Produced by : Ruwan Jayasinghe

Cast : Uddika Premarathna, Chulakshi Ranathunga, Udari Warnakulasooriya, Sriyantha Mendis, Buddhika Jayarathne, Damitha Abeyratne, Aishara Athukorala, Kusum Renu, Lakshmi Damayanthi, Wasantha Wittachchi

Story & Screenplay : Jayantha Chandrasiri
Music : Nawarathna Gamage
Cinematography : Praveen Jayarathne
Art Direction : Piyatissa Akuramboda
Make Up : Indika Udara Lanka
Production Managers : Prasanna Iththapana & Nimal Wijesiri

Assistant Directors : Nimal Francis, Thissa Gunathilaka & Sarath Senarathne
Sound : Sashin Gimhan
Edit : Praveen Jayarathne
Colorist : Praveen Jayarathne

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>