
දකුණු ඉන්දීය චිත්‍රපටවල උප ප්‍රධාන චරිත සඳහා උතුරු ඉන්දීය රංගන ශිල්පීන් යොදා ගැනීමත්, උතුරු ඉන්දීය චිත්‍රපටවල උප ප්‍රධාන චරිත සඳහා දකුණු ඉන්දීය රංගන ශිල්පීන් යොදා ගැනීමත් අද වනවිට බොහොම සුලබ කරුණක්! ඉන්දියානු භූමිය වගේම සිනමාවත් ප්‍රාන්තීය වශයෙන් සැලකිය යුතු මට්ටමකට බෙදා වෙන්ව තිබීම නිසා ඔවුන් උතුරු සහ දකුණු ඉන්දීය නළු නිළියන් යොදා ගනිමින් තම සිනමාපටය ඒ ඒ ප්‍රාන්තවලත් ප්‍රචාරය කර ගැනීමට උත්සාහ දරනවා.
සැලකිය යුතු නිෂ්පාදන පිරිවැයක් වැය කරමින් වර්තමානයේදී නිපදවෙන ඉන්දියානු සිනමාපට බොහෝමයකට තම ප්‍රාන්තයේ නොවන රංගන ශිල්පීන්ව යොදා ගන්නේ ද මේ හේතුව නිසායි.
Tanu Weds Manu, Rang De Basanti, Ghajini, Atrangi Re, Wanted වැනි සුප්‍රසිද්ධ හින්දි සිනමාපට ගණනාවක R. Madhavan, Siddharth, Asin, Dhanush, Prakash Raj වැනි දකුණු ඉන්දීය රංගන ශිල්පීන් ප්‍රධාන චරිත නිරූපණය කළා. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ නිර්මාණ දකුණු ඉන්දියාව තුළත් බොහොම සාර්ථකව තිරගත වුනා.
ඒ වගේම දකුණු ඉන්දීය නිර්මාණවලට හින්දි නළු නිළියන් සම්බන්ධ වීමත් ඒ ආකාරයෙන්ම සාර්ථකව සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළදී මේ හින්දි රංගන ශිල්පීන්ගේ සම්බන්ධය වැඩි වශයෙන් දකුණු ඉන්දීය දමිළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපට තුළ දැකගන්නට ලැබුනා. බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් Lucifer, 2.0, Saaho, Bharat Ane Neru, Sye Raa Narasimha Reddy වැනි චිත්‍රපට ගණනාවක Vivek Oberoi, Akshay Kumar, Shradhdha Kapoor, Kiara Advani, Amithab Bachchan වැනි හින්දි නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කළේ උතුරු ඉන්දියාව තුළත් ඒ දකුණු ඉන්දීය චිත්‍රපට ගැන කතාබහක් ඇති කරවමිනුයි.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත RRR තෙළෙඟු සිනමාපටයෙන් Alia Bhatt සහ Ajay Devgan දැකගැනීමට ලැබීමත්, KGF : Chapter 02 කන්නඩ සිනමාපටයේ ප්‍රතිවීර චරිතයට Sanjay Dutt විසින් පණ පෙවීමත් මේ කාරණය පිළිබඳව මෑත ඉතිහාසයේ හොඳින්ම ගැළපෙන නිදසුන් කිහිපයක්…
Merry Christmas යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දීය සහ දකුණු ඉන්දීය නළු නිළියන් සුසංයෝගයෙන් නිර්මාණය වන මේ සිනමාපට ලැයිස්තුවට එකතු වන නවතම නිර්මාණයයි. නමුත් මෙහි සෙසු චිත්‍රපටවලට වඩා විශේෂත්වයකුත් දැකගත හැකි වනවා. අනෙක් සිනමාපටවලට සම්බන්ධ වන උතුරු/දකුණු රංගන ශිල්පීන් චිත්‍රපටයේ සාමාන්‍ය ධාවන කාලයක් හිමි උප-ප්‍රධාන චරිතවලට සම්බන්ධ වනවා විනා ප්‍රධානම චරිතයට ගිවිසුම්ගත වීම් සිදුවන්නේ බොහොම කලාතුරකින්…
නමුත් Merry Christmas චිත්‍රපටයෙන් එම සිදුවීම දැකගන්න ලැබෙනවා.
Merry Christmas හි ප්‍රධාන පිරිමි චරිතයට තමිල්නාඩුව මුල් කරගත් දමිළ සිනමා කර්මාන්තයේ ප්‍රධාන නළුවෙක් සම්බන්ධ වනවිට, ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ වර්තමාන හින්දි සිනමාවේ දැවැන්තම කාන්තා රංගන ශිල්පිනියක විසිනුයි. දකුණු ඉන්දියානු රංගන ශිල්පී Vijay Sethupathi විසින් චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතයත් – උතුරු ඉන්දියානු රංගන ශිල්පිනී katrina Kaif විසින් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයත් නිරූපණය කළ යුතු බවයි අධ්‍යක්ෂකවරයාගේ අදහස වී තිබෙන්නේ.
Ramesh Taurani විසින් නිෂ්පාදනය කෙරෙන මෙම Merry Christmas සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ වර්තමාන හින්දි සිනමාවේ ජනප්‍රිය නිර්මාණකරුවෙකු වන Sriram Raghavanයි. Badlapur, Andhadhun වැනි සාර්ථක නිර්මාණ ගණනාවකගේම අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි. Sriram Raghavanගේ විවිධ චිත්‍රපටවලට සම්බන්ධ වන රංගන ශිල්පීන්ව මුල්වරට මාධ්‍යයට නිරාවරණය වූ අවස්ථාවන් ගණනාවකදීම බොහෝ රසිකයින් සහ විචාරකයින් ඒ තෝරාගැනීම් ගැන සැකමුසු ප්‍රතිචාර දැක්වූවා. Sriram Raghavan දක්ෂ පිටපත් රචකයෙක් වූවත්, ඔහු තමන්ගේ නිර්මාණයට සම්බන්ධ කරගැනීමට සැරසෙන්නේ වැරදි රංගන ශිල්පීන් බව ඒ සෑම අවස්ථාවකදීම රසිකයින්ගේ අදහස වුණා.
Badlapur සිනමාපටයට Varun Dhavanව තෝරා ගත් මොහොතේදී වගේම Andhadhun චිත්‍රපටයට Ayushmann Khurrana ගිවිසුම්ගත වූ බව දැනුම් දුන් අවස්ථාවේදීත් Sriram Raghavanට එල්ල වුණේ දැඩි විරෝධයක්… නමුත් ඒ සෑම චිත්‍රපටයක් අවසානයේදීම Sriram Raghavanගේ තෝරා ගැනීම 100%ක් සාර්ථක බව මැනවින් ඔප්පු වුනා. Varun Dhavan, Neil Netin Mukesh, Saif Ali Khan වැනි රංගන ශිල්පීන්ගේ සැඟවුණු රංගන පරාසයක් Sriram Raghavanගේ චිත්‍රපට හරහා මතු වූ බවට විචාරකයින්ම අදහස් දැක්වූවා.
මේ තත්වය නැවත වතාවක් අද දිනයේදීත් Merry Christmas චිත්‍රපටයට එල්ල වී තිබෙනවා. Vijay Sethupathi සහ Katrina Kaif කිසිසේත්ම එකිනෙක ගැළපෙන තරු යුගලයක් නොවන බවට යළිත් සුලුතරයක් හින්දි රසිකයින්ගෙන් විරෝධතා එල්ල වෙද්දී, තමිල්නාඩුවේ ඇතැම් පිරිස් විසිනුත් මෙය ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. නමුත් Sriram Raghavan සිය දක්ෂතාවය කිහිප වතාවක්ම සනාථ කර තිබීම නිසා බොහෝමයක් දෙනාගෙන් එවැනි බලාපොරොත්තු කඩවූ ස්වභාවයක් දැකගන්නට නැහැ.
Vijay Sethupathi සහ Katrina Kaif මින් පෙර කිසිදු නිර්මාණයක එකට රඟපා නොමැති අතර ඔවුන් දෙදෙනා එක්වූ පළමු සිනමා නිර්මාණය ද මෙයයි. Merry Christmasට පෙර Sriram Raghavan විසින් අධ්‍යක්ෂණය කෙරෙන වෙනත් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ඇරඹීමට තිබුණද කෝවිඩ් තත්වය මත එහි රූපගත කිරීම් පසුගියදා නැවතුනා. ඒ Varun Dhavan ප්‍රධාන චරිත නිරූපණය කරන Ekkis චිත්‍රපටයයි. Merry Christmas හි වැඩ කටයුතු ඇරඹෙන්නේ ඒ වෙනුවටයි.
“ Vijay suited the role perfectly so we approached him for this film. He is a fantastic actor and a big name down South.
Katrina was always our only choice for the role right from the beginning. “
මෙම රංගන ශිල්පීන් දෙපල පිළිබඳ අදහස් දැක්වූ Merry Christmas නිෂ්පාදක Ramesh Taurani පැවසූයේ තම නිර්මාණයට ගැළපෙනම ශිල්පීන් මේ සඳහා යොදා ගත් බවත්, ඔවුන් පිළිබඳව කිසිදු සැකයක් තමන්ට නොමැති බවත් ය. විශේෂයෙන්ම ප්‍රධාන කාන්තා චරිතය සඳහා නිෂ්පාදක කණ්ඩායමේ එකම තෝරා ගැනීම වී තිබුණේ Katrina Kaif බව ඔහු විශේෂයෙන් ප්‍රකාශ කර සිටියා.
“Sriram is a brilliant filmmaker and has always made good films. His genre is different. Sure, he makes thrillers and every filmmaker who makes thrillers, is bound to be compared with Goldie Anand.”
චිත්‍රපටය ගැන පැවති සම්මුඛ සාකච්ඡාවකදී අධ්‍යක්ෂක Sriram Raghavan ගැනත් නිෂ්පාදකවරයා එසේ අදහස් දැක්වූවා. බොලිවුඩයේ බොහෝ අධ්‍යක්ෂකවරුන් ගමන් ගන්නා මාර්ගයෙන් ඈත් වී එකිනෙකට වෙනස් සිනමාපට නිර්මාණකරණයට Sriram සතු දක්ෂතාවය නිෂ්පාදක Ramesh Tauraniගේ ඇගයීමට ලක්වුනා.
චිත්‍රපටයේ plot details පිළිබඳ වැඩි විස්තරයක් මාධ්‍යයට නිරාවරණය වී නැතත් Sriram Raghavanගේ බොහෝමයක් නිර්මාණ මෙන් මෙයද thriller ශානරයට අයිති විය හැකි බව කියැවෙනවා. මෙම මාර්තු මාසයේ මුල සතියේදී රූපගත කිරීම් ඇරඹි මෙම සිනමාපටය එළඹෙන වසර තුළ සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හැරීමට නියමිතයි.