Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Lenin සහ කාලිංග සුසංයෝගයෙන් සැදුනු හොලිවුඩ් සිනමාපටය – The Protector

$
0
0

Fantasia International Film Festival කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර පැවැත්වෙන දැවැන්ත ජාත්‍යන්තර සිනමා උළෙලක්. එළඹෙන ජූලි මාසයේ සිට අගෝස්තු දක්වා මේ සිනමා උළෙල පැවැත්වෙනවා. මෙවර සිනමා උළෙල ලාංකික සිනමා ලෝලීන්ටත් විශේෂත්වයක් දක්වනවා. ශ්‍රී ලංකික සම්භවයක් සහිත අධ්‍යක්ෂවරයෙකු වූ Lenin Sivan අධ්‍යක්ෂණය කළ “The Protector” චිත්‍රපටය මෙවර Fantasia සිනමා උළෙලේදී ලෝක මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට අමතරව එහි සිනමා කැමරා අධ්‍යක්ෂවරයා වන්නේද ශ්‍රී ලනිකයකු වීම විශේෂ කරුණක්. සම්මානලාභී කැමරා අධ්‍යක්ෂවරයකු වූ කාලිංග දේශප්‍රිය මේ චිත්‍රපටයේ සිනමා කැමරා අධ්‍යක්ෂවරයා වනවා.

Horror, Thriller ශානරයට අයත් චිත්‍රපටයක් වන The Protector හි තිරරචනය සිදුකොට ඇත්තේද ලෙනින් සිවම් විසින්මයි. Chelsea Clark, Munro Chambers, Rebecca Jenkins, Andrew Gillies, Jasmin Geljo ඇතුළු නළු නිළියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Munire Amstrong නිෂ්පාදනය කරන මේ සිනමාපටයට කාලිංග දේශප්‍රිය විතානගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබෙනවා.

2008 වසරේ කොරියානු සිනමා කලා ඇකඩමියෙන් සිනමා කැමරාකරණය පිලිබඳ හැදෑරීමෙන් පසුව කාලිංග, ලොව පුරා රටවල් ගණනාවක චිත්‍රපට, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට සහ වෙළඳ දැන්වීම් ගණනාවක කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කොට තිබෙනවා. ඔහු කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ I too have a name කෙටි චිත්‍රපටය Berlinale ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ Golden Bear සම්මානය සඳහාද නිර්දේශ වූවා. ඔහු දායකවූ There is no poetry here කෙටි චිත්‍රපටය Cannes short film cornerහි තිරගත වී තිබෙනවා. එලෙස රටවල් කිහිපයකම සිනමා උළෙල ගණනාවක් නියෝජනය කිරීමටද කාලිංගගේ කැමරා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ නිර්මාණ සමත්ව තිබෙනවා. Around International Film Festivalහිදී හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් කාලිංග දේශප්‍රිය වෙත සම්මාන හිමිවුයේ “ආයු” චිත්‍රපටය වෙනුවෙනුයි. ලෙනින්ගේ The Protector, කාලිංග දේශප්‍රිය සිනමා කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සම්බන්ධ වන ඔහුගේ පළමු හොලිවුඩ් වෘතාන්ත සිනමාපටය වනවා. මෙවර කැනඩාවේ මොන්ට්‍රියෙල්හි පැවැත්වෙන Fantasia International Film Festival හිදී The Protector සිනමාපටය තිරගත කෙරෙනු ඇති.

ශ්‍රී ලංකිකයින් දේපලක් වූ ලෙනින්ට සහ කාලිංගට Cinema.lk වෙතින් උණුසුම් සුබ පැතුම්….!

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>