Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

‘නයිට් රයිඩර්’–දැන් පෙන්වනවා…..!!!

$
0
0

කසුන් චන්ද්‍රනාත් පතිරණ විසින් අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය ජූලි 29 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මෙය Thriller/Road Movie ශානරයට අයත් වන්නක්. නයිට් රයිඩර් හි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ මෙරට තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන කළණ ගුණසේකර සහ යුරේනි නොෂිකා විසිනුයි.

නයිට් රයිඩර් (Night Rider) හි කතාව දිවෙන්නේ කොළඹ නගරයේ කුලී රථයක් ධාවනය කරන රියදුරෙකුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටායි. එක්තරා රාත්‍රියකදී ඔහුගේ රථයට ගොඩවන මාධ්‍යවේදිනියක හා, ඇගේ පසුපස හඹාගෙන එන දේශපාලන මැර කල්ලියක් නිසා මෙම කුලී රථ රියදුරා හට විවිධ අනපේක්ෂිත සිද්ධි ගණනාවකට මුහුණ දීමට සිදුවනවා. දේශපාලන මැරයින්ගෙන් පළා යමින්, මෙම අනතුරෙන් බේරීමට උත්සාහ දරන මාධ්‍යවේදිනිය සහ රියදුරාගේ කතාව එතැන් පටන් නයිට් රයිඩර් (Night Rider) හි දිග හැරෙනවා.

මෙය කසුන් චන්ද්‍රනාත් පතිරණගේ පළමු සහ කුළුදුල් වෘතාන්ත – චිත්‍රපට අධ්‍යක්ෂණයයි. කළණ සහ යුරේනිට අමතරව ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා,  දමයන්ති ෆොන්සේකා, තුමිඳු දොඩම්තැන්න, අරුණි මෙන්ඩිස්  සහ ආනන්ද කුමාර උන්නැහේ වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් නයිට් රයිඩර් (Night Rider) හි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙනවා.

පහතින් දැක්වෙන ඕනෑම සිනමා හලකදී නයිට් රයිඩර් (Night Rider) නැරඹීමේ අවස්ථාව ඔබට දැන් උදා වී තිබෙනවා.

කලම්බු සිටි සෙන්ටර් – කොළඹ
PVR – කොළඹ
රිකී සිනමා – කොටුව
සිටි සිනමා – කොච්චිකඩේ
රූ සිනමා – කටුනායක
රීගල් – ගම්පහ
රීගල් – දෙමටගොඩ
මැජෙස්ටික් සිටි – බම්බලපිටිය
ලිබර්ටි සිනමා – කොල්ලුපිටිය
රීට්ස් – බොරැල්ල
මෙට්රෝ – නුගේගොඩ
සැවෝයි මෙට්රෝ – මහරගම
සිටි සිනමා – ගල්කිස්ස
ඊමස් සිනමා – මොරටුව
මිනර්වා – කළුතර
රීගල් – අම්බලන්ගොඩ
චාන්දනී – වැලිගම
ශ්‍රියා – වාරියපොළ
මහලේකම් – කුලියපිටිය
ජෝති – රත්නපුර
නිව් චම්පිකා – ඉංගිරිය
ආසිරි – ඇහැළියගොඩ
කැන්ඩි සිටි සෙන්ටර් – නුවර
සන්ධ්‍යා – ගම්පොල
නිව් නන්දා – නිකවැරටිය
ශැම්රොක් – වෙන්නපුව
විල්මැක්ස් – අනුරාධපුර
රීගල් – දියතලාව
රමෝගා – හලාවත
වෙලින්ටන් – කන්තලේ
මිලානෝ – කෑගල්ල
නිව් රෝහණ  – තිස්සමහාරාමය
නිව් ලයින්  – දඹුල්ල

නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයේ මහනුවර මංගල දර්ශනය සහ රසික හමුවක් පසුගිය 30 වනදා කැන්ඩි සිටි සෙන්ටර් හි KCC Multiplex සිනමාහල් පරිශ්‍රයේදී පැවැත්වුනා. ඒ කළණ ගුණසේකර, යුරේනි නොෂිකා, අධ්‍යක්ෂක කසුන් පතිරණ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ වනවිට, සිනමාපටයේ දිනපතා (සති අන්ත ඇතුළුව) සවස 4.00 දර්ශන වාරයක් Candy city center හි තිරගත වනවා.
ඉන් අනතුරුව, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය පතා මහනුවර දළඳා මාළිගාවේදී සිදු කළ ආශිර්වාද පුණ්‍ය කර්මයකට ද ඔවුන් සහභාගී වුනා.

අධ්‍යක්ෂණයට අමතරව, ශ්‍රීනාත් චතුරංග හා එක්ව චිත්‍රපටයේ කතාව – දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද කසුන් චන්ද්‍රනාත් පතිරණයි. සංගීතය අජිත් කුමාරසිරි විසිනි. කලා අධ්‍යක්ෂණයෙන් චරිත වික්‍රමතිලක ද වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන ද මීට එක්ව තිබෙනවා. නයිට් රයිඩර් (Night Rider) හි කැමරා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ ඉගිල්ලෙන මාලුවෝ, මෝටර් බයිසිකල්, රහස් කියන කඳු ඇතුළු නිර්මාණ ගණනාවක කැමරාව හැසිරවූ විශ්වජිත් කරුණාරත්නයි. තරිඳු දේශප්‍රිය නිෂ්පාදන කළමනාකරණයෙන් එක්ව තිබෙනවා.

සංස්කරණය ලක්රුවන් ද සේරම් විසිනි. ඔහු මීට පෙර ‘කාල’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙසත් කටයුතු කළා. වර්ණ සංයෝජනය මාලින්ද සම්පත්ගෙනි. නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා චාමර චින්තක සේලාරයි. ශබ්ද පරිපාලනයෙන් ආශා රාජපක්ෂ ද, සටන් අධ්‍යක්ෂණයෙන් ඔසඳ සම්පත් සහ සමන් බණ්ඩාර ද එක්ව තිබෙන අතර චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය චරිත් ගමගේ විසිනි. පරිගණක දෘශ්‍ය නිර්මාණ කටයුතු සිදු කොට ඇත්තේ දිමුතු රූපසිංහ යි.

මේ වනවිට දිවයින පුරා සිනමා හල් ගණනාවකදී නයිට් රයිඩර් (Night Rider) සිනමා නිර්මාණය රස විඳීමට ඔබට හැකියි.

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>