
වර්තමානයේ තිබෙන විශාලතම සිනමා කලාප ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන ඉන්දීය සිනමා කර්මාන්තයෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හැරෙනවා. සාර්ථක ආදායමක් ලබා ගනිමින් නිෂ්පාදකයින්ට ලාබ උපයා දීමට මෙයින් බහුතරයක් නිර්මාණ සමත් වනවා සේම, ලෝ පුරා රටවල් ගණනාවක අවධානයට පාත්‍ර වීමට ද ඒවාට හැකියාව ලැබෙනවා.
වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ ආදී වශයෙන් භාෂාව පදනම්ව ප්‍රාන්තීය සිනමා ලෙසත් යළි ඉන්දීය සිනමාව බෙදා වෙන් කෙරෙනවා.
ඉන්දීය සිනමාව අද වනවිට වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය සිනමාවක් බව හොලිවුඩ් සිනමාකරුවන් පවා පිළිගන්නා කරුණක්!
අපට අසල්වැසි ඉන්දීය චිත්‍රපට කර්මාන්තයට ලැබී තිබෙන මෙම ගෝලීය අවධානය නිසාම, ලෝ පුරා රටවල් ගණනාවකදී ඉන්දියානු චිත්‍රපට සඳහා රසික හමු පැවැත්වෙනවා; ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සංවිධානය වනවා; විවිධ රටවලදී විශිෂ්ට ඉන්දියානු නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමෙනවා.
ඉන්දියාව තුළ මෙන්ම ඉන්දියාවෙන් පිටතත් මේ අයුරින් වසරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර ඉන්දීය සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක් දැක ගැනීමට හැකියි. එම සිනමා රාත්‍රීන් අතුරින් ප්‍රධාන තැනක් ගන්නා ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උත්සවයක් ලෙසයි IFFM Awards සැලකෙන්නේ…
මෙල්බර්න් – ඉන්දීය චිත්‍රපට උළෙල හෙවත් Indian Film Festival of Melbourne යනුවෙන් හැඳින්වෙන්නේ අධික වියදමක් දරමින් වාර්ෂිකව පැවැත්වෙන, ප්‍රමුඛ පෙළේ ඉන්දීය චිත්‍රපට සම්මාන උළෙලක්. මේ වනවිට, එහි 2022 දිගහැරුමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරමින් තිබෙන අතර සම්මාන සඳහා නිර්දේශ වූ චිත්‍රපට ලැයිස්තුව ද මාධ්‍යයට නිකුත් කොට අවසන්!
උළෙල පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මෙම අගෝස්තු 14 වනදායි.
මෙවර IFFM උළෙලේ නිර්දේශ නාම අතරට මෙරට, ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් ද ඇතුළත් වී තිබීම සුවිශේෂීත්වයක්! ඒ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ප්‍රධාන චරිත රඟපෑ ‘ද නිවුස්පේපර්’ (The Newspaper) සිනමාපටයයි. ඔවුන් දෙදෙනාගේම අධ්‍යක්ෂණයක් වන එම චිත්‍රපටය නිෂ්පාදනය කළේ බන්දුල ගුණවර්ධන විසිනුයි. ‘ද නිවුස්පේපර්’ ලාංකීය චිත්‍රපටය මෙම උළෙලෙ හි තරඟ වදින්නේ හොඳම උපමහද්වීපික|කලාපීය සිනමාපටය (Best Film from the Subcontinent) යන අංශය නියෝජනය කරමිනුයි.
මීට පෙර අවස්ථා කිහිපකදීත්, කලාපයේ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කරන්නට ‘ද නිවුස්පේපර්’ සිනමාපටයට හැකියාව ලැබුනා.
සිය ගණනක් සිනමාපට අතුරින් මෙවර IFFM උළෙලෙ හි අවසන් නිර්දේශවීම් ලැයිස්තුවට තෝරා ගත් සියලුම චිත්‍රපට පිළිබඳ විස්තරයක් පහතින් දක්වා තිබෙනවා.
Best Film
83 (Hindi)
Badhaai Do (Hindi)
Gangubai Kathiawadi (Hindi)
Jai Bhim (Tamil)
Minnal Murali (Malayalam)
Paka (River of Blood) (Malayalam)
Sardar Udham (Hindi)
The Rapist (English, Hindi)
Best Indie Film
Boomba Ride (Mishing)
Dug Dug (Hindi)
Jaggi (Punjabi)
Once Upon a Time in Calcutta (Bengali)
Pedro (Kannada)
Shankar`s Fairies (Hindi)
Shoebox (Hindi)
Fairy Folk (Hindi, English)
Best Film from the Subcontinent
Joyland (Pakistan)
Lunana: A Yak in the Classroom (Bhutan)
No Land’s Man (Bangladesh)
Rehana Maryam Noor (Bangladesh)
The Newspaper (Sri Lanka)
Best Director
Anmol Sidhu, Jaggi (Punjabi)
Aparna Sen, The Rapist (English, Hindi)
Kabir Khan, 83 (Hindi)
Pan Nalin, Chhello Show (Gujarati)
Sanjay Leela Bhansali Gangubai Kathiawadi (Hindi)
Shoojit Sircar, Sardar Udham (Hindi)
Suresh Triveni, Jalsa (Hindi)
T.J. Gnanavel, Jai Bhim (Tamil)
Best Documentary
A Night of Knowing Nothing
Ayena (Mirror)
Kicking Balls
Ladies Only
Urf (A.K.A)
Best Actor (Male)
Gopal Hegde, Pedro (Kannada)
Rajkummar Rao, Badhaai Do (Hindi)
Ramnish Chaudhary, Jaggi (Punjabi)
Ranveer Singh, 83 (Hindi)
Suriya, Jai Bhim (Tamil)
Tovino Thomas, Minnal Murali (Malayalam)
Vicky Kaushal, Sardar Udham (Hindi)
Abhishek Bachchan – Dasvi (Hindi)
Best Series
Aranyak
Mumbai Diaries 2611
Fame Game
Mai
Little Things Final Season
Yeh Kaali Kaali Ankhein
Best Actor (Female)
Alia Bhatt, Gangubai Kathiawadi (Hindi)
Bhumi Pednekar, Badhaai Do (Hindi)
Deepika Padukone, Gehraiyaan (Hindi)
Konkona Sen Sharma, The Rapist (English, Hindi)
Lijomol Jose, Jai Bhim (Tamil)
Shefali Shah, Jalsa (Hindi)
Sreelekha Mitra, Once Upon a Time In Calcutta (Bengali)
Vidya Balan, Jalsa (Hindi)
Best Actor in a Series
Mohit Raina, Mumbai Diaries 2611
Parambrata Chatterjee, Aranyak
Varun Mitra, Guilty Minds
Tahir Raj Bhasin, Yeh Kaali Kaali Ankhein
Dhruv Sehgal, Little Things Final Season
Best Actress in A Series
Konkona Sensharma, Mumbai Diaries 2611
Sakshi Tanwar, Mai
Madhuri Dixit, Fame Game
Mithila Palkar, Little Things
Raveena Tandon, Aranyak
Shriya Pilgaonkar, Guilty Minds