Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ආලියාගේ ‘Darlings’දෙමළ සහ තෙළෙඟු බසට ප්‍රතිනිර්මාණය වෙයි

$
0
0

සිය ස්වතන්ත්‍ර නිර්මාණවලට අවස්ථාවක් ලබා නොදී, දකුණු ඉන්දියානු Remakes (ප්‍රතිනිර්මාණ) මතම යැපීමට උනන්දු වන්නේ ඇයි දැයි යන ප්‍රශ්නය, බොලිවුඩ් සිනමාකරුවන් වෙත කාලයක පටන්ම එල්ල වී තිබුනා. පසුගිය වසර 2-3ක කාල සීමාව තුළ එක්වරම බිහිවුනු මෙම Remakes රැල්ලට හින්දි සිනමා රසිකයින් පවා කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ.
ආකර්ෂණීය තිර පිටපත් සහිත තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාවක් නොදී, දකුණු ඉන්දියාව තුළ ජනප්‍රිය වන සෑම සිනමාපටයකම පාහේ remake rights මිලදී ගැනීමට යෑමෙන් බොහෝ නිෂ්පාදකයින්වත් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට බඳුන් වුනා. මේ අයුරින් එකදිටම ප්‍රතිනිර්මාණවලට සම්බන්ධ වීමෙන් හින්දි නලු නිළියන්ගේ තරු ගුණයට (stardom) පවා බලපෑමක් විය හැකි බවටයි රසිකයින් චෝදනා කළේ.

නමුත් කණගාටුවට කරුණ වන්නේ එවැනි මතබේදාත්මක Remakes මධ්‍යයේ තිරගත වූ ස්වතන්ත්‍ර නිර්මාණවලට පවා හින්දි ප්‍රේක්ෂකාගාරයෙන් නිසි අවධානයක් නොලැබීමයි. පසුගිය මාස කිහිපයේදී ගුණාත්මක චිත්‍රපට කිහිපයක්ම සිනමා හල්වලට නිකුත් වුනත්, ඒ කිසිවකට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය වූයේ නැහැ.
Jayeshbhai Jordaar, Runway 34, Samrat Prithviraj සහ Dhaakad ආදී චිත්‍රපට ගණනාවක්ම ඒ අයුරින් වසරේ අසාර්ථක නිර්මාණ ගොන්නට එකතු වුනා. සිනමා විචාරකයින් පවා ප්‍රකාශ කළේ මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත්, මෙතෙක් කල් හින්දි සිනමාවේ ශක්තිමත්ම තරු ගුණයක් හිමිව තිබුනු බොහෝ නලු නිළියන්ට ඔවුන්ගේ රංගන ජීවිතයේ අපහසු කාල සීමාවක් උදාවනු ඇති බවටයි.
කලෙක හින්දි සිනමාවේ ඉහළම මුදලක් අයකළ රංගන ශිල්පියෙකු වූ Ranveer Singh සහ බොලිවුඩයේ අංක 01 කාන්තා රංගන ශිල්පිනිය ලෙස සැලකුණු Kangana Ranautගේ චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වීම මීට හොඳම නිදසුනක් වුනා.

නමුත් මෙවැනි තත්වයකදී පවා සිය ජනප්‍රියත්වය එකසේ රඳවා ගැනීමට සමත් වුනු රංගන ශිල්පිනියක ලෙස Alia Bhattව හඳුන්වන්නට හැකියි. පසුගිය සමයේදී සෙසු ජනප්‍රිය නලු නිළියන්ගේ සිනමාපට සියල්ලම පාහේ දැඩි මූල්‍යමය පාඩු ලබද්දි ඇය රඟපෑ Gangubai Kathiawadi පමණක් සිනමා හල් තුළ සාර්ථක වුනා. විශේෂත්වය වන්නේ කිසිදු ජනප්‍රිය පිරිමි රංගන ශිල්පියෙකු එහි ප්‍රධාන චරිතයක නොසිටීමයි. Women Centric ශානරයට අයත් වූ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ආලියා භාත් විසින්මයි. නමුත් අවසානයේදී කෝටි 100ක නිෂ්පාදන පිරිවැයට එරෙහිව ඉන්දියානු කෝටි 210ක සම්පූර්ණ ආදායමක් වාර්තා කරන්නට එයට හැකි වුනා.

Gangubai Kathiawadiට පසු සිය නවතම සිනමාපටය වූ Darlings (2022) තුළින් දැන් නැවතත් ධනාත්මක ප්‍රේක්ෂක – විචාරක අවධානයක් ලබා ගන්නට Alia Bhatt සමත් වී තිබෙනවා. සිනමා හල් මඟ හරිමින් Netflix ඔස්සේ නිකුත් කළ මෙම චිත්‍රපටය, සිය ප්‍රදර්ශනය ඇරඹි මුල් සතිය තුළ Netflix වාර්තා කිහිපයක්ම අලුත් කළා.
Netflix විසින් නිකුත් කළ Non – English සිනමාපටයක් පළමු සති අන්තයේදී ලබා ගත් වැඩිම නැරඹුම් කාලය වාර්තා වී තිබෙන්නේ Darlings (2022) හින්දි චිත්‍රපටයටයි.
ඒ පැය මිලියන 10කට අධික (10 million watch hours) නැරඹුම් කාලයක් සහිතවයි. එමෙන්ම පසුගිය සතියේදී ඉන්දියාවේ වැඩිම දෙනෙක් නැරඹූ සිනමාපටය වන්නේ ද මෙයයි.

චිත්‍රපටය ලැබූ සාර්ථකත්වය හේතුවෙන්, Darlings හි තවත් දිගුවක් සඳහාද නිෂ්පාදක කණ්ඩායමේ උනන්දුව ඇතිවී තිබෙනවා. මුලදී මෙහි sequel චිත්‍රපටයක් සඳහා ඔවුන් සාකච්ඡා කළත් පසුව යළිත් එම යෝජනාව වෙනස් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
නමුත් මුලදී සැලසුම් කළ එම තනි චිත්‍රපටය වෙනුවට Darlings (2022) ඇසුරෙන් තවත් චිත්‍රපට ද්විත්වයක්ම නිෂ්පාදනය කරන්නට ඔවුන් දැන් සූදානම් වනවා. ඒ මෙහි දකුණු ඉන්දියානු ප්‍රතිනිර්මාණ ද්විත්වයක් ලෙසටයි!

දමිළ සහ තෙළිඟු භාෂාවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපට ද්විත්වයේ රංගනය සඳහා ගිවිසුම්ගත වන්නේ ද මුල් චිත්‍රපටයේ සිටි රංගන ශිල්පීන්මයි. “ෂම්ශු”ගේ චරිතය නිරූපණය කළ Shefali Shah සහ “හම්සා”ගේ චරිතය නිරූපණය කළ Vijay Varma සුපුරුදු පරිදි ඔවුන්ගේ චරිත සඳහා එක්වීමට නියමිතයි. නමුත් මුල් චිත්‍රපටයේ “බදෲ”ගේ චරිතය නිරූපණය කළ Alia Bhattව මෙම ප්‍රතිනිර්මාණ සඳහා යොදා ගැනෙන්නේ නැහැ. ඒ වෙනුවට දමිළ සහ තෙළිඟු ප්‍රාන්තවල වෙනත් ජනප්‍රිය රංගන ශිල්පිනියක මේ චරිතයට යොදා ගනු ඇති.

Darlings, Jasmeet Reenගේ අධ්‍යක්ෂණයක් වන අතර එය ඇගේ පළමු දිගු – වෘතාන්ත සිනමාපටයයි. තිර රචිකාවියක වශයෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය මීට පෙර Force 02, Fanney Khan හා Pati Patni Aur Who චිත්‍රපටවල පිටපත් රචනා කර තිබෙනවා. Darlings චිත්‍රපටය නිෂ්පාදනය කළේ රංගන ශිල්පිනී Alia Bhatt සහ සුප්‍රකට හින්දි නලු Shah Rukh Khan දෙදෙනා එක්වයි. ශාරුක් ඛාන්ගේ Red Chilies Entertainment ආයතනය මෙහි සියලුම නිෂ්පාදන කටයුතු කළමනාකරණය සහ සංස්කරණ කටයුතු මෙහෙයවීම සිදු කළා.

මෙම Ramakes අධ්‍යක්ෂණය කරන්නේ කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ. නමුත් මුල් තිර කතාව දෙමළ‍|තෙළිඟු ප්‍රාන්තවලට ගැළපෙන සේ වෙනස් කරන්නට නිෂ්පාදකයින් සූදානම් වන බවත්, මේ වනවිට එම කාර්යයට ගැළපෙන සිනමාකරුවන් කිහිප දෙනෙක්වම යෝජනා වී තිබෙන බවත් සඳහන්.

“The story remains the same, but we will localize it. Darlings was a story set in Mumbai, but now, we will create a different world for Tamil and Telugu. We localise the characters and their reactions.”

මුල් පිටපතට සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් Red Chilies ආයතනයේ විධායක නිලධාරී Gaurav Sharma පැවසූයේ එවැනි අදහසක්! මුල් චිත්‍රපටය මුම්බායි නගරය ආශ්‍රිතව ගොඩ නැඟුනු කතාවක් නිසා දෙමළ හා තෙළිඟු චිත්‍රපට වෙනුවෙන් ඊටම අනන්‍ය ලක්ෂණ සහිත තිර පිටපතක් භාවිතා කරන බවයි, ගෞරව් එහිදී සඳහන් කළේ. නමුත් එහි කතා සාරාංශය Jasmeet Reen විසින් රචනා කළ මුල් තිර පිටපතම වනු ඇති බවට ඔහු යළි යළිත් තහවුරු කළා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>