
මේ දිනවල කොරියාවේදී පැවැත්වෙන Miss Asia Pacific World 2014 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ සූරූපි නිරූපිකාවක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා යි.
නිලුක්ෂි පසුගිය දිනවල වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් වූයේ ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර සමඟ පැවති පෙම් සබඳතාවය කඩාකප්පල් වීමත් සමඟයි. ඇය පෙම් පළහිලව්ව නවතා දැමූවේ අකිල කාලයක් තිස්සේ වෙනත් අයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් තමා රවටා ඇති බවයි.
පහතින් දැක්වෙන්නේ ඇය සිය සම්බන්ධය ගැන කල කථාබහෙන් කොටසකි. සම්පූර්ණ කතාබහ සඳහා පිවිසෙන්න.
————————————————————————————————————–
* ඉතින්?
මම ඇයව හොයාගෙන ගියා. ඇයගෙ දුරකථනයෙන් මගෙ පෙම්වතාට කෝල් එකක් අරගෙන ෆොන් එකේ ස්පීකර් ඔන් කළා. ඔහු කියපු දේවල් මොනවද කියලා දන්නවද?
* නැහැ?
එයා අර ගෑනු ළමයට හරිම ආදරෙන් කතා කළා. සුදු, පැටියෝ, වගේ වචනදලා ‘ඔයා නැතුව මට බෑ’ කියලත් කිව්වා. ඇය ෆොන් එක කට් කළාට පස්සෙ මමත් ඔහුට කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කළා. ඒ ටිකමයි මටත් ඔහු පැවසුවේ. මට දරාගන්න බැරිව ගියා. මං එවේලේම ඔහුට බැන්නා. හිතේ කේන්තිය යනකම් දොස් කිව්වා.
* ඔබ දෙපොළගෙ සම්බන්ධය බිඳ දමන්න කවුරු හරි ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද මේක?
කොහෙත්ම වෙන්න බැහැ. මං ඔහු ගැන තව තවත් හොයලා බැලුවා. ඔහුට මෙවැනි සබඳකම කිහිපයක්ම තිබිලා තියෙනවා.
* ඒවත් ඔප්පු වුණාද?
ඔව්, ගිය මාසෙ මෙයාගෙ උපන් දිනය තිබුණේ. මං සර්ප්‍රයිස් කරන්න හිතාගෙන රෑ දොළහට පවුලෙ අයත් එක්ක ඔහුගේ ගෙදර ගියා. ඔහු හිටියේ නැහැ. පාන්දර එකට විතර ඔහු ආවා. කොහෙද ගියෙ ඇහුවාම කිව්වෙ ජිම් ගියා කියලා. මේ මහ රෑ මොන ජිම් ද අයියේ. ඔහු එදා වෙන ගෑනු ළමයෙක් එක්ක උපන් දිනය සමරලයි ගෙදර ඇවිත් තියෙන්නේ. මට පින්තූරත් එක්ක විස්තරේ ලැබුණා, ඔහු වෙන කෙනෙක් එක්ක කේක් කපපු හැටි.
* ඔබගෙන් ඔහුට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද?
මොන අඩුපාඩු ද අයියේ. මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු. 85% ක ආදරයක් විඳින්නලු මාව තියාගෙන ඉඳලා තියන්නේ.
————————————————————————————————————–
කෙසේ නමුත් මේ සිදුවීම් කිසිවක් තම වෘත්තීය ජීවිතයට බාධාවක් කර නොගත් නිලුක්ෂි ලොව ප්‍රමුඛම ජාත්‍යන්තර තරඟයක් වන මිස් ඒෂියා පැෂිෆික් වර්ල්ඩ් 2014 තරඟයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් මේ වන විට තරඟ වැද සිටියි.