
ඔන්න දැන් ජැකලින් අලුත් වැඩකට සෙට් වෙලා. ඒ චිත්‍රපට සඳහා ඇය රඟපාන චිත්‍රපට සඳහා ඇගේ හඬම යොදාගන්නට ඇය තීරණය කරලා. පුදුමයි නේද? මේ වන තෙක් ඇය රඟපෑ චිත්‍රපට 6ටම ඇය වෙනුවෙන් වෙනත් කෙනෙකුයි හඬ දායකත්වය ලබාදීලා තියෙන්නේ. නමුත් සල්මාන් ඛාන්ගේ මීලඟ චිත්‍රපටය වන Kick චිත්‍රපටය සඳහා ඇය ඇගේ හඬම යොදාගන්නවා.
මේ වෙනුවෙන් ඇය දැනටමත් මාස ගණනාවක් හඬ පුහුණු පන්ති සඳහා සහභාගී වී තිබෙනවා. ඒ වගේම මේ සඳහා සල්මාන්ගේ උපරිම සහයෝගය ලැබුණු බවයි ජැකලින් පවසන්නේ.
නමුත් ලාංකික සම්භවයක් ඇති ජැකලින්ට හින්දි භාෂාව මනාලෙස හසුරවන්නට අපහසු වෙලා. ඇය සමහර දවස්වල කුඩා දෙබසක් හඬකවන්න පැය ගණනාවක් වැය කරනවාලු. කොහොම වුනත් හුඟක් කැපවීමෙන් මේ කාර්යයට යොමුවෙලා තමන්ගේ උපරිමය කරන නිසා අැය දිනෙන් දින හින්දි භාෂාව හැසිරවීමේ ප්‍රවීණයෙකු වන බවයි නිෂ්පාදන කණ්ඩායමේ අයනම් කියන්නේ.