
චිත්‍රපටයක සියලු වැඩ අවහර කර සැනින් එය තිරගත කිරීමට සුදානම් කිරීමට ප්‍රථම ආරම්භ කරන මුල්ම වැඩේ තමයි ප්‍රචාරණ කටයතු සැලසුම.චිත්‍රපටයේ ප්‍රවර්ධනය හා ප්‍රචාරණ කටයුතු ඉතා හොඳ මට්ටමකින් පැවතීම එය සාර්ථකව තිරගත කිරීමට තදින්ම බලපාන කරුණක්.අන්න ඒ හින්දා තමයි චිත්‍රපට නිෂ්පාදකවරුන්,අධ්‍යක්ෂකවරුන් මේ වැඩේට අත දිගඇරලා වියදම් කරන්නේ.නමුත් ප්‍රවර්ධන කටයුත්තක් සදහා මහා පරිමාණයෙන් මුදල් වැය කිරීමක් ලංකාවේ නම් සිදුවෙන්නේ ඉදලහිටලා.හැබැයි දැන් දැන් සිනමානර්මාන්තයේ යළි පිබිදීමත් එක්ක අපේ නිෂ්පාදකවරුනුත් යහමින් වියදම් කරන පාටක් පේන්න තියෙනවා.
ඉදිරියේදී තිරගත වීමට තිබෙන සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ “ස්පන්දන“ සිනමාපටය වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධන කාර්යයකට අතපොවන්න එහි නිෂ්පාදක තුමන් වු ජගත් එම් යාපා තිරණය කරලා තියෙනවා.ඔහු සුනෙත් එක්ක එකතු වෙලා චිත්‍රපටයේ ප්‍රවර්ධන කාර්යයට දායක කරගන්න වෙනමම සංගීත කණ්ඩායමක් පිහිටුවලා තියෙනවා.ඒකේ නමත් චිත්‍රපටයේ නමමයි..මේ වගේ චිත්‍රපටයක නමකින් සංගීත කණ්ඩායමක් පිහිටුවලා තියෙන්නේ ලංකා ඉතිහාසේ ප්‍රථම වතාවටයි.චිත්‍රපටයට වියදම් වු මුදලට ආසන්න මුදලක් මේ සඳහා වියදම් කරලා අලුතින් නිර්මාණය කරපු මේ“ස්පන්දන“ සංගීත කණ්ඩායම රට පුරා චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින් තමන්ගේ සංගීත සවාරිය ආරම්භ කිරීමට සුදානමින් සිටිනවා.