Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

එච් එම් ජයවර්ධනයන්ට ඔබගේ උපකාරය අවැසි වෙලාවයි මේ………

$
0
0

සිනමා රසිකයෙකුට හෝ රසිකාවියකට තමන් කැමති , තමන්ගේ ආදරණීය නළුවා, නිළිය හෝ චිත්‍රපටි අධ්‍යක්ෂකතුමා දැකිම, හමුවීම හෝ වචනයක් කතා කරන්නට ලැබීම යනු ජීවිතයේ සදා අමරණීය මොහොතකි. එමෙන්ම සංගීත ලෝලියෙකුට නම් තමන් කැමති ගායකයා හෝ ගයිකාව, වාද්‍ය ශිල්පියා හෝ සංගීත අධ්‍යක්ෂකවරයා දැකීම , හමුවීම හෝ කතාබහ කිරීම තමන්ට රජකම ලැබුණා හෝ තමන් ලොවම දිනුවා වැනි හෝ අවස්ථාවකි. අනෙක් කලාවන් සම්බන්ධවද එසේමය.

මට මෙවන් දුර්ලභ අවස්ථාවක් අද උදෑසන උදා විය. මිය යාමට පෙර ජීවත්ව සිටියදී කලාකරැවන් ඇගැයීමේ ලිපි පෙළේ සත්වැන්න ලෙස මම අපේ රටේ සිටින අග්‍රගණ්‍ය සංගීත අධ්‍යක්ෂකතුමකු ගැන ලිපියක් ලියූවේ ඊයේ දිනයේය. එයට එතුමාට ආදරය කරන බොහෝ රසිකයන්ගෙන් ඉතා යහපත් හා ආදරණීය අදහස් සහ සුබ පැතුම් ගලා එන්නට විය.

මේ අතර තිබූ එක්තරා සොයුරෙකු ලියා තිබු සටහනක කියැවුණේ මා නොදැන සිටි , සිහිනයෙන් හෝ නොපැතූ පුවතකි. එනම් එතුමා අසනීපයෙන් පසුවන බවත් එතුමාට යම් උදව්වක් අවශ්‍යම අවස්ථාව මෙය බවත්ය. ඒ සහෝදරයා එතුමාගේ දුරකථන අංකයද පළ කොට තිබිණි. ඒ ඊයේ හැන්දෑවේය.

මම අද උදේම ඒ අංකයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවිටක් නාද වීමෙන් අනතුරැව එහා කෙළවරින් ඇසුණේ සවනට ඉතාම හුරැපුරැදු කට හඬකි.

මම , “එච් එම් ජයවර්ධන මහත්තයා ” යැයි ප්‍රශ්නාර්ථ ස්වරයෙන් ඇමතුවෙමි. ” ඔව් ! කතා කරනවා” යැයි පිළිතුරැ ලැබුණේ ඒ ආදරණීය හුරැපුරැදු කට හඬින්මය. මගේ සිත පුරාම පිපී ගියේ මල් දහසකි.

මම මගේ නම කියා මාව මුලින්ම හඳුන්වාදී එතුමාගේ සුව දුක් විචාළෙමි. ” මොකක්ද නම කිව්වේ ” යැයි කියා එතුමා නැවත මගෙන් විමසුවේය. මම නැවත මගේ නම කියා එතුමා ගැන ලිපියක් පළ කළේ මා යැයි පැවසීමි.

එවිට එතුමා , එම ලිපිය අද උදේ කියවූ බවත් , හොඳින් විස්තර ඇතිව ලියා ඇතිබවත් කියා මට ස්තූති කළේය. රචකයෙකුට ඊටත් වඩා සංතෘෂ්ටියක් තවත් නම් ඇතිද? ඊටත් තමන් ඇගැයූ පුද්ලයාම තමන් සමඟ කථාකොට ඒ ගැන සතුට පළ කිරීම ලොවේ ඇති ලොකුම සම්මානය දිනුවා මෙන් නොවේද? මට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටකි.

ඉන්පසු තප්පර කිහිපයක් ගතවී ගියේය. මම , ” ඔබතුමා අසනීපයෙන් කියා කෙනෙකු පැවසුවා” යැයි කියා නැවතත් එතුමාගේ සුවදුක් විමසා සිටියෙමි. එවිට එතුමා , වකුගඩුවල පොඩි අමාරැවක් ඇතිබවත් එයට දඹුල්ල ප්‍රදේශයේ වෙඳ මහතකුගෙන් බෙහෙත් ගන්නා බවත් පවසා සිටියේය.

දස දහසක් සිත් සතන් තම සප්තස්වරයෙන් සන්තර්පනය කළ මේ උදාර , පොළොවේ පය ගසා ජීවත්වන මිනිසාගේ රෝගී තත්වය පිළිබඳව මගේ සිත හඬා වැටිණි.

මම , මා ගැන වරදවා නොසිතන ලෙස ඉල්ලා වෙද හෙඳකම් සඳහා මට හැකි පමණින් උදව්වක් කිරීමට කොතරම් වියදමක් යනවාදැයි විමසා සිටියෙමි. එවිට එතුමා බෙහෙත් හේත් සහ දඹුල්ලට යෑම් ඊම් සඳහා මසකට රැපියල් පනස්දහසක් පමණ වැයවන බැව් පවසා සිටිය අතර කොහොමහරි වියඳම් දරා ගන්නවා යැයි වැඩිදුරටත් පැවසීය.

එතුමා දැන් සිටින්නේ යහළුවකුගේ ගෙදරක වන අතර ඔවුන් එතුමාව ආදරයෙන් බලා ගන්නා බවත් මා සමඟ පැවසීය.

කසුන් කල්හාර , එතුමාගේ ආදරණීය පුතණුවන් පැමිණ දුක සැප බලා සලකා යන බව ඔවුන් මා සමඟ පැවසූහ.

එතුමා මගෙන් ආධාරයක් ඉල්ලුවේ නැත. එහෙත් එතුමාට මේ අසනීප හා කරදර සහිත අවස්ථාවේ උදව් උපකාර කිරීම අපේ යුතුකමය. වගකීමය. මන්ද එතුමා , එතුමාගේ කාලය , හැකියාව වැය කළේ අප වෙනුවෙනි. අපව සැනසීමට හා සංගීතයෙන් අප සුවපත් කිරීමට බැවිනි.

ඔබ කී සැරයක් නම් නන්දා මාලනිය ගයන ඔබයි රම්‍ය සඳකිරණ , කඩ මංඩියේ ඳොල අයිනේ හා පෙම් ලොවදී දුටු ඔහුමද මේ යන ගීත වලට සවන්දී , දැහැන්ගතවී ඇතිද , සුනිල් එදිරිසිංහයන් ගයන සියල්ල ඉදිරී ගරා වැටුණු දා, දෙවොලේ නොකැළැල් හා කැලෑ මල් යන ගීත වලට වශීවී ඇද්ද, මාලනී බුලත්සිංහල ගැයූ රජ මැඳුරක ඉපදී සිටියානම්, කන්ඳ කෙන්ඳ කරනු පිණිස, සැන්දෑ අහස වගේ යන ගීතයන්ගෙන් උන්මාදවී ඇතිද ? ඒ සියලුම ගීත තනු නිර්මාණය කළේ එතුමාය. තව අප රස විඳි ගීත නම් කොතෙක්ද? තීරණය ඔබේය.

එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායු පතමින් මම නතර වන්නේ ඔබට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

එතුමාගේ ගිණුම් අංකය

එච් එම් ජයවර්ධන
ගිණුම් අංකය 100453595479
සම්පත් බැංකුව
බොරැල්ල ශාඛාව

එතුමාගේ ජංගම දුරකථන අංකය
07730 64873

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>