Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

ආදරණීය කතාවක් දෙමළ උපසිරැසි සමඟින් එළියට

$
0
0

පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය ආදරණීය කතාවක් එළඹෙන ජුනි මස 10 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතය. කොළඹ එම්. සී, එම්පයර් ආකේඩ් සිනමා ශාලාවේ සහ යාපනය මැජෙස්ටික් යන සිනමා ශාලාවන් හි දමිල උපසිරැසි සමඟ මෙය පේ‍්‍රක්ෂකයන්ට දැකගත හැකිවීම විශේෂත්වයකි.

හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසුරිය, බිමල් ජයකොඩි සමඟ අරුණි රාජපක්ෂ ප්‍රධාන චරිතය මවන මෙහි සෙසු චරිතයන් මොරීන් වාරුනි, වෙලේගෙදර රණසිංහ, අංජලී ලියනගේ සුරංගා රණවක ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. චමින්ද ගමගේ සහ පි‍්‍රයන්ත කොළඹගේ නිෂ්පාදනය කරනු ලැබූ ආදරණීය කතාවක් හි කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තාගෙනි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයකි, නලීන් පේ‍්‍රමතිලකගේ අංග රචනයකි. උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂවරයාය. කතාව දෙබස් තිර රචනය උවනි චාමිකා, වජිර කස්තුරි සමඟ පි‍්‍රයන්ත කොළඹගේ විසිනි. අමල් පෙරේරා, කසුන් කල්හාර, අමිල පෙරේරා, චිත්‍රාල් සෝමපාල, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ගීත ගැයුමෙන් එක් විය. ආදරණීය කතාවක් පි‍්‍රයන්ත කොළඹගේ ගේ සිව්වැනි සිනමා පටය වේ. ඔහු මීට ප්‍රථම දැහැන, විමුක්ති, අරුමෝසම් වැනි චිත්‍රපට නිර්මාණය කරන ලදී.

 

Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak Adaraneeya Kathawak

 

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>