
ලොකයේ ඕනෑම තැනක සිට ශ‍්‍රි ලංකාවේ චි‍්‍රත‍්‍රපට, රූපවාහිනී වැඩසටහන් ආදිය පහසුවෙන් නැරඹීමේ හැකියාව ලබාදෙන නවතම ඩිජිටල් තාක්ෂණික සේවාවක් දෙරණ මාධ්‍ය ජාලය හඳුන්වා දෙයි. GLUUOO නමින් හඳුන්වා දෙන මෙම නවතම ඩිජිටල් සේවාව www.gluuoo.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව තිබේ. ලෝකය පුරා ඕනෑම රටක ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට ඉතා පහසුවෙන් ශ‍්‍රි ලංකාවේ චිත්‍රපට, තෝරාගත් ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, සංගීතමය වැඩසටහන් ආදිය නැරඹීමට gluuoo ඔස්සේ අවස්ථාව හිමිවේ.
දේශීය සිනමාවේ ප‍්‍රගමනය පිළිබඳ දැවැන්ත කතිකාවක් ආරම්භ වී ඇති කාල වකවානුවක එහි ප‍්‍රගමනය උදෙසා දෙරණ මාධ්‍ය ජාලය සිදු කරන දැවැන්ත මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස මෙම ඩිජිටල් සේවාව සමාජගත කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ. එදා මෙදා තුර සිනමා ඉතිහාසය නියෝජනය කරන පැරණි මෙන්ම නවතම සිනමාපට රැසක් gluuoo හරහා නැරඹීමේ අවස්ථාව උදා කිරීමට දෙරන මාධ්‍ය ජාලය පියවර ගෙන ඇත. සිනමාපට වලට අමතරව තෝරාගත් ටෙලි නාට්‍ය, දේශපාලනික වැඩසටහන්, වාර්තා වැඩසටහන් සඟරාමය වැඩසටහන් සූප ශාස්ත‍්‍ර වැඩසටහන්, ගේදොර අලංකරණ, විලාසිතා වැනි බොහෝ ක්ෂේත‍්‍රයන්ට අයත් රූපවාහිනී වැඩසටහන්ද gluuoo.com වෙත පිවිසීමෙන් ලොව ඕනෑම තැනක සිට පහසුවෙන් නැරඹීමේ හැකියාව පවතී.
ඔබේ ජංගම දුරකථනයෙන් හෝ Smart TV ඔස්සේ gluuoo.com වෙත පිවිසීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයන්ට හිමිවීමද මෙම සේවාවේ විශේෂත්වයකි. , Roku, Amazon Fire, Apple TV ආදී පේ‍්‍රක්ෂකයිනට පහසු ඕනෑම Smart Device එකක් භාවිතයෙන් පැහැදිලිව සහ වේගවත්ව මෙම වැඩසටහන් නැරඹීමට හැකියාව ලබාදී ඇත. gluuoo.com වෙබ් අඩවියට පිවිස චිත‍්‍රපට සහ අනිකුත් වැඩසටහන් නරඹන පේ‍්‍රක්ෂකයිනට සජීවීව ශ‍්‍රී ලාංකික රූපවාහිනී නාලිකා නැරඹීමේ පහසුකම් (Live TV) සහ පසුගිය වැඩසටහන් නැවත නැරඹීමේ පහසුකම් (Catch-up TV) මෙන්ම තමා වඩාත් ප‍්‍රිය කරන වැඩසටහන් Download කර පසුව නැරඹීමේ පහසුකම් හිමිවීමද මෙම සේවාවේ අමතර වාසියක් වෙයි.
මූලිකවම gluuoo.com වෙබ් අඩවිය වෙත පිවිස පාරිභෝකියාගේ නමින් එහි ලියාපදිංචි වීම (Create user account) සිදුකළ යුතුය. ඉන්පසු මෙම සේවාව නොමිළේ දින හතක් පුරා අත්විඳීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවේ. දින 07 සේවාවේ තෘප්තිමත් භාවය මත ඉදිරියට එය පවත්වාගෙන යාමට පේ‍්‍රක්ෂකයින්ට අවස්ථාව හිමිවේ. තමාට පහසු ආකාරයට ලබාගත හැකි නම්‍යශීලී පැකේජ දෙකකින් මෙම සේවාව සමන්විත වේ. මාසිකව USD 7 සහ 12 යන ගාස්තු යටතේ සේවාව ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. එසේම ලියාපදිංචි වීමෙන් පසු අවශ්‍ය ඕනෑම විටෙක සේවාව විසන්ධි කරගැනීමටද ලියාපදිංචි සේවාදායකයාට අවස්ථාව හිමිවීම තවත් සුවිශේෂී කරුණක් වෙයි. දැනට සේවාදායකයන්ට සිය ණයවර කාඞ්පත් (Credit Cards) භාවිතයෙන් ගෙවීම් සිදුකොට gluuoo සේවාව ලබාගැනීමට පහසුකම් සලසා තිබුනද ඉදිරියේදී පෙර ගෙවුම් කාඞ්පත් (Redeem Cards) මගින්ද මෙම සේවාව ලබාගැනීමේ පහසුකම් සැලැස්වීමටද දෙරණ මාධ්‍ය ජාලය සැළසුම් සකසා තිබේ.
ආදායම් වාර්තා තැබූ සිනමාපට සහ කැමති ඕනෑම වැඩසටහනක් වඩා පහසු වෙලාවක ලොව ඕනෑම තැනක සිට නැරඹීමට දැන් www.gluuoo.com වෙත පිවිසීම පමණක් ප‍්‍රමාණවත්ය. ලොව සෑම කෙළවරක් දක්වාම ලංකාවේ වැඩසටහන් ව්‍යාප්ත කරවීම සේවාවේ ප‍්‍රධාන අරමුණ වී තිබේ. ලොව කොතැනක සිටියත් ලංකාව ඔබ ලඟට තේමාව යටතේ හඳුන්වා දෙන මේ සුවිශේෂී සේවාව අත්විඳින්නැයි gluuoo.com ලොව පුරා වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට ඇරියුම් කර සිටී.