
ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුද කියන ප්‍රශ්නෙ දැන් දැන් බොහෝ දෙනෙක් විමසන දෙයක්. නමුත් ආදරය විවාහයකින් කෙළවර වනවා කියන එකමත් ගැටළුවක්. විවාහයකින් ආදරය කෙළවර විය යුතු නැහැ. එහෙම වීමම ගැටළුවක්. ඒ කොහොම වුනත් ආදරය සහ විවාහය වගේම විවාහයක් ඇතුලෙ ආදරයත් විවාහයෙන් පිටත ආදරයත් මේ සියළු සම්බන්ධතා අතරෙ ජීවිතය ගෙවන අයුරු සහ එහිදී මුහුණදෙන සිදුවීම් ජීවිතේ වෙනස් කරන අයුරුත් ගැන ගැඹුරු අදහසක් ඇති සරළ කතා තේමාවක් සහිත කෙටි චිත්‍රපටයක් තමයි “මීරා”. ආදරය සමහරවිට “මැජික්” එකක්ද විය හැක කියන උපශීර්ෂය යටතේමයි මේ කෙටි චිත්‍රපටය නිෂ්පාදනය වී තිබෙන්නෙත්. Sumit Kumar පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මීරා චිත්‍රපටයට Achita Agraval සහ Amaan Asit රංගනයෙන් දායක වුනා. “මීරා” ඔබටත් මොහොතක් තුළ බොහෝදේ හිතන්න අවස්ථාවක් ලබාදෙන අපූරු රූපාවලියක්. සමහරවිට ඔබට ඔබවමත් මුණගැහෙන්න මීරා උපකාර වේවි.