
10 වැනි යුරෝපීය සිනමා උළෙල පසුගියදා අවසන් වුනා. උළෙලේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාදිතයා වශයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු සහභාගි වුනා. යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උළෙලෙන් පසුව දින පහක් පුරා සිනමා උළෙල පැවැත්වුනා. අතිවිශාල ප්‍රේක්ශක සහභාගීත්වයක් මෙවරත් යුරෝපා සිනමාපට රසවිඳින්නට සහභාගි වී සිටියා.