
හොලිවුඩ් සිනමාවේ විවිධ ශානර වලින් යුතු සිනමාපට දිනෙන් දින නිකුත් වනවා. සිනමා රසිකයින් වඩාත් ප්‍රිය කරන වීර කතා සිනමාවට නොවැම්බරයේ නවතම සිනමාපටයක් නිකුත් වන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. Super hero චිත්‍රපටයක් ලෙස නිකුත් වන මේ චිත්‍රපටය තිරගත වන තෙක් ලොව පුරා සිනමා රසිකයින් බලා සිටින බවත් සඳහන්. Justice League නවතම සිනමාපටය Zack Snyderගේ අධ්‍යක්ෂණයක් ලෙසයි නිකුත් වන්නේ. Chris Johns සහ Joss Whedon මෙහි තිර රචනය සිදුකොට තිබෙනවා. Ben Affleck, Henry Cavill, Amy Adams, Gal Gadot, Ezra Miller, Jason Momoa ඇතුළු නළු නිළියන් රැසක් මේ සිනමාපටයේ රංගනයේ යෙදෙනවා.