
ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය ඇරඹි ඇති හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.
නිර්දේශ නාමයන් නිවේදනය කිරීමෙන් අනතුරුව සම්මාන සඳහා තරගයේ ඇති සිනමාපට පිළිබඳව බොහෝ දෙනා අතර උනන්දුවක් ඇතිව තිබේ. මේ අතරින් ප්‍රධාන ධාරාවේ සම්මාන පහක් සඳහා නිර්දේශ වීමට Blade Runner 2019 හොලිවුඩ් සිනමාපටය සමත්ව ඇත. 1982 වසරේ නිර්මාණය වූ Blade Runner චිත්‍රපටයේම තවත් පියවරක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබේ. American science fiction චිත්‍රපට කාණ්ඩය යටතේ නිර්මාණය වූ මෙය අධ්‍යක්ෂණය කොට ඇත්තේ Denis Villeneuve විසිනි. Hampton Francher සහ Michael Green විසින් චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබිණ. Ryan Gosling, Harrison Ford, Ana de Armas, Sylvia Hoeks, Robin Wright, Mackenzie Davis, Carla Juri ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායකත්වය සපයා තිබිණ. විනාඩි 163ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 185ක් වැයවී තිබිණ.
90 වැනි ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ සම්මාන පහක් සඳහා නිර්දේශ වීමට Blade Runner 2049 චිත්‍රපටයට හැකියාව ලැබී ඇත. Best editing (හොඳම සංස්කරණය) සඳහා Roger Deakins නිදේශ වී තිබේ. එසේම Sound mixing වෙනුවෙන් Mac Ruth, Ron Bartlett, Doug Hephill නිර්දේශිත නාමයන් අතරට එක්වී තිබේ. Sound editing සඳහා Mark Mangini, Theo Green නිර්දේශිත නාමයන් අතරට එක්වීමට සමත්ව ඇත. Production design සම්මාන කාණ්ඩය යටතේ නිර්දේශිත නාම අතරට එක්වීමට Dennis Gassner සහ Alessandra Querzolaට හැකිව තිබේ. Visual Effects සම්මාන කාණ්ඩයේ නිර්දේශිත නාමයන් අතරට Jhon Nelson, Paul Lambert, Richard Hoover, Gerd Nefzer එක්ව තිබේ. ප්‍රධාන ධාරාවේ සම්මාන පහක් සඳහා නිර්දේශිත Blade Runner 2049 සඳහා ඇගයීම් සම්මාන හිමිවන අයුරු මාර්තු 04 වැනිදා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවේ.