Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

90 වැනි OSCAR සම්මාන උළෙලේ සම්මාන පහක් සඳහා Lady bird චිත්‍රපටය නිර්දේශ වෙයි

$
0
0

OSCAR හෙවත් Academy සම්මාන උළෙල හොලිවුඩ් පුරයේ පැවැත්වෙන අති දැවැන්ත සිනමා සම්මාන උළෙලක්. මෙවර එනම් 2018 වසරේ සම්මාන උළෙල පැවැත්වෙන්නේ 90 වනි වරටයි. පසුගියදා සම්මාන සඳහා නිර්දේශිත නාමයන් කවරේදැයි නිකුත් කෙරුනේ ප්‍රාසාංගික ආකාරයකින්. මාර්තු 04 වැනිදා ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන හෙයින් ඊට පෙර සිටම හොලිවුඩ් පුරය සැණකෙලියක සිරි ගන්නා බවත් සඳහන්. සම්මාන උළෙල සජීවී ලෙස විකාශනය කිරීමටත් සියලු කටයුතු සුදානම්.

නිර්දේශිත නාමයන් නිකුත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනේ ප්‍රධානය ධාරාවේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත්තේ කවුරුන්ද යන්න ගැනයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම ප්‍රධාන නළුවා සහ හොඳම ප්‍රධාන නිළිය යන අංශ සඳහා වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍යයි. මෙවර ප්‍රධාන ධාරාවේ සම්මාන රැසක් සඳහා නිර්දේශ වුනු චිත්‍රපටය වන්නේ Shape of Water චිත්‍රපටයයි. නිර්දේශිත සම්මාන සංඛ්‍යාව 13ක්. තවත් චිත්‍රපට කිහිපයක්ම සම්මාන සඳහා නිර්දේශ වී තිබුනා. Lady Bird එයින් එක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය සම්මාන පහක් සඳහා නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙනවා. හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ වුනු නම් අතරට එක වීමට Lady Bird සමත්ව තිබෙනවා. එසේම Saoirse Ronan හොඳම නිළිය සඳහා වන නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙන්නේත් මේ චිත්‍රපටයේ රංගනය උදෙසායි. හොඳම සහය නිළිය (best actress in supportive role) සඳහා වන නිර්දේශයන් අතරට එක්වීමට Laurie Metcalf සමත්වුනේ මේ චිත්‍රපටයේදී කළ රංගනය හේතුවෙන්. එසේම හොඳම අධ්‍යක්ෂවරයා ලෙස නිර්දේශ වීමට Lady Bird චිත්‍රපටයේ අධ්‍යක්ෂ Greta Gerwig සමත්ව තිබෙනවා. හොඳම ස්වතන්ත්‍ර තිර රචනය උදෙසාත් මේ චිත්‍රපටය නිර්දේශිත නාමයන් අතරට එක්වීමට සමත්ව තිබෙනවා.

2017 වර්ෂයේ නිර්මාණය වුනු Lady Bird චිත්‍රපටය අයත් වන්නේ American Teen Comedy කාණ්ඩයට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Greta Gerwig විසින්. ධාවන කාලය විනාඩි 93ක් වන මේ චිත්‍රපටය සඳහා වැයකොට අති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක්. Saoirse Ronan, Laurie Met Calf, Tracy Letts, Lucas Hedges, Timothee Chalamet ඇතුළු රංගන ශිල්පින් පිරිසක් චිත්‍රපටයට දායක වනවා. Telluride Film Festival හිදී චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුවා. Toranto අන්තර්ජාතික සිනමා උළෙල සහ Ne york චිත්‍රපට උළෙලේදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කොට තිබෙනවා. Lady Bird චිත්‍රපටය මෙවර OSCAR සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ සම්මාන පහක් සඳහා නිර්දේශ වී තිබෙනවා.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>