Quantcast
Channel: Cinema.lk
Viewing all 2389 articles
Browse latest View live

එක පාරට චිත්‍රපට 6ක් හයක් හදන නිෂ්පාදකවරයා

$
0
0

ඇතැමුන් අපේ සිනමා ක්ෂේත්‍රය දකින්නේ බංකොලොත් වු ව්‍යාපාරයක් ලෙසයි.නිෂ්පාදකවරයෙක් මලාට හොයා ගන්න අමාරු අපේ සිනමාකර්මාන්තය තුළ ඇතමුන් මුදල් වියපැහැදම් කරන්නේ තියෙනා පික්චර් පිස්සුවටම විය හැකියි.බේතකටත් නිෂ්පාදකවරයෙක් හොයාගන්න බැරි කාලෙක එක හොඳ මහත්මයෙක් සිනමා නිර්මාණ එකක් නෙවෙයි හයක් සඳහා බරපැන දරන්න සුදානමින් ඉන්නවා.වාර්තා පොත් අතරට ගිය මේ වැඩේ කරන මහත්මයා නමින් ජගත් කුමාර වතියගේ.ජගත් මේ සිනමා නිර්මාණ හය කරන්නේ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සුගත් සමරකෝන් සමඟ එක්වයි.මෙහි පළමු වැන්න “අපේ කාලයේ පටාචාරා“වේ.මේ වන විට එහි වැඩකටයුතු ආරම්භ කර ඇති අතර සෙසු නිර්මාණ,‘තෛ‍්‍රයිලෝක පත්‍රම්, කුවේණිගේ දරුවෝ, අන්ධ සුන්දරී, මහා වංශයෙන් එහා වංශයේ මහා රාවණා, ජුදාස්ට එරෙහ්ව ජුදාස්, සහ “බාල දක්‍ෂයෝ’ ලෙස නම් කරල තියෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ තමාගේම ව්‍යාපාරයකට හිමිකම් කියමින් ජීවත්වන ජගත් මාතර තල්පාවිල උපත ලද්දෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබද්දී සිනමා ලෝලියකු වන ඔහු කලක් හමුදා නිලධාරියකු ලෙස ක්‍රියාන්විතයේද සේවය කලේය

දුලානි අනුරාධා,සාරංග දිසාසේකර ප්‍රධාන චරිත මවන අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ ඡායාරු කිහිපයක්.

Patachara movie (39) Patachara movie (40) Patachara movie (41) Patachara movie (42) Patachara movie (43) Patachara movie (1) Patachara movie (2) Patachara movie (3) Patachara movie (4) Patachara movie (5) Patachara movie (6) Patachara movie (7) Patachara movie (8) Patachara movie (9) Patachara movie (10) Patachara movie (11) Patachara movie (12) Patachara movie (13) Patachara movie (14) Patachara movie (15) Patachara movie (16) Patachara movie (17) Patachara movie (18) Patachara movie (19) Patachara movie (20) Patachara movie (21) Patachara movie (22) Patachara movie (23) Patachara movie (24) Patachara movie (25) Patachara movie (26) Patachara movie (27) Patachara movie (28) Patachara movie (29) Patachara movie (30) Patachara movie (31) Patachara movie (32) Patachara movie (33) Patachara movie (34) Patachara movie (35) Patachara movie (36) Patachara movie (37) Patachara movie (38)

 

Share


තරංගනීයේ සිනමා උළෙලක්

$
0
0

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් හංසවිලක් නමින් සංවිධානය කරනු ලබන සිනමා උළෙලක් මෙම 4 වැනිදා සිට 6 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි.

අතීත සිනමාවේ සොඳුරු මතකයන් නැවත පුබුදුවාලමින් සිනමාවේ සුන්දරත්වය විඳ ගැනීමට සහ සිනමාවේ හෙට දවස බාර ගැනීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට පෙර දවස සිනමාව අධ්‍යයනය කිරීමට ද අවස්ථාව උදා කරදීම මෙම සිනමා උළෙලෙහි අරමුණයි.

මෙයට සමගාමීව 05 වැනිදා සිය 96 වැනි ජන්ම දිනය සමරන මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් 04 වැනිදා සවස 6 ට පැවැත් වේ. හංසවිලක් සිනමා උළෙල නිමාවීමෙන් අනතුරුව පසුදා එනම් 06 වැනිදා සිනමා කතිකාවතක් ද පැවැත්වීමට නියමිතය. එය යථාර්ථය ෆැන්ටසියක් ද යන මාතෘකාව ඔස්සේ පැවැත්වෙන්නකි.

හංසවිලක් සිනමා උළෙලේ චිත්‍රපට පෙළගැස්ම සවිස්තරාත්මකව මෙසේය.

අප්‍රේල් 04 වැනිදා

උදෑසන 10.30 ට නිධානය

සවස 2.30 ට තුන්වැනි යාමය

සවස 6.30 ට දෙලොවක් අතර

අප්‍රේල් 05 වැනිදා

උදෑසන 10.30 ට මේ මගේ සඳයි

සවස 2.30 ට ආකාස කුසුම්

සවස 6.30 ට නායකන්

අප්‍රේල් 06 වැනිදා

සවස 4 ට යථාර්ථය ෆැන්ටසියක්ද යන මැයෙන් සිනමා කතිකාවත.

 

Share

පෝල් වෝකර් බලන්න ලංකාවේ සිනමාශාලා වලට විශාල සෙනඟක්

$
0
0

වැල්ලවත්ත සැවෝයි හා බම්බලපිටිය මැජෙස්ටික් සිනමාශාලා ද්විත්වයෙන් මේ දිනවල චිත්‍රපටයක් බලන්න ටිකට් එකක් ගන්නවා කියන්නේ හරියට ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්.ඇත්තටම මේ සිනමාශාලා දෙක මේ දිනවල ප්‍රේක්ෂකයන්ගෙන් පීරි ඉතිරි යන්නේ වෙන දෙයක් හින්දා නෙවෙයි “ෆාස්ට් ඇන්ඩ් දී ෆියුරියස්“ සිනමාපටයේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙන නිසයි.මේ සෙනඟ දෙගුණ තෙඟුණ වෙන්න තවත් හේතුවක් තමයි පෝල් වෝකර්..

රට්ටු කියන මේ කතාවල ඇත්ත නැත්ත බලන්න අපිත් ගියා මේ සිනමාපටය බලන්න.අපි ගියේ හවස හයට මැජෙස්ටික් එකට…වැඩේ ඇත්ත ඒක හවුස් පුල්..වැඩේ අත් ඇරපු නැති අපේ කට්ටිය ගියා සැවෝයි…ඒකත් හවුස් පුල්….ඒත් එතන හිටිය සෙනඟ පෝලීමේ ටිකට් ගන්නවා.ඒ රාත්‍රී 10 ෂෝ එකට..අන්තිමට අපිට බලන්න හම්බුනෙත් රාත්‍රී දර්ශනය.ඇත්තටම මේ චිත්‍රපටය බලන්න ඇවිත් හිටිය සෙනඟ දැක්කම පිස්සු වැටෙනවා.චිත්‍රපටය බලන්න ආපු හැමෝම සිනමාශාලාව ඉදිරියේ රැදී හිටපු ආකාරය දැක්කම අපේ අයගේ පික්චර් පිස්සුව ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.ෆිල්ම් එක පටන් ගන්න කලින් විහිළු තහලුවෙන් හිටිය හැමෝම චිත්‍රපටය අවසානයේ එළියට ආවේ කඳුළු පිරි දෙනෙතින්..

ඡායා – කසුන් දීගොඩගමගේ

Share

සනත්ගේ චිත්‍රපටයේ කතාව ඇත්තම කතාවක් ද?

$
0
0

සනත් ගුණතිලක කියන්නේ එක් යුගයක මෙරට සිනමාව සිය අණසකට නතුකර ගත් සම්මානනීය රංගනවේදීයෙක්.සිටු කුමරියෝ සිනමාපටයෙන් හෙළ සිනමාවට අවතීර්ණ වූ සනත් ගුණතිලක පසුව නැවත හමු වෙමු, ගඟ අද්දර, දිනුම, සටන, රස රහසක්, විරාගය, පාලම යට වැනි සිනමා කෘති රැසකික් තම ප්‍රතිභාව විදහා දක්වමින් මෙරට සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණක් තබා තිබේ.

රංඟනයෙන් පසු අධ්‍යක්ෂණයට යොමු වු සනත් රංඟනයට පමණක් නොව තමන් නිර්මාණකරණයටද දක්ෂයෙකු යන වග පසක් කර දී අවසන්.ඔහු අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය සිනහව අතරින් හි පූර්ව මාධ්‍ය දර්ශනය අතිශය උණුසුම් අයුරින් පසුගියදා කොළඹ සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ.සේමිණී ඉද්දමල්ගොඩ,සනත් ගුණතිලක,ක්‍රිස් හැරිස් ප්‍රධාන භුමිකා මවන මෙම සිනමාපටයේ මාධ්‍ය දර්ශනය දා වඩාත් උණුසුම් ප්‍රතිචාර ලැබුණේ සේමීණිටය.මෙම සිනමාපටයෙහි සේමිණි ඉද්දමල්ගොඩගේ රංගනය අතිශය විශිෂ්ට බව බොහෝ දෙනාගේ මතය විය. එමෙන්ම ඇගේ රංගන ප්‍රතිභාවෙහි වෙනම පැතිකඩක් සිනහව අතරින් සමඟ පිළිබිඹු වූ බව ඇයට වැඩි පිරිසක් පවසා තිබේ.එපමණක් නොව මෙ දිනයේ තවත් එක් විශේෂ සිදුවීමක් කැපි පෙනෙන්නට විය.මේ සිනමාපටය සම්බන්ධයෙන් එය නිෂ්පාදනය වීමටත් මත්තෙන් එක් කාරණාවක් සමාජ ගත වී තිබිණි.ඒ…සනත් ගේ මේ සිනමාපටය ඇත්තවශයෙන් පුද්ගලික කතාන්දරයක් ද යන්නයි.පෙනුමෙන් තුන්කොන් ආදර අන්දරයක් පෙනෙන්නට තියෙන මෙම සිනමා සිතුවම කාගේ(ප්‍රසිද්ධ කෙනෙකුගේ)හෝ ජීවිත කතාවක් නොවන වග සනත් එක හෙලා කීවත් මාධ්‍ය දර්ශනය දා දකින්න ලැබුණු සමහරක් දේ නිසා සනත් කීවේ බොරුවක් ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.මෙහි මාධ්‍ය දර්ශනය දා වෛද්‍ය ප්‍රතිභා මහානාමහේවා මැතිණියත් සනත්ගේ පාර්ශවයෙන් හා වෙනත් පාර්ශවයන්ගෙන් නීතිඥයන් කිහිප දෙනෙකුත් පැමිණ මෙම සිනමාපටය ඕනැ කමින් නරඹමින් සිටියා

ඇත්තටම මේ කාරණාව සම්බන්ධයෙන් සනත් ගුණතිලක පැහැදිලි අදහසක් මාධ්‍ය වෙත දක්වා සිටියේ නැ.නමුත් අපි හිතනවා ඉදිරියේ දී අපිට ඔහු මෙහි ඇත්ත නැත්ත ගැන අදහස් දක්වාවී කියා

IMG_0950 IMG_0952 IMG_0957 IMG_0961 IMG_0966 IMG_0970 IMG_0971 IMG_0973 IMG_0976 IMG_0978 IMG_0982 IMG_0983 IMG_0985 IMG_0986 IMG_0990 IMG_0994 IMG_1003 IMG_1008 IMG_1010 IMG_1011 IMG_1015 IMG_1019 IMG_1023 IMG_1029 IMG_1032 IMG_1034 IMG_1040 IMG_1042 IMG_1043 IMG_1045 IMG_1046 IMG_1048 IMG_1049 IMG_1051 IMG_1053 IMG_1054 IMG_1056 IMG_1057 IMG_1058 IMG_1062 IMG_1063 IMG_1068 IMG_1072 IMG_1073 IMG_0864 IMG_0866 IMG_0867 IMG_0874 IMG_0880 IMG_0884 IMG_0890 IMG_0892 IMG_0894 IMG_0895 IMG_0901 IMG_0903 IMG_0949 IMG_0945 IMG_0943 IMG_0939 IMG_0929 IMG_0926 IMG_0924 IMG_0920 IMG_0918 IMG_0907

 

Share

පූජාගේ අලුත් එක කැපේ

$
0
0

පත්තිනි කියන්නේ පූජා ඉන්න අලුත්ම චිත්‍රපටය.සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සිනමාපටයේ ප්‍රධාන භුමීකා රඟන්නේ පුජා උමාශංකර් හා උද්දික ප්‍රේමරත්නයි.මුළුමනින්ම පාහේ රූ ගත කීරිම් නිමකර ඇති මෙම චිත්‍රපටය දැන් සංස්කරණ කටයුතු වලට යොමු කරලා තියෙනවා.මැජික් ලැන්ටන් සංස්කරණ මැදිරියේ තිස්ස සුරේන්ද්‍ර අතින් කැපෙන පත්තිනි,රවීන්ද්‍ර රන්දෙණිය,ලකී ඩයස්,දයා අල්විස්,සනත් ගුණතිලක,අරුණි රාජපක්ෂ,විනු සිරිවර්ධන,අමා විජේසේකර,රමණී සිරිවර්ධන,අවන්ති අපොන්සු,වසන්ත විට්ටච්චි,අනුර බණ්ඩාර රාජගුරු සහ වරාකාගොඩ යුවළගේ රංඟන දායකත්වයෙන් හැඩ වී තිබේ.

මේ තියෙන්නේ එහි ඡායාරු කිහිපයකි.

10978695_575786045889526_1624419489579772342_n 988942_575785995889531_1251675960281110207_n 1466239_575786002556197_5538496502078323610_n 10422162_575786122556185_5844208682707072873_n 10500399_575786142556183_7281753044822968863_n 10922686_575786075889523_8046996076272647451_n 10945556_575785999222864_9103916492852840982_n 10959418_575786159222848_1989365752762418949_n 10978610_575786085889522_7434769761995757952_n

 

ජායාරු – සන්දේෂ් බණ්ඩාර

Share

බැට් මෑන් අලුත් චිත්‍රපටයේ බැට් මෑන්ගේ කාරය

$
0
0

ලොකු පොඩි කවුරුත් කොමික් කතා වලට පුදුමාකාර විදියට ආදරය කරනවා.සුපර් මෑන්ලට,ඇන්ට් මැන්ලට අපේ අය ආදරේ කරන්නේ ඇත්තටම ඒවා සැබැ චරිත ගොන්නට දාලයි.මේ සීසන් එකේ ඇන්ට් මැන්,ඒ වගේම ඇවෙන්ජර් අලුත් චිත්‍රපටය වැනි කොමික් චිත්‍රපට ආවත් 2016 එන්න තියෙන බැට්මෑන් වර්සස් සුපර් මෑන් ගැනයි වැඩිපුර කට්ටිය අවදානය යොමු කරන්නේ.හාත්පසින්ම වෙනස් දෙන්නෙක් එකම චිත්‍රපටයකින් දකින්න ගොඩාක් ප්‍රේක්ෂකයෝ ආසාවෙන් හිටියත් ට්‍රේලර් පටය දැක්කායි පසුව කට්ටියගේ රසය තවත් වැඩි වී ඇති පාටයි.මේ චිත්‍රපටයේ මුලින්ම එලියට ආපු පුර්වප්‍රචාරක පටයේ,මේ දෙන්නාගේ වලිය ඒ කියන්නේ දෙන්නගේ ෆයිට් එකට ලොකු තැනක් දීපු හින්දා දැන් කට්ටය දෙකටත් බෙදිලා.කට්ටියක් සුපර් මෑන්ගේ පැත්තේ තව කට්ටියක් වවුල් මිනිසාගේ පැත්තේ.බැට් මෑන්ට සප් එක දෙන අයට අලුත් ආරංචියක් දෙන්නම් කෝ.මේ සැරේ බැට් මෑන්ට පණ පොවන්නේ බෙන් ඇල්ෆෙක් නේ…බෙන් පදින…ඒ කියන අලුත් බැට් මෑන් පදින බැට් මොබයිල් එක පහුගිය දවසක රූපවාහිනි වැඩසටහනකින් පෙන්නලා තියෙනවා.ඒක ඇත්තටම සිත් ගන්නා සුළු වාහනයක්.අපි ඒ රූප රාමු හොයාගත්තා.බලන්න කෝ…

මේ තියෙන්නේ ට්‍රේලර් එක

Share

දයා අල්විස් අභාවප්‍රාප්ත වේ.

$
0
0

මෙරට සිනමාවේ,වේදීකාවේ සහ පුංචි තිරයේ හුන් දැවැන්තයෙක් වු ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.දයා අල්විස් මහතා පහුගිය දා පිළියන්දලදී සිදුවු අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියේය.බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඔහු මිය යන විට හැත්තැ දෙවන වියේ පසුවිය.

1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.

 

Share

ස්ටාර්ෆ්‍රෙන්ඩ් පැදුරුපාටියේ ශනුද්‍රී බයිලා ගහයි

$
0
0

ස්ටාර්ෆ්‍රෙන්ඩ් පැඳුරු සාජ්ජය තරු පිරිවරා ඉතාමත් උත්කර්ෂවත් විදියට පසුගිය දිනක පැවැත්වුණා.අවුරුදු කාලේ නිමිති කරන් ස්ටාර්ෆ්‍රෙන්ඩ් රසිකයන්ට අලුත් ඇත්දැකීමක් ලබා දෙමින් පැවැත්වුණු මේ සාජ්ජෙට තරු ගොන්නක් පායලා හිටියා.යුරේනී නොෂිකා,ලහිරු,දිනක්ෂි,ශනුද්‍රී,ඩැඩී,රයිනි,මාධව සහ ඉරාජ් ඒ අතර කැපී පෙනුණා.මේ තරුවලට ආදරේ කරන පිරිස්ගෙන් ද සැදුම් ලත් මේ උත්සවය විනෝද අංග බෝහෝමයකගෙන් සමන්විත වුණා.පැමිණි සිටි තරු ගීතයෙන් තම රසිකයන්ව පිනෙව්වා.ලහිරු,යුරේනී දිනක්ෂි ගීතයෙන් පැමිණ සිටි පිරිස කුල්මත් කරද්දී අපේ පුංචි ශනුද්‍රී නම් කීවේ බයිලා වැලක්..

 

1 (10) 1 (11) 1 (12) 1 (13) 1 (14) 1 (15) 1 (16) 1 (17) 1 (18) 1 (19) 1 (20) 1 (21) 1 (22) 1 (23) 1 (24) 1 (25) 1 (26) 1 (27) 1 (1) 1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6) 1 (7) 1 (8) 1 (9)

Share


සනත්ගේ සිනහව අද පටන්

$
0
0

සනත් ගුණතිලක නම් අසාහාය රංඟවේදීයාගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වු “සිනහව අතරින්“ අද දිනයේ පටන් (30) ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹේ. මෙහි මාධ්‍ය දර්ශනය පසුගියදා කොළඹ රිකී සිනමා ශාලාවේදී පැවැත් වූනි.

මෙම සිනමාපටය සනත් – සේමිණි සහ රොබින් ප්‍රනාන්දු, ජයනි සේනානායක, නදීකා ගුණසේකර, ක්‍රිස් හැරිස්, හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා ඇතුළු පිරිස රංගනයෙන් හැඩගන්වති.

සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන්ද, නන්දා ජයකොඩි සංස්කරණයෙන් ද, සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් ද, ලලිත් ධර්මවර්ධන ඇඳුම් සහ කොණ්ඩා සැකසුමෙන් ද සිනහව අතරින් සඳහා දායක වෙති. නිරෝෂා විරාජිනී සංගීත අධ්‍යක්ෂවරියයි. ඇය සමඟ අමිල පෙරේරා මෙහි ගී ගයා ඇත.සිනහව අතරින් හි කතාව දෙබස්, තිර රචනය සනත් ගුණතිලකගෙනි.

 

 

Share

සල්මාන් නීතියෙන් වරදකරුවෙකු වෙයි.

$
0
0

13 වසරකට ඉහතදී බීමත්ව රිය පදවා පදික වේදිකාවේ නිදාගෙන සිටි පස් දෙනෙකු යටකර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළ බොලිවුඩ් සුපිරි රංගන ශිල්පියෙකු වන සල්මන් ඛාන් ට වසර 10 දක්වා සිරදඩුවම් හිමිව තිබේ.

2002 වසරේ සැප්තැම්බර් මාසයේදී මුම්බායි හිදී පදික වේදිකාවක නිදාහුන් පස් දෙනෙකු ඔහු විසින් පැදවූ මෝටර් රථයක හැපී තුවාල සිදුව ඇති අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වසර 13 ක් තිස්සේ ඊට අදාළ නඩු විභාගය පැවැත්වුණු අතර සල්මන් ඛාන් අධිකරණයට පවසා ඇත්තේ මෝටර් රථය පැදවූයේ තමන් නොවන බවයි.

එසේ වුවද එය සල්මන් ඛාන් විසින්  අදාළ මෝටර් රථය පැදවූ බව තහවුරු වී ඇතැයි ප්‍රකාශ කළ විනිසුරු ඔහුට දඬුවම් හිමිවිය යුතු බව නියෝග කර තිබේ.

බොලිවුඩ් හි චිත්‍රපට 80 කට පමණ රංගනයෙන් දායකවී ඇති ඔහු ඩාබෙන්ග්,රෙඩි,බොඩිගාර්ඩ්,එක් තා ටයිගර්,මෙනෙ ප්යාර් ක්යා,හම් අප් කී හෙයින් කූන් ආදී ජනප්‍රිය වානිජ චිත්‍රපට වල කැපී පෙනෙන රංගනයකට උරුමකම් කියන ලදී.

අද දෙරණ

Share

පැවිදි දිවියට එළැඹී බොලිවුඩ් නිළිය

$
0
0

මේ කියන්න යන්නේ හරි අපුරු කතාවක්.මේ කතාව ආරංචි වුනේ බොලිවුඩයෙන්.බොලිවුඩයේ සිනමාවේ,පුංචි තිරයේ දිදුලපු තාරකාවක් සියලු සැපසම්පත් ඇතහැර පැවිදි දිවියට ඇතුල්වෙලා.ගිහි ජීවිතයේ ඇගේ නම වුනේ බර්කා මදාන්.1984 වසරේ ඉන්දියානු රූපරාජිණි අවසන් වටයට තේරුණු බර්කා බොලිවුඩයට අවතීර්ණ වන්නේ සුන්දර රූ සපුවකට සිහිකම් කියු නිසයි.“ගාර් ඒක් සප්නා“ නම් ඉන්දියානු දීර්ඝ ටෙලි නාටකයේ ප්‍රදාන භුමිකාවක් හෙබ වු ඇය පසුව අක්ෂේ කුමාර් සමඟ Khiladiyon Ka Khiladi හි රඟපාමින් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.

සමකාලීන නිළියන් වයසට යාම වළක්වා ගන්න ශල්‍යකර්ම සහ විවිධ රූපලාවන්‍ය උපක්‍රම භාවිතා කරද්දී ඇය යථාර්තය තේරුම් ගැනීමේ මඟ තෝරා ගත්තා.මේ වන විට කත්මණ්ඩු පන්සලක වැඩ වාසය කරන ඇය පැවිදිවරයෙන් පසු Gyalten Samsen ලෙස හදුන්වනු ලබනවා.

10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n barkha 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n 10360682_10152555212576861_884762725365863720_n

Share

Sinahawa Atharin –සිනහව අතරින්

$
0
0

ඇය කුමාරි, ජීවිතය යනු අනේකවිධ තැවුල් සේම සතුට පිරි කතාන්තරයකැයි එකල ඇය නොසිතුවාය. ඈ පැවැත ආයේ උඩරට පවුලකිනි. ඈ කොළඹට පැමිණියේ ඇගේ නෑනන්ඩියගේ එනම් එකම අයියාගේ භාර්යාවගේ තනි නොතනියටය. ඈ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නට තීරණය කරනුයේ ඒකාකාරී දිවි පෙවත වෙනස් කරලීමට වඩා කාලයෙන් ප්‍රයෝජන ගන්නටය. රිචඩ් බර්තොලමියුස් ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියේ ඉගෙන ගන්නටය.

සිංහල සංස්කෘතියට බෙහෙවින් ආදරය කළ රිචඩ්, කුමාරි කෙරෙහි ආදරයක් ඇති කර ගනී. කුමාරි මුලදී මෙම ආදරය ප්‍රතික්ෂේප කළත්, රිචඩ් හා තම සහෝදරයා සමඟ තිබූ දැන හැඳුනුම්කමත් නිසා කාලය ගතවීමත් සමඟ රිචඩ් තම අභිප්‍රාය ජය ගන්නේ කුමාරිගේ පෙම්වතා බවට පත්වීමෙනි.

එහෙත් ඔවුන්ගේ ප්‍රේමයේ නව දළු ඇතිවීමත් සමඟ කුමාරිගේ පවුල තුළින් ඊට විරෝධයේ ගිනිසිලු ඇති වන්නේ කුමාරිටත් වඩා ඇගේ සහෝදරයාට වරද පටවමිනි. කුමාරි කිසිදු ලෙසකින් පසු නොබසින අතර, තමා රිචඩ්ට දුන් පොරොන්දු වචන ස්ථිර ලෙසට පවත්වා ගැනීමට උත්සාහ කරන්නීය.

මේ ගැටලුව අභියස අසරණ වන කුමාරිගේ මව අසනීපව මිය යන විට විශාල කලකිරීමකට පත්වන කුමාරිගේ අයියා තම බිරිඳත් සමඟ ලංකාව හැර යන්නේ කුමාරි හා තමා අතර වූ සහෝදරකම ද අමතක කරමිනි. කුමාරි ලංකාවේ තනි වන්නේ විදේශික රිචඩ් සමඟය.

කුමාරි විජයවර්ධන රිචඩ් බර්තෝලමියුස්ගේ අතිනත ගන්නේ එයින් පසුවය. පුද්ගල නිදහස අගය කරන රිචඩ් හා සැමියාගේ ආදරය සැලකිල්ල බලාපොරොත්තු වන කුමාරි අතර විවාහ ජීවිය ඇරැඹෙන්නේ මේ අයුරිනි.

රිචඩ් තම අධ්‍යාපනය මූලික කොටම සලකයි. හෙතෙම විවාහයෙන් පසුව වුවද වැඩි කාලයක් යොද වන්නේ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කර ගැනීමටය. එහිදි තමා ගැන සිදුවන නොසැලකිලිමත් බව පිළිබඳව වුව ද කුමාරි මැදිහත් සිතින් ඉවසයි.

නිවසේ අජීවි වස්තු මැද තනිවන කුමාරි තම කාන්සිය, පාලුව මකා ගැනීමට සමාජ සේවා කටයුතුවලට පෙලඹෙන්නීය. ඇය නිතර නිතර පන්සල සමඟ සම්බන්ධකම් ඇති කර ගනියි. පන්සල ඇගේ මිතුරියන් හමුවන දවසේ වැඩි හරියක් ගත කරන ස්ථානයක් බවට පත් වෙයි.

රිචඩ් තම රැකියාව හා ඉගෙනීම ගැන සිතන නිසා කුමාරි හා තමා අතර සීමා පනවා ගනියි. එය තම තමන්ගේ හැඟීම් අවශ්‍යතා පිළිබඳව ද වෙයි. හුදකලා වන කුමාරිගේ ජීවිතයේ පෙරළියක් සිදු වන්නේ පන්සලේ උත්සවයකදී හමු වන විමල් වික්‍රමසිංහ නිසාය.

විමල් ජනප්‍රිය මාධ්‍ය, වේදිකා නාට්‍ය ආදියෙහි සම්බන්ධකම් ඇති ප්‍රසිද්ධ ප්‍රසන්න පුද්ගලයෙකි. කුමාරි කිසි කලෙකින්වත් නොසිතූ සිදුවීම් රැසක් හරහා මේ ආගන්තුකයා ඇගේ සිත තුළ බලාපොරොත්තුවේ රාජ්‍යයන් මවයි. රිචඩ් අතහැර විමල් කෙරෙහි නැඹුරුවන ඇය තම ජීවිතයේ රිචඩ්ට තිබූ තැන විමල්ට ලබා දෙයි.

සැමියෙකුගෙන් මෙතෙක් නොලද ආදරය, සෙනෙහස, අවධානය විමල්ගෙන් ලැබෙන විට ඔහුගේ උණුසුමෙහි රැඳෙන්නට කුමාරි ප්‍රිය වෙයි. නමුත් තීක්ෂණ බුද්ධියකින් යුත් රිචඩ් කුමාරිගේ හැසිරීම් රටාවේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටියි. දිනක් මේ පිළිබඳව කුමාරිගෙන් විමසන රිචඩ් කුමාරිගෙන් ලැබෙන පිළිතුරු හමුවේ නිරුත්තර වෙයි.

කිසිදු විදියකින් සාධාරණීය කළ නොහැකි හේතුන් රැසක් හමුවේ රිචඩ් පසුතැවීමට පත් වෙයි. කුමාරිගේ දෘෂ්ටිකෝණය තුළ රිචඩ් ලොකුම වැරදිකරුවා බවට පත් වන අතර, ඒ කිසිදු දෙයක් නැවත සකසා ගත නොහැකි බව ඇය තේරුම් කර දෙයි.

අවසානයේ රිචඩ්, විමල් තම නිවසට පැමිණ කුමාරි හමුවන ලෙසත් තමා බලෙන් ආදරයක් ප්‍රාර්ථනා නොකරන බවත් කුමාරිගේ නිදහස් අදහස් අගය කරන බවත් ප්‍රකාශ කරයි. මෙයින් පසුව කුමාරි නීත්‍යානුකූල සැමියාගේ අවසරයෙන් තම පෙම්වතා සමඟ නිදහසේ හැසිරෙයි. රිචඩ් කුමාරිගේ ජීවිතයෙන් ඉවත් වෙයි. විමල්ගේ ආශ්‍රය තුළ කුමාරි ගැබිනියක් වෙයි.

තමා මවක් වීමට යන බව දැනුණ අවස්ථාවේ කුමාරි ඉතා ප්‍රීතියට පත් වෙයි. මේ සුබ පණිවිඩය රිචඩ්ට සඟවන කුමාරි එය විමල්ට කීමට සුදුසු දිනයක් එනතුරු බලා සිටී. කුමාරිගේ උපන් දිනය දා විමල් එය සුවිශේෂී ආකාරයකට සැමරීමට සංවිධානය කර ගනියි. එම සුන්දර දවසේ කුමාරි විමල් පියෙකු වන බව ප්‍රකාශ කරන්නේ උසුලාගත නොහැකි ප්‍රීතියකිනි.

විමල් ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමාරි විමතියට පත් කරයි. විමල් කුමාරිගේ අනාගතය ගැන සිතමින් අසන ප්‍රශ්නයක් කුමාරි වරදවා තේරුම් ගනියි.

අවසානයේ කුමාරි විමල්ගෙන් ඉවතට යන්නේ විමල් පමණක් නොව සමස්ත පිරිමි වර්ගයාටම බැණ වැදෙමිනි. විමල් තමා ඇය පැවසූ අදහස පිළිබඳව කුමාරි ලැබූ වැරැදි වැටහීම නිවැරැදි කරන්නට උත්සාහ කරද්දී කුමාරි ඊට කිසිදු අවස්ථාවක් නොදෙමින් විමල්ව මඟහරිමින් ඔහුගෙන් ඈත් වෙයි.

කුමාරිගේ මේ හැසිරීම පිළිබඳව ද රිචඩ් වඩ වඩාත් සැලකිලිමත් වෙයි. කුමාරිගේ ප්‍රීතිය, සංතෝෂය අතුරුදහන්ව ඇති බවත්, ඈ ව්‍යාකූල මානසික තත්ත්වයක සිටින බවත් රිචඩ් නිරීක්ෂණය කරයි. සුහද සිතින් රිචඩ් ඒ පිළිබඳව කුමාරිගෙන් විමසයි.

කෝපයට පත් වන කුමාරි රිචඩ්ට දෝෂරෝපණය කරමින් බැන වදී. එහෙත් කලබල නොවන රිචඩ් අතීිතයේ දවසක, තමාගෙන් වූ වැරැදි හදා ගැනීමට අවස්ථාවක් දෙන ලෙස කුමාරිගෙන් ඉල්ලූ බවත්, එයට කුමාරි දැක් වූ ප්‍රතිචාරයත් මතක් කරදෙයි. එමෙන්ම තමා තවමත් ප්‍රමාද යැයි නොසිතෙන බවක් හා ඇය ගැබිනියක බව තමන් දන්නා බව අඟවයි.

එයින් විශ්මයට පත් වන කුමාරි ඒ පිළිබඳව දන්නේ කෙසේදැයි රිචඩ් අසයි. රිචඩ් ඊට හේතුව ලෙස පවසන්නේ ‘මම ඔබේ සැමියා කුමාරි’ යන්න පමණකි. ඒ වචන තුළ ගැබ්ව ඇති අර්ථය හඳුනා ගන්නා කුමාරි විශාල හිත් වේදනාවකට හා පසුතැවීමකට පත් වෙයි.

මේ අතර විමල් රිචඩ්ව හමු වෙයි. ඔහු කුමාරිගේ වැරැදි වැටහීම ගැන රිචඩ්ට තේරුම් කර දෙයි. එහිදී කුමාරිව විමල්ට මුණ ගැස්වීමට රිචඩ් පොරොන්දු වෙයි. කුමරි වෙත ගොස් විමල්ගේ හමුවීම ගැන කියන රිචඩ් තම පොරොන්දුව ගැන ද කියයි.

විමල් හමුවීමට කුමාරිව එකඟ කරගන්නා රිචඩ් මේ සියලු පරිත්‍යාග තමන් කරන්නේ කුමාරි සතුටින් තැබීමට ඇති තම ආශාව නිසා බව කියයි. කුමාරි විමල් හමුවට යාමට සූදානම් වෙයි. රිචඩ් ඇයව විමල්ගේ නිවසටම ගෙන ගොස් විමල් වෙත මුණගස්වයි.

තමාම රැගෙන දුන් සාරියකින් සැරසී තමා අභිමුවට පැමිණි කුමාරිව, විමල් ඉතා ආදරයෙන් පිළිගනියි. රිචඩ් ඔවුන් දෙදෙනාගේ විසඳුම එක් වීම නම්, තමා ඔවුන්ගේ ජීවිතයෙන් සමුගන්නා බව ද කුමාරි තම ජීවිතයට එන්නේ නම් විමල් සමුගත යුතු බවද පවසා පිටව යයි. විමල් රිචඩ් අතරට මැදිවුණු කුමාරි සමුගන්නේ විමල්ගෙන් ද, රිචඩ්ගෙන්, නැතිනම් . . . .!

ඇගේ ‘සිනහව අතරින්’ විමල් නොදුටු, රිචඩ් නොදුටු තීරණය කුමක්ද?

නිෂ්පාදනය – සුනිල් ටී. ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය හා තිර රචනය – සනත් ගුණතිලක

කතා පුවත – චමින්ද පෙරේරා මහතාගේ ‘සත්‍ය’ කතා පුවතකි

සංස්කරකණය – නන්දා නන්දි ජයකොඩි

ශබ්ද පරිපාලනය – ලාල් දිසානායක, නන්දා නන්දි ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය – සුජිත් නිශාන්ත

වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර

සංගීත නිර්මාණය – නිරෝෂා විරාජිනී

සහාය අධ්‍යක්ෂණය – කීර්ති රුවන් ලාල්සන්

නිර්මාණකරණයේ විශේෂ සහාය – ලෙස්ලි සිරිවර්ධන, ජනක චාමර

නිශ්චල ඡායාරූපකරණය – රුක්ෂාන් අබේසිංහ

කොණ්ඩා මෝස්තර සැකසීම – ලලිත් ධර්මවර්ධන

වේෂ නිරූපණය – මනෝජ් ලක්සිරි

කලා අධ්‍යක්ෂණය – සංජීව කරුණාරත්න

ගායනය – නිරෝෂා විරාජිනී, අමිල පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය – වසන්ත චන්ද්‍රලාල් සහ රාජා රණසිංහ

රේඛීය නිෂ්පාදනය – සුනිල් ධර්මසිරි

නළු නිළියෝ – සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, ක්‍රිස් හෙන්රි හැරිස්, ජයනි සේනානායක, හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා, රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, නිමල් ජයවීර. අමල් යශෝමන්

 

_MG_1460 (Copy) _MG_3748 _MG_5581 _MG_5628 (Copy) 1395417_505863229512646_1450774602_n IMG_0143 IMG_1551 unnamed (1) unnamed (2) unnamed _MG_1440

 

Share

හොලිවුඩයේ දී නිරුවත් වුනු ප්‍රියංකා චොප්රා

$
0
0

ඉන්දියාව කියන්නේ සාමාන්‍යයෙන් ලොකු රටක්.රට ලොකු වගේම එහි බිලියන 1.2 ජනගහනයක් ඉන්නවා.මෙකෙන් බිලියනයක්ම වාගේ චිත්‍රපටි පිස්සන්.ඉතින් ඉන්දියාව කියන්නේ හොඳ ෆිල්ම් මාකට් එකක් තියන රටක්.ඔන්න ඕක දන්න හින්දමයි…හොලිවුඩ් ඇත්තෝ ඉන්දියාව ටාගට් කරලා වැඩ කරන්නේ.ඉතිහාසය පුරාවට විවිධ උපක්‍රම දාපු හොලිවුඩ් ශිල්පීන් දැන් දැන් ඉන්දියානු නළු නිළියන්ට එහේ කතාවල ප්‍රධාන භූමිකා පවා දෙන්න මැලි වෙන්නේ නැ.

අනිල් කපුර්ලා,අමිතාබ්ලා,ඉර්ෆාන් ලා,ඓෂ්ලට පස්සේ හොලිවුඩ් ලොකුම හිට් එක වෙන්න යන්නේ ප්‍රියංකයි.ඇය ප්‍රධාන භුමිකා රඟපෑ ටීවී සීරිස් එකක පුර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා.මෙය නමින් “ක්වොන්ටිකෝ“.F.B.I නිළධාරිනියකගේ භූමිකාවට පණ පොවන ඇය මේ කතා මාලාවේ සැබැවින්ම බටහිර යුවතියකසේ රඟපා තියෙනවා.ඇය ඉන්දියාවේ දී දහයට ගනින් බැරි පාටට හිටියට මොකද මේ කතාවේ නම් සමහර වැඩිහිටියන්ට සුදුසු දර්ශන වල පවා දායක වෙලා තියෙනවා.A.B.C නාලිකාවේ විකාශනය වීමට තියෙන මෙම කතාව ප්‍රියංකාගේ ජීවිතයේ ලොකු කඩඉමක් වනු ඇති.

Untitled-11-800x400 quantico5may13

Share

BA Pass නිළිය සික්ෂා ජෝෂී සියදිවිහානි කරගනී.

$
0
0

බොලිවුඩ් නිළියක්,නිරුපිකාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වයස අවුරුදු 40ක් වු ඉන්දියානු නිළි Shikha Joshi පසුගිය සෙනසුරාදා සවස් යාමේ සියදිය හානි කරගෙන තිබෙනවා.ඉමහත් ප්‍රසිද්ධියට පත් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වු බී.ඒ පාස් සිනමාපටයේ Shilpa Shukla සමඟ ප්‍රධාන භුමිකාවක් නිරුපණය කරපු ඇය ක්ෂේත්‍රය තුළ සිටි දක්ෂ රංඟන ශිල්පිණියක්.ආන්දේරී ප්‍රදේශයේ නිවසක් තුළ මිතුරියක් සමඟ වාසය කරපු Shikha Joshi තම ගෙල තියුණු ආයුධයකින් කපාගෙනයි සියදිවි හානි කරන් ඇත්තේ.පොලිස් වාර්තා වලට අනුව ඇය එදින සවස 6.30 පමණ වන විට තම නිවසේ නාන කාමරය තුළට වැදී මේ අනතුර සිදුකරගෙන තියෙනවා.ඇගේ මිතුරිය ඇය මෙසේ තුවාල වී සිටිනු දුටු විගස ඇයව රෝහල් ගත කර ඇත.මෙසේ රෝහලට ගෙනියන අවස්ථාවේ ඇය තම මිතුරියට පවසා ඇත්තේ පහුගිය කාලය පුරාවට ඇයට රඟපෑමට කුමක්වත් නොලැබුණු නිසාවෙන් ඇය මහත් කම්පාවට පත්ව මෙසේ සිදුකරගත් බවයි.

වැඩිදුරටත් පරික්ෂණ පැවැත්වු පොලීසිය සහ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම සිද්ධිය සියදිවිහානි කර ගැනීමක් හා ඇය දීර්ඝ කාලයක් තිස්සේ මානසික පසුබෑමකට ලක්ව සිටි ඇති බවයි.

18-1431927933-shikha-joshi b-a-pass-1-a b-a-pass-19-e b-a-pass-18-m b-a-pass-2-v b-a-pass-17-h

Share

සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ අභාවප්‍රාප්ත වේ

$
0
0

සිංහල සිනමාවේ ‘උසම නළුවා‘ ලෙස සැලකෙන බැසිල් ද සේරම් මහතා වඩාත් ජනප්‍රියතාවයට පත් වූයේ ‘වන රජා‘ චිත්‍රපටයෙනි.

මීට අමතරව දැවෙන පිපාසය, අබිරහස, වස්තුව, චණ්ඩි ශ්‍යාමා, ආදර රත්නෙ, සසරක පැතුම්, මිහිඳුම් සළු, අහස් මාලිගා, සුජීවා, දොස්තර, වීදුරු ගෙවල්, සිකුරුලියා, වීර පුරන්අප්පු, හස්ති වියරුව, වදුල වැනි චිත්‍රපට රැසකට ඒ මහතා රංගයෙන් දායක වී තිබේ.

11096612_986966657982977_8468542621012835995_n 11032688_986966671316309_42319072312533849_n 11268999_986966651316311_3449652209569901509_n 11009384_986966667982976_1369940034728377803_n

Share


ලංකාවේ වඳුරෝ රුපියල් මිලියන 2000 හොයපු හැටි

$
0
0

ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ “Monkey Kingdom” (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය, යාල වනෝද්‍යානය, කල්පිටිය, මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.

ඇ.ඩො. මිලියන 7ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති එවැනි ආකාරයේ 8 වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන 35ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන් පමණක් උපයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ හැදු Monkey Kingdom චිත්‍රපටය

monkey kindom

courtesy – අතුල සිරිවර්ධණ





Share

කාන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයෙකුට ඇගයීමක්

$
0
0

ශ්‍රී ලාංකේය නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති  මෙවර කාන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or සම්මානය දිනාගෙන ති‍බේ.

ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දීපන්’නමැති චිත්‍රපටයේ හොඳම රංගනය වෙනුවෙන් මොහු සම්මානයට පාත්‍රවී ඇත.

ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම හා ප්‍රංශ ජන සමාජය තුළ මුහුණදීමට සිදුවන ගැටළු පිළිබඳ මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

ළමා සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කලක් කටයුතු කර ඇති සොර්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි.

ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන ඇති බවත්,ස්ත්‍රී චරිතයකට පණ පොවන තමිල්නාඩුවේ කාලීශ්වරී එරට රංග කලාව පිළිබඳ හැදෑරීම් ඇත්තියක බවත් සඳහන්ය.

අද දෙරණ

Share

Brothers – In Theatres 14th August, 2015

$
0
0

කරන් ‍ජෝහාර් ගේ “ධර්ම ප්‍රඩක්ෂන්” නාමය යටතේ තවත් විශේෂිත සිනමා සිතුවමක් මේ වසරේ දිගහැරීමට නියමිතයි.බොලිවුඩ් සුපිරි නළු අාක්ෂේ කුමාර්,ජැකී ෂෙරෝෆ්,සිද්ධාර්ථ් මල්හොත්‍රා සහ ජැකලීන් රඟන මේ සිනමා සිතුවම නමින් Brothers…එක කුස උපන් සහෝදරයන් දෙදෙනෙකු ජාති ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත්වී එකම සටන් බිමක සටන් වදින් කතා තේමාවක් කේන්ද්‍ර කරගත් මෙම චිත්‍රපටය warrior සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් වේ.

warrior සිනමාපටයේ පුර්ව ප්‍රචාරකපටය

Share

අගඩු ත‍ෙළිඟු සිනමාපටය – WATCH NOW

$
0
0

ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය තුළ ඇති සිනමාකර්මාන්ත අතුරින් තෙළිඟු නිර්මාණ තියෙන්නේ ඉහළ තැනක.කොටින්ම කිව්වොත් මහ උජාරුවට හදන සමහර දෙමළ සහ හින්දි චිත්‍රපට පවා තෙළිඟු නිරිමාණ වන ප්‍රතිනිර්මාණයි.වාණිජ සිනමානිර්මාණ අතුරින් ඉතා හොඳ මසාලා චිත්‍රපට හදන මොවුන්ට වෙනම සුපිරි තරු ඉන්නාවා.එහෙම ඉන්න තෙළිඟු සුපර්ස්ටාර් “මහේෂ් බාබු“ රඟන සිනමාපටයක් තමයි “අගඩු“ කියන්නේ..ඉතින් පහතින් තියෙනවා ඒ චිත්‍රපටය…

actor_mahesh_babu_aagadu_movie_first_look_posters_174e70f
සම්පුර්ණ චිත්‍රපටය පහතින්

Share

ඇඩ්‍රස් නැති සිනමාවට ඇඩ්‍රස් එකක් – Jackson Anthony’s new film “Address නෑ” official trailer

$
0
0

මෙරට සිනමා ක්ෂේත්‍රයේ දෙවෙනි ගමනක් වෙනුවෙන් කැප වු දැවැන්ත සිනමා අධ්‍යක්ෂකවරයෙක්,රංඟන ශිල්පියෙක් තමයි ජැක්සන් ඇන‍්තනී.සිනමාවේ හෙට දවසක් වෙනුවෙන් ඔහු බොහෝ දැ කැප කල චරිතයක්.ජැකා…ජනකාන්ත සිනමාවක් උදෙසා වු අලුත් බලාපොරොත්තු ඇති කරමින් “අබා“ වැනි චිත්‍රපටයක් තනන්නේ ඒ නිසාවෙනි.මීට වසර කිහිපයකට පෙර ඔහු විවර කළ,ඒ ගමන් මගේ බොහෝ දෙනා බොහෝ දුර‍ ආහ.ජැකාගේ අඩිපාරේ යමින් තවමත් බොහෝ දෙනා තවමත් ඓතිහාසික චිත්‍රපට තනයි.මේ ආ ගමන් වෙනස් කිරීමට ජැකාම දැන් කරලියට පැමිණ අැත.නැවතවතාවක්  සිනමා ප්‍රේක්ෂකයා වෙනුවෙන්,ජනකාන්ත සිනමාවක් හදුන්වා දෙමින් ඔහු තවත් වැඩක් ආරම්භ කර තිබේ.මෙය නම්න් “ඇඩ්‍රස් නැ“

පුර්ව ප්‍රචාරක පටය

A  1 [1024x768]
A 2 [1024x768]
A 178 [1024x768]
A 176 [1024x768]
A 177 [1024x768]
A 174 [1024x768]
A 175 [1024x768]
A 172 [1024x768]
A 173 [1024x768]
A 170 [1024x768]
A 168 [1024x768]
A 169 [1024x768]
A 166 [1024x768]
A 167 [1024x768]
A 164 [1024x768]
A 165 [1024x768]
A 161 [1024x768]
A 163 [1024x768]
A 157 [1024x768]
A 158 [1024x768]
A 159 [1024x768]
A 160 [1024x768]
A 155 [1024x768]
A 156 [1024x768]
A 152 [1024x768]
A 153 [1024x768]
A 149 [1024x768]
A 150 [1024x768]
A 143 [1024x768]
A 144 [1024x768]
A 145 [1024x768]
A 146 [1024x768]
A 148 [1024x768]
A 140 [1024x768]
A 141 [1024x768]
A 142 [1024x768]
A 139 [1024x768]
A 136 [1024x768]
A 138 [1024x768]
A 134 [1024x768]
A 135 [1024x768]
A 132 [1024x768]
A 133 [1024x768]
A 131 [1024x768]
A 129 [1024x768]
A 130 [1024x768]
A 126 [1024x768]
A 127 [1024x768]
A 125 [1024x768]
A 123 [1024x768]
A 124 [1024x768]
A 120 [1024x768]
A 122 [1024x768]
A 119 [1024x768]
A 117 [1024x768]
A 118 [1024x768]
A 115 [1024x768]
A 116 [1024x768]
A 114 [1024x768]
A 112 [1024x768]
A 113 [1024x768]
A 110 [1024x768]
A 111 [1024x768]
A 109 [1024x768]
A 107 [1024x768]
A 108 [1024x768]
A 105 [1024x768]
A 103 [1024x768]
A 104 [1024x768]
A 101 [1024x768]
A 102 [1024x768]
A 100 [1024x768]
A 97 [1024x768]
A 99 [1024x768]
A 95 [1024x768]
A 96 [1024x768]
A 93 [1024x768]
A 94 [1024x768]
A 91 [1024x768]
A 92 [1024x768]
A 89 [1024x768]
A 90 [1024x768]
A 87 [1024x768]
A 88 [1024x768]
A 85JPG [1024x768]
A 86 [1024x768]
A 84 [1024x768]
A 82 [1024x768]
A 83 [1024x768]
A 80 [1024x768]
A 81 [1024x768]
A 77 [1024x768]
A 78 [1024x768]
A 79 [1024x768]
A 75 [1024x768]
A 76 [1024x768]
A 73 [1024x768]
A 74 [1024x768]
A 71 [1024x768]
A 72 [1024x768]
A 70 [1024x768]
A 67 [1024x768]
A 69 [1024x768]
A 65 [1024x768]
A 66 [1024x768]
A 63 [1024x768]
A 64 [1024x768]
A 60 [1024x768]
A 61 [1024x768]
A 62 [1024x768]
A 59 [1024x768]
A 57 [1024x768]
A 58 [1024x768]
A 55 [1024x768]
A 56 [1024x768]
A 53 [1024x768]
A 54 [1024x768]
A 50 [1024x768]
A 52 [1024x768]
A 48 [1024x768]
A 49 [1024x768]
A 46 [1024x768]
A 47 [1024x768]
A 44 [1024x768]
A 45 [1024x768]
A 41 [1024x768]
A 43 [1024x768]
A 40 [1024x768]
A 38 [1024x768]
A 39 [1024x768]
A 36 [1024x768]
A 37 [1024x768]
A 34 [1024x768]
A 35 [1024x768]
A 32 [1024x768]
A 33 [1024x768]
A 30 [1024x768]
A 31 [1024x768]
A 28 [1024x768]
A 29 [1024x768]
A 26  [1024x768]
A 27 [1024x768]
A 25 [1024x768]
A 24 [1024x768]
A 20 [1024x768]
A 21 [1024x768]
A 22 [1024x768]
A 23 [1024x768]
A 16 [1024x768]
A 17 [1024x768]
A 18 [1024x768]
A 19 [1024x768]
A 12 [1024x768]
A 13 [1024x768]
A 14 [1024x768]
A 15 [1024x768]
A 8 [1024x768]
A 9 [1024x768]
A 10 [1024x768]
A 11 [1024x768]
A 4 [1024x768]
A 5 [1024x768]
A 6 [1024x768]
A 7 [1024x768]
A 3 [1024x768]

Share

Viewing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>