Quantcast
Channel: Cinema.lk
Viewing all 2374 articles
Browse latest View live

ජිවන රඟමඩලෙන් සමුගත් හොලිවුඩයේ දුෂ්ඨයා

$
0
0

හොලිවුඩයේ විසු තවත් ප්‍රකට සහ ප්‍රවීණ රංඟන ශිල්පියෙක් වු සර් ක්‍රිස්ටෝපර් ලී පහුගිය ඉරිදා වයස අවුරුදු අනුතුනක් ආයු වළදා ලන්ඩනයේ පිහිටි රෝහලක සිය අවසන් හුස්ම හෙලුවේය.ඔහු මිය ගියත් ඔහුගේ මතකයන් බෝහෝමයකි…මෑත කාලයේ ස්ටාර් වොර්ස් රසිකයන් හා ලොර්ඩ් ඔෆ් ද රින්ග් සිනමාපට හරහා ප්‍රසිද්ධියක් ලබා ගත්තද ක්‍රිස්ටෝපර්ගේ ජනප්‍රිය සිනමා වංශකතාව ඇරඹෙන්නේ 1940ක තරම් ඇතක සිටන්ය.1940 සිනමාජිවීතයට අත්පොත් තැබු ඔහු 1958 තිරගත වන කවුන්ට් ඩ්‍රැකියුලා සිනමාපටය ඔහුව තරුවක් කරන්නේ හෙතෙම සදාකාලික දුෂ්ඨයෙක් ද කරමිනි.ඉන්පසු තැණුනු විකර් මෑන් හා මැන් විත් ද ගොල්ඩන් ගන් සිනමාපට ඔහු සිනමාජිවිතය තව තවත් බැබලුවේය.මැන් විත් ද ගොල්ඩන් සිනමාපටය බොන්ඩ් සිනමාපටයක් වු අතර එය වරෙක ජේම්ස් බොන්ඩ් පරයා නැගෙන තරමට ප්‍රබල වු චරිතයක් විය.

මේ ඔහු මැවු චරිතයන් කිහිපයක්..

01

මියගිය බවට සහතික කළ ලියකියවිල්ල

Christopher_Lee_de_3337988b

 

හොලිවුඩයේ ඔහු මැවු විවිධ චරිත

Film and Television WickerMan drac_3337096k VARIOUS Frankenstein Lee1949 lee_3336793b lee3_3336796b THIS_3337127b LeeTheHobbit LeeDooku

Share


ප්‍රවේගය Prawegaya – NOW SHOWING

$
0
0

අපේ සිනමාවට යළි වසන්තය උදා කරමින් ඇක්ෂක් කැටගරියට අයත් සිනම‍ාපටයක් මේ දිනවල ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමාශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර තිබේ.හුඟ කාලේක පටන් අපේ සිනමාවේ දකින්න නොලැබුණු සටන් ජවනිකා සිත් ඇඳගන්න සුළු ගීත ජවනිකා වලින් අඩංගු මෙම සිනමාපටය නමින් ප්‍රවේගය නම් වේ.හේමාල් රණසිංහ සිංහල සිනමාවේ වීරයා කරමින් දිගහැරෙන ප්‍රවේගය මින් ප්‍රථම සුපර් සික්ස් හි නිෂ්පාදක වු සදේෂ් කුමාර්ගේ නිෂ්පාදනයක් වෙනවා.ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සරෝව් සහ ප්‍රවීණ සහය අධ්‍යක්ෂකවරයෙක් වු ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම ක්‍රියාදාම සිනමාපටය මෙරට සිනමාවට නවක සිනමා නිළියක් ද තිළිණ කරනවා.තලඑළලු සමකින් සහ සුන්දර සිනහාවකින් නිතරම මුව සරසාගෙන ඉන්න මේ හුරුබුහුටි කෙල්ල ප්‍රවේගය නිර්මාණකරුවන්ගේ හොද සොයා ගැනීමක් වනවා.ජැක්සන් ඇන්තනී,පුබුදු චතුරංග,මහේන්ද්‍ර පෙරේරා,දමිතා අබේරත්න,ගජන් කනේෂන්,ජයලත් මනෝරත්න,ශ්‍රීයන්ත මෙන්ඩිස්,රන්ජන් රාමනායක,මොරින් චාරුණී,භාග්‍යා ගුරුසිංහ සහ සනත් ගුණතිලක ඇතුළු දැවැන්ත නළු නිළි කැලක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

වෙට්ට්‍රිමාරන් නම් දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයා ගේ නිර්මාණයක් වු ධනුෂ්ගේ රංගනයෙන් හැඩ වු පොල්ලාදවන් සිනමාපටයේ නැවත නිර්මාණයක් වු ප්‍රවේගයේ සිංහල පිටපත මහේෂ රත්සර මද්දුමආරච්චි විසින් නිර්මාණය කරන ලදී.මෙහි සංගීතය සිදුකරන ලද්දේ භාතිය සහ සන්තුෂ් විසිනි.

කතා සාරාංශය

මෙහි කතාව ගලායන්නේ නාගරික සමාජයක ජිවත්වෙන තරුණයෙකු වටායි.ඔහුත් බොහෝ තරුණයන් ගත කරන නන්නත්තාර ජිවිතයක් ගත කරමින් ගෙදරට බරක් වෙමින් ජිවත් වෙයි.සාම්ප්‍රදායික ටයිම් පාස් යාලුවන්,කිසිකලෙක සෙට් නොවන කෙල්ලෙක්,ප්‍රශ්න වලින් ගහන ගෙදරක් මොහුගේ වටේ තියෙන ප්‍රශ්න වලින් කිහිපයකි.මේ අයුරින් ඉන්නා තරුණයින්ට වැඩි කාලයක් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැත.නැවතවතාවක් ගෙදරත්,ඔහුගේ අනාගතයත් අතර ප්‍රශ්ණයකට මේ නන්නත්තාර තරුණයා මැදි වී තම පියා සමඟ ආරවුලක් ඇති කරගන්නේ තම අනාගතය වෙනුවෙන් පියාගෙන් ලක්ෂ දෙකක් වැනි මුදලක් ද ලබා ගෙනය.ඉතා අමාරුවෙන් එකතු කර ගත් මුදලක් තම පුතුට ලබා දෙන පියා මෙය ලබා දෙන්නේ ඔහු තම අනාගතය සදා ගනී වී යැයි තිර විශ්වාසයකිනි.එහෙත් සිදුවන්නේ වෙනත් දෙයකි…මේ විසේකාර තරුණයා මේ මුලු මුදලම වියදම් කර කරන්නේ වෙනත් දෙයක් වෙනුවෙනි.ඔහු තම හීනය වු මොටර් සයිකලයක් මිලදී ගැනීම වෙනුවෙන් මේ මුලු මුදලම වැය කරන්නේ දෙපාරක් නොසිතායි

මේ ප්‍රවේගය සිනමා පටයේ ආරම්භක ප්‍රවේගයි.

3_t 4_t 5_t g01 g02 g03 g04 g05 g06 g07 g08 g09 g10 g11 g12 0_t 1_t 2_t

 

Share

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ ජීවන ගමනට සමුදෙයි

$
0
0

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යන විට ඒ මහතා 77 වියේ පසු වු බව වාර්තාවෙයි.

අද දෙරණ

Share

වැනීසියේ වෙළෙන්දාත් අපෙන් සමු ගත්තේය…….

$
0
0

ඒ 1976 සුන්දර සැන්දෑවකි. මිඳුලේ සෙල්ලම් කරමින් පසුවූ මට , අපේ තාත්තාගෙන් ලැබුණේ අපූරැ ආරාධනයකි.

ආරාධනය ඉහටත් උඩින් පිළිගැනුණි. ප්‍රතිඵලය වූයේ අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවේ 6:30 දර්ශනය නැරඹීම සඳහා තාත්තා සමඟ යාමය.

තිරයේ දිගහැරැනේ මගේ මතකයේ සදා නොමැකෙන සුන්දර මතකයන් ඉතිරි කළ හුලවාලී සිනමා පටයයි.

එහි එන කථාවේ රැහේ නායකයා, හුලවාලියා(ධාරා) ලෙස ගාමිණී ෆොන්සේකත් ඔහුගේ ඇඹේණිය, සුභා ලෙස සුවීනීතා කෝන්ගහගේත් රඟපෑ බව මගේ මතකයේ ඇත.

චිත්‍රපටයේදී සුභා, ගමට ආ වෙළෙන්ඳා සමඟ ධාරා තනිකොට හොරෙන් පැන යන ජවනිකාවේ පසුබිමින් ගැයුණු සුනිල් එදිරිසිංහයන්ගේ කුඩා ගමේ ගීතය කුඩා මගේ ඇසට කඳුළක් ගෙනා අතර සඳා නොමැකෙන සමරැ සටහනක් මගේ හදවතේ ඉතිරි කළේය.

එහි රඟ පෑ , සුබාව ධාරාගෙන් පැහැරගත් වෙළෙන්දා පිළිබඳව මගේ සිතේ මහා තරහක් පිළිකුලක් ඇතිවූවත්, සිනමා පටය අවසානයේ ඔහු සුබාව විවාහ කරගෙන ඇයට සියලුම සැපසම්පත් ලබාදුන් නිසා ඒ අමනාපය මදක් සමනය විය.

වෙළෙන්දා ලෙස රඟපෑවේ සොඳුරැ කඩවසම් නළුවෙකි. ඔහු ටෝනි රණසිංහ බව මා දැනගත්තේ තාත්තාගෙනි. ඉන් බොහෝ කලකට පසු ඔහුම තවත් වෙළෙන්දෙකු ලෙස රඟපෑවේය. ඒ වැනීසියේ වෙළෙන්දා වේදිකා නාට්‍යයේ වැනීසියේ වෙළෙන්දා ලෙසයි.

රණසිංහ හෙට්ටිආරච්චලාගේ අග්නට්ස් ඇන්තනී සිල්වා ඔහුගේ උප්පැන්නයේ තිබූ නමයි. එහෙත් ඔහු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාවේ ආදරය දිනා ගත්තේ ටෝනි රණසිංහ නමිනි. ඔහු කාගේත් සදාදරණීය ටෝනි විය.

1937 ඇසළ මස 31 වෙනිදා මෝදරදී මෙලොව එළිය දුටු ටෝනි වත්තල ශාන්ත ආනා සහ මෝදර De Lasalle කොලීජියෙන් අධ්‍යාපනය ලැබීය.

1963 දී රන් තෝඩු නම්වූ වේදිකා නාට්‍යයෙන් කරළියට පිවිසි මෙතූමා ඒ වසරේ හොඳම වේදිකා නළුවාට හිමි Governor General ‘s සම්මානය පවා දිනා ගැනීමට සමත් වූහ.

ඉන්පසු 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ගම්පෙරළිය සිනමා පටයේ  බලදාසගේ භූමිකාව රඟමින් සිංහල සිනමාවේ අත්පොත තැබීය.

පීරිස් සූරීන්ගේම සිනමා නිර්මාණ වූ රණසලු හා දෙලොවක් අතර යන චිත්‍රපට සඳහාද ටෝනි රණසිංහයන්ව තෝරා ගැනීමෙන් එතුමා ටෝනිගේ රංඟනය ගැන කෙතරම් පැහැදී සිටියේදැයි යන්න අපට සිතාගත හැක.

රඟපෑම උපතින්ම ගෙනා ටෝනි සිංහල රිදී තිරය ඒකාලෝක කළේ සම්මාන රාශියක්ද දිනා ගනිමිනි.

1966 දී පරසතුමල් චිත්‍රපටයේ රඟපෑ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉන්වසර තුනකට පසු 1969 දී හන්තානේ කතාව චිත්‍රපටයේ කළ රංගනයට හොඳම නළුවාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙන්ම එතුමා කෙතරම් දක්ෂයෙකුද යන වග අපට පෙනී යයි.

ඉන්පසු 1976 දී දුහුළු මලක් හා 1979 දී අහසින් පොළොවට යන චිත්‍රපට සඳහාද එතුමා වසරේ හොඳම නළුවා සම්මානය දිනා ගත්හ.

1980 ගඟ අද්දර හා 1993 දී සප්ත කන්‍යා යන චිත්‍රපටවලද එතුමාගේ ප්‍රතිභාපූර්ණ රංගනයන් කැපී පෙනුණි. මීට අමතරව තවත් උසස් හා ජනප්‍රිය සිංහල සිනමා රාශියකටද එතුමාගේ රංගන දායකත්වය සැපයීය.

අති දක්ෂ තිර නාටක රචකයෙකූද වූ ටෝනි රණසිංහයෝ වසරේ හොඳම තිරරචනය සඳහා වූ සරසවි සම්මානය එතුමා තිරරචන ලියූ කොටි වලිගය, කෙලිමඩල, අවරගිර හා පවුරැ වළලු යන සිනමා පට වෙනුවෙන් දිනාගැනීමෙන්ම ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන කියමන කඩා බිඳ දැම්මේය.

එතනින්ද නොනැවතුණු එතුමා අති දක්ෂ පරිවර්තකයෙකුද විය. එතුමා පරිවර්තනය කොට නාට්‍ය පිටපත් ලියූ මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ දොළොස්වැනි රැය, වැනීසියේ වෙළෙන්ඳා සහ ජූලියස් සීසර් යන නාට්‍ය රසික සිත් සතන් මත්කරලීමට සමත් විය.

එතුමා වැනීසියේ වෙළෙන්ඳාහී කළ රංගනය ප්‍රේක්ෂක හදවත් තුළ සඳා නොමැකෙන මතකයක් එක් කිරීමට සමත්කළේ එහි තිබූ ජීව ගුණයත් දෙබස්වල තිබූ අපේ කමත් නිසාය.

ඒත් අද හිමිදිරියේ ඒ සියල්ල අවසන් විය. ඒ එතුමාත් ඒ ගමන අපව තනිකොට යන්නට ගිය හෙයිනි.

මට දැනෙන්නේ මහා පසුතැවිල්ලකි. මට එතුමා ගැන ජීවත්ව සිටියදී ලියන්නට නොහැකිවිය. ඔවුන් අපව හැරදා යන්නට පටන් ගෙන ඇත.

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත මැයෙන් මේ කලා ලෝකයේ වීරයන් ගැන ලිවීම මා ඇරඹුවේ පසුගිය සතියේය. මගේ පුංචි සටහන් පොතේ අංක පහ යොදා ටෝනි රණසිංහ නමට වෙන් කළ පිටුව මට නැවත මේ ආත්මයේදීනම් ලිවිය නොහැකිවනු ඇත.

සදාදරණීය ටෝනි, ඔබ අප හැර ගියද ඔබ අප සමඟ , අප වෙනුවෙන් තබා ගිය දෑ බෙහෝය. මේ ගමන කෙදිනක හෝ අප සැමම යායුතුමය.

මේ සසර කතරේ දිනෙක අප නැවත හමුවන තුරැ ඔබට සුබ රාත්‍රියක්!

චිත්‍රපට හා තිරගත වූ වසර ඇතුළු සමහර තොරතුරැ සහ ඡායාරෑප අන්තර් ජාලයෙන් ලබාගත් බැව් කරැනාවෙන් සලකන්න.

චන්දන ගුණසේකර

 

Share

සනී ලියොන් එක්ක අධ්‍යක්ෂකවරු වැඩකරන්න කැමති මේන්න මේ නිසයි

$
0
0

සනී දැන් ඉන්දියාවේ තරුවක් වී හමාරයි.මේ වසරේත්…එළැඹෙන වසරේත් ඇය දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම බාර අරන්.මුලින් මුලින් අයිටම් සොන්ග් කරන්න විතරක් ආපු සනී දැන් දැන් ලොකු ලොකු කැරැක්ටර්ස් කරන්න පටන් අරන්.ඉන්දියාවේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි දැන් අධ්‍යක්ෂකවරුන් පවා සනීට පිස්සු වැටිලා.රාගිනි එම් එම් එස් 2 චිත්‍රපටයේ රැ ගැන්වීමක් අතර කරපු කතා බහක් තමයි පහතින් තියෙන්නේ.එකේ බැලුවම තේරේවී සනී එක්ක වැඩ කරන්න හුඟ දෙනෙක් වැඩ කරන්න කැමති ඇයි කියලා

 

Share

එච් එම් ජයවර්ධනයන්ට ඔබගේ උපකාරය අවැසි වෙලාවයි මේ………

$
0
0

සිනමා රසිකයෙකුට හෝ රසිකාවියකට තමන් කැමති , තමන්ගේ ආදරණීය නළුවා, නිළිය හෝ චිත්‍රපටි අධ්‍යක්ෂකතුමා දැකිම, හමුවීම හෝ වචනයක් කතා කරන්නට ලැබීම යනු ජීවිතයේ සදා අමරණීය මොහොතකි. එමෙන්ම සංගීත ලෝලියෙකුට නම් තමන් කැමති ගායකයා හෝ ගයිකාව, වාද්‍ය ශිල්පියා හෝ සංගීත අධ්‍යක්ෂකවරයා දැකීම , හමුවීම හෝ කතාබහ කිරීම තමන්ට රජකම ලැබුණා හෝ තමන් ලොවම දිනුවා වැනි හෝ අවස්ථාවකි. අනෙක් කලාවන් සම්බන්ධවද එසේමය.

මට මෙවන් දුර්ලභ අවස්ථාවක් අද උදෑසන උදා විය. මිය යාමට පෙර ජීවත්ව සිටියදී කලාකරැවන් ඇගැයීමේ ලිපි පෙළේ සත්වැන්න ලෙස මම අපේ රටේ සිටින අග්‍රගණ්‍ය සංගීත අධ්‍යක්ෂකතුමකු ගැන ලිපියක් ලියූවේ ඊයේ දිනයේය. එයට එතුමාට ආදරය කරන බොහෝ රසිකයන්ගෙන් ඉතා යහපත් හා ආදරණීය අදහස් සහ සුබ පැතුම් ගලා එන්නට විය.

මේ අතර තිබූ එක්තරා සොයුරෙකු ලියා තිබු සටහනක කියැවුණේ මා නොදැන සිටි , සිහිනයෙන් හෝ නොපැතූ පුවතකි. එනම් එතුමා අසනීපයෙන් පසුවන බවත් එතුමාට යම් උදව්වක් අවශ්‍යම අවස්ථාව මෙය බවත්ය. ඒ සහෝදරයා එතුමාගේ දුරකථන අංකයද පළ කොට තිබිණි. ඒ ඊයේ හැන්දෑවේය.

මම අද උදේම ඒ අංකයට ඇමතුමක් ගතිමි. දුරකථනය කිහිපවිටක් නාද වීමෙන් අනතුරැව එහා කෙළවරින් ඇසුණේ සවනට ඉතාම හුරැපුරැදු කට හඬකි.

මම , “එච් එම් ජයවර්ධන මහත්තයා ” යැයි ප්‍රශ්නාර්ථ ස්වරයෙන් ඇමතුවෙමි. ” ඔව් ! කතා කරනවා” යැයි පිළිතුරැ ලැබුණේ ඒ ආදරණීය හුරැපුරැදු කට හඬින්මය. මගේ සිත පුරාම පිපී ගියේ මල් දහසකි.

මම මගේ නම කියා මාව මුලින්ම හඳුන්වාදී එතුමාගේ සුව දුක් විචාළෙමි. ” මොකක්ද නම කිව්වේ ” යැයි කියා එතුමා නැවත මගෙන් විමසුවේය. මම නැවත මගේ නම කියා එතුමා ගැන ලිපියක් පළ කළේ මා යැයි පැවසීමි.

එවිට එතුමා , එම ලිපිය අද උදේ කියවූ බවත් , හොඳින් විස්තර ඇතිව ලියා ඇතිබවත් කියා මට ස්තූති කළේය. රචකයෙකුට ඊටත් වඩා සංතෘෂ්ටියක් තවත් නම් ඇතිද? ඊටත් තමන් ඇගැයූ පුද්ලයාම තමන් සමඟ කථාකොට ඒ ගැන සතුට පළ කිරීම ලොවේ ඇති ලොකුම සම්මානය දිනුවා මෙන් නොවේද? මට දැනුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටකි.

ඉන්පසු තප්පර කිහිපයක් ගතවී ගියේය. මම , ” ඔබතුමා අසනීපයෙන් කියා කෙනෙකු පැවසුවා” යැයි කියා නැවතත් එතුමාගේ සුවදුක් විමසා සිටියෙමි. එවිට එතුමා , වකුගඩුවල පොඩි අමාරැවක් ඇතිබවත් එයට දඹුල්ල ප්‍රදේශයේ වෙඳ මහතකුගෙන් බෙහෙත් ගන්නා බවත් පවසා සිටියේය.

දස දහසක් සිත් සතන් තම සප්තස්වරයෙන් සන්තර්පනය කළ මේ උදාර , පොළොවේ පය ගසා ජීවත්වන මිනිසාගේ රෝගී තත්වය පිළිබඳව මගේ සිත හඬා වැටිණි.

මම , මා ගැන වරදවා නොසිතන ලෙස ඉල්ලා වෙද හෙඳකම් සඳහා මට හැකි පමණින් උදව්වක් කිරීමට කොතරම් වියදමක් යනවාදැයි විමසා සිටියෙමි. එවිට එතුමා බෙහෙත් හේත් සහ දඹුල්ලට යෑම් ඊම් සඳහා මසකට රැපියල් පනස්දහසක් පමණ වැයවන බැව් පවසා සිටිය අතර කොහොමහරි වියඳම් දරා ගන්නවා යැයි වැඩිදුරටත් පැවසීය.

එතුමා දැන් සිටින්නේ යහළුවකුගේ ගෙදරක වන අතර ඔවුන් එතුමාව ආදරයෙන් බලා ගන්නා බවත් මා සමඟ පැවසීය.

කසුන් කල්හාර , එතුමාගේ ආදරණීය පුතණුවන් පැමිණ දුක සැප බලා සලකා යන බව ඔවුන් මා සමඟ පැවසූහ.

එතුමා මගෙන් ආධාරයක් ඉල්ලුවේ නැත. එහෙත් එතුමාට මේ අසනීප හා කරදර සහිත අවස්ථාවේ උදව් උපකාර කිරීම අපේ යුතුකමය. වගකීමය. මන්ද එතුමා , එතුමාගේ කාලය , හැකියාව වැය කළේ අප වෙනුවෙනි. අපව සැනසීමට හා සංගීතයෙන් අප සුවපත් කිරීමට බැවිනි.

ඔබ කී සැරයක් නම් නන්දා මාලනිය ගයන ඔබයි රම්‍ය සඳකිරණ , කඩ මංඩියේ ඳොල අයිනේ හා පෙම් ලොවදී දුටු ඔහුමද මේ යන ගීත වලට සවන්දී , දැහැන්ගතවී ඇතිද , සුනිල් එදිරිසිංහයන් ගයන සියල්ල ඉදිරී ගරා වැටුණු දා, දෙවොලේ නොකැළැල් හා කැලෑ මල් යන ගීත වලට වශීවී ඇද්ද, මාලනී බුලත්සිංහල ගැයූ රජ මැඳුරක ඉපදී සිටියානම්, කන්ඳ කෙන්ඳ කරනු පිණිස, සැන්දෑ අහස වගේ යන ගීතයන්ගෙන් උන්මාදවී ඇතිද ? ඒ සියලුම ගීත තනු නිර්මාණය කළේ එතුමාය. තව අප රස විඳි ගීත නම් කොතෙක්ද? තීරණය ඔබේය.

එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායු පතමින් මම නතර වන්නේ ඔබට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

එතුමාගේ ගිණුම් අංකය

එච් එම් ජයවර්ධන
ගිණුම් අංකය 100453595479
සම්පත් බැංකුව
බොරැල්ල ශාඛාව

එතුමාගේ ජංගම දුරකථන අංකය
07730 64873

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Share

මේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This

$
0
0

ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක‍්ෂකවරයාගේ නවතම  සිනමාපටය “මේ වගේ ආදරයක්“ මේ මස 24 වන දා පටන් සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා.

චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි.‍එහෙයින් ඔහුගේ වයසේ වෙනත් තරුණයින්ට නොමැති සැපසම්පත් හිමි ජීවිතයක් ඔහුට නිරායාසයෙන්ම හිමි වී තිබේ.

රොෂාන් සේවය කරන ගුවන් පාසලේ සිටිනා සේරීනා ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි.ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි.මෙම චිත්‍රපටයේ ඇතුලත් වන්නේ මොවුන් දෙදෙනාගේ ආදර කතාවයි.දෙමව්පියන්ගේ සාම්ප්‍රදායික විරෝධයට මේ තරුණ යුවළ මුහුණ පායි.මුදල් බලය,පවුල් පැළැන්ති යන නොයේක විධ කාරණා නිසාවෙන් රොෂාන්ගේ බලපුළුවන්කාර පියා මේ සම්බන්ධයට අකුල් හෙලන්න පටන් ගනී.අවසානයේ සියලු සැපපම්පත් පසෙක දැමු රොෂාන් තම පියාද අතහැර සේරීනා හා එක් වීමට තීරණය කරයි.දෛවයේ සරදමට මොවුන් මුහුණ ප‍ාන්නේ මෙතැන් පටන්ය…

තමන්ගේ උත්සහයෙන් තම ජීවිතය ආරම්භ කළ මේ දෙදෙනාගේ ජීවිතයේ අදුරුතම කාල පරිච්ජේදය මෙතනින් පසුව ආරම්භ වන්න පටන් ගනී.හදිස්සියේ කරනා ලද වෛද්‍ය පරික්ෂණයක ප්‍රතිඵලයකින් සොයා ගන්නේ සේරීනාට දරුණු රෝගී තත්වයක් වැළදී ඇති බවයි.ආර්ථීක අතින් කොපමණ අපහසුකම් තිබුණත් රොෂාන් ඇයට උසස්ම වෛද්‍ය පහසුකම් සලසා දෙයි.ඒත්…මේ තත්වය තව තව උග්‍ර අතට හැරේ..

නළු නිළි කැළ – අනුජ් රණසිංහ,දිනක්ෂි ප්‍රියසාද්,කුමා අත්තනායක,විල්මන් සිරිමාන්න,නාලක දළුවත්ත,සෂීනි ප්‍රේමසීල,දුමින්ද සෙනරත්,නාලක විශ්වමිත්,බිනාකා නානායක්කාර,මියාසි ක්‍රිස්තෝම්බු,නතාශීයා සෙව්වන්දි,මංජුලා තරංගනී

අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්

සහය අධ්‍යක්ෂණය – ජගත් ආනන්ද

කැමරාකරණය – චන්දන ජයසිංහ

සහය කැමරාකරණය – සුමිත් කුමාරගේ

සංගීතය – චිත්‍රාල් සෝමපාල

සංස‍්කරණය – අජිත් රාමනායක

ඇඳුම් නිර්මාණය – ශාමිලා ෆොන්සේකා

වේශ නිරුපණය – නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය – චන්දිමාල් කොඩිතුවක්කු

නිෂ්පාදන නිර්මාණ ශිල්පි – හේෂාන් දොන් ප්‍රේමසීල

නිෂ්පාදන සංවිධාන – සශීකලා හංසනී

11393203_1660329944187072_4686742760685971699_n 11407305_1660329907520409_1691489208212592181_n 11425228_1660330004187066_8057540334850455845_n 11426372_1661188507434549_4028983558271668314_n 11427699_1660329990853734_8151614540001419202_n 11536095_1662964750590258_8280175555457468148_n 11751758_1674506596102740_1661384033517155623_n 1462787_1665048863715180_1670743177309054751_o 1939523_1660329960853737_2879134710524052738_n 10403384_1660329894187077_5118821525407096756_n 10409333_1660329770853756_8382512658122804756_n 10409752_1660329834187083_5758788542066298483_n 10464210_1660329850853748_1447733675599303004_n 11098292_1659595110927222_4340651063229697767_n 11215835_1661485034071563_2915975720347230116_n 11228105_1660330047520395_8490164941663917916_n

 

 

Share

අපෙන් වියෝවූ චිත්‍ර කතා ලෝකයේ සැබෑ වීරයා….

$
0
0

ඒ 1974 වසර පමණ වන්නට ඇත. අකුරක් තනිවම කියැවීමට නොහැකි වූවත් චිත්‍රකතා පිස්සකු වූ මා , කථාවල චිත්‍ර දෑසින් කියැවූ යුගයයි ඒ. මා කියවූ සතුට පත්තරයේ ,මගෙ සිත පැහැරගත් චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙකුම වූහ. වික්‍රම, අනුර විජේවර්ධන ,බන්දුල හරිචන්ද්‍ර හා තවත් එක්තරා අමුතුම මාදිලියේ චිත්‍ර ඇඳි හා කතා නිර්මාණය කළ චිත්‍ර ශිල්පියෙකු ඔවුන් අතුරින් ප්‍රමුඛස්ථානයේ පසු වුණි.
මා අවසානයට සදහන් කළ චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ වල චිත්‍රවලට අමතරව සෑමවිටම වාගේ කථාවත් ඔහුගේම විය. සිව්මංසල සහ රක්තා යන කතා දෙකම නිර්මාණය කළේ ඔහුයි.
සිව් මංසල කථාවේ යහළුවන් සතර දෙනෙකු ගැන කියැවුණි. ඔවුන් එක් අවස්ථාවක ” මුව මස් පලහපුවයි(පුච්චපුවයි) යකුටල අලයි කෑ හැටි මට අද මෙන් මතකය. මා මේ අමුතු වචන ඉගෙන ගත්තේ ඔහුගෙනි. එමෙන්ම සතුටෙහිම පළවූ රක්තා කථාවෙහි මව මියගොස් තනිවූ තම බිළිඳිය සමඟ කැලේ පියමනින පියා තමන් සමඟ සටනට වන් විශාල කොටි දෙනක මරා දියණියට කොටිදෙනගේ තනපුඩු උරා කිරිබීමට සැලැස්වූ අයුරැද මට අද මෙන්ම මතකය.
මේ කතා නිර්මාණය කළේ වෙන කවුරැවත් නොව ලංකාවේ චිත්‍ර කතා ලෝකයේ පුරෝගාමියෙකි. එතුමා නම් දයා රාජපක්ෂ නම් සුන්දර මිනිසාය. ඔහුගේ කතා අමුතුය. චිත්‍ර හා අත් අකුරැද අමුතුය. හැම දෙබසකම සිතන්නට යමක් තිබිණි.
1966 දී සිළුමිණ පුවත් පතට ඇඳි ‘ඉන්දු’ නම් චිත්‍රකථාවෙන් චිත්‍ර කතා ලෝකයට අත් පොත තැබූ එතුමා අපෙන් සමුගන්නා මොහොත වනවිට නිර්මාණය කොට තිබූ චිත්‍ර කතානම් දස දහසකට වඩා වැඩි මිස අඩුනම් නැත.
එතුමාගේ කතා සෑම පුවත්පතකම පාහේ පළවිය. ‘ආචාර්‍ය සයිකෝ’ හා ‘ ආදර කොමා’ නම්වූ කතා අමුතුම මාදිලියේ නිර්මාණ විය.
ඒ අතුරින් එතුමා සිළුමිණට නිර්මාණය කළ ‘ වානරයෝ’ චිත්‍ර කතාව පළමුවෙන්ම සිනමාවට නැගුණි. ඉන්පසු හුලවාලී, සක්විති සුවය,අනුපමා, රක්තා, සුබෝධා, චන්දිරා, බාඳුරා මල් , තවලම හා නිළියකට පෙම් කළෙමි යන චිත්‍ර කතාද චිත්‍රපට බවට පත්වුණි.
හුලවාලී චිත්‍රපටයත් සමඟම තිර රචනයටද පිළිපන් දයා රාජපක්ෂයෝ චිත්‍රපට රාශියකම තිර නාටක ලිවීය. ඒ අතර සක්විති සුවය, තවලම, බාඳුරා මල් හා නිළියකට පෙම් කළෙමි යන එතුමන්ගේම කථාවලට ලියු තිර රචන සහ රොබින් ප්‍රනාන්දුගේ හස්ති වියරැව, සුර දූතයෝ සහ මාලනී ෆොන්සේකාගේ සසර චේතනා සිනමා පටය වෙනුවෙන් සත්‍ය සිද්ධියක් ඇසුරින් ලියූ තිර නාටක අතිශය ජනප්‍රිය විය. හුලවාලී තිරනාටකය වෙනුවෙන් ඕසීඅයිසී සම්මානයෙන් පවා පිදුම් ලැබීය.
මේ කාර්‍යයන්ට අමතරව මාධ්‍ය වේදියෙකු වශයෙන් රටේ ඒ ඒ කාල වකවානුවල දේශපාලනය සහ ආර්ථිකය උපහාසයට ලක්කරමින් එතුමා නිර්මාණ කළ ‘ සමාජ සමයං’ හා ‘ මඩිස්සලේ’ වැනි නිර්මාණ ජනතාවගේ හදවතටම දැනුණු නිර්මාණ විය.
මේසා විසල් සේවයක් කලා ලෝකයට විශේෂයෙන්ම කාටූන් හා චිත්‍ර කතාවට කළ දයා රාජපක්ෂන්ගේ පිංතූරයක් මා මුලින්ම දුටුවේ මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ට පිං සිදු වන්නටය. ඒ එතුමාගේ ‘ චිත්‍ර කථාවේ වංශ කතාව ‘ පොතෙනි. එතුමා ඒ තරමටම බොරැවට කැපී පෙනීමට පොර නොකන නිහඬ චරිතයක් වීම එයට හේතුවයි. එතුමා පන්හිඳ හා තෙලි තුඩ පිටිපස සිට නිහඬවම තම සේවය අපට ලබා දුන්නේය.
මෙපමණක් නොව එතුමා නිර්මාණය කළ පස්, සකිසඳ එලියස්, බොරළු පාර, කම්මිත්ත සහ හතේ වසම ඇතුළු තවත් කතා රාශියක් ටෙලි නාට්‍ය බවටද පත්විය.
එතුමාගේ දෙබස් වල බොරැ මවා පෑම් නොතිබිණි. පොළොවෙ පය ගසා ජීවත්වන ලේ මස් ඇට නහර වලින් සැදි සැබෑ මිනිස් සුවඳ එහි ගැබ්වී තිබිණි. ජනතාව ආදරයෙන් ඒවා වැළඳ ගත්තේ එහෙයිනි.
එහෙත් මේ සැමදෙයකම අවසානය අද (26) උදෑසන සිදුවීම චිත්‍රකතාවට පෙම් බැඳි රසිකයින්ට වැදුණු මරැ පහරක් විය. එතුමාටත් , ඒ දිනෙක නොගිහින්ම බැරි අපටත් දිනයක යන්නටම සිදුවන ගමන යන්නට අද සිදුවිය.
අද උදයේ එතුමන්ගේ වියෝව කණ වැකුණු මොහොතේ පටන් මා මේ සටහන ලියන මේ මොහොත දක්වාම මට දැනුණේ මහත් කණගාටුවකි. විසල් හිස් බවකි. මූසල පාළුවකි.
මම කවුළු තිර අතුරින් පාළු හුදෙකලා අහස දෙස බලමි. පුර පසට යමින් සිටියද කොහෙන්දෝ පාත්වූ වැහි වලාවකින් සඳ මඩලම වැසී ගොස්ය. ඉදහිට ඇසෙන්නේ උලලේනෙකුගේ මූසල හඬක් පමණි. පරිසරයටත් එතුමාගේ වියෝව දැනීඇති හැඩකි. ඉතිං මේ පාළු රාත්‍රියේ ඔබට සමු දෙනවා හැර වෙන නම් මා කුමක් කරන්නද?
දයා රාජපක්ෂ චිත්‍ර ශිල්පියානෙණි ඔබට සුබ රාත්‍රියක්!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

11800320_10207146980943354_15155677669441761_n 11811457_10207145202578896_6184959627120617771_n 11745846_10207146981303363_679458828744827762_n 11752457_10207146980743349_7703992468597757332_n

Share


සිනමාශාලා 70ක තිරගත වන අජාසත්ත

$
0
0

සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම්ව අවසන්.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති.

සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි ,ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, පාලිත පෙරේරා, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ආදී නළු නිළියන් රැසක් චරිත මවති.

සනත් ධර්මසේන නිෂ්පාදනයෙන් සහාය වූ මෙහි සහාය අධ්‍යක්ෂවරයා ලකී ආතවුද වේ. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් විය. තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගේ ත්‍රි්මාණ සජීවිකරණයකි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියා වේ. අජිත් රාමානායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වයෙන් ද, ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහ නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද මහරජ අජාසත් සිනමාපටයට දායක විය. චන්දන වික්‍රමසිංහ ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජකයෙන් එක් වී තිබේ.

Maharaja ajasaththa (9) Maharaja ajasaththa (1) Maharaja ajasaththa (2) Maharaja ajasaththa (3) Maharaja ajasaththa (4) Maharaja ajasaththa (5) Maharaja ajasaththa (6) Maharaja ajasaththa (7) Maharaja ajasaththa (8)

Share

THE PHOTOGRAPHER – SCI FI SHORT FILM

$
0
0

මේ කෙටි චිත්‍රපටයේ එන කතා තේමාවට බොහෝ විදෙස් කෙටි චිත්‍රපට නිමවා තිබේ.බොක්ස් කෙටි චිත්‍රපටය මෙහි වු තේමාවට සැකසුණු සම්මානනීය කෙටි චිත්‍රපටයකි.ඉන්දියානු නිර්මාණකරුවන් ද මෙහි වු කතා තේමාව භාවිතා කලද ශ්‍රී ලාංකීකයෙකු එම තේමාව භාවිතා කරමින් සැකසු පළමු නිර්මාණය මෙය වේ.

 

Share

යුරේනී කාර් එකක් අරන්

$
0
0

යුරේනී කියන්නේ මේ දවස් වල සුපර් හිට් චරිතයක්…කොහේ බැලුවත් මේ දවස්වල වැඩිපුරම පුංචි තිරයේ ඉන්නේ යුරේනී.පහුගිය දවස් කිහිපයේම ඇය හිටියේ ටිකක් නොඉවසිල්ලෙන්.රටින් මොකද්දෝ එන දෙයක් හින්දා…ඒ දේ එනකම් ඇය ඇඟිලි ගනිමිනුයි හිටියේ.දැන් දවස් කිහිපයකට උඩදී ඔන්න ඔය දේ රට ඉදල ඇවිත් තිබුණා.ඉතින් අපි හැමෝමත් යුරේනී එක්කම ගියා මේ දේ මොකක්ද කියලා බලන්න…ආයෙත් අහලා…පැකින් කඩලවත් නැ…කාර් එකක්…

යුරේනී කාර් එකක් අරන්.යුරේනී කියන විදියට මේ කාර් එක මිලියන 7ක් විතර වෙනවලු.හොන්ඩා එස් 660 වර්ගයේ කාරයක් වු මෙය පෙනුමෙන් කුඩා කාරයක්.හැමෝම නම් කියන්නේ මේ කාර් එක යුරේනීට හොඳට මැච් වෙනවා කියලා.හැබැයි කොල්ලෝ මේ වගේ කාර් එකක් ගන්නේ ලස්සන කෙල්ලෙක් එහෙම දාගෙන යන්න නේ.ඒත් යුරේනි තනියට කවුරු දාගෙන යයිද දන්නේ නැ.

WP_20150730_16_45_50_Pro WP_20150730_16_40_08_Pro WP_20150730_16_40_16_Pro WP_20150730_16_40_19_Pro WP_20150730_16_41_36_Pro WP_20150730_16_41_42_Pro WP_20150730_16_41_46_Pro WP_20150730_16_44_29_Pro WP_20150730_16_44_46_Pro WP_20150730_16_45_43_Pro

Share

මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත –බර්ටි ගුණතිලක

$
0
0

ඒ හැත්තෑව දශකයේ මැදභාගයේ එක්තරා සැන්දෑවකි. එදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගනයට එක්රොක්වූ දස දහස් ගණනින් වූ ජන ගංඟාවේ අපේ තාත්තාත් සමඟම ගසාගෙන ඉදිරියට තල්ලුවී ගිය මම කෙසේ හෝ එහි සාදා තිබූ විසල් වේදිකාව අබියසටම යෑමට තරම් වාසනාවන්ත විමි. පැවැත්වීමට සූදානම් කර තිබුණේ ලංකා දුම්කොළ සමාගමට අනුබද්ධිත සිගරට් කොම්පැනියක් මගින් අනුග්‍රහය දැක්වූ මහා සංගීත සන්ධ්‍යාවකි. මෙවැනි සංගීත රාත්‍රීන් එකල වසරකට කිහිපයක්ම අනුරාධපුරයේ පැවැත්වූවත් එක් රොක්වන ජන ගංඟාවේ නම් අඩුවක් නොවුණි.

එකෙනෙහිම අප සැවොම පුල පුලා බලා සිටි සංදර්ශනය ආරම්භ වූ අතර සැමගේම අත්පොළසන් මැද ටී එම් ජයරත්නයන්, මොහිදීන් බෙග්, ෆ්‍රෙඩි සිල්වා , එච් ආර් ජෝතිපාලයන් , ලතා වල්පොල , අයිරින්ද අල්විස් ආදී ජනතා හද දිනූ ගායක ගායිකාවෝ ගීත ගැයූහ. ඉන් අනතුරැව විමල් කුමාරද කොස්තාගේ අභිරෑපන රංගනයෙන් කුල්මත් වූ මම මංගල ප්‍රේමදාසයන් ඉදිරිපත් කළ විවිධ හඬවල් වලින් අමන්දානන්දයට පත් වීමි.

ඉන්පසු නිහාල් නෙල්සන් හා ඇන්ටන් ජෝන්ස් ආදී වේග රිද්ම ගායකයන්ගේ බයිලා ගායනයෙන් කුල්මත් වූ සහෘද කැල රංගනයද පටන් ගත්හ. සැවොම පසුවූයේ ඉතාමත්ම සතුටිනි. මේ අතර අනුග්‍රහක භවතුන්ගේ වෙළඳ දැන්වීම් කිහිපයක් ඉදිරිපත් කළ නිවේදක කටයුතු මෙහෙයවූ ගුණසේකර කේ පතිරණයන් හදිසියේම හඳුන්වාදුන් පුද්ගලයන් තුන්කට්ටුවක් වේදිකාවට ගොඩවනවාත් සමඟම වැදුණේ කන් බිහිරිවී යන තරමේ මහා විශාල අත් පොළසන් නාදයකි. මේ වෙන්නට යන්නේ කුමක්දැයි හරියටම නොදැන වුන් මම තව තවත් මගේ කකුලේ ඇඟිලි තුඬින් ඉස්සී වේදිකාව දෙස බලන්නට විමි.

ඒ පුද්ගලයන් තිදෙනාගෙන් කලිසමක් හා කමිසයක් ඇඳ සිටි තැනැත්තා හීන්දෑරිවූ අතර අනෙක් දෙදෙනාටම වඩා උසින් වැඩිවිය. ඊට මදක් මිටි කොණ්ඩය පසුපසට පීරා සරමක් හා කමිසයක් ඇඳ කුඩයක්ද අතින්ගෙන සිටියේ තරමක් වයසක කෙට්ටු පුද්ගලයෙකි. මේ අතර සැමගේම අවධානය යොමු වූ තරමක් තරබාරැ වැඩිය උසත් නැති මිටිත් නැති අනෙක් දෙදෙනාටම වඩා තරැණ පෙනුමින් යුතු තනැත්තා ඇඳ සිටියේ කොට කලිසමක් හා බැනියමකි. මුහුණ සුදුම සුදු වනතරමට පුයර උලා කරේ සූප්පුවක්ද එල්ලා තිබිණි.
එතැන් සිට ඇරඹුණේ සිනහවෙ උපතයි. සියලුම රසිකයන් ඔවුන් තුන් කට්ටුව කළ කී දෑ වලින් ඉල ඇද ගත්හ. බඩවල් කොර කර ගත්හ. සියල්ලෝම සිනා සාගරයේ ගිලීගියෝය. එහිම දියඹුන් ගැසූහ. පීනූහ.

එදා මා ඒ දුටු ශිල්පීන් තිදෙනා වෙන කවුරැන් හෝ නොව ඇනෙස්ලි ඩයස්, සැමුවෙල් රැද්රිගූ හා බර්ටි ගුණතිලකයි. උස හීන්දෑරි පුද්ගලයා ඇනස්ලි ඩයස්ය. සරමක් ඇඳ සිටි තරමක් වයසක තැනැත්තා සැමුවෙල් රැද්රිගූ වූ අතර මුහුණ පුරා පුයර උලාගෙන සිටියේ බර්ටි ගුණතිලකයන්ය. රෑපවාහිනියේ සම්ප්‍රාප්තියට පෙරාතුව ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ” විනෝද සමයේ” නිර්මාතෘවරැන් වූයේ ඔවුන්ම හැර වෙන නම් කවුරැන්ද? රෑපයක් නොපෙනී හැඟීමක් නොපෙන්වා කට හඬින්ම පමණක් මිනිසුන් හිනැස්සීම ලේසි පහසු කරැණක් නොවේ. ඔවුන් හුදෙක්ම විහිළු කාරයන් පමණකම නොවන්නේ එහෙයිනි. කරදර වලින් මිරිකී ආර්ථික අගාධයක වැටී සිටින මිනිසුන් හැඬවීමනම් ඉතාම පහසුය. එහෙත් සිනහ ගැන්වීම නම් සුළුපටු කාරියක් නොවේ.

අප සමාජයේ විහිළුකාරයෝ නම් එමට ඇත. වර්තමාන දේශපාලනයේ බහුතරයක්ම සිටින්නේද මේ වර්ගයේ විහිළු කාරයෝය. එහෙත් අපගේ රටට සම්පත් වූ බර්ටි, සැමුවෙල් හා ඇනෙස්ලි නම් නියම හාස්‍යඋත්පාදකයෝය. එනම් විහිළු උපද්ධවන්නෝය. අප අතරින් වියෝවූ ෆ්‍රෙඩී සිල්වා, එඩී ජයමාන්න, සාජන් නල්ල තමබී හා මර්සි එදිරිසිංහ ඇතුළු අපට උන් මහා විහිළු ශිල්පීන්ද මෙවැනි අවස්ථාවක සිහිපත් කළ යුතුමය.

මේ සඳහන් කළ ශිල්පීන්ගෙන් අද දිනයේ ජීවතුන් අතර අපට තවමත් සිටින්නේ බර්ටි ගුණතිලකයන් පමණි. අද දින වයෝවෘධව පසුවන එතුමා පසුගිය අගෝස්තු දෙවැනිදා අනූ දෙවැනි වියට එළැඹිණි.

එදා විනෝද සමයේ කුඩා දරැවකු විලස මුහුණේ පියරැ පුරවා ගෙන එතුමා කළ රංගනය ඒ අයුරින්ම කළ හැක්කේ වෙන නම් කාහටද? කට උල් කරමින්, ඇඹෙරමින්, මුහුණ හකුලමින් හා අත් කකුල් වනමින් එතුමා කළ රංගනය අදටත් එදා විලසටම මගේ මනසේ රැඳී ඇත. එමෙන්ම තවත් එවැනිම වැඩ සටහනකදී එතුමා ඉදිරිපත් කළ දෙබසක් වූ” ඌ මට ගහනවා. මට ඌ ගහනවා ” නම්වූ දෙබස් ඛණ්ඩය රසික ප්‍රජාව අතර ඉතාමත්ම ජනප්‍රිය විය. ඔවුන් ඉදිරිපත් කළ විහිළු වලට සිනා නොවී යමෙකු සිටියේ නම් ඔහු හෝ ඇය නිතැතින්ම යම්කිසි ආබාධිතයෙකු විය යුතුය. ඒ තරමටම ඔවුන්ගේ විහිළු තාත්වික විය. උසස් ගුණයෙන් යුක්ත විය.

මිනිසුන් හිනැස්සීමට , ඔවුන් බාල වර්ගයේ කුණු හරැප හෝ ලිංගික කරැනු යොදා ගත්තේ නැත. පවුලේ සැමටම එකට සිට ඒ විහිළු රස විඳිය හැකිවූයේ එහෙයිනි.

මේ තුන්කට්ටුව සමඟ වැඩසටහන් වලට සහභාගී වී තම ප්‍රතිභාවෙන් අප සිත් සතන් සැනසූ ගැමුණු විජේසූරිය හා මර්සි එදිරිසිංහ යන ශිල්පී ශිල්පිණියන්ද මම මේ අවස්ථාවේ සිහිපත් කරමි.

අද දිනයේ අප අතරින් වියෝවී ඇති මොවුන් සැවොම අතරින් අප අතර තවමත් ජීවත් වන බර්ටි ගුණතිලකයන්ට උපහාර දැක්වීම හා ඇගයීම රජය ඇතුළු අප සැමගේම යුතුකමක්ම වන්නේය. මන්ද එතුමන්ලා ඔවුන්ගේ මුළු දිවියම කැප කළේ අප සැනසීම වෙනුවෙන් නිසාවෙනි. ඔවුන් කැපවුණේ අප දිවියේ කරදර කම්කටොලු මදකට හෝ අමතක කොට අපව සිනහ ගැන්වීම සඳහාය.

සහෘද රසිකයිනි අද එතුමන්ගේ නිවසේ වයෝවෘධව පසුවන එතුමාට ඔබට හැකිනම් දුරකතන ඇමතුමක් දී සැප දුක සොයා බලන්න. හැකිනම් එතුමාව බලන්නට යන්න. එවිට එතුමා ඉතාමත් සතුටු වේවි. තනිකම තරම් සිත පෙලන පාළුවක් තවත් ඇතිද? මේ කරැණ ඔබට සිතන්නට ඉතිරි කරමින් මම මේ සටහන අවසන් කරන අතර මෙය එතුමන්ට උපහාරයක්ම වේවායී පතමි.

බර්ටි ගුණතිලකයණී ඔබට චිරං ජයතූ!

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

 

Share

කාජල්ට රසිකයෙක්ගෙන් අතවර

$
0
0

කාජල් අග්‍රවාල් කොලිවුඩ්,බොලිවුඩ් සහ තෙළිඟු සිනමාපට වල ප්‍රධාන භුමිකා නිතරම රඟන සුරුපී තරුණියක්.ඇය මේ දිනවල තිරගත වෙන මාරී සිනමාපටයේත් තිරගත වෙන්න තියෙන පුලි ද්‍රවිඩ සිනමාපටයේත් ප්‍රධාන චරිත මවනවා.ඇයගේ හුරුබුහුටි කම නිසාම ඇයට බාල මහලු කොයි කවුරුත් ගොඩාක් කැමති…ඒ හින්දා ම ඇයට ඇගේ රටේ වගේම වෙනත් රටවල පවා විශාල රසික පිරිසක් ඉන්නවා.වෙලාවකට තමන්ට ආදරේ කරන රසිකයන් මේ වගේ ජනප්‍රිිය තාරකාවන්ට වධයක් වෙන අවස්ථා ඕනැ තරම් තියෙනවා.පුලි සිනමාපටයේ ගීත නිර්මාණ එළි දැක්වීම තිබුණු දවසේ කාජලුත් මේ වගේ අපහසුතාවයකට මුහුණ පෑවා.මේ උත්සව අවස්ථාවට ඇය පැමිණෙන විට ඇගේ රසිකයෙක් ඇයට නොහොඹිනා යමක් කරන්න උත්සහ දරා තියෙනවා.ඉතින් කාජල් මේ අවස්ථාවේ බොහෝ කෝපයෙන් තම රසිකයන්ට බැණ වදින වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට පවා මුදා හැරලා තියෙනවා

 

 

Share

Maharaja Ajasaththa –මහරජ අජාසත්ත

$
0
0

සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති.

සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි ,ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, පාලිත පෙරේරා, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ආදී නළු නිළියන් රැසක් චරිත මවති.

සනත් ධර්මසේන නිෂ්පාදනයෙන් සහාය වූ මෙහි සහාය අධ්‍යක්ෂවරයා ලකී ආතවුද වේ. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් විය. තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගේ ත්‍රි්මාණ සජීවිකරණයකි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියා වේ. අජිත් රාමානායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වයෙන් ද, ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහ නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද මහරජ අජාසත් සිනමාපටයට දායක විය. චන්දන වික්‍රමසිංහ ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජකයෙන් එක් වී තිබේ.අ

Maharaja ajasaththa (8)

Maharaja ajasaththa (7)

Maharaja ajasaththa (6)

Maharaja ajasaththa (5)

Maharaja ajasaththa (4)

Maharaja ajasaththa (3)

Maharaja ajasaththa (2)

Maharaja ajasaththa (1)

Maharaja ajasaththa (9)

 

 

Share

Ahalya Short Film –කැමැත්ත සහ ආශාව අතර සිරවීම

$
0
0

මෙරට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඉතා උසස් ගනයේ කෙටි චිත්‍රපට නිර්මාණය කලද ඒවා නරඹන්නට ලැබෙන්නේ සීමිත ප්‍රේක්ෂක පිරිසකට වීම එක්තරා දුරකට අභාග්‍යයක්.සමරහක් කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ සම්මාන උළෙලවල් සඳහා සීමා කිරීම මේ ප්‍රශ්නයට එක් හේතුවක්.එනමුත් බොහෝ ඉන්දියානු නිර්මාණකරුවක් සහ නවකයින් තමන්ගේ නිර්මාණ සාදා සමාජ වෙබ් අඩවි සහ යු ටියුබ් මාර්ගයෙන් ව්‍යාප්ත කීරිම නිසා දැන් විකල්ප රසවින්දන ධාරාවක් ඉන්දාවේ නිර්මාණය වෙලා.Sujoy Ghosh කියන්නේ ඒ වගේ අධ්‍යක්ෂවර‍යෙක්..“ආහල්‍යා“ කියන්නේ එලෙස තැණුනු නිර්මාණයක්..


ahalya

ahalya-story_647_072415053507

Radhika-Apte-Short-Film-Ahayla

13_635733533955875565-0

 

Share


නෙහාරා රට අතහැර යන්නම යයි..[Exclusive]

$
0
0

නෙහාරා පීරිස් කවුද කියලා හදුන්වන්න ඇය ගැන වර්ණනා ලියන්න අවශ්‍ය නැ..නෙහාරා කිව් සැනින් ඇය කවුද යන වග මුළු රටක්ම දන්නවා.බාහිර පෙනුමෙන්ම හුරුබුහුටිි අහිංසක රූපයක් ඇය සතු සේම ඇය ගතිගුණ වලිනුත් අහිංසක රුවැත්තියක්..ඇය ගැන වර්ණනා අවශ්‍ය නොවන බව මුළින්ම කියලා මේ වගේ කතා කරන්න මොකද කියලා බලනවා ඇති…

නෙහාරට ආදරේ කරන ඔයාලට කියන්න දුක්බර ආරංචියක් තියෙනවා.නෙහාරා හා මේනක අද රාත්‍රීයේදී සිය මව්බිමෙන් පිටත්ව ඇමරිකාවේ ස්ථිර පදිංචියට යනවා.නෙහාරා කියන විදියට මේක,ඇගේත්,මේනකගේත් අනාගතය වෙනුවෙන් ගත්ත තීරණයක්ලු.නෙහාරා දෙරණ පවුලත් සමඟ දැක්වුයේ ඉතා සමීප සම්බන්ධතාවයක්.ඇය වසර හතක් පමණ දෙරණේ වැඩසටහන් නිවේදනය කරලා තියෙනවා.ඇත්තටම ඇය අපේ පවුලේ කෙනෙක් වගේ.අද දිනයේ කොතෙකුත් වැඩරාජකාරී තිබුණත් ඇයට උදව් කරපු සියලු දෙනාවම බලලා යන්න ඇය හදිස්සීයේම පැමිණියේ ඇත්තටම ඇය ඉතා නිහතමානී චරිතයක් නිසාමයි.

කලා ලෝකයේ හිස් වෙන නෙහාරා මේනක අඩුව මින් ඉදිරියට පිරවිය නොහැකිවුනත්…ඔවුන් දෙදෙනාගේ ඉදිරි අනාගතයට අපි සුභ පතනවා.ඒ වගේම ඇය අවසාන වශයෙන් සහභාගී වෙන දෙරණ ටී පාටි වැඩසටහන මේ ඉරිඳා බලන්න අමතක කරන්නත් එපා.වෙනදා ඇය අප මැදිරියෙන් සිනහ වී අපෙන් වෙන් වුවත්,අද අප වෙනුවෙන් ඇය,කදුලක් දරාගෙනයි වෙන්ව ගියේ.

ඇය එලෙස පිටව යන්නට මත්තෙන් කිවු දෙයක් සිතට තදින් කා වැදුණා..

“නිවාඩුවට ආවම කට්ටිය බලලා යන්න එන්නම්“

 

Share

ප්‍රදර්ශන මණ්ඩල පහ,තුනට බස්වයි

$
0
0

මෙරට සිනමා  නිර්මාණකරුවන්ට තිබු ප්‍රධාන අර්බුදයක් තමයි ක්‍රමවත් සිනමා මණ්ලයක් නොවීම.මණ්ඩල පහක් මින් ඉහතදී තිබුණත් සක්‍රීය අයුරින් මණ්ඩල දෙකක් පමණක් පැවතීම නව නිර්මාණකරුවන්ට තදින්ම බලපැවා.මීට විසදුමක් ලබා දෙමින්  චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල පහ වෙනුවට එක් එක් සමාගම් ඒකාබද්ධ කරමින් ප්‍රදර්ශන මණ්ඩල ධාරා තුනක් යටතේ චිත්‍රපට තිරගත කිරීමේ වැඩපිළිවෙළක් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් හඳුන්වා දී තිබේ.ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි නවතම ප්‍රදර්ශන ධාරා තුන කර්මාන්තයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇති වග දැනගන්නට ලැබේ. නවතම සිනමා මණ්ඩල අනුව පළමු ධාරාවට කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලා 44 ක් ද, දෙවැනි ධාරාවට බොරැල්ල රිට්ස් ඇතුළු සිනමා ශාලා 44 ක්ද, තුන්වැනි ධාරාවට කොළඹ ලිබර්ටි ඇතුළු සිනමා ශාලා 45 ක්ද ඇතුළත්ව ඇත. සිංහල චිත්‍රපට ප්‍රදර්ශන ධාරාවන් සඳහා වෙන් කරන ලද එක් එක් මණ්ඩලවල සිනමා ශාලා පහත දැක්වේ.

ධාරා 1

රීගල් – කොළඹ

ලිඩෝ – බොරැල්ල

ඇමිටි ලයිට් – මහරගම

ලේඛා – හෝමාගම

ඕඩියන් – ගල්කිස්ස

මාෂා – පානදුර

චිත්‍රා – කළුතර

ප්‍රින්ස් – ගාල්ල

නිව් සිනමා – මාතර

රුහුණු – තංගල්ල

හිමාලි – කිරිබත්ගොඩ

නයෝමි – ගම්පහ

සීගිරි – වේයන්ගොඩ

රත්නාවලී – ජාඇල

රීගල් – මීගමුව

රමෝගා – වෙන්නප්පුව

ජයලත් 2 – කටුනායක

මිලානෝ – කෑගල්ල

නිව් ධනසිරි – වරකපොල

එන්. අයි. ටී. – කුරුණෑගල

රීගල් – මහනුවර

ආනන්ද – ගම්පොල

ජයන්ති – පොළොන්නරුව

විජේන්ද්‍ර – අනුරාධපුර

ආසිරි – ඇහැලියගොඩ

ගන්කන්ද – පැල්මඩුල්ල

නිව් විශාඛා – ඇඹිලිපිටිය

සීගිරි – බණ්ඩාරවෙල

එච්. එච්. පී. – මොනරාගල

රිනවුන් – දිගන

රුවිනි – කඩවත

දුල්මිණි – හොරණ

ශ්‍රියා – වාරියපොල

ශ්‍රී මහල් – කුලියාපිටිය

මිහිර – මීරිගම

ටී පී – කඩුවෙල

සමාරා – නාත්තන්ඩිය

නීලා – දංකොටුව

සාගර – හලාවත

සිහින – ඇල්පිටිය

වෙලින්ටන් – කන්තලේ

ක්‍රිශාන්ත – බිංගිරිය

රැජින මාලිනී – තඹුත්තේගම

ධම්මික – වැල්ලවාය

ධාරා 2

රිට්ස් – බොරැල්ල

රිකී – කොළඹ

නැෂනල් – මහරගම

මෙට්රෝ – නුගේගොඩ

එමෙස් – මොරටුව

විජිත – රත්මලාන

ජීවන් – පානදුර

දොන් ප්ලාසා – කළුතර

නිව් මිනර්වා – කළුතර

ප්‍රින්සස් – ගාල්ල

ස්කයි ලයිට් – මාතර

නිව් දර්ශන – අකුරැස්ස

චාන්දනී – වැලිගම

කන්ට්‍රාස් – දළුගම

මේඛලා – ගම්පහ

ගැමුණු – නිට්ටඹුව

ජයලත් – – කටුනායක

රෝයල් – මීගමුව

ෂැම්රොක් – වෙන්නප්පුව

ඡායා – කෑගල්ල

සිනෙමාල් – අලව්ව

ජුපිටර් – කුරුණෑගල

වෙම්බ්ලි – මහනුවර

දිනූෂා – නාවලපිටිය

නිව් ලයින් – දඹුල්ල

සිනෙස්ටාර් – අනුරාධපුර

ගාමිණී – ඇහැලියගොඩ

එන්. අයි. ටී – රත්නපුර

මහවැලි – මහියංගනය

රෙක්ස් – බදුල්ල

රීගල් – දියතලාව

සෙන්ට්‍රල් – මාතලේ

ගැමුණු – වත්තල

දයා සෙවන – පිළියන්දල

නිව් නන්දා – නිකවැරටිය

මහ ලේකම් – කුලියාපිටිය

නිව් රේඛා – කඩුවෙල

එලයිට් – කොච්චිකඩේ

සඳලංකා – සඳලංකාව

නිව් ලිබර්ටි – අළුත්ගම

නිව් රජරට – මැදවච්චිය

මසීක් – මාදම්පේ

වීන්ස් – වාද්දුව

තරංගනී – දැරණියගල

ධාරා 3

ලිබර්ටි – කොළඹ

ඉම්පාලා – රාජගිරිය

අනූෂා – මහරගම

සැවෝයි – වැල්ලවත්ත

ක්වීන්ලන් – නුගේගොඩ

පත්මා – රත්මලාන

ටවර් – මොරටුව

ප්‍රිස්කා – කළුතර

ක්වීන්ස් – ගාල්ල

එස්. කේ. – මාතර

එච්. ආර්. – දික්වැල්ල

රෙජිනා – වලස්මුල්ල

නිකාඩෝ – කඩවත

පබ්ලික් හෝල් – ගම්පහ

නිව් රිජන්ට් – රඹුක්කන

සිනමැක්ස් – ජාඇල

ඇන්ඩෘ – මීගමුව

සුදර්ශී – ආනමඩුව

දර්ශන – කොස්වාඩිය

ටාසන් – කෑගල්ල

සරසවි – අලව්ව

සිනෙක්ස්පෝ – කුරුණෑගල

සමනල – මැල්සිරිපුර

සීතා – පිළිමතලාව

සීගිරි – කටුගස්තොට

සිනේෂා – නාවලපිටිය

රාණි – කැකිරාව

සමුපකාර – හිඟුරක්ගොඩ

විල්මැක්ස් – අනුරාධපුර

ජෝති – රත්නපුර

චන්ද්‍රා – අවිස්සාවේල්ල

නිව් ටවුන් – ඇඹිලිපිටිය

සිනෙල්මා – බදුල්ල

ජයබිම – ගම්පොල

සමන්තා – දෙමටගොඩ

නිව් චම්පිකා – ඉංගිරිය

නිව් ජානකී – මතුගම

කල්‍යාණී – හෙට්ටිපොල

ලක්බිම – කුලියාපිටිය

විජයන්ති – කඩුවෙල

ලක්මාලි – ආරච්චිකට්ටුව

රීගල් – අම්බලන්ගොඩ

රීගල් – අම්පාර

විජය – බඩල්කුඹුර

නිව් රෝහණ – තිස්සමහාරාමය

Share

ගිරාගේ කොකා එළියට

$
0
0

රවීන්ද්‍ර ගුරුගේ ප්‍රමුඛ ටීවීටී කණ්ඩායම නිෂ්පාදනය කළ,ගිරිරාජ් කෞෂල්‍යය අධ්‍යක්ෂණය කළ නවතම හාස්‍යෝත්පාදක සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ නගරයේ සිනමාශාලාවේ තිරගත වනු ඇති.සිකුරුහතේ චිත්‍රපටය නිර්මාණයකොට රටක් හිනැස්සූ ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය නමින් සුහද කොකා වේ.

ගිරිරාජ් විසින්ම තිරරචනය කරන ලද මෙම හාස්‍යෝත්පාදක සිනමාපටයට ,විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මිහිර සිරිතිලක, සමන් හේමරත්න, ලලිත් ජනකාන්ත, රත්නා සුමනපාල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමසිරි අලකොලගෙ, සංජීව දිසානායක, දමිතා සළුවඩන, එස්. අයි. සමරක්කොඩි ඇතුළු පිරිස රංගනයෙන් දායකවෙති. දමිතා අබේරත්න, පියුමි බොතේජු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගරු රංගනයෙන් එක්විය.

සුහද කොකාහි කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි. රවින්ද්‍ර ගුරුගේගේ සංස්කරණයකි. නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි. අංග රචනයෙන් ඉමල් ශානක පීරිස්, කලා අධ්‍යක්ෂයෙන් සිරිනාථ වික්‍රමසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ දායකවී තිබේ. මනෝජ් වික්‍රමසිංහගේ ඇඳුම් නිර්මාණයකි. සනත් මැදිවක නිෂ්පාදන විධායකවරයාය. රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්‍යක්ෂවරුන් වේ


1654346_913031375415146_6339562956768545599_n

11390162_913030448748572_7576319900277240441_n

11350521_911776068874010_6717264672704777902_n

11390023_911767535541530_1697953623729552331_n

11709536_931551856896431_1478025076373282398_n

11698818_931551086896508_1792816120446685598_n

10325160_914791138572503_627379517466859982_n

 

 

 

 

Share

අම්මත් ඕලු,පුතත් ඕලු

$
0
0

මංජුලා කුමාරි කිව්වම ඒක පාරට මතකයට නාවත් ඕලු කිව්ව සැනින් මතකයට එන පුංචි තිරයේ රුවැත්තිය දැන් අම්මා කෙනෙක්.ඔන්න දැන්න ඕලුට විතරක් ඕලු කියන්න බැරි වෙන පාටක් තියෙන්නේ.මොකද ඕලුගේ පුතාගේ නමත් ඕලු…කොල්ලෙකුට ඕලු කියලා තියන්න බැරි හින්දා ඕලු තම පුංචි සිඟිත්තට ඕලු කියන අර්තය එන පරිදි ඕලිත කියලා නම් දාලා තියෙනවා.ඕලු…මේ දවස්වල කිසිම රංඟන කටයුත්තකට අත තියන්නේ නැත්තේ මේ පොඩ්ඩ හින්දා ලු.ඕලු බබාව තුරුලු කරගත්තු ගමන්ලු ඉන්නේ. දැන් පුංචි ඔලිතට මාස දෙකක් පමණ වෙනවා. මංජුලාට ඔලිතගෙන් තොර ලෝකයක් නැහැ ලු.

 

 

 

 

Share

Selfie from Hell –සෙල්ෆි ගහන්නේ බලාගෙනයි [Short Film]

$
0
0

සෙල්ෆි කියන්නේ මේ වෙන කොට උන්මාදයක් වෙලා නේ.තැනක් නොතැනක් නැතුව,වෙලාවක් අවේලාවක් නැතුව අපේ අය දැන් සෙල්ෆි ගන්න පුරුදු වෙලා.ඒ කාරණාවේ හොඳ නරක මොක වුනත් සෙල්ෆි කියන ප්ලොට් එක පාවිච්චි කරලා ලෝකයේ විවිධ නිර්මාණ කරලා තියෙනවා.මේ තියෙන්නෙත් ඒ වගේ කරපු නිර්මාණයක්…..බලන්න කෝ..

selfie-from-hell

 

Share

Viewing all 2374 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>