Fifty Shades of Freed පෙබරවාරියේ
සුපිරි ඉන්දීය නළු Shahruk Khanගේ උස අඩු වෙයි

බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය, King Khan ලෙස හැඳින්වෙන Shahruk Khan රඟන අලුත්ම සිනමාපටයක් නිකුත් වී තිබෙනවා. මෙහි විශේෂතත්වයක් තිබෙනවා. ඒ තමයි මෙහි Shahruk රංගනයෙන් දායක වන්නේ උසින් අඩු චරිතයක් වීම. ලෝකය පුරාම අවධානයට ලක්විය හැකි අන්දමේ දැවැන්ත නිර්මාණයක් වන මේ සිනමාපටය Zero ලෙස නම්කොට තිබෙනවා. Anand L Rai විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙන්නේ ශාරුක්ගේ බිරිඳ Gauri Khan විසින්. Himanshu Sharma විසින් චිත්‍රපටයට තිරරචනය සිදුකොට තිබෙනවා. Shahruk Khan, Katrina Kaif සහ Anushka Sharma මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වනවා.
අලුත්ම චිත්‍රපටයක් බලන්න Free tickets ඕනෙද..?

මේ දිනවල තිරගත වන අලුත්ම සිනමාපට නොමිලේ නැරඹීමට ඔබට වටිනා අවස්ථාවක් ලබාදෙන්න cinema.lk අපි, සුදානම්. ඔබ කැමති දේශීය වගේම විදේශීය චිත්‍රපට දෙකක් නොමිලේ නැරඹීමට සතියකට සිව් දෙනෙකුට අවස්ථාව ලබා දෙන්න cinema.lk කටයුතු කොට තිබෙනවා. 2018 ජනවාරි 08 වැනිදා සිට cinema.lk වෙබ් අඩවිය සහ cinema lk facebook පිටුව හරහා පැවැත්වෙන පහසු තරගයකට එකතු වීම පමණයි ඔබ කළ යුත්තේ. සිනමා ක්ෂේත්‍රය ඇසුරින් අපි ඔබෙන් අහන සරළ පහසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමෙන් පසු අපි ජයග්‍රාහකයින් දෙදෙනෙක් තෝරා ගන්නවා. එක ජයග්‍රාහකයකුට ප්‍රවේශපත්‍ර දෙක බැගින් ලබාදෙන්න අපි සුදානම්. සති අන්තයේ ඔබ කැමතිම කෙනෙක් එක්ක සුඛෝපභෝගී සිනමාහලක නොමිලේ චිත්‍රපටයක් නරඹන්න අවස්ථාව ලබාගන්න ඔබට හැකියාව ලැබෙනවා. cinema.lk වෙබ් අඩවියට පිවිසෙන්න. cinema.lk වෙබ් අඩවියේ පලකෙරෙන සිනමාවට සම්බන්ධ කරුණු ඇසුරින් සරළ පහසු ප්‍රශ්නයක් අපි ඔබෙන් අහනවා. cinema lk facebook පිටුවට යන්නත් Like කරන්නත් අමතක කරන්න එපා. ඔබට ඉතා පහසුවෙන් මේ වටිනා අවස්ථාව ලබාගත හැකිවෙයි. ජනවාරි 08 වැනිදා සිට මේ තරගය විවෘත කෙරෙනවා.
2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගැයේ –තේරීම් කමිටුවට ඈෂ්ලි සහ උදිත පත්වෙයි

ගෙවීගිය 2017 වර්ෂයේදී ලොව නන්දෙස පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Full Length Feature Films) වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් අතුරින් විශිෂ්ටතම සම්මානලාභීන් ඇගයීම උදෙසා වූ විශේෂ ඇගයීම් උළෙලක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්ව පවතින බව Cinema.lk වෙත වාර්තා වේ . ඒ අනුව ශ්‍රී ලාංකේය සිනමාවට 71 වසරක් පිරීම නිමිත්තෙන් මෙම මස 21 වෙනි දින ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ සැමරුම් උළෙලේදී එකී ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගයීමට නියමිතය. මෙහිදී 2017 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 06 ක් ලද ජාත්‍යන්තර සම්මාන 10 අතුරින්, විශිෂ්ටතම සම්මානයන් තේරීම ජාතික චිත්‍රපට සංස්ථාවේ මූලිකත්වයෙන් පත්කළ සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවක් මගින් සිදු කෙරේ. මෙම තේරීම් කමිටුවට , දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම හා අත්දැකීම් බහුලම අන්තර්ජාතික සිනමා උළෙල ජූරි සභික හා අන්තර්ජාතික සිනමා උළෙල වැඩසටහන් සම්පාදක ලෙසින් සැලකෙන ඈෂ්ලි රත්නවිභූෂණ මහතා සහ අන්තර්ජාතික සිනමා උළෙලයන් පිලිබඳ ප්‍රවීන විශ්ලේෂක හා කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ වැඩසටහන් සම්පාදන ප්‍රධානී උදිත ලක්මාල් කහඳවආරච්චි මහතා ඇතුලත් වේ. ඔවුන්ගේ අවසන් නිර්දේශය මත පහත සම්මානලාභීන් අතුරින් විශිෂ්ටයන් එළඹෙන 21 වෙනි දින ඇගයීමට ලක්වේ.
2017 වර්ෂයෙදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානලාභීන්
1. හොඳම සිනමාපටය සඳහා වූ ප්‍රධාන ජූරි සම්මානය- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල – ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු
2. යොවුන් ජූරි සම්මානය- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල – ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු
3. විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා වූ සම්මානය – විශ්වජිත් කරුණාරත්න- රතු සමනළ හීනයක්- ප්‍රියන්ත කළුආරච්චි- 05වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල- නීස්- ප්‍රංශය- මැයි
4. කුසලතා සහතිකය- නෙලා- බෙනට් රත්නායක- 02 වෙනි සික්ස්ටීන් අන්තර්ජාතික සිනමා උළෙල- ජයිපූර්- ඉන්දියාව- මැයි
5. හොඳම නිළිය – අනෝමා ජනාදරී- දැවෙන විහඟුන් – සංජිව පුෂ්පකුමාර- 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙල- ලොස් ඇන්ජලීස්- ඇ. එක්සත් ජනපදය- නොවැම්බර්
6. හොඳම වෘත්තාන්ත සිනමාපටය- ඇගේ ඇස අග- අශෝක හඳගම- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
7. හොඳම අධ්‍යක්ෂක- අශෝක හඳගම- ඇගේ ඇස අග- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
8. හොඳම නළුවා සම්මානය- දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රගේ සාමුහික රංගනය වෙනුවෙන්- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
9. විශේෂ ජූරි සඳහන- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්
10. ‘මායිමෙන් එහා සිනමාව’ අංශයේ හොඳම සිනමාපටය- ජංගි හොරා- සෝමරත්න දිසානායක – 06 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල- නව දිල්ලිය- ඉන්දියාව- දෙසැම්බර්
1921 චිත්‍රපටය බලන්න Free Tickets ඕනෙද..?

බොලිවුඩ් පුරයේ තිරගත වන නවතම සිනමාපටය නැරඹීමට ප්‍රවේශපත් දිනා ගන්න ඔබට දැන් අවස්ථාව තිබෙනවා. www.cinema.lk වෙබ් අඩවිය සහ cinema lk facebook පිටුව හරහා අසනු ලබන සරල ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි ඔබ කළ යුත්තේ. තෝරාගන්නා ජයග්‍රාහකයින්ට එක අයකුට ප්‍රවේශපත් දෙක බැගින් ලබා දීමට අපි සූදානම්. 1921 නවතම සිනමාපටය සුඛෝපභෝගී සිනමාහලක සිට රස විඳින්න ඔබට දැන් කදිම අවස්ථාවක්. cinema.lk වෙබ් අඩවිය සහ facebook පිටුව සමග රැඳී සිටින්න.
ආසියානු සාම සිනමා උළෙලට නිර්මාණ බාරගැනේ

Asia Peace Film festival (ආසියානු සාම සිනමා උළෙල) සඳහා නිර්මාණ සඳහා අයදුම්කරුවන්ගේ නිර්මාණ බාර ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. නිදහස් සිනමාකරුවන් සහ සිනමාව හදාරන සිසුන්ට ඔවුන්ගේ නිර්මාණ දැන් යොමුකළ හැකියි. කාණ්ඩ තුනක් යටතේ නිර්මාණ සඳහා ඇගයීම සිදු කෙරෙන බව සංවිධායකයින් නිවේදනය කොට තිබෙනවා. කෙටි චිත්‍රපට, ත්‍රිමාණ සජීවිකරණ සහ වාර්තා චිත්‍රපට යන අංශ තුන යටතේ සිනමාපට ඇගයීම සිදු කෙරෙනවා. සාමය, සංස්කෘතිය, පෞරාණික සාධක, විවිධත්වය, වැනි තේමාවන් යටතේ නිර්මාණ යොමුකළ හැකියි. එක අධ්‍යක්ෂවරයකුට එක් නිර්මාණයක් පමණක් මේ සඳහා යොමුකල හැකියි. නිර්මාණ කරුවන්ට වඩා පහසු වන ඕනෑම භාෂාවකින් නිර්මාණ ඉදිරිපත් කළ නමුත් ඉංග්‍රීසි උප සිරැසි තිබීම අනිවාර්ය වන බවත් ඔවුන් නිවේදනය කොට තිබෙනවා. වසර දෙකකට පෙර නිර්මාණය කළ නිර්මාණ බාර ගැනීමත් සිදු නොකරන බව සිනමා උළෙල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කොට තිබෙනවා. 2018 පෙබරවාරි මස 15 වැනිදායින් නිර්මාණ බාර ගැනීම අවසන් කෙරෙනවා. https:filmfreeway.com/AsiaPeaceFilmFestivalKarachiEdition මගින් නිර්මාණ යොමුකළ හැකියි.
63 වැනි Film fare සම්මාන උළෙල ජනවාරියේ

ඉන්දියාවේ ප්‍රධානතම වාර්ෂික චිත්‍රපට සම්මාන උළෙල වන Film fare සිනමා සම්මාන උළෙල ජනවාරි මස පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ජනවාරි 15 වැනිදා Film fare සිනමා සම්මාන උළෙල පැවැත්වෙන බවට බොලිවුඩ් පුරයෙන් තොරතුරු ලැබී තිබෙනවා. 2017 වසරේ තිරගත කෙරුණු සිනමාපට 116ක් මෙවර සම්මාන සඳහා ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ අතුරින් විශිස්ටයින් වෙත මෙවර සම්මාන ප්‍රධානය කිරීම සිදුවනු ඇති. පසුගිය වසරේ ප්‍රධාන සම්මාන තුනක් හිමිකර ගැනීමට Dangal සිනමාපටය සමත් වුනා. හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පියා යන සම්මාන ත්‍රිත්වයම Dangal චිත්‍රපටයට හිමිව තිබුනා. 2016 වසරේ විශිෂ්ටතම නළුවා ලෙස Amir Khan සම්මාන ලැබූ අතර හොඳම රංගන ශිල්පිනිය ලෙස Alia Batt අභිෂේක ලැබුවා. මෙවර තරගය සඳහා අති සාර්ථකව තිරගත කෙරුණු සිනමාපට රැසක් තරග වදින අතර ඒ අතුරින් විශිෂ්ටයින් කවුරුන්දැයි දන ගැනීමට 15 වනිදා වනතෙක් බොලිවුඩ් රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින බවත් සඳහන්. මේ වනවිට Film fare සිනමා උළෙල සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට රසිකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ශමීර රංගනගේ මෝටර් බයිසිකලය – cinema.lk කතාබහ තුළින්
පොංගල් දිනය වෙනුවෙන් TV දෙරණින් අලුත් වැඩක්

ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් TV දෙරණ ප්‍රේක්ෂකයනට නව අත්දැකීමක් ලබා දීමට සුදානම්. ඉන්දීය දමිළ සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ සිනමාපටයක් දෙරණ නාලිකාවෙන් නැරඹීමට මේ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනවා. Vivegam චිත්‍රපටය 14 වැනිදා දහවල් 1.00 සිට දෙරණින් ප්‍රදර්ශනය වනවා. චිත්‍රපටයේ කතාව සහ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය සිවා ගෙන්. 2017 වසරේ නිර්මාණය වූ සිනමාපටය 2017 අගෝස්තු 24 වැනිදා තිරගත කෙරුනා. Ajit Kumar මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරනවා. හින්දි සිනමාවේ ජනප්‍රිය නළු Vivek Obaroi සහ Kajal Aggarwal, Akshara Hassan, ඇතුළු නළු නිළි පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. තෛපොංගල් දිනයේ විවේකිව සිටින අතරතුර TV දෙරණ ප්‍රේක්ෂකයින්ට Vivegam සිනමාපටය රසවිඳිය හැකියි.
සුඛෝපභෝගී සිනමාහලක අලුත්ම සිනමාපටයක් රසවිඳින්න නොමිලේ ප්‍රවේශපත් දිනාගන්න

කොළඹ ලිබර්ටි ලයිට් සිනමාශාලාවේ ජනවාරි 12 වැනිදා සිට තිරගත වන 1921 චිත්‍රපටය නරඹන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. අපේ තරගයෙන් ජයග්‍රහණය කරන එක අයකුට නොමිලේ ප්‍රවේශපත් දෙක බැගින් ලබාදෙන්න සුදානම්. පහත පින්තුරයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකික සිනමාවේ අතිශය ජනප්‍රිය වුනු නළු නිළි යුවලක්. මේ කවුරුන්දැයි නිවැරදිව සඳහන් කරන අය අතුරින් තෝරාගන්නා ජයග්‍රාහකයින්ට නොමිලේ සුපිරි බොලිවුඩ් සිනමාපටයක් නැරඹීමේ අවස්ථාව උදාකරගත හැකියි. ඉක්මන් කරන්න. ඔබේ පිළිතුර Facebook comment එකක් විදිහට යොමු කරන්න. ඔබ ජයග්‍රාහකයා වුනොත්, ඔබට Facebook හරහා ඒ බව දැනුම් දේවි. ඉක්මන් කරන්න. මේ සරල පහසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්න.
Click here : https://www.facebook.com/Cinema.lk/
2018 වසරේ පළමු අන්තර්ජාතික නියෝජනය ‘දැවෙන විහඟුන්’

2018 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාපටයක් සනිටුහන් කරන පළමු අන්තර්ජාතික නියෝජනය සනිටුහන් කරමින් සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’(Burning Birds) සිනමාපටය ඉන්දියාවේ පැවැත්වෙන 16 වෙනි පුනේ අන්තර්ජාතික සිනමා උළෙලේදී (Pune International Film Festival) තිරගත වීමට නියමිතය. එළඹෙන ජනවාරි 14 වෙනි දින සවස 2.00 ට සහ ජනවාරි 17 වෙනි දින සවස 1.45 ට තිරගත වීමට නියමිත ‘දැවෙන විහඟුන්’ සිනමාපටය ‘Global Cinema’ නම් වූ තරඟකාරී නොවන අංශය යටතේ පුනේ උළෙල නියෝජනය කරනු ලැබේ. මෙය ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නියෝජනය කරන දහ අටවෙනි (18) අන්තර්ජාතික සිනමා උළෙල වේ. එසේම 2018 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු සනිටුහන් කරන පළමු අන්තර්ජාතික සිනමා ජූරි නියෝජනය සනිටුහන් කරමින් සිනමා අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර මෙම උළෙලේ ප්‍රධාන ජූරියේ (International Jury) ජූරි සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. එයට අමතරව විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ සිනමාපටය ‘Just Juries’ නම් තරඟකාරී නොවන අංශය නියෝජනය කරමින් එළඹෙන ජනවාරි 18 වෙනි දින පෙ.ව 11.15 ට උළෙලේ තිරගත වීමට නියමිතය. මෙකී නියෝජනයත් සමග 2005 වර්ෂයේ සිට ‘සුළඟ එනු පිණිස’ සිනමාපටය නියෝජනය කල සමස්ථ අන්තර්ජාතික සිනමා උළෙලයන් සංඛ්‍යාව 36 ක් බවට පත්වේ. එසේම අන්තර්ජාතික ජූරි සභිකයෙකු ලෙසින් විමුක්ති ජයසුන්දර විදේශීයව පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කල දොළොස්වන (12) අවස්ථාව මෙය වේ. පුනේ අන්තර්ජාතික සිනමා උළෙල ජනවාරි මස 11 වෙනි දින 18 සිට වෙනි දින දක්වා පැවැත්වේ.
සටහන
අන්තර්ජාතික සිනමා උළෙලයන් පිලිබඳ විශ්ලේෂක – උදිත ලක්මාල් කහඳවාරච්චි
Hichki සිනමාපටයේ අත්දැකීම් ගැන Rani mukerji කතා කරයි
අගමැති රනිල් පද්මාවතී ලංකාවට ගෙන්වයි

ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ Sanjaya Lila Bansali විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී සිනමාපටය ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු සිනමා පටයක්. පසුගිය දෙසැම්බර් මස නිකුත් කිරීමට සුදානම් වූ සිනමාපටය දැඩි ජනතා විරෝධය හේතුවෙන් ප්‍රදර්ශන තහනමකට ලක් කෙරුනා. ජනවාරි මස 25 වැනිදා එය නැවත තිරගත කිරීමට සැලසුම් කලත් යලිත් වරක් ප්‍රදර්ශනය කල් දැමීමට සිදුව ඇත්තේ යළි ජනතා විරෝධයන් එල්ල වීම හේතුවෙනුයි. එරට වාරණ මණ්ඩල කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණ පැවතුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබුනා. කෙසේ නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනට සමගාමිව එදිනම ශ්‍රී ලංකාවේ විශේෂ දර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇති බවත් සඳහන්. ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලයෙන් අග්‍රාමාත්‍යවරයා කරන ලද ඉල්ලීමකට අනුව පද්මාවතී චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කෙරෙන දිනම විශේෂ දර්ශනයක් ශ්‍රී ලංකාවේද පැවැත්වෙනු ඇති. ඒ සඳහා විශේෂ ආරාධිත ප්‍රභූන් පිරිසක් සහභාගී වනු ඇතැයිද සඳහන්. රැඟුම් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ Banzali සමග සාකච්චා කොට ඇති බවත් ඔහු ඒ සඳහා එකඟත්වය පලකොට ඇති බවත් තොරතුරු වාර්තා වනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පද්මාවතී සිනමාපටය ඉන්දියාවට සමගාමිව ශ්‍රී ලන්කාවෙද තිරගත වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
“KAALAKAANDI”තිරගත වීම ඇරඹෙයි

බොලිවුඩ් පුරයෙන් නිර්මාණය වූ නවතම සිනමාපටය, KAALAKAANDI තිරගත වීම ආරම්භ වී තිබෙනවා. ජනවාරි 12 වැනිදා සිට Kaalakaandi සිනමාපටය නිකුත් කෙරුණු බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. Black comedy කාණ්ඩයට අයත් වන මේ සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය නිකුත් වූ දින පටන් බොලිවුඩ් රසිකයින් තුළ මේ සිනමාපටය නැරඹීම සඳහා මහත් උනන්දුවක් පවතී බවත් සඳහන්. චිත්‍රපටයේ තිරරචනය සහ අධ්‍යක්ෂණය Akash Verma විසින් සිදුකොට තිබෙනවා. Saif Ali Khan, Akshay Oberoi, Kunal Rai Kapoor, Deepak Dobriyal, Vijay Razz, Sobhita Dhulipala, Isha Talwar, Shivam Patil, Amanda Rasario යන ජනප්‍රිය නළු නිළි පිරිස මේ සිනමාපටයට රංගනයෙන් දායක වනවා. විනාඩි 112ක ධාවන කාලයකින් යුතු Kaalakaandi චිත්‍රපටය බොලිවුඩ් සිනමා රසිකයින්ට තවත් අපුරු අත්දැකීමක් වනු ඇතැයි පැවසෙනවා.
PHOBIA සිනමාපටය පිලිබඳ Yashodha Rasanduni කතා කරයි
සතියේ ජයග්‍රාහකයින් තිදෙනා

cinema.lk වෙබ් අඩවිය සහ cinema lk facebook පිටුව සමග සම්බන්ධව සිටින ඔබෙන් අපි ඉතා පහසු සරල ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබාදී තිබූ අය අතුරින් තිදෙනෙක් අපි ජයග්‍රාහකයින් ලෙස තෝරාගෙන තිබෙනවා. ඒ ජයග්‍රාහකයින්ට කොළඹ 03 ලිබර්ටි ලයිට් සිනමාහලේදී නවතම බොලිවුඩ් සිනමාපටය වන 1921 චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ජයග්‍රාහකයින් වුයේ ඔබ නම් ඉක්මනින් 0763219078 අංකයට අමතන්න. එළඹන සතියේ ජයග්‍රහණය කිරීමට ඔබටත් අවශ්‍ය නම් ඉක්මනින් cinema lk ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න
ජූඩ් රත්නම් සමග බූඩි කීර්තිසේන මෙවර 3rd Bell තුළින්

සිනමාවේ හෙට දවස උදෙසා වන TV දෙරණ මැදිහත් වීම 3rd Bell, තවත් පියවරක් ජනවාරි 18 වැනිදා රාත්‍රී 10.30 දෙරණ නාලිකාවෙන් විකාශය වනවා. සිනමාවේදී බූඩි කීර්තිසේන සහ ජූඩ් රත්නම් මෙවර වැඩසටහනට සහභාගී වීමට නියමිතයි. සිනමාවේ ප්‍රගමනය සඳහා දෙරණ නාලිකාව රුපවාහිනි නාලිකාවක් ලෙස සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා. ඒ යටතේ ක්‍රියාත්මක වන පියවර රැසක එක පියවරක් ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30ට TV දෙරණ සමග එක්ව ජූඩ් රත්නම්ට සහ බූඩි කිර්තිසෙනට සවන්දෙන ලෙස සිනමාලදී ඔබට TV දෙරණ දැනුම් දෙනවා. රංගවේදී තුමිඳු දොඩන්තැන්න 3rd Bell වැඩසටහන මෙහෙයවීමෙන් දායක වනවා.
Union Leader ළඟදීම තිරගතවෙයි

විවිධ තේමාවන්ගෙන් යුතු විවිධ ශානරයන්හි සිනමාපට බොලිවුඩ් සිනමා ලෝකය තුළ නිරන්තරයෙන් නිෂ්පාදනය වනවා. ඒ බොහොමයක් චිත්‍රපට ලෝකය පුරා කතාබහට ලක්වන අන්දමේ නිර්මාණ වීමත් විශේෂත්වයක්. ජනවාරි 19 වැනිදා සිට නිකුත් වීමට නියමිත Union Leader චිත්‍රපටයත් එවැන්නක්. වඩා යහපත් හෙට දවසක් පවුල වෙනුවෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බිරිඳක් සහ පුතෙක් සමග සමාජමය සහ වෘත්තීය ගැටළු වෙනුවෙන් අරගල කරන සැමියෙක් සහ පියෙක් චිත්‍රපටයේදී ප්‍රේක්ෂකයාට හමුවෙනවා. ඒ සියල්ල හරහා සිනමා ප්‍රේක්ෂකයාට චින්තනමය සහ ආකල්පමය උත්තේජනයක් ලබාදෙන අයුරින් සිනමාපටය නිර්මාණය වී ඇති බව ඉන්දියාවේ පලවූ විචාර වලින් කියවෙනවා. චිත්‍රපටයේ සම තිරරචකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ Sanjay Patel. John Winston Rainey තිර රචනය සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. විනාඩි 105ක ධාවන කාලයකින් යුතු සිනමාපටය සඳහා Rahul Bhat සහ Tillotama Shome රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ Jay සහ Geeta ලෙසින්. චිත්‍රපටය මේ වනවිට ජර්මනියේ Hof International Film Festival සහ ෆ්ලොරිඩාහි Fort Lauderdale International film Festival යන සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් සඳහන්.
Latest movie එකකට Free tickets –දෙවැනි පියවර

1921 සුපිරි බොලිවුඩ් සිනමාපටය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දිනාගැනීමට අවස්ථාව ලැබෙන තරගයේ දෙවැනි පියවර ආරම්භ කොට තිබෙනවා. ඔබ කළ යුත්තේ සරල දෙයක් පමණයි. ඉහත පින්තුර තුන හඳුනාගෙන ඒ සඳහා වන පිළිතුරු Facebook comment එකක් ලෙස පල කරන්න. එළඹෙන අඟහරුවාදා දිනයේ ලබාදුන් පිළිතුරු අතුරින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කෙරෙනවා.
01. ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියකගේ තුරුණු වියේ රංගන අවස්ථාවක් මේ. ය කවුරුන්දැයි හඳුනාගන්න.
02. ශ්‍රී ලාංකේය සිනමාවේ අතිශය ජනප්‍රිය වුනු චිත්‍රපටයක දර්ශනයක්. චිත්‍රපටය වගේම ගීතයත් තවමත් එක ලෙසින් ජනප්‍රියයි. මේ දර්ශනය සහිත සිංහල චිත්‍රපටය කුමක්දැයි හඳුනාගන්න.
03. ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ඔහු නිර්මාණය කළ සිනමා නිර්මාණ ජාත්‍යන්තර කීර්තියට පත්වුනා. ඒ කවුරුන්ද..?
මේ ප්‍රශ්න තුනට පිළිතුරු 1,2,3 වශයෙන් සටහන් කොට Facebook comment එකක් ලෙස පල කරන්න. නිවැරදි පිළිතුරු ලබාදෙන ජයග්‍රාහකයින්ට 1921 නවතම බොලිවුඩ් සිනමාපටය සුඛෝපභෝගී සිනමාහලකදී නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවනවා.