Quantcast
Channel: Cinema.lk
Viewing all 2389 articles
Browse latest View live

මේ තත්වය යටතේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හීන දැකීම හාස්‍යජනකයි –සිනමාවේදී නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්

$
0
0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ලෝකය පුරා පසුගිය සියවස පුරාම විවිධ කතාබහ ඇතිව තිබේ. අයිතීන්, හිමිකම්, ගැටළු සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හරහා සිදුවන සමාජීය විපර්යාසයන් පිළිබඳවද සාකච්චා කෙරෙමින් තිබු ලෝකය මෙම සංකල්ප නව්‍යකරණයට ලක් කරමින් තිබේ. එනම් තුන්වන ලිංගිකතත්වයක්ද (third gender) මෙම සාකච්චා තුලට ඈඳා ගැනීමෙනි. සමරිසි ප්‍රජාව නැතහොත් සාමකාමී නැඹුරුවක් ඇති තවත් කොටසක් (Homosexual) පිළිබඳවද තැනින් තැන විවෘත කතාබහ ඇතිවීම සහ ඊට සහයෝගය මෙන්ම විරෝධය පල කරමින් ලෝකය පුරාම නව සමාජමය ගැටුම්ද නිර්මාණය වෙමින් පවතී. කෙසේ නමුත් විවිධ කළා මාධ්‍ය ඔස්සේ මෙම මාතෘකා පිලිබඳ කතිකාව මතුවීම සමග ලෝකය පුරාම මේ සඳහා දැඩි අවධානයක් යොමු වීමද සිදුවිය. තුන්වන ලෝකයට අයත්, සංස්කෘතික ජීවින් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව තුළද මෙම ගැටලුව කරලියට ගෙන ඒමට කළා නිර්මාණ සමත්ව තිබිණ. වර්ථමානයේ වැඩිපුරම කතාබහට ලක්වුණු සිනමා නිර්මාණයක් හරහා මේ මාතෘකා පිලිබඳ සාකච්චාව යළි මතුපිටට ගැනීම සඳහා මැදිහත්වීමක් ලබාදීමට විසාකෙස චන්ද්‍රසේකරන් සමත් විය. කලාකරුවකු ලෙස විවිධ කළා මාධ්‍යන් ඇසුරු කරමින් නිර්මාණ කටයුතු කළ මානව හිමිකම් නීතිඥවරයකු වන විසාකේස චන්ද්‍රසේකරන් සමග ඔහු නිර්මාණය කළ සයපෙති කුසුම හෙවත් Frangipani සිනමාපටය පිළිබඳව කතාබහක යෙදීමට cinema.lk අවකාශ වෙනකොට තිබේ.

මේ කතාබහට මූලික නිමිත්ත වන්නේ ඔබේ චිත්‍රපටය. අපි එතැනින්ම මේ කතාබහ පටන් ගමු.
ඔව්. ලංකාව ඇතුලේ නාට්‍ය නවකතා වගේ විවිධ කළා නිර්මාණ කරමින් හිටපු මම මුල් වරට සිනමා මාධ්‍ය පරිහරණය කරන්න පටන් ගත්තා. මේක මගේ පළවැනි සිනමා නිර්මාණය. මේ වෙද්දී චිත්‍රපටය තිරගත වෙලා සම්මාන උළෙල කිහිපයක් නියෝජනය කරලා මේ සියල්ලම අවසන්. නිර්මාණකරුවෙක් විදිහට සමාජය තුල කිසියම් අවදිවීමක්, කතාබහක් ඇතිකරන නිර්මාණයක් එලියට ගේන්න මට හැකියාව ලැබුනා කියල මම හිතනවා. විශේෂයෙන්ම පොදු සමාජයේ අවධානයෙන් ගිලිහුණු නමුත් අවධානයට ලක් විය යුතු සුළුතරයක් ගැනයි මම මේ හරහා කතා කරන්න උත්සාහ කලේ.

ඔබ සිනමා නිර්මාණයකට එන ගමන් මගේ තවත් හුඟක් සංධිස්ථාන පසු කළා. ඒ අතීතය ගැන මතක් කරන්නම් අවශ්‍යයි.
ඔව්. ඉතිහාස කතා බොහොමයි. මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. පහ වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි මම රාජකීය විද්‍යාලයට ඇතුල් වුනේ. කොහොමහරි සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මම filming ගැන උනන්දුවකින් කටයුතු කළා. සිනමාවට තිබුන කැමැත්ත නිසාම මම ලලිත් කරුණාරත්න, ෂර්ලි පි. විජේරත්න වගේ අය එක්ක සිනමා නිර්මාණ වල වැඩ කළා, සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට. මම මේ කියන්නේ මට වයස 17 දී කළ දේවල් ගැන. මට මේ අතරේදී “රජ ගෙදර” චිත්‍රපටයේ වැඩ කරන්න ලැබුනා. එතැනදී මම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් බොහෝ දෙනෙක් හඳුනා ගත්තා. නමුත් මේ වෙද්දී සිනමාව අතාරින්නත් දිගටම ඉගෙන ගන්නත් කියල මට අපේ ගෙදරින් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබුනා. මමත් ඒ වෙද්දී තේරුම් අරන් තිබුන දෙයක් තමයි film industry එකේ වුනත් ඉස්සරහට යන්න නම් හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම වැදගත් කියලා. පස්සේ මම ආපහු උසස් පෙළ විභාගය කළා. ප්‍රථිපල අනුව මට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න හැකි වුනා නීතිය හදාරන්න. උසස් පෙළ ප්‍රථිපල එනතුරු මම NISCO Video පාඨමාලාවක් කළා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගිහින් අධ්‍යාපන කටයුතු අවසන් වනවාත් එක්කම වගේ නැවත කලා කටයුතු ආරම්භ කළා. තහනම් අඩවිය සහ දෙවදාසි කියල නාට්‍ය ද්විත්වයක් මම නිර්මාණය කළා. මේ නාට්‍ය ඉංග්‍රීසියෙන් නිර්මාණය කරලා පස්සේ සිංහලට නගපු ඒවා. කාලය ගෙවෙද්දී මම මානව හිමිකම් නීතිඥයෙක් විදිහට වැඩ කරන්න ඔස්ට්‍රේලියාවට ගියා. 2004 අවුරුද්දේ මම ලංකාවට ඇවිත් “කටු යහන” කියල නාට්‍යක් කළා. එක සිනමා ආකෘතියටම නිර්මාණය කෙරුණු එකක්. සරල ගීත හයක් තිබුනා. ඒ හරහාත් මම කතා කරේ සාමකාමී ප්‍රජාව ගැන.
2007 වසරේදී මම ඕස්ට්‍රේලියාවේ නාට්‍යක් කළා, Gods in war නමින්.තව භාරත නාට්‍යම් ආශ්‍රයෙන් සිඩ්නි වලදී නිර්මානයකුත් කළා. දේව සංකල්පය ඇතුලේ sexuality කියන දේ කොහොමද සාකච්චා වෙන්නේ කියල මම එතැනදී කතා කරන්න උත්සාහ කළා. තව short film එකකුත් කළා ඒ කාලෙම. ඔය පියවර සියල්ල අහරහා ඇවිල්ලයි මම feature film එකට අත තිබ්බේ.

චිත්‍රපටයට අමතරව ඔබේ කළා ඉතිහාසය තුල ඔබ තවත් නිර්මාණ කාර්යන් කිහිපයක්ම කරලා තියෙනවා. එහෙම නේද..?
2012 වසරේ මම මානව හිමිකම් කියන විෂය ක්ෂේත්‍රය සමග නිතිය කියන විෂය ආශ්‍රයෙන් මගේ ආචාර්ය උපාධිය හදාරනවා. ඒ වෙනුවෙන් මට පර්යේෂණාත්මක නිබන්ධනයක් කරන්න සිදු වනවා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඒ වෙද්දී ලංකාව තුළ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබුනා. එක තමයි මගේ පර්යේෂණයට මූලික වෙන්නේ.මේ පනත, පනතේ හැසිරීම සහ පනත භාවිතා කරමින් සිටි ආකාරය ගැන මම පර්යේෂණයක් කළා. Tigers don’t confession (කොටියෝ පාපොච්චාරණය නොකරති) කියන මගේ ඒ පර්යේෂණ නිබන්ධනය 2012දී ඉන්දියාවේදී publication එකක් විදිහට පල කෙරුනා. ඊට පස්සේ තමයි මම 2013 ලංකාවට ඇවිත් frangipani කරන්නේ. ඒකට සමගාමිව මම “රජ සහ ඝාතකයා” කියන කෘතිය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් නිර්මාණය කළා.

ඔබේ චිත්‍රපටයට විෂය වෙන්නේ එතෙක් ලංකාවේ අඳුරේ අතපතගාන ලද මාතෘකාවක්. එහෙම නේද..?
ඔව් ඇත්ත. මේ මාතෘකාව ගැන එළිපිට කතා නොකරපු ස්වභාවයක් තිබුනා. විශේෂයෙන්ම අපේ සිනමාව ඇතුලේ මේ මාතෘකාව කතා කරාද කියන එකත් කතා කළා නම් ඒ කල විදිහත් ගැටළු සහගතයි. ලෝක අර්ථයෙන් ගත්තහම සාමකාමී හෝ සංක්‍රාන්ති ලිංගික ජන කොටස් පිළිබඳව ධනාත්මක අංශයෙන් කතා කරන නිර්මාණ බොහොමයි. නමුත් මලට නොඑන බඹරු වගේ චිත්‍රපට එතන නැහැ. ඒ නිසා මේ ගැන නිවැරදි සාකච්චාවකට යන්න උත්සාහයක් තිබුනේ අසෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ පමණයි මම හිතන විදිහට. ජාත්‍යන්තර සිනමා උළෙල නිර්දේශ අරගෙන බැලුවහම සාමකාමී ප්‍රජාව නියෝජනය කරන චරිත, ප්‍රධාන චරිත ලෙස යොදාගෙන ඒ මාතෘකාව පිලිබඳ ධනාත්මක සාකච්චාවක තියෙන චිත්‍රපට තමයි ඒ නිර්දේශයන් අතර තිබුනේ. මලට නොඑන බඹරු වගේ චිත්‍රපට හරහා ඒ අරමුණු ඉටු වුනේ නැහැ. මේ ජනකොටසේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවෘතව සහ දේශපාලනිකව බලපු තවත් චිත්‍රපටයක් තමයි “කටු යහන” ඉතින් ඔන්න ඔහොම වටපිටාවකයි මම මේ චිත්‍රපටය කරන්න හිතුවේ, ඇත්තටම කිවුවොත් මම හිතාගෙන හිටියෙත් වෙන මාතෘකාවක් ආශ්‍රයෙන් චිත්‍රපටයක් කරන්නයි. නමුත් ඒ අවස්ථාවේ මේ මාතෘකාව මා විසින් ගෙන ආ යුතුව තිබුනා. ඒ පිලිබඳ මම වගකීම ගත යුතුව තිබුනා. ඒ නිසයි මම මේ වැඩේ කරන්න පෙළඹුනේ.

සංස්කෘතික තහංචි රැසක් එක්ක පවතින සමාජයක් වුනු ලංකාව ඇතුලේ මේ සිනමාපටය අභියෝගයක් වුනේ නැද්ද.?
සංස්කෘතිකමය අභියෝග එන්නේ පස්සේ. නමුත් ඊට කලින් පොදුවේ සිනමාකරුවෙකුට මතුවන අභියෝග රැසක් තියෙනවා. විශේෂයෙන්ම නවක නිර්මාණ කරුවෙකුට. ඒ සියල්ලට මමත් මුහුණ දුන්නා. producer කෙනෙක් නෑ. ශිල්පින් සපයා ගැනීම අපහසු වුනා. කොහොමහරි අන්තිමේ කුලරුවන් කැමරාව බාර ගත්තා. ඊළඟට ශිල්පින් සෙවීම. අන්තිමේ දසුන් සහ ජෙහාන් වෘත්තිමය රංගන ශිල්පින් විදිහට මේ අභියෝගය බාරගත්තා. අන්තිමේ යශෝධාත් ජෙහාන් සහ දසුනුත් ප්‍රධාන චරිත සඳහා දායක වුනා. ඒ ය තෝරාගෙන අනිකුත් ශිල්පින් සම්බන්ධ කරගෙන workshops කළා. ඔය සියල්ල ජයගෙන චිත්‍රපටය කරා කියමුකෝ. අන්න ඊට පස්සේ එනවා ඔබ අර කියපු අභියෝග. ප්‍රධානම අභියෝගය ප්‍රදර්ශන බලපත්‍රය. 2014 වසරේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා ලැබුනෙත් එක දිනක අවසර පත්‍රයක් පමණයි. වාසනාවකට රටේ දේශපාලනික වාතාවරණය වෙනස් වුනා. වාරණ මණ්ඩල රැඟුම් පාලක මණ්ඩල සියල්ල වෙනස් වුනා. ඒ අනුව වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනයට අවස්තාව ලැබුනා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වැඩේ මුල සිට අගටම අභියෝගයක් තමයි මට අනුව නම්.

ඔබ කියන මේ ගැටලුව විවෘත සමාජය තුලට ගෙන එන විදිහ ගැනත් ලොකු ගැටළුවක් තියෙනවා නේද.? මේ සාකච්චාව පටන් ගන්නෙම මේක ලිංගික ගැටළුවක් කියන තැනින්. එහෙම නැත්තම් මේ ජන කොට්ටාසයට කවර හෝ පිඩාවක් ඇති කෙරෙන තැනකින්. මේ ක්‍රියාදාමයේම අවුලක් තියෙනවා නේද.?
පැහැදිලිවම. කාටවත් එහෙම මේක ලිංගික ගැටළුවක් කියල කියන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටළුවක්. බහුතරය විසින් සුළුතරය ආරක්ෂා වීමයි ප්‍රජාතන්ත්‍රවාදය විය යුත්තේ. එතැනදී මේ සුළුතරය කියන එකට ධුරාවලියක් අවශ්‍ය නෑ. නමුත් ලංකාවේදී එක වෙන්නේ නෑ. වාර්ගික හෝ ආගමික සුළුතරය ප්‍රමුඛයි. ලිංගික සුළුතරය ගැන සඳහනක් නෑ. සාමකාමී සහ සංක්‍රාන්ති ලිංගික කියන්නේ සුළුතර ප්‍රජාවක්. ඒ යට සමානව සැලකීම අනිවාර්යයි. එහෙම නැතුව අපට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න අයිතියක් නැහැ. සාමකාමී ප්‍රජාව ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාමය වශයෙන් අපරාධ වරදක් ලෙස සලකනවා. කොහොමද එහෙම වෙන්නේ. එක ඒ අයගේ හැඟීම් පිලිබඳ කතාවක්නෙ, එක අපරාධයක් වෙන්නේ කොහොමද.? මේ යල්පිනූ නීති වෙනස් විය යුතුයි. ඒ යට එලියට එන්න බෑ. සමකාමින්ට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න ආදරය කරන්න මේ කිසිවක් කරන්න බහ, සමාජමය ගැටළු සංස්කෘතික බාධක මහා ගොඩක්. ඒ ප්‍රජාව ඇති දැවැන්ත පීඩනයකට ලක් වෙලා. ඉතින් මෙන්න මේ කාරණා දැන්වත් වෙනස් වෙන්න අවශ්‍යයි. මේ ය අස්වාභාවික පිරිසක් හෝ සමාජ විරෝධීන් කොටසක් හෝ විදිහට සැලකීම නවත්වන්නම වෙනවා. මේ යට තමන්ගේ අයිතිය ගැන එලිපිට කතා කරන්න බෑ. මට තියෙන වෘත්තිමය සහ සිවිල් බලය එක්ක ඒක කරන්න පුළුවන්. නමුත් හැමෝටම බැහැ.

මේ තත්වය වෙනස් විය යුතුයි. මොනවද ඔබේ යෝජනා..?
විය යුත්තේ සියල්ලන්ටම සමානව සලකන වටපිටාවක් නිර්මාණය කිරීම. සමානාත්මතාව ලැබෙන දේශපාලනික නෛතික රාමුවක් සකස් කිරීම. තමන්ගේ හිමිකම් ලබාගැනීම සඳහා නිතිය ඉදිරිඔයට යාමට අයිතිය තිබෙන්න අවශ්‍යයි මේ ප්‍රජාවන්ට. ඒ හරහා සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. කලාකරුවන්ට මෙහිදී ආකල්පමය වෙනසක් ප්‍රජාව තුළ ඇති කිරීමට දායක විය හැකියි. නමුත් ඉතින් ඒ ය මුලින්ම මේ ගැටලුව දෙස යතාර්ථවාදිව බැලිය යුතුයි. මේක ලංකාවට හුදෙකලා සිද්දියකුත් නෙමෙයි. බටහිර පවා මේ හිංසනයන්, දිවි නසාගැනීම් තර්ජන, තියෙනවා. නමුත් සාපේක්ෂව යම් ධනාත්මක පැත්තකුත් ඒවායේ තියෙනවා. ඉතින් සියල්ලන්ටම මිනිස්සු ලෙසින් සලකන වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා පොදු සමාජය තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට ගත්ත උත්සාහයකියි මම සයපෙති කුසුම Frangipani හරහා ගෙන ආවේ.

සියල්ලන්ට ගෞරවය ආදරය රැකවරණය සහිත සමානාත්මතාවයෙන් යුතු සමාජ ක්‍රමයක් උදෙසා කලාත්මක මැදිහත් වීමකට විසාකේස චන්ද්‍රසේකරන් නැවතත් සුදානමින් සිටිනවා. ඒ පාංශු හරහා. ඒ නව මැදිහත්වීමේ තොරතුරු හරහා නැවත වතාවක් විසාකේසගේ හඬට කන්දෙන්න cinema.lk අපි, සුදානම්.

සංවාදය සහ සටහන : නිසංක වෙහෙරදුව

සයපෙති කුසුම (Frangipani) දැන් ඔබට www.gluuoo.com වෙත පිවිසීමෙන් නැරඹීමට අවස්ථාව තිබෙනවා.

Share


මේ සතියේ ජයග්‍රාහකයින් මෙන්න

$
0
0

සුපිරි සිනමාහලකදී අලුත්ම Bollywood horror සිනමාපටයක් රසවිඳීමට වෙබ් අඩවිය සමග රැඳෙන ඔබට අවස්ථාව ලබාදෙන තරගයක් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ තරගයේ දෙවැනි අධියර පසුගිය සතියේ පැවැත්වුනා. තරගයට පිළිතුරු ලබාදුන් ය අතුරින් ජයග්‍රාහකයින් 05 දෙනෙකු මේ සතියේ තෝරා ගැනුනා.

01. Madhu Wickramarachchi

02. Mathisha Palangasinghe

03. Dilshan Kadigamuwa

04. Udara R. Gunasekara

05. Piumi Sithara

ඔබට 1921 බොලිවුඩ් සිනමාපටය නැරඹීම සඳහා එක් අයකුට ප්‍රවේශපත් දෙක බැගින් හිමි වනවා. අවශ්‍ය විස්තර සහ ප්‍රවේශපත් ලබාගැනීම සඳහා 076 321 9078 දුරකථන අංකය ඇමතීම කරන ලෙස ජයග්‍රාහකයින්ට දැනුම් දෙනවා.

Share

63 වැනි Film fare සම්මාන උළෙල පැවැත්වෙයි, හොඳම නළුවා- Irfan Khan හොඳම නිළිය- Vidya Balan

$
0
0

බොලිවුඩ් පුරයේ මහා සිනමා මංගල්‍ය ලෙසින් හැඳින්වෙන Film fare සම්මාන උළෙල 63 වැනි වරටත් පැවැත්වුනා. පසුගිය 20 වැනිදා මුම්බායි පැවැත්වුණු මෙම උළෙල මෙවර හැඳින්වුයේ 63rd Jio Film fare awards 2018 ලෙසින්. සුපිරි බොලිවුඩ් නළු Shah ruk khan සහ සිනමා අධ්‍යක්ෂ Karan Johar විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවා. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට අතුරින් දක්ෂතම ශිල්පින් ඇගයීම මෙහිදී සිදු කෙරුනා. ඊට අමතරව විචාරක සම්මාන සහ කෙටි චිත්‍රපට සඳහා වන සම්මාන ප්‍රධානය කෙරුනා. සම්පුර්ණ සමනලාභින්ගේ නාමාවලිය මෙසේයි.

Best Film: Hindi Medium

Critics’ Award for Best Film: Newton

Best Actor in a Leading Role (Female): Vidya Balan for Tumhari Sulu

Best Actor in a Leading Role (Male): Irrfan Khan for Hindi Medium

Critics’ Award for Best Actor (Female): Zaira Wasim for Secret Superstar

Critics’ Award for Best Actor (Male): Rajkummar Rao for Trapped

Best Director: Ashwiny Iyer Tiwari for Bareilly Ki Barfi

Best Debut Director: Konkona Sen Sharma for A Death in the Gunj

Best Actor In A Supporting Role (Male): Rajkummar Rao for Bareilly Ki Barfi

Best Actor in a Supporting Role (Female): Meher Vij for Secret Superstar

Lifetime Achievement Award: Bappi Lahiri

Best Dialogue: Hitesh Kewalya for Shubh Mangal Saavdhan

Best Screenplay: Shubhashish Bhutiani for Mukti Bhawan

Best Original Story: Amit Masurkar for Newton

Best Actor (Male) in a Short Film: Jackie Shroff for Khujli
Best Actor (Female) in a Short Film: Shefali Shah for Juice

People’s Choice Award for Best Short Film: Anahut

Best Short Film (Fiction): Juice

Best Short Film (Non Fiction): Invisible Wings

Best Music Album: Pritam for Jagga Jasoos

Best Playback Singer (Male): Arijit Singh for Roke Na Ruke Naina (Badrinath Ki Dulhania)

Best Playback Singer (Female): Meghna Mishra for Nachdi Phira (Secret Superstar)

Best Lyrics: Amitabh Bhattacharya for Dil Ullu Ka Pattha Hai (Jagga Jasoos)

Best Background Score: Pritam for Jagga Jasoos

Best Sound Design: Anish John for Trapped

Best Choreography: Vijay Ganguly and Ruel Dausan Varindani for Galti Se Mistake (Jagga Jasoos)

Best Action: Tom Struthers for Tiger Zinda Hai

Best Cinematography: Sirsha Ray for A Death In The Gunj

Best Editing: Nitin Baid for Trapped

3
COMMENTSBest Costume: Rohit Chaturvedi for A Death In The Gunj

Best Production Design: Parul Sondh for Daddy

Share

පද්මාවත් තිරගත වීම ඇරඹෙයි

$
0
0

ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ සංජය ලීලා බන්සාලි සිනමා නිර්මාණය පද්මාවත් ජනවාරි 25 වැනිදා සිට තිරගත වීම ආරම්භ කොට තිබෙනවා. ඉන්දියාව සහ ඊට සමගාමිව විදෙස් රටවලද පද්මාවත් තිරගත වීම එදිනම ආරම්භ කෙරුනා. රාණි පද්මාවතී කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු මේ සිනමාපටයේ විකෘතිතා සහිත තැන ඇති බවත් ඉන් සිය ඉතිහාස රජුන් හට අවමන් වන බවත් පවසමින් ඉන්දීය ජනතාව චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා උස්ඝෝෂණ පැවැත්වුවා. කෙසේ නමුත් අවසානයේ පද්මාවතී සිනමාපටය පද්මාවත් ලෙස තිරගත කිරීමට සංජය බන්සාලිට හැකියාව ලැබුනා. ප්‍රේක්ෂකයන් අතර දැඩි අවධානයක් දිනාගත් පද්මාවත් ලංකාවේද තිරගත වීම 25 වැනිදා ආරම්භ කෙරුනා.

Share

2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගයේ

$
0
0

ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට 46 වසරක් ගතවීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ. 2017 වසර තුළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ සිනමාකරුවන් සහ ශිල්පින් ඇගයීමේ ජාතික සම්මාන උළෙලක් මේ යටතේ සංවිධානය කොට තිබිණ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් සිනමා ශිල්පින් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සම්මාන ප්‍රධානය කිරීම මේ යටතේ සිදු කෙරිණ. සිනමා විචාරක අජිත් ගලප්පත්ති විසින් රචනා කළ මෙරට සිනමාපට නාමාවලිය නම් පර්යේෂණ ග්‍රන්ථය නිකුත් කිරීමද මෙහිදී සිදුවිය. උළෙලේදී සම්මාන ලැබූවන් සහ ඒ සඳහා වූ හේතු කාරණා මෙලෙස වෙයි. උදිත ලක්මාල් කහන්දවාරච්චි සහ ඈෂ්ලි රත්නවිභූෂණ විසින් මෙම ඇගයීම් කටයුතු සිදුකොට තිබිණ.

1)      2017 වර්ෂයේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහී පැවති 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙලේදී (International Film Festival on Human Rights) හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ සම්මානය සහ හොඳම වෘත්තාන්ත සිනමාපටය වෙනුවෙන් යොවුන් ජූරිය විසින් පිරිනැමූ සම්මානය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘දැවෙන විහඟුන්’ සිනමාපටයේ අධ්‍යක්ෂක සංජිව පුෂ්පකුමාර වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

2)      2017 වර්ෂයේ ප්‍රංශයේ නීස් නුවර පැවති 05 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ප්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කල ‘රතු සමනළ හීනයක්’ සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂක විශ්වජිත් කරුණාරත්න වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

3)      2017 වර්ෂයේ ඉන්දියාවේ ජයිපූර්හී පැවති 02 වෙනි සික්ස්ටීන් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Sixteen International Film Festival) කුසලතා සහතිකයකින් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘නෙලා’ සිනමාපටයේ අධ්‍යක්ෂක බෙනට් රත්නායක වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

4)      2017 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හී පැවති 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙලේදී (Asian World Film Festival) හොඳම නිළිය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් සංජිව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කල ‘දැවෙන විහඟුන්’ සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පිනී අනෝමා ජනාදරී වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

5)      2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ සම්මානය සහ හොඳම අධ්‍යක්ෂක සඳහා වූ සම්මානය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘ඇගේ ඇස අග’ සිනමාපටයේ අධ්‍යක්ෂක අශෝක හඳගම වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

6)      2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) විශේෂ ජූරි සඳහනකින් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘සයපෙති කුසුම’ සිනමාපටයේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

7)      2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු  දසුන් පතිරණ වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

8)      2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු  ජෙහාන් අප්පුහාමි වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

9)      2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු  භූමි හරේන්ද්‍ර වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

10)   2017 වර්ෂයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති 06 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී (Delhi International Film Festival) ‘මායිමෙන් එහා සිනමාව අංශය යටතේ තිරගත වූ හොඳම සිනමාපටය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘ජංගි හොරා’ සිනමාපටයේ අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21

IMG_0727
IMG_0733
IMG_0748
IMG_0755
IMG_0767
IMG_0768
IMG_0769
IMG_0782
IMG_0821
IMG_0866
IMG_0895
IMG_0952
IMG_1030
IMG_1042
IMG_1044
IMG_1049
IMG_1058
IMG_1059
IMG_1066
IMG_1070
IMG_1078
IMG_1083
IMG_1084
IMG_1119
IMG_1122
IMG_1128
IMG_1170
IMG_1184
IMG_1237

Share

ආචාර්ය ධර්මසේන පතිරාජ සමුගනියි

$
0
0

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගත් බව වාර්තා වනවා. හෙතෙම මාස කිහිපයක් තිස්සේ රෝගාතුරව සිටි බව සඳහන්. පසුගිය මාස දෙකක වැනි කාලයක් තිස්සේ ආචාර්ය පතිරාජයන් දැඩි ලෙස රෝගී තත්වයන් පෙන්වූ බවත් සඳහන් වනවා. 2018 ජනවාරි 28 වැනිදා අලුයම හෙතෙම සිනමාවේ මෙන්ම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස් තිබෙනවා.
1943 මාර්තු 28 වැනිදා මහනුවරදී උපත ලැබූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් මියයන විට වයස 74ක්ව තිබුනා. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ආචාර්ය පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය හදාරා මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාදිය ලබාගෙන තිබෙනවා. 1970 වසරේ සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් මගින් සිය සිනමා ගමනට පියවර තැබු ආචාර්ය පතිරාජයන් 1974 අහස ගව්ව නිර්මාණය කරමින් සිනමාවේදියෙක් ලෙස මෙරට සිනමා ඉතිහාසයට එක්වුණා. එතැන් පටන් සම්මානනීය සිනමා නිර්මාණ රැසක් ශ්‍රී ලාංකීය සිනමාවට තිළිණ කළ ඔහු, අවසන් වරට නිර්මාණය කළ ස්වරූප සිනමාපටය මිට මාස දෙකකට ඉහතදී ප්‍රදර්ශනය වුනා. මියයන විට සිය උපන්ගම වන මහනුවර ප්‍රදේශයේ දිවි ගෙවූ ආචාර්ය පතිරාජයන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව නිවේදනය කෙරෙනු ඇති.

Share

The window නවතම බොලිවුඩ් සිනමාපටය පෙබරවාරියේ

$
0
0

බොලිවුඩ් සිනමා කර්මාන්තය ඉතා සීග්‍රයෙන් දියුණුවට පත්වෙමින් යන්නේ අලුත් හැඩයේ සිනමා නිර්මාණ කර්මාන්තයට එකතු වෙමින්මයි. නවතම අධ්‍යක්ෂවරුන් තිර රචකයින් සහ නළු නිළියන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ අදාළ සියළු වෘත්තීන් සඳහා නවකයින් එකතු වීමත් දිනෙන් දින සිදුවනවා. රටේ විවිධ ප්‍රදේශයන්හි ඇති සිනමා පාසල් හරහා අධ්‍යාපනය ලබමින් තරුණ නිර්මාණ කරුවන් රැසක් ක්ෂේත්‍රයට එකතු වීමේ ප්‍රවනාතාවකුත් දකින්නට තිබෙනවා. The window සිනමාපටයත් එවන් නිර්මාණකරුවකුගේ නිර්මාණයක්.

Pune international film institute ආයතනයේ සිනමාකරණය පිලිබඳ හැදෑරූ V.K.Chaudhary මෙම සිනමාපටය සඳහා තිර රචනය සිදු කොට තිබෙනවා. ඒ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වන්නේත් ඔහුමයි. ඔහු සමග සිනමා පාසලේ අධ්‍යාපනය හැදෑරූ Amit Vashisht මේ චිත්‍රපටයට ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වනවා. එළඹෙන පෙබරවාරි 06 වැනිදා චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදර්ශනය වීම ආරම්භ කෙරෙනවා. පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස එය ඉතා උසස් මට්ටමක පවතින බව ඇතැම් විචාරකයින්ගේ අදහස වී තිබුනා.

 

Share

ලොව කොතැන සිටියත් ලංකාව ඔබ ලඟට –දැන්ම පිවිසෙන්න gluuoo.com

$
0
0

ලොකයේ ඕනෑම තැනක සිට ශ්‍රි ලංකාවේ සිනමාපට, රූපවාහිනී වැඩසටහන් ආදිය පහසුවෙන් නැරඹීමේ හැකියාව ලබාදෙන නවතම ඩිජිටල් තාක්ෂණික සේවාවක් දෙරණ මාධ්‍ය ජාලය හඳුන්වා දෙයි. gluuoo නමින් හඳුන්වා දෙන මෙම නවතම ඩිජිටල් සේවාව www.gluuoo.com  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව තිබේ. ලෝකය පුරා ඕනෑම රටක ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට ඉතා පහසුවෙන් ශ්‍රි ලංකාවේ සිනමාපට, තෝරාගත් ටෙලිනාට්‍ය, වාර්තා වැඩසටහන්, සංගීතමය වැඩසටහන් ආදිය නැරඹීමට gluuoo ඔස්සේ ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ.
දේශීය සිනමාවේ ප්‍රගමනය පිළිබඳ දැවැන්ත කතිකාවක් ආරම්භ වී ඇති කාල වකවානුවක එහි ප්‍රගමනය උදෙසා දෙරණ මාධ්‍ය ජාලය සිදු කරන දැවැන්ත මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස මෙම ඩිජිටල් සේවාව සමාජගත කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ. එදා මෙදා තුර සිනමා ඉතිහාසය නියෝජනය කරන පැර‚ මෙන්ම නවතම සිනමාපට රැසක් gluuoo හරහා නැරඹීමේ අවස්ථාව උදා කිරීමට දෙරණ මාධ්‍ය ජාලය පියවර ගෙන ඇත. සිනමාපට වලට අමතරව තෝරාගත් ටෙලි නාට්‍ය, දේශපාලනික වැඩසටහන්, වාර්තා වැඩසටහන්. සඟරාමය වැඩසටහන්. සූප ශාස්ත්‍ර වැඩසටහන්, ගේදොර අලංකරණ, විලාසිතා වැනි බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් රූපවාහිනී වැඩසටහන්ද gluuoo.com වෙත පිවිසීමෙන් ලොව ඕනෑම තැනක සිට පහසුවෙන් නැරඹීමේ හැකියාව පවතී.
ඔබේ ජංගම දුරකථනයෙන් හෝ Smart TV ඔස්සේ gluuoo.com වෙත පිවිසීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවීමද මෙම සේවාවේ විශේෂත්වයකි.  Android, IOS, Smart TV, Rokuu ආදී ප්‍රේක්ෂකයිනට පහසු ඕනෑම Smart device එකක් භාවිතයෙන් පැහැදිලිව සහ වේගවත්ව මෙම වැඩසටහන් නැරඹීමට හැකියාව ලබාදී ඇත.
මූලිකවම gluuoo.com වෙබ් අඩවිය වෙත පිවිස පාරිභෝකියාගේ නමින් එහි ලියාපදිංචි වීම (Create user account) සිදුකළ යුතුය. ඉන්පසු මෙම සේවාව නොමිළේ දින හතක් පුරා අත්විඳීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවේ. දින 07 සේවාවේ තෘප්තිමත් භාවය මත ඉදිරියට එය පවත්වාගෙන යාමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවේ. තමාට පහසු ආකාරයට ලබාගත හැකි නම්‍යශීලී පැකේජ දෙකකින් මෙම සේවාව සමන්විත වේ. මාසිකව ඩොලර් සහ යන ගාස්තු යටතේ සේවාව ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. එසේම ලියාපදිංචි වීමෙන් පසු අවශ්‍ය ඕනෑම විටෙක සේවාව විසන්ධි කරගැනීමටද ලියාපදිංචි සේවාදායකයාට අවස්ථාව හිමිවීම තවත් සුවිශේෂී කරුණක් වෙයි. දැනට සේවාදායකයන්ට සිය ණයවර කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදුකොට gluuoo සේවාව ලබාගැනීමට පහසුකම් සලසා තිබුනද ඉදිරියේදී පෙර ගෙවුම් කාඩ්පත් මගින්ද මෙම සේවාව ලබාගැනීමේ පහසුකම් සැලැස්වීමටද දෙරණ මාධ්‍ය ජාලය සැළසුම් සකසා තිබේ.
ආදායම් වාර්තා තැබූ සිනමාපට සහ කැමති ඕනෑම වැඩසටහනක් වඩා පහසු වෙලාවක ලොව ඕනෑම තැනක සිට නැරඹීමට දැන් gluuoo.com වෙත පිවිසීම පමණක් ප්‍රමාණවත්ය. ලොව සෑම කෙළවරක් දක්වාම ලංකාවේ වැඩසටහන් ව්‍යාප්ත කරවීම මෙම සේවාවේ අරමුණ වී තිබේ. ලොව කොතැන සිටියත් ලංකාව ඔබ ලඟට තේමාව යටතේ හඳුන්වා දෙන මේ සුවිශේෂී සේවාව අත්විඳින්නැයි gluuoo.com ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඇරියුම් කර සිටී.

Share


මුළුතැන්ගෙයින් මැද සාලයට – juice හොඳම කෙටි චිත්‍රපටය වෙයි

$
0
0

63 වැනි Film fare සම්මාන උළෙල පසුගියදා මුම්බායිහිදී පැවැත්වුනා. විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රධානය කෙරුණු මෙම සිනමා උළෙලේදී කෙටි චිත්‍රපට අංශය සඳහා ඇගයීම් පිරිනැමීමද සිදු කෙරුනා. විශිෂ්ටතම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුනේ Neeraj Ghaywan අධ්‍යක්ෂණය කළ Juice කෙටි චිත්‍රපටයයි. Neeraj 2013 වර්ෂයේ සිට විවිධ සිනමා නිර්මාණ හරහා සිනමා ක්ෂේත්‍රයේ නම රැඳවු නිර්මාණ කරුවෙක්. 2013 වසරේ ඔහු නිර්මාණය කළ පළමු කෙටි චිත්‍රපටය The Epiphany නමින් නිෂ්පාදනය වුනා. ප්‍රේක්ෂක සහ විචාරක අවධානය දිනා ගැනීමට මේ කෙටි චිත්‍රපටයට හැකියාව ලැබුනා. 2015 වසරේ වෘතාන්ත චිත්‍රපට නිර්මාණ සඳහා යොමුවන neeraj, ඒ යටතේ Masaan චිත්‍රපටය නිර්මාණය කරනවා. ලොව පුරා ප්‍රේක්ෂක විචාරක අවධානය දිනා ගැනීමට මේ චිත්‍රපටය සමත් වනවා. 63 වැනි ඉන්දියා ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නවක අධ්‍යක්ෂවරයාට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානය දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේ Masaan සිනමා නිර්මාණයේ විශිෂ්ටත්වය හේතුවෙන්. 2016 වසරේ සිය පළමු වෙළඳ ප්‍රචාරණ කෙටි චිත්‍රපටය British airways සඳහා නිර්මාණය කළ neeraj, 2017 වසරේ Juice නම් සිය නවතම කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් යලි ප්‍රධාන ධාරාවේ සම්මාන ලාභියෙක් බවට පත් වනවා.

ඉන්දියාව පුරුෂ මුලික සමාජ ක්‍රමයක් පවතින රටක්. කාන්තාවන් පිරිමියා සමග සමව වෘත්තීන්හි දීම සහ අනිකුත් සියළු කටයුතු සිදු කළද තවමත් පුරුෂයා මුලිකත්වය ගෙන සලකන සමාජ ක්‍රමයක් ඉන්දියාව තුලත් ක්‍රියාත්මක වනවා. බොහෝවිට විනෝදය පිරිමියාට පමණක් අයිති දෙයක් ලෙස සැලකෙන අතරම පිරිමියාගේ විවේකය විනෝදය සඳහා කැපවී වෙහෙසවී වැඩ කිරීමට කාන්තාවට සිදු වනවා. neeraj සිය කෙටි චිත්‍රපටය හරහා සාකච්චා කිරීමට උත්සාහ දරා ඇත්තෙත් මේ සම්බන්ධයෙන්. Manju singh සහ Manish Chaudhary විවාහක අඹුසැමි යුවලක්. විවේකි දිනයක Manish Chaudharyගේ නිවසට ඔහුගේ කාර්යාලයීය මිතුරන් පිරිසක් පැමිණෙනවා. මැද සාලයේ සංග්‍රහ සියල්ල භුක්ති විඳිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් පිලිබඳ සංවාදයේ නිරතවන ස්වාමිවරුන් උදෙසා කැපවී සියල්ල සැකසීමට මංජු ඇතුළු බිරින්දෑවරුන් ඉතා උණුසුම් ගෑස් සර සහිත මුළුතැන්ගෙයක අපහසුවෙන් වැඩ කටයුතු කරමින් සිටිනවා. සියල්ල දරාසිටීමේ අවසාන අදියර මංජු සියල්ල පසෙකලා සිතල බිම වීදුරුවක් රැගෙන ස්වාමිවරුන්ගේ සාකච්චා මේසයට සිසිලස සැපයු විදුලි පංකාව අසල හින්දගනිමෙන් ඇගේ විරෝධය වෙහෙස පීඩනය ආදී සියල්ල ඇය විසින් මුදා හැරෙනවා. කාන්තාව තවදුරටත් යන්ත්‍රයක් හෝ පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකීම සඳහා පවත්වන සමාජමය විරෝධය රුප මතින් අපුරුවට ප්‍රකාශ කිරීමට neeraj සමත්ව තිබෙනවා. සියලු ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමත් ඒවා කෑමමේසයට සැපයීමත් ඒ අතරතුර දරුවන්ගේ බාධා කිරීම් කළමනාකරණය කිරීමත් බිරිඳ මත පටවා මැදසාලයට වී විවේකය භුක්ති විඳීමට ස්වාමිවරුන්ට ඇති අමානුෂික හැකියාව මංජු හරහා අභියෝගයට ලක් කිරීමක් මෙමගින් සිදු කෙරෙනවා. වචන හරහා විරෝධය පෑමකට වඩා රූපභාවිතයෙන් එය සිදු කිරීමට neeraj ගත උත්සාහය අති සාර්ථක බව විචාරක මතය වී තිබුනා. කෙසේ නමුත් neeraj සිය උත්සාහයට ලැබුණු ඇගයීම සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්ම සිය මාධ්‍ය මෙහෙයවීම සඳහා ලද ඇගයීමක් බවත් නිහතමානිව පවසා තිබුනා.

Share

ඉරාන සිනමා උළෙල 2018 කොළඹදී

$
0
0

ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල 2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පෙබරවාරි 10 වැනිදා ආරම්භ වන සිනමා උළෙල 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන සිනමා උළෙල සඳහා සිනමා ලැදි ප්‍රේක්ෂකයින් සැමට සහභාගී වීමට හැකියාව තිබේ. සිනමා උළෙල ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ පැවැත්වෙන්නක්. මෙවර ඉරාන සිනමා උළෙලේ උපදේශකවරයා ලෙස සිනමා කැමරා අධ්‍යක්ෂ සහ සිනමා උළෙල උපදේශක ධනුෂ්ක ගුණතිලක කටයුතු කරන බව සඳහන්.

Date Time Movie Director
10th Feb 5.30PM Bodyguard Ebrahim Hatamikia
11th Feb 3.30PM Track 143 Narges Abyar
11th Feb 6.30PM A cube of sugar Seyyed Raza Mir-Karimi
12th Feb 6.30PM Sweet taste of Imagination Kamal Tebrizi
13th Feb 6.30PM Where are my shoes Reza Dormishian
14th Feb 6.30PM Painting Pool Maziar Miri

 

Share

පද්මාවත් සිනමාපටය නැරඹීමට ප්‍රවේශපත් දිනාගන්නේ ඔබද..?

$
0
0

ඉන්දියාවේ නිර්මාණය වුනු පද්මාවත් චිත්‍රපටය පසුගිය වකවානුවේ වැඩිම ජනතා අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. මහත් ආන්දෝලනයක් ඇති කරමින් පද්මාවත් තිරගත කිරීම නවතා දමන ලෙස නියෝග පැනවි තිබුනා. ඉන්දියාවේ එක ජන කොටසක් මේ චිත්‍රපටය තහනම් කරවන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතා දියත් කළා. අවසානයේ යම් සංස්කරණයන් සහිතව පද්මාවත් ලෙස චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සංජය ලීලා බන්සාලිට හැකියාව ලැබුනා.

ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවට සමගාමිව පද්මාවත් තිරගත වනවා. කොල්ලුපිටිය Liberty Lite සිනමාහලේදී පද්මාවත් සිනමාපටය නැරඹීමට cinema.lk පාටක ඔබට අවස්ථාව හිමිවනවා. අපි අහන සරළ පහසු ප්‍රශ්න තුනට පිළිතුරු ලබාදෙන්නන් අතුරින් ජයග්‍රාහකයින් තෝරා ගැනෙන්නේ කුසපත් දීමකින්. වාසනාවන්තයා ඔබ වුවහොත් ඊළඟ සතියේ පද්මාවත් නැරඹීම සඳහා ඔබට ප්‍රවේශපත් හිමිවනවා.

පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න මෙසේයි.

01. ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාණය කළ පළමු වෘතාන්ත චිත්‍රපටය කුමක්ද..? එය නිෂ්පාදනය වූ වර්ෂය කුමක්ද..?

02. 1920 සහ 30 දශකයන්හි ශ්‍රී ලංකාවේ නිර්මාණය වුනු “නිහඬ යුගයේ චිත්‍රපටයක” නමක් සඳහන් කරන්න.

03. මෙරට පළමු කතානාද චිත්‍රපටය කුමක්ද? එහි අධ්‍යක්ෂවරයා කවුරුන්ද? තිරගත වුයේ කවර වසරකද..?

මේ ප්‍රශ්න තුනට පිළිතුරු ප්‍රශ්න අංකය සමග සඳහන් කරමින් Facebook comment එකක් ලෙස ලබාදෙන්න. ජයග්‍රාහකයා ඔබ වුවහොත් ඔබට පද්මාවත් නැරඹීම සඳහා ප්‍රවේශපත් හිමි වනවා.

Share

එන්න මගේ පිය මිතුරෝ –“පතී වත”දොරට වැඩුම

$
0
0

ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ දැවැන්ත සිනමා පෞරුෂය ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිනමා ක්ෂේත්‍රයෙන් මෙන්ම ජිවිතයෙන්ද සමුගෙන ගොස් ඇත. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය විසින් පතිරාජ ගුණ සැමරුම් වැඩසටහනක් සංවිධාන කොට තිබේ. එළඹෙන පෙබරවාරි මස 08 වැනිදා දවස පුරා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ වැඩසටහන පැවැත්වෙනු ඇත.  ආචාර්ය පතිරාජයන් නිර්මාණය කළ සිනමාපට හතරක් ප්‍රදර්ශනය කිරීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ. කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ විශේෂ දේශනය සිනමා අධ්‍යක්ෂ අසෝක හඳගම විසින් සිදුකිරීමට නියමිතය. මේ අවස්ථාවට සහභාගී වන ලෙස සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඇරියුම් කර සිටි.

පෙබරවාරි 08 වැනිදා  :

පෙ.ව. 10.00 – පාරදිගේ

ප.ව. 1.00 – මතුයම් දවස

ප. ව. 3.00 – In search of a road

ප.ව. 7.00 – ස්වරූප

යන සිනමාපට ප්‍රදර්ශනය කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.

Share

OSCAR උත්සව සමය එළඹෙයි –නිර්දේශිත නාම නිවේදනය කෙරෙයි

$
0
0

ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය ඇරඹි ඇති හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ඉතිහාසයෙන් බිඳක්

1929 වර්ෂයේ George Stanley විසින් ප්‍රථම වරට Academy සම්මාන උළෙලක් පවත්වනු ලැබිය. ඒ Hollywood roosvelt හොටලයෙදියි. පියවරෙන් පියවර වර්ධනය වුනු සම්මාන උළෙල රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍යයෙන් සජීවීව විකාශනය කිරීමද ආරම්භ විය. වාර්ෂිකව පැවැත්වෙන Academy හෙවත් OSCAR සම්මාන උළෙල Academy of Motion Picture Arts and Sciences (AMPAS) මගින් පවත්වන්නකි. විනොදාශ්වාදන මාධ්‍යක් උදෙසා පැවැත්වෙන ලොව පැරණිම සම්මාන උළෙලක් ලෙසද OSCAR සම්මාන උළෙලට ඉතිහාසමය වටිනාකමක් තිබේ.

89 වැනි OSCAR සම්මාන උළෙල 2017 වර්ෂයේ මාර්තු මස පැවැත්විය. එහිදී 2016 වර්ෂය සඳහාවූ විශිෂ්ටතා සම්මාන ප්‍රධානය සිදු කෙරින. හොඳම නළුවා ලෙස Casey Affleck සම්මාන දිනා ගත්තේ Manchester by the sea චිත්‍රපටයේ රංගනය උදෙසායි. හොඳම නිළිය ලෙස La La Land චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වුනු Emma Stone සම්මාන දිනාගෙන තිබිණ.

මෙවර 90 වැනි Academy (OSCAR) සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාමයන් අතුරින් සම්මානලාභීන් කවුරුන්දැයි දැනගැනීමට තාමත් මාසයක කාලයක් ගතකළ යුතුය.

මෙවර නිර්දේශිත නාමයන් මෙසේයි.

 

Share

Jacqueline Fernandezගේ රංගනය සහිත ශ්‍රී ලාංකික සිනමාපටය “According to Mathew”ළඟදීම

$
0
0

සත්‍ය කතාවක් පාදක කරගනිමින්  නිර්මාණය කළ “According to Mathew” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිත බවට තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ආගමික පුජකවරයකු වන Mathews පියතුමා සම්බන්ධ කතාවක් පාදක කරගනිමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත චරිතයක් වන චන්ද්‍රන් රත්නම් මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය ශ්‍රී ලාංකික සම්බහවයක් සහිත නිළියක වන Jacqueline Fernandez මෙහි ප්‍රධාන චරිතයට දායකවී තිබෙනවා. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයිනට ළඟදීම මේ සිනමාපටය නැරඹීමට අවස්ථාව හිමිවනවා.

Share

ගැහැනියකට හීනයක් දකින්නට තබා හීනයක් තිබිය හැකි බවවත් බොහෝ පිරිමින් විශ්වාස කරන්නේ නෑ – lipstick under my burkha සිනමාපටය පිලිබඳ විමසුමක් – By Kumari Kumaragamage (Writer/Social activist)

$
0
0

‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’ ඉන්දියාවේ ගැහැනු චිත්‍රපට අධ්‍යක්‍ෂකවරියක් විසින් කරන ලද නිර්භීත ගෑනු ප්‍රකාශනයකි. ඉන්දියාවේ කුඩා නගරයක බරපතලවම පුරුෂ මූලික වූ සමාජයක වෙසෙනා ගැහැනුන් කිහිපදෙනෙකුගේ බුර්කාවනට ඇතුලතින් ඇති ජීවිතයනට කැමරාවක් ඇල්ලීමකි එය. මේ නිසාම ඉන්දියාවේ කපන මණ්ඩලය චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. කපන මණ්ඩලයද පිරිමි එකකි. ඔවුන් ප්‍රකාශ කලේ මෙය ‘ගැහැනු මූලික වූ’ (women oriented) චිත්‍රපටයක් බවයි.

බුර්කාව සනිටුහන් කරන්නේ සමාජයක් විසින් ගැහැනියව වසා, සිරකොට, පාලනය කර තැබෙන  ආගමික, සංස්කෘතික හා  දේශපාලනික නීති පද්ධතියයි. අපගේ වන් සමාජයන් තුල සෑම ගැහැනියකටම ජීවත්වන්නට සිදුවන්නේ විවිධ වූ බුර්කාවන්ගෙන් වැසීගෙනය. ගැහැනිය පවා බොහෝ විට සැබෑ තමාව කිසිදින හඳුනාගන්නේ නැත. පෙනෙන්නට ඇති සැබෑ බුර්කාවන්ට අමතරව ඇති  මෙම බුර්කාවන් කිසිවෙකුගේ පියවි ඇසට පෙනෙන්නේ නැති බැවින් තමා සිරගතව සිටිනා බව බොහෝ ගැහැනුන් දන්නේද නැත. බොහෝවිට සිරගත කොට ඇත්තේ ආශාවන් හා  සිහිනයන්ය… දැන දැනද තම යදම්වලට ප්‍රේම කරනා වහලුන් සේ තම සිරගෙයටම ඇලුම් කරමින් තම සැබෑවට කිසිදිනෙක ජීවත්වීමට ඉඩක් ලබා නොදෙන  ගැහැණුන්ගෙන් අප සමාජයන් පිරී පවතී. එය යුක්තිසහගත කෙරෙන්නේ ‘දෛවය’ ලෙසිනි.  මේ චිත්‍රපටය ඇදෙන්නේ හදිසියේ කඩාවැදෙන අහම්බයන් නිසා තම සිරගෙවල් විවුර්ත වීමෙන්  ‘දෛවය’ට එරෙහි සටනකට එළඹීමට ආරාධනා ලැබෙන ගැහැනුන් හතර දෙනෙකු හරහාය.

මේ ප්‍රධාන භූමිකාවන් හතර වන්නේ ;

  1. යෞවනත්වයේ එළිපත්තේ සිටිමින් නිදහසේ හා පාලනයේ අන්ත දෙකට මැදිව විශ්මිත අරගලයක යෙදෙනා විශ්වවිද්‍යාල සිසුවියකවන, තරුණ ජවයෙන් පිරි රෙහානා
  2. ජීවත් වීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති බැවින් චිත්‍ර පාසැලක නිරුවත් මොඩලයක් ලෙස පෙනී සිටිනා තම වැන්දඹු මව විසින් තමාට විවාහ වීමට යෝජනා කරන ලද ධනවත් පිරිමියාත් වෙනත් ආගමකට ජාතියකට අයත් බැවින් කිසිදිනෙක තමාට අයිති කරගත නොහැකි පෙම්වතාත් අතර අනාගතය පිළිබඳ අරගලයක පැටලුන යොවුන් මදයෙන් ඔකඳ වූ ලීලා
  3. විවාහ වී දරුවන් තිදෙනෙකු ලදද කිසිදිනෙක තම සැමියාගෙන් ආදරයක් නොලත්, සැමියාට අවශ්‍ය වන හැමවිටෙක දෙපා විවෘත කිරීමට සූදානම්ව සිටිය යුතු බිරිඳක් ලෙස වුවද හැම දිනයකම තම අහිමි වූ ආදරය ගැන නැවුම් බලාපොරොත්තුවක් සමග ජීවිතය පටන්ගන්නට අරගලයක යෙදෙන ශ්‍රීන්

හා

  1. මැදි වයස් වැන්දඹුවක්ව තමනට උරුමවූ දේපළ ආරක්ෂා කොට ගෙන එය තම ආදායම් මාර්ගය කරගනිමින්, සියල්ලනට සේවයන් සපයමින්, බාල මහළු සැමට ආදර්ශමත් වැඩිහිටියා වෙමින් තමන්ගේ නම පවා අමතක කර ගත් නමුත් තම අහිමිවූ යෞවනයේ ආශාවන් රහසේ කියවන ලාබ ශෘංගාරාත්මක ප්‍රේම කතා හරහා තෘප්තිමත්කරගන්නට උත්සාහ කරනා 55 හැවිරිදි ඌශා ය.

එක අතකින් මේ ගැහැනුන් හතර දෙනා ගැහැණියකගේ ජිවිතයේ විවිධ කාලයන් නියෝජනය කරනා බවක්දපෙනේ. මේ චිත්‍රපටයේ නම් ඒ, පියාගේ ආධිපත්‍යයට යටත්ව සිටිය යුතු කාලය, පෙම්වතාට යටත්ව සිටිය යුතු කාලය, ස්වාමි පුරුෂයාට යටත්ව සිටිය යුතු කාලය හා තම කුසින් උපන් පුතුන් නැතිනම් තම නෑදෑ පුතුනට හෝ යටත්ව සිටිය යුතු කාලය වශයෙනි.  මේ ගැහැනුන් හතර දෙනාම ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ නිදහස්, සාරවත්, ස්වාධින, ආධිපත්‍යයක් සහිත, සතුටින් වෙසෙනා ගැහැනුන් ලෙසය.  එහෙත් සැබෑ තත්ත්වය සහමුලින්ම වෙනස් වූවකි. සිපිරි ගෙවල් තුල සිටිමින්ම රහසින් තම ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කලද යම් මොහොතක ඒවා එළිවිය යුතුම බව සත්‍යයකි. තමන් යටකොට ගෙන සිටිනා ආධිපත්‍යයට හානියක් නොවන අයුරින් තම හීන දකින්නට උන් විවිධ උපක‍්‍රම යොදයි. කිසිවෙකුගේ සිත රිදවීමට උන් කිසිවෙකු උත්සාහ කරන්නේවත් කිසිවෙකුට එරෙහිව සටන් වදින්නේවත් නැත.

මේ ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද සැබෑ තත්ත්වයයි. ගැහැනියකට හීනයක් දකින්නට තබා හීනයක් තිබිය හැකි බවවත් බොහෝ පිරිමින් විශ්වාස කරන්නේ නැත. අනෙක් ගැහැනුන් ඉදිරියේ ඉතාම ලිබරල් හා විකල්ප මත දරන පිරිමි පවා  තම සහෝදරිය පෙම්වතිය හෝ බිරිඳ සම්බන්ධව හැසිරෙන්නේ , බලන්නේ ඉතාම කැත පුරුෂ මූලික ආකල්ප සහිතවයි. පුරුෂ මූලික දේපළ අයිතිය සමග ගොඩ නැගුණු, ගැහැනිය පිරිමියාට අයත්වූ වස්තුවක්, දේපලක් ලෙස සැලකීම හරහා සිදුවූ ගැහැනිය දෙවැනි සේ සැලකීම මේ වනවිට ඇටමිදුළු තුලට පවා ඇතුලු වූ සත්‍යයක් හා සාමාන්‍යයක්  බවට පත්ව ඇත.

ගැහැනියද පිරිමියා හා සමාන මනුෂ්‍යයෙකු ලෙස කිසිවෙකුම නොසිතන තරමට අපේ සමාජයන් පුරුෂ මූලික වී හමාරය.  ගැහැනිය සිටගත යුත්තේ, හිඳ ගත යුත්තේ, නිදාගත යුත්තේ, ඇවිදිය යුත්තේ, අතපය හැසිරවිය යුත්තේ, හැඩවිය යුත්තේ, කතාකළ යුත්තේ, සිනාසිය යුත්තේ, ඇඳුම් ඇඟලා ගත යුත්තේ, කොණ්ඩය සැකසිය යුත්තේ, කිසිවෙකු හා කතාකළ යුත්තේ, අන් අය ඉදිරියේ හැසිරිය යුත්තේ ආදී වශයෙන් හැටහුටහමාරක් කාරණා ඒ  මොහොතේ අධිපතිත්වය දරන පිරිමියා විසින් තීරණය කරයි. ඊට අමතරව කසාද බැඳිය යුත්තේ, දරුවන් ගණන තීරණය කල යුත්තේ, උපත් පාලනය ගැන දැන ගත යුත්තේ, එසේ පාලනයක් අවශ්‍යනම් එය කල යුත්තේ යනාදී වශයෙන් සියල්ල තීරණය කරන්නේද පිරිමියෙකුමය. ගෙදර පිරිමියා නැතහොත් පිරිමි මූලික ආගමික හෝ සංස්කෘතික සංස්ථාවන් විසින්ය. ගැහැනියට ඇත්තේ තමා අයිතිකර ගත් පිරිමියාට අගවුරව නොවන සේ තමන් පාලනය කර ගැනීමයි. මෙවන් ගැහැනියකට ලිංගික අවශ්‍යතාවක් ඇතිවන්නට ඉඩක් කොයින්ද? තම ගැහැනියගේ අඩුපාඩු කියමින් හෝ එසේ නැතිවත් පිරිමිනට තවත් ගැහැනියකට ආදරය කිරීමට, ලිංගිකව හැසිරීමට තහනමක් නැති වුවද ගැහැනියක් වෙනත් පිරිමියෙකු කෙරෙහි ආකර්ශනය වීමක් තියා කසාදයකට පෙර තම පෙම්වතා ඉදිරියේ නිරුවත් වීමක් පවා මහා අපරාධයකි.

Alankrita තම චිත්‍රපටයෙන් නිරුවත් කරන්නේ පුරුෂ මූලිකවූ සමාජයේ මේ කුහකවතයි.  ඒ අතර ඇය තමා තෝරාගත් ගැහැනුන් සිව්දෙනා උන්ගේ  බුර්කාවන්ට යටින් lipstick ගා ගැනීමට පොළඹවයි.  ඒ තොල් ආලේපනයන් යනු තමා සිර කොට බැඳ දමා තිබූ බැමි කඩා දැමීමයි. උන් සිරගේවලින් මිදී නටයි, සින්දු කියයි, sex කරයි, රැකියා කරයි. පිහිනයි, හීන දකියි…. අවසන උන්ට  මුහුණ දීමට සිදුවන්නේ මේ මොහොතේ සත්‍යයටය. ඒ සත්‍යය මේ ගැහැනුන්ව ප්‍රතික්ෂේප කරයි. පුදුමයක් නැත. එය එසේ විය යුතුය. අලුත් ලෝකයක් ගොඩ නැගිය හැක්කේ පරණ හණමිටි ලෝකයේ මතවාදයන්ගෙන් තමා මානසිකව ගැලවුනහොත් පමණි.  එතැන් සිට තම සටන ගෙන යා යුත්තේ තනිව නොව තමා මෙන්ම සිරගෙවල් බිඳ දමාගත් ගැහැනුන් සමග එක්ව බවද සත්‍යයකි. තමාගේ stress නැතිකර ගැනීමට පිරිමි සිගරැට්ටුවක් ඉරුවොත් කිසිවෙකු උරණ නොවේ. එහෙත් සියලු ව්‍යසනයන් මැද (මෙතෙක් කල් මුණගැසී තිබුනද) සැබෑවට මුණගැසෙන මේ ගැහැනු සිව්දෙනා ඌෂාගේ බොළඳ පෙම් කතා කියවමින් සිනාසෙමින් සිගරුට්ටුවක් ඉරීම නැවතත් පුරුෂ මූලික දෘෂ්ටි කෝණයේ උදහසට ලක්වේ. ඉතින් මොකද?????

උපුටා ගැනීමකි.

කුමාරි කුමාරගමගේ.

2017 දෙසැම්බර් 20

Share


චීන සිනමා උළෙල කොළඹදී

$
0
0

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධානය කරන චීන සිනමා උළෙල 2018 මේ දිනවල කොළඹදී පැවැත්වේ. පෙබරවාරි පළමුවැනිදා ආරම්භ කෙරුණු සිනමා උළෙල පෙබරවාරි 06 වැනිදායින් අවසන් වීමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සිනමා උළෙල පැවැත්වේ. චීනයේ දේශපාලනික සමාජීය හා සංස්කෘතික විවිධත්වය ශ්‍රී ලාංකිකයින්ට සමීප කරවීමට සහ එරට සිනමාව රසවිඳීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙන බව චීන තානාපති කාර්යාලය පවසයි. සිනමා උළෙලේදී චිත්‍රපට 08ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 01, 02, දෙදින සවස 6.30ට සහ 3,4 දෙදින සවස 2.30 සහ 6.30 ලෙසත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. නැවත 05 සහ 06 වැනිදා සවස 6.30 දර්ශන වාරය පැවැත්වෙනු ඇත. චීන සිනමාව රසවිඳීමට ශ්‍රී ලාංකිකයින්ට මෙම සිනමා උළෙල හරහා අවස්ථාව හිමිවේ.

Share

බෙනට් රත්නායකගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට “නෙලා”

$
0
0

බෙනට් රත්නායක නවතම සිනමා නිර්මාණය වන “නෙලා” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. පසුගියදා නෙලා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. චිත්‍රපටයට සම්බන්ධ වුනු ශිල්පින්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගිව තිබුනා.

බෙනට් රත්නායක 2002 වසරේ “අස්වැසුම” සිනමා කෘතිය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමා ප්‍රේක්ෂකයින් අතර නමක් දිනා ගැත්තෙක්. ඊට පසු විවිධ තේමාවන් සහිත සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමට බෙනට් රත්නායකට හැකියාව ලැබුනා. ඉරහඳ යට සහ සුළඟ සිනමාපට ඒ අතරින් විශේෂයි. ඔහුගේ නවතම නිර්මාණය “නෙලා” සුන්දර ආදර කතාවක් රැගත් සිනමාපටයක්. නෙලා නම් වන විරූපී තරුණියක් සහ දෑස් නොපෙනෙන ඔහුගේ පෙම්වතා අතර වන අපූරු ආදර කතාවක් මේ හරහා ගෙන එනවා. ශලිනි තාරකා සහ උදාර රත්නායක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වනවා. නෙලා ළඟදීම ඔබේ නගරයේ සිනමාහලේදී නැරඹීමට ඔබටත් අවස්ථාව හිමි වේවි.

Share

පෝරිසාදයා පෙබරවාරි 16 වැනිදා සිට දිවයින පුරා

$
0
0

සිරිතුංග පෙරේරා සිනමා නිර්මාණ “පෝරිසාදයා” සිනමාපටය පෙබරවාරි 16 වැනිදා සිට තිරගත කිරීමට සැරසේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව කාන්තා ජවය යන තේමාව යටතේ සිනමාපටය නිර්මාණය වී ඇත. කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය සිරිතුංග පෙරේරා ගෙනි. චිත්‍රපටයට රංගනයෙන් උදාරි වර්ණකුලසුරිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධරමරාජ්, කුමාර තිරිමාදුර, උදාර රත්නායක, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක ඇතුළු පිරිසක් දායක වී තිබේ. සටන්කාමී චරිත සහ සටන් ජවනිකා සහිත සිනමාපට අවම කාලයක පෝරිසාදයා වෙනස්ම හැඩයක් මෙරට සිනමාවට එක කරන බව පැහැදිලිය. සටන්කාමි ජවසම්පන්න එමෙන්ම හැඩකාර කාන්තා චරිතයක් උදාරි මගින් නිරුපිතය. පෝරිසාදයා චිත්‍රපටයට කුෂාණි සඳරේඛා, ප්‍රභාත් කැලුම්, නිෂි තෙන්නකෝන් ගීත ගායනයෙන් දායකව තිබේ. ඉන්දික විජේරත්න සහ චන්ද්‍රසේන පළිහෙන සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ.

4 8 10 Pic 1 Pic 4 Pic 12 Pic 18 Pic 21 Pic 27 Pic 36 Pic 37 Pic 38 Pic 44 Pic 48 Pic 53 Pic 56 - Copy Pic 56 Pic 60 Pic 64 Pic 83 Pic 85

Share

NIRDOSH නවතම බොලිවුඩ් අත්දැකීමක්

$
0
0

බොලිවුඩ් පුරයේ අලුත් තේමාවන් යටතේ අලුත් ආකාරයට නිර්මාණ වන සිනමාපට දිනෙන් දින බිහිවනවා. NIRDOSH කියන්නෙත් ඒ වගේ චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩයට අයත් වන මේ සිනමා නිර්මාණය පසුගිය ජනවාරි මාසයේ සිට ඉන්දියාවේ තිරගත කෙරෙනවා. Pradeep Rangwani සහ Subroto Paul මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. සිනමාපටයේ කතාව Amit Khan ගෙන්. මිනිමරුමකට සම්බන්ධ කාන්තාවක් පොලිසියට හසු වීමත් එහිදී පොලිස් නිලධාරියා ක්‍රියා කරන ආකාරයත් නිසා සිදුවීම වෙනස්ම පැත්තකට හැරවෙනවා. පියවරෙන් පියවර සිදුවීම අලුත් බවක් සහිතව ගාලාගෙන යන ආකාරයට නිර්මාණය කොට තිබෙනවා. Arbaaz Khan, Manjari Fadnis, Ashanit Patel, Macheck Chahal ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. නවතම බොලිවුඩ් සිනමාපටයක අත්දැකීමක් විඳින්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබී තිබෙන බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුනා.

Share

පසුගිය සතියේ ජයග්‍රාහකයින් මෙන්න

$
0
0

cinema.lk පාඨක ඔබ වෙත නොමිලේ සිනමාපටයක් නැරඹීමට අවස්ථාව ලබාදෙන තරගයක් පැවැත්වෙනවා. ඒ යටතේ නවතම බොලිවුඩ් සිනමාපටයක් වන පද්මාවත් චිත්‍රපටය නැරඹීමට ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමි වනවා. පසුගිය සතියේ අසන ලද ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් ජයග්‍රාහකයින් සිව් දෙනෙකු පමණක් තෝරා ගැනීමට කළමනාකාරිත්වය තීරණය කළා. ඒ යටතේ පහත ජයග්‍රාහකයින් සිව් දෙනා පද්මාවත් සිනමාපටය සඳහා ප්‍රවේශපත් දිනා ගන්නවා. සතියේ දිනවල උදේ 9- සවස 5 අතර 0763219078 දුරකථන අංකය අමතා ප්‍රවේශපත් ලබාගන්න ආකාරය දැනගත හැකියි.

මේ සතියේ ජයග්‍රාහකයින්

01. Sachinda Sandaruwan

02. Iresha Nishanka

03. Francis Dinesh

04. Champika Jeewan Ranasinghe

ඔබට cinema.lk සුබ පැතුම් පිරිනමනවා. දිගින් දිගටම cinema.lk වෙබ් අඩවිය සමග රැඳී සිටීමෙන් ඔබට ශ්‍රී ලාංකීය සහ ලෝක සිනමාවේ නවතම තොරතුරු සහ සිනමාපට පිලිබඳ තොරතුරු දැනගැනීමට හැකියාව ලැබේවි.

Share

Viewing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>