Quantcast
Channel: Cinema.lk
Viewing all 2381 articles
Browse latest View live

ජාත්‍යන්තර සම්මාන ලද සිනමාපට ද්විත්වයක් ඇතුළුව සිනමා සිත්තම් 06 ක් හෙට සිට දෙරණ ‘Cinema of Tomorrow’ තරඟ බිමේ

$
0
0

සම්මාන උළෙල පවත්වන වර්ෂයට පෙර වර්ෂයේදී මෙරට තුල නිළ වශයෙන් තිරගත වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ඇගයීමේ මූලික පරමාර්ථය සහිතව දෙරණ රූපවාහිනී ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘දෙරණ සිනමා සම්මාන උළෙල’ මෙවරත් හයවන වරට එළඹෙන මැයි මස 26 දින සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සුදානම්ව පවතී. මෙහිදී පෙර වර්ෂයන්හිදී මෙන්ම මෙවරත්, මෙරට මෙතෙක් නිළ වශයෙන් තිරගත නොවුනු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ඇගයීමේ අරමුණින් උළෙලට ඇතුලත්වන ‘හෙට දවසේ සිනමාව’ (Cinema of Tomorrow) නම් අංශය, හෙට සහ අනිද්දා යන දෙදින පුරා (01-සෙනසුරාදා/ 02- ඉරිදා) ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේදී ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නවතම සිනමාපට 06 ක් මහජනතාව උදෙසා නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

පසුගිය වර්ෂයේදී ‘Cinema of Tomorrow’ අංශයේ තරඟකාරීත්වය කුළුදුල් සිනමා නිර්මාණයන් උදෙසා පමණක් විවෘත වුවද, මෙවර එහි තරඟකාරීත්වය නවක සිනමා නිර්මාණකරුවන්ගේ කුළුදුල් නිර්මාණයන්ට අමතරව ඔවුන්ගේ දෙවැනි සිනමා නිර්මාණය කෙරෙහිද බලපැවත්වීම සුවිශේෂීත්වයකි. ඒ අනුව නුවන් ජයතිලක, බුද්ධි වික්‍රමාරච්චි සහ කෞශල්‍ය පතිරණ යන අධ්‍යක්ෂවරුන් තිදෙනා සිය කුළුදුල් සිනමා නිර්මාණයන් සමගත්, සුමති සිවමෝහන්, විසාකේස චන්ද්‍රසේකරම් සහ චින්තන ධර්මදාස යන තිදෙනා සිය දෙවැනි සිනමා නිර්මාණ සමගත් ‘Cinema of Tomorrow’ අංශය නියෝජනය කරනු ලැබේ. මෙහිදී එකී සිනමාපට හය අතුරින් නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ සහ සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ යන සිනමාපට දිවිත්වය අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මාන ලද සිනමා නිර්මාණයන්වීම කැපීපෙනේ.

දෙරණ සිනමා සම්මාන උළෙලේ පිරිනමන සියළුම සම්මාන අතුරින් උළෙලේ වැඩිම වටිනාකමකින් යුතු ත්‍යාගය සෑම වසරකදීම ‘Cinema of Tomorrow’ අංශය යටතේ තිරගත වන ‘විශිෂ්ටතම සිනමාපටය’ වෙනුවෙන් පිරිනැමීම විශේෂත්වයක් වන අතර, ඒ නිසාවෙන් උළෙලේ ඉහළම ජනතා අවධානයක් දිනා ගන්න අංශයක් බවට මෙම අංශය පත්වේ. ඒ අනුව මෙවර මෙකී අංශයේ තිරගත වන ‘විශිෂ්ටතම සිනමාපටය’ (Best Picture-‘Cinema of Tomorrow’) වෙනුවෙන් හිමිවන ත්‍යාගයේ මුල්‍යමය වටිනාකම ලක්ෂ 50 ක් (මිලියන 05) වන අතර, එය එදා මෙදා තුර දේශීය සිනමා සම්මාන උළෙලකදී ජයග්‍රාහී සිනමාපටයක් වෙනුවෙන් පිරිනමන වැඩිම මුල්‍යමය වටිනාකමකින් යුතු තිළිණය වේ.

ප්‍රදර්ශන කාල සටහන
මැයි 19 (සෙනසුරාද)-
 උදෑසන 10.30 ට- නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ (The Wind Beneath Us)
ලන්ඩන් ආසියාතික සිනමා උළෙල, වර්ල්ඩ්ෆෙස්ට් හූස්ටන් අන්තර්ජාතික ස්වාධීන සිනමා උළෙල, මෙල්බර්න් ඉන්දියානු සිනමා උළෙල, ටොරොන්ටෝ ජගත් අන්තර්ජාතික සිනමා උළෙල සහ මෙත්‍රිකමන්තේ කොර්තෝ ත්‍රේබාසෙලේගේ සිනමා උළෙල යනාදී ජාත්‍යන්තර උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටය, 2016 හූස්ටන් උළෙලේදී තඹ රෙමී සම්මානයෙන්ද (Bronze Remi Award), 2016 මෙත්‍රිකමන්තේ කොර්තෝ උළෙලේදී හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානයෙන්ද (Best Feature Film) පිදුම් ලැබීමට සමත් විය. ළමා සිනමා ශානරයට අයත් ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමාපටය සුදම් කටුකිතුල , ප්‍රවීන් කටුකිතුල , සේමිණි හෙන්නායක , අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, විමල් කුමාර ද කොස්තා, දයාදේව එදිරිසිංහ, ලංකා බණ්ඩාරනායක යන අයගේ රංගනයෙන් හැඩවෙන අතර , කැමරාව මෙහෙයවීම ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස්ගෙනි.

 සවස 2.30 ට- බුද්ධි වික්‍රමාරච්චිගේ ‘තරු අතර’ (Among the Stars)
ශේෂාද්‍ර ප්‍රියසාද්, රොෂාන් රවීන්ද්‍ර, පුබුදු චතුරංග, දිල්හානි ඒකනායක, පාලිත සිල්වා සහ සහන් රංවල යන ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් ‘තරු අතර’ සිනමාපටය හැඩවෙන අතර, කැමරාව මෙහෙයවීම ස්ට්‍රයිනර් මැක්ලේන් ඇඩම්ස්ගෙනි.

 සවස 6.30 ට – චින්තන ධර්මදාසගේ ‘ඇවිලෙනසුලුයි’ (Inflammable)
මෙරට සිනමාශාල තුල නිළ වශයෙන් තිරගත නොවුනු ආදරයේ අංශු මාත්‍රයක් (How I Wonder What You are) නම් වූ සිනමාපටයේ සම අධ්‍යක්ෂණයෙන් සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ වුනු චින්තන ධර්මදාසගේ දෙවැනි සිනමා නිර්මාණය ‘ඇවිලෙනසුලුයි’ වන අතර , මෙය සමනලී ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ සහ ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනයෙන්ද, පාලිත පෙරේරාගේ කැමරාකරණයෙන්ද හැඩවේ.

මැයි 20 (ඉරිදා)-
 උදෑසන 10.30 ට – සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ (Sons & Fathers)
ශ්‍රී ලාංකේය දමිළ සිනමා අධ්‍යක්ෂකවරියක විසින් තැනු පළමු සිංහල භාෂිත දීර්ඝ වෘත්තාන්ත ලෙසින් ඉතිහාසයට එක්ව ඇති ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය, බිම්සරා ප්‍රේමරත්න, නිරංජනී ශන්මුගරාජා, එස්.ඒ. විනෝද්, රනිල් ජිතේන්ද්‍ර‍, අමාවස්‍යා සිරිසේන, ඇන්තනි සුරේන්ද්‍ර‍, උපුල් ශාන්ත සන්නස්ගල සහ මෛත්‍රී රාජේෂ්කුමාර්ගේ රංගනයෙන් හැඩවෙන අතර, කැමරාව මෙහෙයවීම සුනිල් පෙරේරාගෙනි. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, ඉන්දියානු ජගත් සිනමා උළෙල සහ නවදිල්ලි අයි.ඒ.ඩබ්ලිව්.ආර්.ටී ආසියාතික කාන්තා සිනමා උළෙල යනාදී ජාත්‍යන්තර උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘පුත්තු සහ පියවරු’ සිනමාපටය, 2018 ඉන්දියානු ජගත් සිනමා උළෙලේදී හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ ජූරි සම්මානයෙන් (Jury Award for Best Film- Feature) පිදුම් ලැබීමට සමත් විය.

 සවස 2.30 ට- කෞශල්‍ය පතිරණගේ ‘ඉක්කා’ (Ikka)
කලණ ගුණසේකර, කසුනි කාවින්දි , උදාර අබේසුන්දර, ජයලත් මනෝරත්න, දසුන් පතිරණ, අකාෂ් තියාගලිංගම්, සේනක ටයිටස්, ප්‍රියන්ත සිරිකුමාර, සංජීව දිසානායක සහ විජිත බණ්ඩාර යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන ‘ඉක්කා’ සිනමාපටයේ කැමරාව මෙහෙයවීම චාර්ල්ස් නිරෝෂන්ගෙනි.

 සවස 6.30 ට – විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘පාංශු’ (Paangshu)
දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියූ සයපෙති කුසුම (Frangipani) සිනමාපටය තුලින් සිනමා අධ්‍යක්ෂණයට අවතීර්ණ වුනු විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ වන අතර, එය නීටා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්වීර, මයුර කාංචන හා ගයාන් ලක්රුවන් යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවේ. මෙහි කැමරාව මෙහෙයවීම දිමුතු කාලිංගගෙනි.

 

සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


ඒක මගේ Project එකේ අවසාන පියවර –නුවන් ජයතිලක

Happy End චිත්‍රපටය SLMTIහිදී තිරගතවෙයි

$
0
0

ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (SLMTI) ඉදිරිපත් කරන ලෝක සිනමා උළෙල වැඩසටහන මෙවර කලාපය පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. මැයි 24 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30 සිට SLMTI හි ශ්‍රවනාගාරයේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. සිනමාපට දර්ශනයට සමගාමිව පැවැත්වෙන සංවාද මණ්ඩපය සහ සිනමාපටය හඳුන්වාදීම සිදුකරනු ලබන්නේ භූපති නලින් විසින්. කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් මාවතේ අංක 100/A ලිපිනයේ ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය පිහිටා තිබෙනවා.

මෙවර චිත්‍රපටය ලෙස තිරගත කරනු ලබන්නේ “Happy End” චිත්‍රපටයයි. එහි රචකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ Michael Haneke. චිත්‍රපටය සඳහා Isabelle Huppert, Jean-Louis Trintignant ඇතුළු නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායකවී තිබෙනවා. 2017 Cannes චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මෙම චිත්‍රපටය සමත්ව ඇති බව සඳහන්.  එමෙන්ම 90 වැනි Academy සම්මාන උළෙල සඳහා හොඳම විදෙස් භාෂා චිත්‍රපටය යන අංශයට ඔස්ට්‍රියානු නියෝජනය ලෙස මෙම චිත්‍රපටය ඉදිරිපත් කොට තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ Christian Berger. විනාඩි 107ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පංශ සහ ඉංග්‍රීසි භාශාවෙන් නිර්මාණය වී තිබෙනවා.

Share

සාගර සමග සොබාදහමේ නිහැඬියාවට කන්දෙන්න –මැයි 27 වැනිදා

$
0
0

සංගීතවේදී සාගර සුරේෂ් විජේසිංහ විසින් පවත්වන අපූරු ආකාරයක සංගීත ප්‍රසංගයක මීළඟ පියවර පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. “නිහඬතාව සහ මියැසිය අතර ඇති සංහිඳියාව අරුත්ගන්වන්නට සොබා දහමේ දායකත්වය” යන තේමාව යටතේ මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. සොබාදහම, නිහඬතාව හා මිනිසා අතර වන බැඳීම මියැසි අරුතකින් වටහා ගන්නා සංගීතමය අත්දැකීමකට එක්වන ලෙස සංගීතයට ලැදි සැමට ඔහු ආරාධනා කර සිටිනවා. Hearing the Silence ලෙස මෙම ප්‍රසංගය නම්කොට තිබෙනවා. මැයි මස 27 වැනිදා සවස 3 සිට ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. තලවතුගොඩ දියසරු උයන පරිශ්‍රයේ ප්‍රසංගය පැවැත්වෙනවා. සොබාදහම හා එක්ව අපූරු සංගීතමය අත්දැකීමක් විඳින්නට එක්වන ලෙස සංගීතවේදී සාගර සුරේෂ් ආරාධනා කර සිටිනවා.

31398197_10212354445112583_1463261247283295648_n

Share

දෙරණ සිනමා සම්මාන –තව දින 01 යි

$
0
0

දේශීය සිනමාවේ ඉදිරි ගමන උදෙසා මාධ්‍ය ජාලයක් මගින් සිදු කරන අති දැවැන්ත මැදිහත්වීම දෙරණ සිනමා සම්මාන බව සිනමාවේ නියැලෙන සියල්ලෝ ඉතා හොඳින් දන්නා කරුණක්. අඛණ්ඩව හයවැනි වරටත් දෙරණ සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ ඒ අනුවයි. සන්සිල්ක්, TV දෙරණ සමග මෙවරත් සිනමා සම්මාන ප්‍රධානයේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස සම්බන්ධ වනවා.

දෙරණ සිනමා සම්මාන උළෙල හෙට (මැයි 26 වැනිදා) සවස 6.00 සිට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට සියල්ල සුදානම්. 2017 වසරේ තිරගත කෙරුණු චිත්‍රපට 25ක් අතුරින් විශිෂ්ටයින් වෙත සම්මාන ප්‍රධානය කිරීම මෙහිදී සිදු වනවා.

NO MOVIE DIRECTOR
01 Aloko Udapadi Chathra Weeraman
02 Ran Sayura Sudesh Wasantha Peris
03 Premaya Nam Kalpana Ariyawansha
04 Sulaga Gini Aran Vimukthi Jayasundara
05 Kota Uda Express A A Junaideen
06 Bandanaya Udayakantha Warnasoo
07 Nilanjana Nalaka Withanage
08 Pani Makuluwo Isuru Weerasingha
09 28 Prasanna Jayakody
10 Ali Kathawa Sunil Ariyarathna
11 Deweni Warama G Nandasena
12 Nimnayaka Hudakalawa Boodee Keerthisena
13 Nino Live Thisara Imbulana
14 Heena Hoyana Samanallu Rohan Perera
15 Hima Tharuka Rodney Widanapathiran
16 Sellam Nettan Lellam Tissa Dias
17 Dharmayuddhaya Cheyyar Ravi
18 Appata Siri Lal Priyadeva
19 Swaruupa Dharmasena Pathiraja
20 Dedunu Akase Priyantha Colmbage
21 Kaala Sujeewa Gunarathna
22 Seema Ne Akase Nihal Bandara
23 Paha Samath Jayaprakash Siwaguruna
24 Dr Nawariyan Ranjan Ramanayaka
25 A level Rohan Perera

මෙම චිත්‍රපට 25 සහ ඊට දායක වූ ශිල්පින්ට විවිධ කාණ්ඩ යටත් සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරෙනවා. කාණ්ඩ අංක 01 යටතේ ජූරියේ සම්මාන 14ක් පිරිනැමීමට නියමිතයි.

දෙවැනි කාණ්ඩය යටතේ හෙට දවසේ සිනමාව අංශය නම්කොට තිබෙනවා. එහිදී cinema of tomorrow ලෙස සම්මාන ලබන චිත්‍රපටය, හොඳම මතු බලාපොරොත්තු සහිත අධ්‍යක්ෂවරයා සහ හොඳම කෙටි චිත්‍රපටය යන සම්මාන 03ක් පිරිනැමෙනවා.

තුන්වැනි කාණ්ඩය වන්නේ ජනප්‍රිය සම්මාන කාණ්ඩයයි. Peoples jury awards ලෙස මෙම කාණ්ඩය නම්කොට තිබෙනවා. ඒ යටතේ තවත් සම්මාන 07ක් ප්‍රධානය කෙරෙනවා.

  1.  BLOCKBUSTER MOVIE OF THE YEAR
  1.  MOST POPULAR ACTOR
  1.  MOST POPULAR  ACTRESS
  1.  MOST POPULAR  SONG

5.POPULAR COMEDY ROLE

6.POPULAR VILLAIN ROLE

7.POPULAR UPCOMING ACTOR /ACTRESS

මෙම සම්මාන සඳහා හිමිකම් කියන ශිල්පින් කවුරුන්දැයි දන ගැනීමට 26 වැනිදා රාත්‍රී 9.30 සිට TV දෙරණ සමග එක්වන ලෙස සිනමාලෝලී ප්‍රේක්ෂක සැමට TV දෙරණ ඇරියුම් කරනවා.

 

Share

දෙරණ සිනමා සම්මාන –තරු පිරිවරාගත් සම්මාන රාත්‍රිය –සම්මානලාභීන්

$
0
0

හයවැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. විශේෂිත කාණ්ඩ තුනක් යටතේ මෙහි සම්මාන ප්‍රධානය කිරීමට සැලසුම් කොට තිබුනත් අවසානයේ එය කාණ්ඩ හතරක් බවට පත් කිරීමට ජූරිය තීරණය කොට තිබුනා. ජූරියේ සම්මාන කාණ්ඩය, ජනප්‍රිය සම්මාන (Peoples jury awards), හෙට දවසේ සිනමාව (Cinema of tomorrow) ලෙස සම්මාන කාණ්ඩ තුනක් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වද්දී ඊට අමතරව ජූරියේ විශේෂ සම්මාන (Special jury mention awards) ලෙසත් කාණ්ඩයක් නම් කරමින් ඒ යටතේ සම්මාන ප්‍රධානය කිරීමත් මෙහිදී සිදු කෙරුනා.

සම්මාන උළෙලේ ජූරිය වශයෙන් ප්‍රවීණ ජුරි සභිකයින් පස් දෙනෙක් මෙවර සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනීම සිදු කළා.  ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසුරිය ජූරියේ සභාපතිත්වය දරන අතර ආචාර්ය සෝමරත්න දිසානායක, ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂ එම්.ඩි.මහින්දපාල, රංගන ශිල්පිනි නදීකා ගුණසේකර, සහ සිනමාවේදී ජූඩ් රත්නම් යන අයගෙන් සැදුම් ලත් ජූරිය මෙම සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනීම සිදුකළා.

පළමු කාණ්ඩය – ජූරියේ විශේෂ සම්මාන (Special Jury mention)

සචිර විජේසේකර – A / Level චිත්‍රපටය

ලහිරුකා ඒකනායක – A / Level චිත්‍රපටය

කලණ ගුණසේකර – ඉක්කා චිත්‍රපටයේ රංගනය

විසාකේස චන්ද්‍රසේකාරම් – අධ්‍යක්ෂ –  පාංශු චිත්‍රපටය

 

ජනප්‍රිය සම්මාන – Peoples jury awards

ජනප්‍රිය සමාන කාණ්ඩය මෙවර නම්කොට තිබුනේ Peoples jury awards නමින්. මෙම සම්මාන සඳහා ශිල්පින් තෝරා ගැනුනේ ප්‍රේක්ෂක මනාපය අනුවයි. SMS මගින් සහ අන්තර්ජාලය හරහා ලබාගත් මත විමසීමේ දත්ත මත මෙම සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා.

ජනප්‍රියම නැගීඑන නිළිය – උමාලි තිලකරත්න ( නිනෝ ලයිව්)

ජනප්‍රියම ප්‍රතිවීර චරිතය – ධර්ෂන් ධරමරාජ් (ආලෝකෝ උදපාදි)

ජනප්‍රියම හාස්‍ය රංගනය – ටෙනිසන් කුරේ (කොට උඩ එක්ස්ප්‍රස්)

ජනප්‍රියම ගීතය – මල් කළඹ ළඟ (දේදුනු ආකාසේ චිත්‍රපටය)

වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය – ධර්ම යුද්ධය

ජනප්‍රියම නළුවා  – හේමාල් ගුණසේකර

ජනප්‍රියම නිළිය – යුරේනි නොෂිකා

තුන්වැනි කාණ්ඩය ලෙස මෙවර සම්මාන උළෙලේදී “හෙට දවසේ සිනමාව උදෙසා සම්මාන ප්‍රධානය කිරීම සිදු කෙරුනා.

Cinema of tomorrow – හොඳම කෙටි චිත්‍රපටය

ගණන් ගන්නැති කතාවක් – තිසර මංගල බණ්ඩාර

හොඳම චිත්‍රපටය – Cinema of tomorrow

ඉක්කා – කෞශල්‍ය මාධව පතිරණ

හොඳම මතු බලාපොරොත්තු සහිත අධ්‍යක්ෂවරයා – Cinema of tomorrow

චින්තන ධර්මධාස  – ඇවිලෙන සුළුයි

 

සමාන උළෙලේදී තවත් සුවිශේෂී සම්මානයක් ප්‍රධානය කෙරුනා. ඒ, ජිවිතයේ එක වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයයි. මෙවර මේ සාමානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගවේදිනි මාලනී ෆොන්සේකා ශිල්පිනියයි. ප්‍රවීණ රංගවේදිනි අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ රංගධර අමරසිරි කලන්සුරිය නව පරපුරේ ශිල්පී ශිල්පිනියක් පිරිසකගේ හරසර මැද මෙම උත්තමාචාර සම්මානය ප්‍රධානය කෙරුනේ අයිරාංගනී සේරසිංහ රංගවෙදිනියගේ අතින්. එය ඉතාමත් සංවේදී අවස්ථාවක් වුනා. උත්සව සභාව අසුනින් නැගී සිට මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා රංගන ශිල්පිනියගේ සිනමා දිවියට ඔවුන්ගේ උත්තමාචාරය පුදකර සිටියා.

 

ජූරියේ තේරීම් අනුව පිදෙන සම්මාන ප්‍රධානය කිරීමේ කාණ්ඩය (Jury selection) සම්මාන උළෙලේ වඩා වැදගත්ම කාණ්ඩය වුනා. දක්ෂතම ශිල්පින් සඳහා සමාන ප්‍රධානය කලේ මේ කාණ්ඩය යටතේයි. සම්මාන උළෙලේ වැඩිම අවධානයක් හිමිවන කාන්දයත් මෙයයි.

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ – මිලින්ද තෙන්නකෝන් (ආලෝකෝ උදපාදි)

හොඳම නර්ථන වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ (අලි කතාව)

හොඳම ගේයපද සංකල්පනාව – රඹුක්කන සිද්ධාර්ථ හිමි – ආලෝකෝ උදපාදි

හොඳම ගායනය – අමරසිරි පීරිස් (ආලෝකෝ උදපාදි)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග – චත්‍ර වීරමන්, භාරත හෙට්ටිආරච්චි (ආලෝකෝ උදපාදි)

හොඳම කළා අධ්‍යක්ෂණය – සුනිල් විජේරත්න (ආලෝකෝ උදපාදි)

හොඳම වේශ නිරුපනය – ජයන්ත රණවක (ආලෝකෝ උදපාදී)

හොඳම ඇඳුම් නිර්මාණය – කුමාර කරන්දෙණිය (ආලෝකෝ උදපාදි)

හොඳම සහය නළුවා – කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය)

හොඳම සහය නිළිය – උමාලි තිලකරත්න ( A – Level)

හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය – ප්‍රභාත් රොෂාන් (ආලෝකෝ උදපාදි)

හොඳම සංස්කරණය – රංගන සින්හාරගේ (විසිඅට)

හොඳම ශබ්ද පරිපාලනය –  අරුණ ප්‍රියන්ත කළුආරච්චි (සුළඟ ගිනි අරං)

හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි (විසිඅට)

හොඳම තිර රචනය – ප්‍රසන්න ජයකොඩි (විසිඅට)

හොඳම නළුවා – ජැක්සන් ඇන්තනි (ධර්ම යුද්ධය)

හොඳම නිළිය – දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය)

හොඳම චිත්‍රපටය  – විසිඅට – ප්‍රසන්න ජයකොඩි

උළෙලේ හොඳම චිත්‍රපට, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය යන ප්‍රධාන සමාන ත්‍රිත්වයම ලබා ගැනීමට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ විසිඅට (28) චිත්‍රපටය සමත් වුනා. ඒ අතර හොඳම නළුවා සහ හොඳම නිළිය සම්මාන ද්විත්වයත් හොඳම සහය නළුවා සම්මානයත් දිනා ගැනීමට ධර්ම යුද්ධය චිත්‍රපටය සමත් වුනා. විශිෂ්ට ශිල්පින් අගයමින් පැවැත්වූ සම්මාන රාත්‍රිය තරු පිරුණු රැයක් ලෙස විචිත්‍රවත් වී තිබුනා.

සටහන – නිසංක වෙහෙරදුව

 

 

Share

කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සමග කතාබහක් –පළමු පියවර

SIGNIS වෙතින් ආධුනික ඔබට, සිනමා විචාර තරගයක්

$
0
0

SIGNIS සිනමා සම්මාන උළෙල සෑම වසරකම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් ඇගයීම උදෙසා පැවැත්වෙන්නක්. මෙවරත් මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. සිනමා උළෙලට සමගාමිව තවත් විශේෂාංග කිහිපයක්ද සංවිධාන කිරීමට කටයුතු යොදා තිබෙනවා. සිනමා විචාර කලාව නැංවීමේ සහ නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් නවක සිනමා විචාරකයින් සඳහා තරගයක් සංවිධානය කිරීමට SIGNIS සංවිධායකයින් සැලසුම් කොට තිබෙනවා. “ජයවිලාල් විලේගොඩ ආධුනික සිනමා විචාර තරගය ලෙස මෙම තරගය නම්කොට තිබෙනවා.

“ශ්‍රී ලාංකේය ස්වීය අනන්‍යතාව ජාත්‍යන්තර සිනමා තලයේ කූටප්‍රාප්තිය කරා රැගෙන ගිය තුරුණු සිනමා නිර්මාණකරණයේ භාවිතාව අග්‍රේසර කියවීමක්” ලෙස මෙවර තරගයේ මාතෘකාව ලබාදී තිබෙනවා. මෙම මාතෘකාවට අදාලව ආධුනික සිනමා විචාරකයින්ට සිය විචාර රචනාවන් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. සිනමා විචාරය සඳහා ඔබට භාවිතා කළ හැකි උපරිම වචන සීමාව 3000ක්. වචන 3000කට අඩුවන ලෙස ඔබේ සිනමා විචාරය රචනා කිරීමට වගබලාගත යුතුයි. තරගයේ අවසන් දිනය ජුනි මස 20 වැනිදායි. එදිනට පෙර ඔබේ සිනමා විචාර රචනාවන් SIGNIS ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා. අංක 19, මැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08 යන ලිපිනයට තැපැල් මගින් හෝ පැමිණ බාරදීමෙන් තරගයට නිර්මාණ ලබාදිය හැකි බවද සංවිධායකයින් දන්වා සිටිනවා. වැඩි විස්තර 0112 693 425 සහ 0718 069 085 යන අංක ඇමතීමෙන් ලබාගත හැකියි.

33864157_10215641853900597_384555579089092608_n

 

Share


ජෝන් ඒබ්‍රහම් රඟන නවතම චිත්‍රපටය –පරමාණු

$
0
0

බොලිවුඩ් චිත්‍රපට අතරට අලුතින්ම එක්වන චිත්‍රපටයක් ගැනයි මේ තොරතුරු. පසුගිය 25 වැනිදා සිට ඉන්දියාවේ මෙම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුනා. චිත්‍රපටය නම්කොට අත්තේ “පරමාණු” නමින්. 2017 වර්ෂයේ නිෂ්පාදනය වන මේ චිත්‍රපටය තොරතුරු සිනමලෝලින් වෙත නිකුත් කෙරුනේ 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට. එතැන් පටන් චිත්‍රපටය තිරගත වීම් ඇරඹෙන තුරු ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් පසුවූ බව සඳහන්. පරමාණු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුනේ ජෝන් ඒබ්‍රහම් වීමත් මීට විශේෂ හේතුවක් වුනා.

1998 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ න්‍යෂ්ටික අත්හදා බැලීමක් වටා ගෙතුනු කතාවක් චිත්‍රපටයට පදනම්ව තිබෙනවා. “Indian historical action drama film” කාණ්ඩය යටතේ මෙම චිත්‍රපටය වර්ගීකරණය කොට තිබෙනවා. Abhishek Sharma අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට Saiwyn Quadras තිර රචනයෙන් දායක වුනා. ඉන්දියාවේ රාජස්තාන්හි Pokhran ප්‍රදේශයේ 1998 වසරේ සිදුකළ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමේ පිපිරීමක් පදනම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Ashwat Raina ලෙස රංගනයෙන් දායක වනවා. ඊට අමතරව Captain Ambika Bandopadhyay ලෙස රංගනයෙන් දායක වන්නේ Diana Penty. Boman Irani සහ Anuja Sathe චිත්‍රපටයට අනිකුත් චරිත ඔස්සේ රංගනයෙන් දායක වනවා. ප්‍රේක්ෂක අවධානය දිනාගත් මේ චිත්‍රපටය තිරගත වීම් අරඹා සතියක් තුළ විශාල ජනප්‍රසාදයක් දිනාගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.

Share

දෙරණ සිනමා සම්මාන –ප්‍රධාන සම්මාන රැසක් “ආලෝකෝ උදපාදි”චිත්‍රපටයට

$
0
0

දෙරණ මාධ්‍ය ජාලය සිනමාවේ හෙටදවස වෙනුවෙන් හයවැනි වරටත් සංවිධාන කළ “දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල” පසුගියදා පැවැත්වුනා. කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු මේ සම්මාන රාත්‍රිය විචිත්‍රවත් එකක් වුනා. උළෙලේ සම්මාන පිරිනැමීම ආරම්භ වීමත් සමගම සැමදෙනාගේම අවධානය දිනාගෙන තිබුනේ මෙවර සම්මානයට පාත්‍රවන විශිෂ්ටයින් කවුරුන්ද යන කරුණ වෙත. සම්මාන පිරිනැමීමේදී කාණ්ඩ තුනක් යටතේ එම ඇගයීම් සිදුකොට තිබුනා. ජූරියේ ඇගයීම් සම්මාන, Peoples jury awards කාණ්ඩය සහ Cinema of tomorrow කාණ්ඩය වශයෙනුයි. මෙම සම්මාන අතරින් ජනප්‍රිය සම්මාන එකක් සහ ජූරියේ ඇගයීම් සම්මාන අටක් දිනා ගැනීමට ආලෝකෝ උදපාදි චිත්‍රපටය සමවත් වුනා.

ජනප්‍රියම සමාන කාණ්ඩය යටතේ වසරේ ජනප්‍රියම ප්‍රතිවීර චරිතය ලෙස ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රංගනයේ යෙදුනු ධර්ශන් ධරමරාජ් සම්මානයට පත්වුනා.

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය ලෙස සම්මානයට පත්වුණේ ආලෝකෝ උදපාදි චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළ මිලින්ද තෙන්නකෝන්. හොඳම ගේයපද සංකල්පනාව සඳහා පුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් සම්මානයට පාත්‍ර වද්දී හොඳම ගායනය ලෙස එම චිත්‍රපටයේ “සසුනඹරේ” ගීතය ගායනා කළ ගායන ශිල්පී අමරසිරි පීරිස් සම්මානයට ලක්කෙරුනා. හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා චත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි සම්මාන ලැබුවේ ආලෝකෝ උදපාදි චිත්‍රපටය වෙනුවෙන්මයි. හොඳම කළා අධ්‍යක්ෂණය සඳහා සුනිල් විජේරත්න සහ හොඳම වේශ නිරුපනය සඳහා ජයන්ත රණවක සම්මානයට ලක්වුනා. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා කුමාර කරන්දෙණිය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා ප්‍රභාත් රොෂාන් සම්මානයට ලක්කෙරුනේ ආලෝකෝ උදපාදි චිත්‍රපටය සඳහායි.

මේ අනුව චත්‍ර වීරමන් විසින් නිර්මාණය කළ ආලෝකෝ උදපාදි චිත්‍රපටය මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ සම්මාන 09ක් දිනා ගැනීමට සමත් වුනා. චත්‍ර ඇතුළු ආලෝකෝ උදපාදි කණ්ඩායමට cinema.lk වෙතින් සුබ පැතුම්…

IMG_2208     IMG_2229 [Original Resolution] IMG_2297     IMG_2299 IMG_2321     IMG_2356 IMG_2379     IMG_2919

Share

ආයෙත් ළමා කාලයට යමුද..? හමුවෙමුද රයිගමයයි ගම්පලයයි ..?

$
0
0

ශ්‍රී ලාංකේය සිනමාවේ විවිධ වර්ගයේ සිනමාපට නිර්මාණය වීමේ අඩුවෙක් තියෙනවා කියන කතාව ක්ෂේත්‍රයේ අය වගේම රසිකයිනුත් නිතර නිතර පවසන දෙයක්. වාණිජ මට්ටමේ චිත්‍රපට කලාත්මක චිත්‍රපට ළමා චිත්‍රපට කියන මේ විවිධ වර්ගවල චිත්‍රපට නිර්මාණය වුනොත් පමණයි සිනමාව සමග ප්‍රේක්ෂකයන් රැඳෙන්නේ කියන ඒකයි මේ අයගේ අදහස. කොහොම වුනත් දැන් දැන් මේ විදිහේ විවිධ තේමාවන්ට අයත් නිර්මාණ බිහි වෙන ප්‍රවණතාවක් තියෙනවා. මේ තොරතුරු ඒ විදිහේ තවත් අපූරු චිත්‍රපටයක් ගැනයි.

ළමා කාලයේ අපි හැමෝම බොහොම කැමැත්තෙන් රසවිඳි කතාවක් තමයි රයිගමයයි ගම්පලයයි කතා මාලාව. ඒ චරිත අපට බොහොම සමීපයි. කාලය වෙනස් වෙද්දී පුංචි දරුවන්ගේ ලෝකයත් වෙනස් වෙනවා, ඊට සමගාමිව මේ චරිතත් පුංචි දරුවන්ගේ ලෝකෙන් ගිලිහිලා ගියා. නමුත් මේ අපූරු සුන්දර චරිත නැවත වරක් ළමා ලෝකයට සජීවීව කැන්දාගෙන එන අපූරු චිත්‍රපටයක් නිර්මාණය වෙලා. ලලිත් ප්‍රේමතිලක අධ්‍යක්ෂණය කළ රයිගමයයි ගම්පලයයි චිත්‍රපටය හරහා ඒ චරිත දෙක හරි අපුරුවට තිරයට ගෙනවිත් තියෙනවා. හැරෙන නාගොඩවිතාන සහ දිලිනි ද සිල්වා චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුනා. මේ සොඳුරු චරිත දෙක ජීවමාන කරන්නේ චරිතාංග රංගන ශිල්පින් යුවලක් වන ගිරිරාජ් කෞශල්‍ය සහ කුමාර තිරිමාදුර. ඊට අමතරව විජේරත්න වරකාගොඩ, පියුමි හංසමාලි ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මේ අපූරු චිත්‍රපටය ළමයින්ට වගේම ළමා ලෝකයේ සොඳුරු මතක අලුත් කරගන්න කැමති වැඩිහිටියන්ටත් හරිම අපූරු අත්දැකීමක් වේවි. අද (ජුනි 01 දා) සිට දිවයින පුරා සිනමාහල්වලදී චිත්‍රපටය නැරඹීමට අවස්ථාව තිබෙනවා.

Share

ධර්ම යුද්ධයට ප්‍රධාන සම්මාන 03ක් –මෙරට සිනමා සම්මාන නව මානයකට

$
0
0

ධර්ම යුද්ධය චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුනා. වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය (Blockbuster movie of the year) ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වුනේ ධර්ම යුද්ධය චිත්‍රපටයයි. එම සම්මානය පිරිනැමුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දත්ත සටහන් අනුව බව පැවසුනා. මිට අමතරව ජූරියේ නිර්දේශ මත පිරිනැමෙන ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමට මෙම චිත්‍රපටය සමත් වුනා. වසරේ හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ රංගනයේ යෙදුනු කුමාර තිරිමාදුර රංගන ශිල්පියා. ඔහු සමග නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබුනේ “සුළඟ ගිනි අරන්” චිත්‍රපටයේ රංගනයේ යෙදුනු රොෂාන් රවින්ද්‍ර සහ විසිඅට චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවලයි. මේ අතුරින් සම්මානලාභියා වීමට කුමාර තිරිමාදුර සමත් වුනා.

වසරේ හොඳම නළුවා ලෙස මෙවර සම්මානයට නිර්දේශ වීමට විසිඅට චිත්‍රපටයේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා, ධර්ම යුද්ධයේ ජැක්සන් ඇන්තනි සහ ප්‍රේමය නම් චිත්‍රපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු සමත් වුනා. ඒ අතුරින් සම්මානය දිනා ගත්තේ ධර්ම යුද්ධයේ රංගනයේ යෙදුනු ජැක්සන් ඇන්තනි රංගන ශිල්පියායි. එම චිත්‍රපටයේම රඟපෑ දිල්හානි අශෝකමාලා ඒකනායක, විසිඅට චිත්‍රපටයේ සුද්දී ලෙස රංගනයේ යෙදුනු සේමිණි ඉද්දමල්ගොඩ, සහ ප්‍රේමය නම් චිත්‍රපටයේ රඟපෑ සමනලී ෆොන්සේකා වසරේ හොඳම නිළිය ලෙස සාමනයට නිර්දේශිත වී තිබුනා. ධර්ම යුද්ධයේ රඟපෑ දිල්හානි ඒකනායක ඒ අතුරින් වසරේ හොඳම නිළිය ලෙස අභිෂේක ලබන්නට සමත් වුනා.

මෙලෙස ධර්ම යුධය චිත්‍රපටය සම්මාන උළෙලේදී ලබාගත්  සමස්ත  සම්මාන සංඛ්‍යාව හතරක්. ඉන්දියාවේ මලයාලම් සිනමාවේ පළමුව නිර්මාණය කෙරුණු චිත්‍රපටය ඉන් පසුව භාෂා කිහිපයකින් නිර්මාණය වුනා. කන්නඩ තෙලිඟු, ද්‍රවිඩ, හින්දි වැනි භාෂාවන්ගෙන් නිෂ්පාදන කිහිපයකින් අනතුරුව එය ධර්ම යුද්ධය ලෙස සිංහලෙන් නිර්මාණය කෙරුනා. කෙසේ නමුත් සම්මාන උළෙලක ප්‍රධාන සම්මාන අතරට එක්වීමට වානින්ජ ගනයේ සිනමාපටයක් සමත් වීම විශේෂත්වයක්. මෙරට සිනමා සම්මාන ඉතිහාසයේ එය සුවිශේෂී ලෙස සටහන් වන බව සිනමා විචාරකයින්ගේ මතයයි.

Share

රන්බීර් –ආලියා ප්‍රේමය හෙළිකරයි

$
0
0

බොලිවුඩ් නළු රන්බීර් කපූර් බොලිවුඩයේ වගේම ලෝකය පුරාමත් බොලිවුඩ් රසිකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක්. බොලිවුඩයේ ජනප්‍රිය කලා පවුලකින් පවත එන ඔහු රංගනය පිලිබඳ නිසි හැදෑරීමකින් පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසුණු අයෙක්. රන්බීර් සහ එවැනිම ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන ආලියා බාත් අතර අති ප්‍රේම සම්බන්ධයක් ගැන බොලිවුඩය පුරාම දිගින් දිගටම කටකතා පැතිරෙන්නට වුනා. විවිධ කතා නිර්මාණය කරමින් මේ දෙදෙනාගේ නම් ඈඳා ගනිමින් පුවත් ප්‍රචාරය කෙරුණු වාර බොහෝයි.

ඒ සියල්ලටම පිළිතුරු ලබාදෙමින් රන්බීර් සමාජ ජාල හරහා සිය ප්‍රේමය හෙළිකොට තිබුනා. ඊයේ (මැයි 31 වැනිදා) රන්බීර් සිය Instagram ගිණුම හරහා මේ බව පවසා තිබුනේ ඔවුන් දෙදෙනාගේ චායාරුපයක්ද පල කරමින්. තමා සහ ආලියා අතර ප්‍රේමයක් පවතින බවත් එය තවදුරටත් කටකතා සඳහා මාතෘකාව නොවිය යුතු බවත් ඔහු එම සටහනින් පවසා තිබුනා.

1982 වසරේ සැප්තැම්බර් 28 වැනිදා උපත ලැබූ රන්බිර්ගේ වයස අවුරුදු 35ක්. ජනප්‍රිය චරිතාංග නළු රිෂි කපූර් සහ නීටා සිං යන යුවලගේ පුතු ලෙස මුම්බායි නගරයේ උපත ලැබූ ඔහු 2007 වර්ෂයේ නිර්මාණය කළ සංජය ලීලා බන්සාලිගේ SAAWARIYA චිත්රපටයීන් සිනමා රංගනයට පිවිසුනා. ඔහු කිහිප වරක් ෆිල්ම් ෆෙයා ඇතුළු සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා.

තවත් දක්ෂ බොලිවුඩ් සිනමාකරුවකු වන Mahesh Bhatt සහ බොලිවුඩ් නිළි Soni Razdan යන යුවලගේ දියණිය ලෙස ආලියා බාත් (Alia Bhatt) උපත ලබන්නේ 1993 වර්ෂයේ මාර්තු 15 වැනිදා. 1999 ළමා නිළියක ලෙස SANGHARSH චිත්‍රපටයට දායක වන ප්‍රධාන චරිතයක් හරහා සිනමාවට පිවිසෙන්නේ 2012 වර්ෂයේ Karan Johar නිර්මාණය කළ Student of the year චිත්‍රපටයෙන්. එහි රාධා ලෙස අපූරු රංගනයක යෙදෙමින් ආලියා රසික සිත් දිනාගැනීමට සමත් වුනා. බ්‍රිතාන්‍යයේ පුරවැසිබව හිමි ආලියා බ්‍රිතාන්‍ය ගායිකාවක සහ නිළියක ලෙසින් ප්‍රචලිතයි. මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය හෙළි කරීමත් සමග ඕපාදුප කටකතා නිර්මාණය කළ මාධ්‍ය සහ වෙබ් අඩවි සියල්ල නිහඬ වී අති බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.

alia-ranbir-1527749920    MAIN ranbir_alia_0_0    ranbir-Alia ranbir-alia-bhatt-784x441    Ranbir-Kapoor-Alia-Bhatt-1900x-1000x500 thu1527757980

Share

විසිඅට ප්‍රධාන සම්මාන හතරක් දිනාගනියි

$
0
0

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය කළා ක්ෂේත්‍රයේ වගේම සිනමා රසිකයින්ගෙත් අවධානයට ලක් වුනා. පසුගිය සතිය පුරාවටම් මෙහි සම්මාන ලැබුණු අයුරු පිළිබඳව සිනමා රසිකයින් අතර විවිධ කතාබහ අති වුනා. විශේෂයෙන් සමාජ ජාල ඔස්සේ මේ පිළිබඳව විවිධ මත පල කොට තිබු අයුරුත් දකින්නට ලැබුනා. කෙසේ නමුත් මෙවර සම්මාන උළෙලේ කැපී පෙනුණු චිත්‍රපට පහක් දක්නට තිබුනා. ධර්ම යුද්ධය, ආලෝකෝ උදපාදි, විසිඅට, සුළඟ ගිනි අරන් සහ ප්‍රේමය නම් කියන චිත්‍රපට පහ මෙලෙස උළෙලේ කැපී පෙනුණු චිත්‍රපට වුනා. ප්‍රධාන සම්මාන රැසක නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබුනේ මේ චිත්‍රපට පහයි.

මේ අතුරින් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ විසිඅට (28) චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරකට හිමිකම් කීමට සමත් වුනා. හොඳම චිත්‍රපට සංස්කරණය සඳහා සම්මානය හිමිකර ගනීමට විසිඅට චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා වූ රංගන සිංහාරගේ සමත් වුනා. වසරේ හොඳම තිර රචනය සඳහා වන සම්මානය ප්‍රසන්න ජයකොඩි ලබාගත්තේ විසිඅට චිත්‍රපටයේ තිර රචනය වෙනුවෙන්. හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය පාත්‍ර වන්නටත් ප්‍රසන්න ජයකොඩි සමත් වුනා. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේත් විසිඅට චිත්‍රපටයයි. “මේ චිත්‍රපටය කරද්දීත් අපට පොදු අභියෝගයට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිරිවැය. ඒ වෙනුවෙන් අපි කණ්ඩායමක් එකතු වුනා. 14 දෙනෙක් ඒ කණ්ඩායමට අයත්. බොහෝ දෙනෙක් තමන්ගේ දායකත්වය චිත්‍රපටය වෙනුවෙන් ලබාදීමක් හැටියට මේ චිත්‍රපටයේ නොමිලේ වැඩකළා. එහෙම තමයි මේ නිර්මාණය එලියට ආවේ, ඉතින් ඒ සියලු දෙනාටම මේ සම්මාන අයිතියි” සම්මාන දිනා ගනිමින් ප්‍රසන්න ජයකොඩි පැවසුවේ එවැනි අදහසක්.

IMG_2311 [Original Resolution]    IMG_3312 [Original Resolution] IMG_3751 [Original Resolution]   IMG_3754 [Original Resolution]    IMG_3759 [Original Resolution] IMG_3761 [Original Resolution]    IMG_3766 [Original Resolution]

Share

නිදහසේ පියා –ඩි. එස්. සේනානායක චරිතය රිදී තිරයට ගෙනඑයි

$
0
0

ඉතිහාසය මුලාශ්‍ර කරගත් සිනමා සම්ප්‍රදායක් අපේ රටේ පසුගිය කාලය පුරාම ගොඩනැගුනා. විවිධ ඉතිහාස වෘතාන්ත ජනප්‍රිය සිනමාවට ගෙන ඒමට සිනමා නිර්මාණ කරුවන් කටයුතු කළා. සිනමා ක්ෂේත්‍රයේ විද්වතුන් සහ සිනමාලෝලීන් තුළ පවා මේ පිලිබඳ විවිධ මත නිර්මාණය වුනේ මේ නිර්මාණ සමහරක් අවර ගණයේ නිර්මාණ ලෙස හංවඩු ගසමින්. ඒ කෙසේ වෙතත් ඉතිහාස කතා පුවත් නිර්මාණශීලීව ගොඩනැගූ අවස්ථා නැතුවාම නොවෙයි.

ශ්‍රී ලාංකීය සිනමාවට තවත් ඉතිහාස කතා පුවතක් සිනමාරූපීයව ගෙන ඒමට සුදානම් බව තොරතුරු ලැබෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික ඉතිහාස රජ කතාවක් නම් නොවෙයි. අපේ ඉතිහාස කතා සිනමාව හරහා බොහෝවිට ගොඩනගා තිබුනේ අතීත රජවරුන් ඇසුරේ ගෙතුනු ඉතිහාස කතා මාලාවක්. නමුත් මේ චිත්‍රපටය ඊට වඩා ඉතා මෑත ඉතිහාසය නියෝජනය කරන්නක්. අදින් වසර 100කට මෙපිට මෑත ඉතිහාසයේ අපේ රටේ සිදුවූ දේශපාලනික විපර්යාසයන් සමග එහි මුලාශ්‍ර චරිත ඇසුරේ මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. එහි ප්‍රධාන චරිතය වන්නේ ඩි.එස්.සේනානායක නම් දේශපාලනඥයා වීම විශේෂිතයි. මෙරට අධිරාජ්‍ය සංකල්පයෙන් මිදී “නිදහස්” දේශයක් ලෙස ස්වෛරී බව ලබාගත් 1948 දේශපාලනික විපර්යාසයට මුලිකත්වය ගත්තේ ඔහු බව ඉතිහාසයේ පැවසෙනවා. ඒ නිසාම චිත්‍රපටයේ නම ලෙස යොදාගෙන අත්තේ “නිදහසේ පියා D.S” යනුවෙන්.

පසුගියදා මේ චිත්‍රපටයේ නිළ පුර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සිදුවුනා. නිදහසේ පියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින්. සමන්ත පෙරේරා මෙම චිත්‍රපටය සඳහා සංගීතය නිර්මාණය කොට තිබෙනවා. ආචාර්ය විජේදාස රාජපක්ෂ, මොහාන් ඩිල්මන් ජයරත්න සහ චන්න විකුම් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායකවී තිබෙනවා. මෙරට සිනමා ක්ෂේත්‍රයේ දක්ෂ සහ ජනප්‍රිය නළු නිලියන් රැසක් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය සපයනවා. ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, ජී.ආර්.පෙරේරා, නිශ්ශංක දිද්දෙණිය, හේමසිරි ලියනගේ, ශ්‍රියානි මහවත්ත, ශ්‍රියන්ත මෙන්ඩිස්, සුසන්තා චන්ද්‍රමාලි, සරත් චන්ද්‍රසිරි, ජයලාල් රෝහණ, සාරංග දිසාසේකර, ජනක ප්‍රේමලාල්, ඩග්ලස් රණසිංහ, ජනක ප්‍රේමලාල් ඇතුළු ප්‍රවීණ දක්ෂ නළු නිලියන් රැසක් රණගනයෙන් දායකවී තිබෙනවා. මෑත ඉතිහාසයේ ලියවුනු අභිමානවත් නිදහස් සටන පිලිබඳ සිනමාත්මක අත්දැකීමක් විඳින්නට ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී අවස්ථාව සැලසේවි.

Share


ඩයිනෝසරයන්ගේ ලෝකයට චාරිකාවක්

$
0
0

ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙමින් 1993 වර්ෂයේ නිර්මාණය වුනු Jurassic Park චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වුයේ යැයි සැලකෙන මිහිමතින් වඳවී ගිය ඩයිනොසර් නමැති සත්ව කාණ්ඩයක් තවමත් ජිවත් වන දුපතක් වෙත ගිය මිනිසුන් කණ්ඩායමක් ඇසුරු කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබුනා. චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුවා පමණක් නොවෙයි ඒ ඇසුරින් වෙනම උප සංස්කෘතියක් පවා බිහිව තිබුනා. කෙසේ නමුත් මෙම සංකල්පය ඇසුරින් ඊට පසුව තවත් නිර්මාණ තුනක් නිෂ්පාදනය කෙරුනා. ජුරාසික් පාක් කතා තේමාව පදනම් කරගනිමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටද අතිශය ජනප්‍රිය වුනා. එහි සිව්වැනි චිත්‍රපටය ලෙස නිර්මාණය වුනේ JURASSIC WORLD චිත්‍රපටයයි.

Jurassic World 2 නමින් එහි දිගුවක් නැවතත් නිර්මාණය කිරීමට හොලිවුඩ් සිනමා නිර්මාණකරුවන් කටයුතු කොට තිබෙනවා. විද්‍යාත්මක ප්‍රබන්ධ කතාවක් වන මෙම චිත්‍රපටයද ඩයිනෝසරයන් පදනම් කරගත් කතාවක් සමග නිර්මාණය කොට තිබෙනවා. එය ජුරාසික් පාක් චිත්‍රපට මාලාවේ පස්වැනි නිර්මාණය ලෙස සැලකෙනවා. Colin Treverrow සහ Derek Connolly මෙම චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබෙනවා. ප්‍රථම ජුරාසික් පාක් චිත්‍රපටය නිර්මාණය කළ Steven Spielberg මෙම චිත්‍රපටයට විධායක නිෂ්පාදකයා ලෙස සම්බන්ධ වී තිබෙන බව සඳහන්. Chris Pratt, Bryce Dallas Howard, Rafe Spall, Justice Smith, Daniella Pineda, James Cromwel, Toby Jones ඇතුළු නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Oscar Faura කැමරා අධ්‍යක්ෂවරයා ලෙස චිත්‍රපටයට දායක වී තිබෙන අතර මෙහි සංස්කාරක වරයා වන්නේ Bernat Vilaplana. විනාඩි 128ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය ත්‍රාසය සහ කුතුහලය සහිත අපූරු සිනමා නිර්මාණයක් වනු ඇතැයි මත පලවනවා.

Share

බහුචිතවාදියා ගැන සටහනක් –ලියනගේ අමරකීර්තිගෙන්

$
0
0

මාලක දේවප‍්‍රියගේ බහුවිතචාදියා චිත‍්‍රපටය මට නරඹන්නට හැකි වූයේ පසුගිය විසිහය වෙනිදා සාක් සිනමා උළෙලේදීය. ඊට පසු දින පැවැත්වුණු සාක් සිනමා සම්මාන උළෙලේදී එම චිත‍්‍රපටයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වූ බව ආරංචි විය.
බහුචිතවාදියා මා මෑතකදී නැරඹූ ඉතා හොඳ සිනමා කෘතියකි. මා මේ නිගමනය කරන්නේ අවුරුදු තිහක වත් අතීතයක් අැති චිත‍්‍රපට පිස්සෙකු ලෙස මිස චිත‍්‍රපට ගැන බසන්, ලකාන්, සිසෙක්(ජිජෙක්, චිචෙක්)* හෝ වෙන යම් කෙනෙක් කියූ දේ ඇසුරින් නොවේ. එවැනි අය සිනමා කෘති ගැන ඉතා වැදගත් දේවල් කියා ඇති බව ඇත්තකි.
බහුචිතවාදියා හොඳ නිර්මාණයක් වන්නේ වර්තමාන ධනවාදී ලංකාවේ තරුණ පරම්පරාවේ පැවැත්ම පිළිබඳ ඇතැම් අර්බුද ඉතා හොඳින් විෂය කරගෙන එය අපූරු සිනමා අත්දැකීමක් බවට පෙරළන නිසාය.
තම සමීපතමයන්ගෙන් දුරස්ව ලංකාවේ හෝ වෙන යම් තැනක වෙසෙන අය තමන් ආදරය කරන අයට අන්තර්ජාලයෙන් ත්‍යාග යැවීම නම් ක‍්‍රියාවලියම ධනේශ්වර වර්ධනයේ එක් නිශ්චිත අවස්ථාවක් ඉ`ගි කරයි. මෙම අන්තර්ජාලයෙන් තෑගි ඇණවුම් කරන ආයතනයේ ”ඩිලිවරි බෝයි” තමන් තෑගි යවන සහ ලබන ඇතැම් ස්ත‍්‍රීන් සමග ඇති කරගන්නා ලිංගික සම්බන්ධතා මාලාවක් චිත‍්‍රපටයට විෂය වේ. ඒ ස්ත‍්‍රීන් තමන් ආදරය කරන අය සමග සම්බන්ධ වන්නේ යම් කිසි ත්‍යාග වස්තුවක් ඔස්සේය. නිදර්ශනයක් මෙසේය. ලන්ඩනයේ වසන එක් පිරිමියෙකුගේ බිරිඳ සිය දරුවා සමග හුදෙකලාව ලංකාවේ වසයි. ඒ සැමියාගේ ආදරය ඇය වෙත එන්නේ ඔහු එවන ත්‍යාග වස්තු විලාසයෙනි. එය මානව-මානව සම්බන්ධයක් නොවේ. මානව-භාණ්ඩ සම්බන්ධයකි. ඒ නිසා ඒ ත්‍යාග බෙදා හරින තරුණ පිරිමියා සමග මිනිස් ඇසුරක් ඇති කර ගැනීමට ඇය පෙලඹේ. මෙවැනි ස්ත‍්‍රීන් ගණනාවක් චිත්‍ර`පටයෙහි අපට දැකිය හැකිය. ඔහු හුදෙක් ගනුදෙනුකරුවෙකු නොවී ඒ ස්ත‍්‍රීන්ගේ ජීවන ගමනේ සහකරුවෙකුද සවන්දෙන්නෙකුද ලිංගික ප‍්‍රීතිය සපයන්නෙකුද බවට පත් වේ. එහෙත් ඔහු ඒ ස්ත‍්‍රීන් සලකන්නේ තමන්ගේ ඉලක්ක කරා යාමට භාවිත කළ හැකි උපකරණ ලෙසිනි.
මේ සියල්ල සිදුවන ලංකාවේ අගනගරය වේගයෙන් ධනවාදී වර්ධනය කරා යනු පෙනේ.
පසු බිමින් ඇතැම් විට ඇසෙන රූපවාහිණී වැඩසටහන්වල ලංකාවේ සංස්කෘතික පාරිශුද්ධත්වය සහ අද්විතීයත්වය ගැන ජාතිකවාදී ටෙලි ෂෝ සංදර්ශනය පැවැත්වේ. ඒවා සුපර් ස්ටාර් වැනි සංදර්ශනවලින් වෙනස් නැති බවට සිනමා බසින් අපට කියවේ. මව්බිමෙහි උදාරත්වය ගැන කතිකා සංදර්ශන පසුබිමින් ඇසෙද්දී පෙරබිමෙහි අප දකින්නේ මැදපෙරදිග විවිධ රැකියාවලට ගොස් හුදෙකලා වූ, විවිධ පිරිමින් විසින් සූරා කැවෙන අසරණ ස්ත‍්‍රීන්ය. චිත්‍රපටයේ ප‍්‍රතිවීරයා තැත් කරන්නේ මේ ලෝකෙන් උතුම් රටෙන් ඈතට පැන ගන්නටය. ඇමරිකාවට, යුරෝපයට, ඔස්ටේ‍්‍රලියාව බැරිනම් ඉන්දියාවට හෝ පැන නැගීමටය. ඒ සඳහා මාර්ගය ලෙස මෙම තරුණයාට පෙනෙන්නේ පිටරට සිටින ස්ත‍්‍රියක දැපනෙ දා ගැනීමය.

ඔහුට ආකර්ෂණය වන ස්ත‍්‍රීන් සොයන්නේ නවතින්නට තැනකි. ඔහුට ඒ ස්ත‍්‍රීන් පෙනෙන්නේ වෙන තැනකට නැගිය හැකි ඉණිමගක් ලෙසකි. ඔහුට ඔවුන් සිය ගමනෙහි උපකරණයක් පමණි. ඒ සෑම ස්ත‍්‍රියකම ඔහු වෙතින් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ ගමනෙහි ගමනාන්තය බවට පත් වීමය. ඒ නිසා මේ ජෝඩු කෙදිනකවත් එක තැන නවතින්නේ නැත. මනුෂ්‍ය සම්බන්ධතාවල මෙම ඛාදනය සිදු වී ඇත්තේ ඇයි? එය හුදෙක් ආර්ථික නිර්ණයවාදීව පමණක් විස්තර කළ හැකිද?
අලූත් පරම්පරාවක පැවැත්ම පිළිබඳ මේ අර්බුදය, එනම් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කර හුදෙකලා කරනු ලැබීම පිළිබඳ අර්බුදය, සිනමා කෘතියට හසු වෙන්නේ පශ්චාත්-නූතන ගෝලීයකරණය පිළිබඳ ඇතැම් යථාර්ථද හසු වන ලෙසය. ආර්ථික ගෝලීයකරණය ප‍්‍රාග්ධනයට දේශසීමා පනින්නට ලබා දෙන ඉඩ ශ‍්‍රමිකයාට ලබා දෙන්නේ නැත.ශ‍්‍රමිකයාට දේශසීමා ඉක්මවා යන්නට ලැබුණද ඔහුට හෝ ඇයට ඒ ගමන යාමට ලැබෙන්නේ ශ‍්‍රමිකයෙකු ලෙසම පමණි. ආදරවන්තවෙකු ලෙස සිය ආදරවන්තියද රැගෙන, සැමියෙකු ලෙස සිය බිරිඳද රැගෙන, පියෙකු ලෙස සිය දරුවන්ද රැගෙන දේශසීමාව පනින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අවස්ථාව ලැබෙන්නේ ඉහළ පුහුණු ශ‍්‍රමිකයන්ට පමණි. අනෙක් කායික ශ‍්‍රමිකයන්ට දේශසීමාව පැනිය හැක්කේ තනි ශරීරයක ශ‍්‍රමය විකුණන්නෙකු ලෙස පමණි. ඒ නිසා එවන් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ට තම අාදරවන්තියට, අාදරවන්තයාට ආදරය එවන්නට සිදුවන්නේ තෑගි පාර්සලයක වේශයෙනි. එවැන්නවුන්ට ලිංගික ප‍්‍රීතිය ලබා ගන්නට සිදුවන්නේ තාවකාලික පදනමකින් ලබන පරිභෝජන සේවාවක් ලෙස මිස ආදරයේ දිගුවක් ලෙස නොවේ. ආර්ථික ගෝලීයකරණයේ නිදහස මූලික වශයෙන් ප‍්‍රාග්ධන නිදහසකි. එහෙත් සංස්කෘතික ගෝලීයකරණය මනුෂ්‍ය ජීවන විලාසිතා සාපේක්ෂ වශයෙන් සමජාතිීය බවට පත් කරයි. මේ වූකලි සම්භාව්‍ය මාක්ස්වාදයේ ආර්ථික නිර්ණයවාදය ඇසුරින් හරියටම විස්තර කළ නොහැකි නව තත්ත්වයකි. නැතිනම් අධෝ වයූහය සහ එහි උපරිව්‍යූහමය ප‍්‍රතිබිම්බණය අතර ඇත්තේ දැවන්ත පැල්මකි. පරතරයකි. මේ කාරණය හසුවීමම චිත‍්‍රපටයේ වැදගත් ජයග‍්‍රහණයකි.
මේ සියල්ල අතරෙහි මෙම යුගයෙහි පරම්පරාව විශේෂයෙන් පිරිමියා ඉතා වගකීම් විරහිත සත්ත්වයෙකු බවට පත්ව තිබේ. චිත‍්‍රපටයෙහි හමුවන සියලූම පිරිමින් පාහේ ආචාර්ධාර්මිකව බංකොලොත් වූ අය බව පෙනේ. එහෙත් ඉතා දරුණු උපකරණීය තර්කනය(කරණීය තර්කනයකට) හසු වූ මේ පිරිමි තුළ මනුෂ්‍යයත්වය පිළිබඳ යම් අපේක්ෂාවක් ඉතිරිව තිබේ.
කතාවේ ප‍්‍රධාන චරිතය වන ඩිලිවරි බෝයි ස්ත‍්‍රීන් රවටන්නෙකු වුවද ස්ත‍්‍රීන් හිංසනයට ලක් කරන්නෙක් නොවේ. ඔහු හා සම්බන්ධයක් පවත් වන මැදිවියේ ගැහැනියක යම් නොදන්නා රෝගයකින් පෙළෙයි. එය ආර්ථවහරණය හා සම්බන්ධ ගැටලූවක්ද විය හැකිය. ඇය රෝගී වූ අවස්ථාවක රෝහළට ගෙනයාම වැනි දේ අපේ කතානායකයා කරයි. ඔහු තමා ඇසුරු කරන ස්ත‍්‍රීන් සමග යාන්ත‍්‍රික ලිංගික සම්බන්ධතා පවත්වන්නෙක් නොවේ. ඔවුන් සමග කතාබහ කරමින් කාලය ගත කරන බවද පෙනේ. ඔවුන්ගේ හුදෙකලාව ගැන අනුකම්පාවක් ඔහු තුළ තිබෙන බවද පෙනෙන්නට තිබේ.
එසේ ගෝලීය ප‍්‍රාග්ධනය හෝ ගෝලීය මට්ටමේ පරිභෝජන ආශාව විසින් විසරුවා හරින ලද න්‍යෂ්ඨික පවුල තුළ ස්ත‍්‍රිය යනු අකර්මණ්‍ය වැලපෙන්නියක්ද නොවේ. ඇයද තම ඉරණමට මුහුණ දෙන්නේ කාරක ශක්තියෙන් යුතුවය. එක් පවුලක ස්වාමි පුරුෂයා එංගලන්තයේය. ඔහුගේ බිරිඳ ඩිලිවරි බෝයි වෙතින් ලිංගික තෘප්තිය සහ සහකාරිත්වය ලබා ගත්තද පවුලද පවත්වාගෙන යයි. ඇය ඩිලිවරි බෝයිට පවුල කඩන්නට ඉඩ නොදෙයි. ඔහු හා පැන යන්නටද තැත් නොකරයි. ඔහුට විශේෂ ආදරයක්ද නොදක්වයි. බොළඳ වචනද නොකියයි. සමනලී ෆොන්සේකා මේ චරිතය සිත්ගන්නා සේ ගොඩනගයි.
කූඹියෝ ටෙලි නාට්‍යයේද ඩිලිවරි බෝයි කෙනෙකුගේ චරිතයක් තිබේ. එහෙත් ඊට වැඩි සංකීර්ණතාවකින් මෙම චිත‍්‍රපටයේදී ඒ ඩිලිවරි බෝයි චරිතය අපට දක්නට ලැබේ.
කළණ ගුණසේකර බහුචිතවාදියා චිත‍්‍රපටයෙහි කරන ර`ගපෑම අගනේය. කූඹියෝ ටෙලියෙහි වුවද මගේ කැමතිම රංගනය කරන්නේ ඔහුය. (ඊ ළ`ගට කැමති ර`ගපෑම කරන්නේ ටිරන් ලෙස ර`ගපාන නළුවාය.) බහුචිතවාදියා අපේ යුගයේ පාරදිගේ වැනිය. එනමුත් ඊට වැඩි පැතිමාන මෙහි තිබේ. අපේ යුගයේ තාරුණ්‍යයෙහි ජීවිතය කළණ ගුණසේකර නිරූපණය කරන්්නේ ඒ චරිතය ගැන යම් දයාවක්ද ඇති වන ලෙසය.
විදේශගත ස්ත‍්‍රීන් ස්කයිප් ඔස්සේ ලංකාවේ සිටින ඩිලිවරිබෝයිට හසුවන ආකාරය ස්කයිප් ඔස්සේම නිරූපණය වන සැටි අපූරුය. ස්කයිප් තිරය ඒ ස්ත‍්‍රිය ඉලෙක්ට්‍රොනික හිරගෙයක සිරවූවක ලෙස අපට පෙන්වයි. මනුෂ්‍ය ස්ත‍්‍රිය ඉලෙක්ට්‍රොනික රූපයක් බවට පත් වී ඇත. පිරිමියා ගනුදෙනු කරන්නේ ඉලෙන්ට්‍රොනික සංඥා සමූහනයක් ලෙස හීලෑ කරගත් ස්ත‍්‍රියක සමගය.
ඒ ඉලෙක්ෙට්‍රානික ස්ත‍්‍රිය සමීප රූපයක් බවට පත් කරන කොම්පියුටර් තිරය මත එක් පසෙක ඉතා කුඩා කොටුවක මේ චිත‍්‍රපටයේ වීරයාද සිර වී සිටියි. ඔහු වීරයෙකු නොව අසරණ ප‍්‍රතිවීරයකු බව කියන්නට ඒ අ`ගලක පමණ කොටුවේ සිට කළණ ගුණසේකර විශිෂ්ට ලෙස ර`ගපායි.
ආදරය යනු මෝටර් සයිකලයකින් ගොස් ඩිලිවර් කළ හැකි තෑගි පාර්සලයක්ද? වේගයෙන් වර්ධනය වන අගනගරය තුළ අපේක්ෂා භංගයට පත් වන මේ තරුණයාත්, න්‍යෂ්ටික පවුල් තුළට ආදරය සහ රැකවරණය සොයා එළඹුණු ස්ත‍්‍රීන්ගේ අතෘප්තියෙන් බරවුණු හුදෙකලාවත් ගැන මේ චිත‍්‍රපටය කියන කතාව වර්තමානය ගැන චිත‍්‍රණයක්ද? අනාගතය ගැන අනතුරු ඇ`ගවීමක්ද? න්‍යෂ්ඨික පවුල තවදුරටත් නොබෙදිය හැකි පරමාණුවක් සේ සැලකුණු යුගයක් තිබිණි. අද එය තවදුරටත් පරමාණුවක් නොවේ. එයද කැඞී තවත් කුඩා කෑලිවලට කැඬේ. එසේ කැඩී විසිවුණු මනුෂ්‍ය දූවිලිවල කතාව සිනමාත්මකව කීම අපේ සිනමාව බාරගත යුතු අභියෝගයකි. එය රජකතාකාර සිනමාකරුවන්ට බැරිවැඩකි. ඒ අය රජකතා කියන අතර තව පිරිසක් මේ අපේ කතාව කිව යුතුය. ඒ කතා වර්ග දෙකම කියන සිනමාවක් අපට තිබිය යුතුය. මේ දෙවැනි කතාව කියන දක්ෂ සිනමාකරුවන් පේළියක්ම පෙළ ගැසී සිටියත්, මේ චිත‍්‍රපටි ටික ඉක්මනට පෙන්නන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

….ලියනගේ අමාරකීර්ති…..

Share

Nick Jonas, ප්‍රියංකා චොප්රාගේ අලුත් පෙම්වතාද….?

$
0
0

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා බොලිවුඩ් වගේම හොලිවුඩ් පුරයේත් පුවත් මවන්නියක් බවට පත්වෙලා. ප්‍රියංකා පිලිබඳ කලින් කලට විවිධ පුවත් මතු වනවා. 2000 වර්ෂයේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳිමත් සමග ඇය පිලිබඳ ලෝකයේ අවධානය යොමු වුනා. ඉන් පසුව බොලිවුඩ් සිනමාවේ ඇය රඟපෑ චරිත බොලිවුඩ් සිනමා රසිකයින් අතර පමණක් නොවෙයි ලෝකයේම අවධානයට ලක් වුනා. ඇය චරිතාංග නිළියක් ලෙස විවිධ චරිත රංගනයේ යෙදෙමින් ඉදිරියට පැමිණියා. අවසානයේ ඇය බොලිවුඩ් සිනමාවෙන් හොලිවුඩ් ලෝකයට අවතීර්ණ වුනා. Alex & Ryan ඇමරිකානු රූපවාහිනී මාලා නාට්‍ය ඔස්සේ මේ දිනවල ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනවා. ඒ නිසාම දැන් හොලිවුඩ් පුරයේත් ප්‍රියංකා අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ වගේම මේ වසරේදී නිකුත් කෙරෙන A kid like Jake නම් වූ හොලිවුඩ් චිත්‍රපටයෙත් ප්‍රියංක ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වනවා.

මේ තොරතුරු ඇගේ රංගන ජීවිතය ගැන නම් නොවෙයි. වයස අවුරුදු 35ක් වූ ප්‍රියංකා වයස 25ක තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන අති බව හොලිවුඩ් පුවත් වාර්තා කරන වෙබ් අඩවි වාර්තා කොට තිබුනා. Nick Jonas නම් මේ තරුණයාත් ප්‍රියංකාත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට ඔවුන් වාර්තා කොට තිබුනා. ඔහු ප්‍රියංකා සමග අලුත්ම නිර්මාණයට දායක වූ ශිල්පියකු බවත් මේ පුවත් වැලි  කියවුනා. නික් ජෝන්ස්  ප්‍රියංකා සමග සති අන්ත නිවාඩුවක් ගත කිරීමට ගොස් තිබු බවත් ඉන් පසු යෙදුනු සති අන්තයේ දිනක ලොස්ඇන්ජලීස් නුවරදී ඔවුන් දෙදෙනා රාත්‍රී භෝජනයකට ගොස් සිටි බවත් මේ පුවත් වලින් කියවුනා. “Priyanka and Nick were talking really closely and were very smiley and very happy. They weren’t trying to be private as they were in a pretty public place, but they were talking to people around them, sitting closely and they both just seemed super happy.’’ ලෙසයි මෙම වාර්තා වල සඳහා වුනේ. කෙසේ නමුත් ප්‍රියංකා හෝ නික් මේ   කිසිදු ප්‍රකාශයක් කොට නැහැ.

Share

SAARC සම්මාන උළෙලේ ප්‍රධාන සමාන හතරක් ශ්‍රී ලංකාවට

$
0
0

දකුණු ආසියානු කලාපීය සංස්කෘතික ආයතනය SAARC culture center මගින් වාර්ෂිකව සිනමා උළෙලක් පැවැත්වීම සිදුවෙයි. මෙවර 2018 වර්ෂයේ අටවැනි වරටත් මෙම  සිනමා උළෙල පැවැත්විණි. දින හයක් තිස්සේ පවතී චිත්‍රපට උළෙලේදී SAARC කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණ තිරගත කිරීම සිදු කෙරිණ. ඒ අතුරින් විශිෂ්ට නිර්මාණ ඇගයීම සහ ඒවා සඳහා සම්මාන ප්‍රධානය කිරීම උළෙලේ අවසන් දිනයේදී සිදුවිය.

මෙවර අටවැනි SAARC  සිනමා උළෙලේ සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. එම සම්මාන උළෙල සඳහා විදෙස් රටවල නිර්මාණ කරුවන් ජූරි සභිකයින්, කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වී තිබිණ. උළෙලේ සම්මාන රාත්‍රියේදී පිරිනැමුණු සම්මාන අතුරින් සම්මාන හතරක් දිනා ගැනීමට මෙරට නිර්මාණ කරුවන් සමත්ව තිබීම විශේෂත්වයකි. ඒ යටතේ පළමු සම්මානය ලෙස ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුනේ “බහුචිතවාදියා” චිත්‍රපටය වෙනුවෙනි. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් එම  සම්මානය ලබා ගැනින.

34155851_1930474193631730_1927601375647105024_n

සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට ලැබුණු දෙවැනි සම්මානය වූයේ හොඳම ශබ්ද පරිපාලනය සඳහා වන සම්මානයයි. එය බහුචිතවාදියා චිත්‍රපටයේ ශබ්ද පරිපාලකවරයා වූ සසික රුවන් විසින් දිනා ගැනින. සසික රුවන් එදින සහභාගී නොවීම හේතුවෙන් තිලිණ පෙරේරා විසින් එම සම්මානය ලබාගත්තේය.

33864149_1930471930298623_1163011121519525888_n

සම්මාන උළෙලේදී පිරිනැමුණු සම්මාන අතර හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණ කළ විසිඅට (28) චිත්‍රපටයේ රංගනයේ යෙදුනු මහේන්ද්‍ර පෙරේරා ශිල්පියා සමත්විය. ඔහුද එම අවස්ථාවට සහභාගී නොවුණු හෙයින් අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි විසින් එම සම්මානය ලබාගෙන තිබිණ. වසරේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අටවැනි SAARC සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවූයේ විසිඅට (28) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියායි. ඒ අනුව මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ සම්මාන හතරකට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබිණ.

33854341_1930474483631701_7951672142230192128_n      33869794_1930472290298587_6093742218525278208_n 33870825_1930474386965044_2982423288887640064_n (1)      33921074_1930474510298365_1569810555277934592_n 33992901_1930474230298393_6006614520548556800_n     33994808_1930473446965138_4605442183951024128_n 34155851_1930474193631730_1927601375647105024_n

 

Share

මේක, යුද්ධයක් නැවත්වීමට ලිංගික වර්ජනයක යෙදුනු කාන්තාවන් පිරිසකගේ කතාවක් –ප්‍රියංකර රත්නායක නාට්‍ය උළෙල පිලිබඳ සංවාදයක්

Viewing all 2381 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>