Quantcast
Channel: Cinema.lk
Viewing all 2382 articles
Browse latest View live

මධුරි ඩික්සිත්, මධුරා ලෙස ප්‍රථම වරට මරාති චිත්‍රපටයකින්

$
0
0

මධුරි ඩික්සිත් බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය වුනු නිළියක්. ලොව පුරා හින්දි සිනමා ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරන්නේ ඇගේ සුන්දරත්වය වගේම රංගන හැකියාව කියන කාරණා දෙකම නිසයි. 90 දශකයේ හින්දි සිනමාවේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත්වුණු මධුරි, අපූරු රංගන සහ නර්ථන හැකියාවක් සහිත ශිල්පිනියක් නිසාම ඇය රඟපෑ බොහෝ චරිත ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. නමුත් කාලයත් සමග ඇය සිනමා රංගනයෙන් ඈත්වෙමින් ඇගේ පවුලේ සහ දරුවන්ගේ කටයුතු වලට මුලිකත්වය දෙමින් වද කළා. ඒ කෙසේ නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරය අඩුවක් නොවුනා වගේම ඇය යලිත් සිනමාපටයකින් දැකගන්නට ප්‍රේක්ෂකයන් ඉතා කැමැත්තෙන් පසු වුනා.

මධුරිගේ සිනමා ජීවිතයේ පළමු වරට ඇය මරාති චිත්‍රපටයකින් යලිත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙනවා. ඒ දැන් තිරගත වන Bucket List මරාති චිත්‍රපටයෙන්. සාම්ප්‍රදායික ඉන්දියානු ගෘහණියකගේ චරිතයක් ලෙස මධුරා චරිතය ගොඩනැගී තියෙනවා. සිය පවුල සහ පවුලේ වගකීම් වෙනුවෙන් ජීවිතය කැප කළ මධුරාට, තමාව අමතක වන්නේ දිනක් තුළ සිය පවුල වෙනුවෙන් කළ යුතුව ඇති වැඩ ප්‍රමාණය නිසාමයි. මෙහි පුර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන පරිදි ඇයට දිනකදී එකම එළවළුවක් ආකාර හතරකට පිසීමට සිදු වන්නේ පවුලේ එකිනෙකාගේ කැමැත්ත නිසයි. මේ ආකාරයෙන් පවුල වෙනුවෙන් දැඩිව කැපවෙමින් කටයුතු කරන අතර ඇයට හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිදු වනවා. සාර්ථකව සැත්කමට මුහුණ දීමෙන්  පසුව ඇගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වනවා. මේ අපූරු කතා සංකල්පය සහිත Bucket List චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා.

Prabha Vijay Deoskar අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය Karan Johar නිෂ්පාදන සමාගමේ ඉදිරිපත් කිරීමක්. මධුරි ඩික්සිත්ගේ රංගනය නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපටය නැරඹීමට දැන් අවස්ථාව තිබෙනවා.

 

Share


ඉරාන චිත්‍රපට දැක්මක් කොළඹදී

$
0
0

Cinema of post Islamic revolution of Iran (පශ්චාත් ඉරාන ඉස්ලාමිය විප්ලව අවදියේ සිනමාව) තේමාව යටතේ චිත්‍රපට උළෙලක් ඉරාන තානාපති කාර්යාලය මගින් සංවිධාන කොට තිබෙනවා. ඉරාන සංස්කෘතික ආයතනයේ  ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙනු ඇති. ජුනි මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දින පහ තුළ ඉරාන සිනමාපට පහක් තිරගත කිරීමට නියමිතයි.

34810772_10216219932315125_235692231653064704_n

ලෝක සිනමා ක්ෂේත්‍රයේ අවධානය දිනාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුගේ නිර්මාණ මෙම සිනමා උළෙල යටතේ තිරගත කිරීමට සුදානම්. Daryoush Mehrjui, Naser Taghrai, Ali Hatami, Masoud Kimiai නිර්මාණය කළ චිත්‍රප හතක් උළෙලට අයත් වනවා.

ජුනි 21  ප.ව. 6.00   – Mother

ජුනි 22  ප.ව. 6.00  – Love Stricken

ජුනි 23  ප.ව. 3.00  –  Hamoon

ජුනි 23  ප.ව. 6.00  – Leila

ජුනි 24  ප.ව. 3.00  – Captain Khorshid

ජුනි 24  ප.ව. 6.00  – The Banquet

ජුනි 25  ප.ව. 6.00  – The Rerdict

මෙම චිත්‍රපට හත උළෙලේදී තිරගත කෙරෙනවා. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට පැමිණෙන ලෙස ඉරාන සංස්කෘතික අයතනය සිනමා රසික සැමට ආරාධනා කර සිටිනවා.

Share

Mohini සමග ඉන්දීය නිළි Trisha Krishnan යළිත්..

$
0
0

අපේ අසල්වැසි ඉන්දියාව කියන්නේ අපට භෞතිකව වගේම සංස්කෘතිකවත් බෙහෙවින් සමීප රටක්. ඉන්දියාවේ සංගීතය, චිත්‍රපට සහ නැටුම්  කියන මාධ්‍ය තුන මේ අතරින් අපට වඩාත් සමීපයි. ඉන්දියාවේ සිනමා කර්මාන්තය කොටස් කිහිපයක් යටතේ අපට හඳුනාගන්න හැකියාව තිබෙනවා. බොලිවුඩ් හෙවත් හින්දි සිනමාව, දමිළ (දකුණු ඉන්දියානු) තෙලිඟු, මලයාලම්, කන්නඩ, මරාති ඇතුළු විවිධ කොටස් සහිත ඉන්දීය සිනමාවේ බොහෝ චිත්‍රපට අපට සමීප වනවා. මේ අතර හින්දි සහ දමිළ චිත්‍රපට විශේෂයි.

මේ කියන්න යන්නෙත් දකුණු ඉන්දීය චිත්‍රපටයක් පිළිබඳව. අලුතින්ම නිර්මාණය වන ඉදිරියේදී තිරගත වීමට නියමිත අපූරු ද්‍රවිඩ චිත්‍රපටයක්. Tamil horror thriller චිත්‍රපටයක් විදිහටයි මේ චිත්‍රපටය වර්ගීකරණය කොට තිබෙන්නේ. චිත්‍රපටයේ ප්‍රධානම විශේෂත්වය වන්නේ මේ සඳහා දායක වන රංගන ශිල්පිනිය. ජනප්‍රිය ද්‍රවිඩ සිනමා නිළියක් වන Trisha Krishnan මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වනවා. ඒ චිත්‍රපටයේ වෛශාලි ලෙසින්. 1983 වර්ෂයේ උපත ලැබූ Trisha 1999 වර්ෂයේ Miss Madras ලෙස තේරී පත්වීමත් සමග 1999 වසරේ නිර්මාණය කෙරුණු Jodi චිත්‍රපටයට සහය නිළියක ලෙස චරිත රංගනයට එක වුනා. 2002 වසරේ Mounam Pesiyadhe චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් ඇය සිනමාවේ නිළියක ලෙස යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තිබෙනවා. ඇය කලකට පසුව යළිත් සිනමාපටයකට එක්ව තිබෙන්නේ Mohini චිත්‍රපටය හරහා බව පැවසෙනවා.

2016 වර්ෂයේදී එංගලන්තයේ විවිධ ස්ථාන කිහිපයක සහ ප්‍රධාන වශයෙන් ලන්ඩනයේ මේ චිත්‍රපටය රුගත කොට තිබෙනවා.  චිත්‍රපටය සඳහා තිරරචනය කොට තිබෙන්නේත් එහි අධ්‍යක්ෂවරයා විසින්මයි. ඒ, Ramana Madhesh විසින්. Trisha සමග ප්‍රධාන චරිතය රංගනයට එක්වන්නේ ජනප්‍රිය හින්දි නළුවකු වන Jackky Bhagnani. ඊට අමතරව Suresh, Poornima Bhagyaraj චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා. මේ චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට නියමිත බව වාර්තා වනවා. දමිළ සිනමාපට වලට කැමති රසිකයින් විශාල පිරිසක් මේ චිත්‍රපටය නිකුත් වන තුරු නොඉවසිල්ලෙන් පසුවන බවත් සඳහන්.

Share

“දැවෙන විහඟුන්”මෙගේ අලුත්ම චිත්‍රපටය 29 වැනිදා සිට තිරගත වනවා –සංජීව පුෂ්පකුමාර

ශ්‍රීදේවිගේ දියණිය රඟපාන පළමු චිත්‍රපටය ළඟදීම රසිකයින් වෙතට

$
0
0

බොලිවුඩ් සිනමාවට අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. ඒක ඒ තරම්ම අලුත් හෝ වැදගත් ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද කියල ඔබට හිතෙනවා වන්නට පුළුවන්. ඒ සිද්දියට හේතුවන කරුණු කිහිපයක්ම තිබෙනවා. මේ චිත්‍රපටය ඒ සඳහා සම්බන්ධ වුනු පිරිස වගේම චිත්‍රපටය සම්බන්ධ අතුරු කාරණා කිහිපයක් නිසා ඒ පිළිබඳව මාධ්‍ය වගේම ප්‍රේක්ෂක ජනතාවත් දැඩි උනන්දුවකින් පසුවන බව බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා. චිත්‍රපටයේ නම “Dhadak” ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේක කියවෙන්නේ “Heartbeat” කියලයි. චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය (Official trailer) මීට දින දෙකකට පෙර නිකුත් කර තිබුනා. ජුනි 13 වැනිදා ප.ව. 2.00 වෙද්දී you tube හරහා මේ පුර්ව ප්‍රචාරක පටය බැලූ පිරිස 23, 439, 911ක් පමණ වී තිබුනා. එතරම්ම මේ චිත්‍රපටය පිලිබඳ බොලිවුඩ් රසික අවධානය යොමුවී තිබෙනවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Shashank Khaitan විසින්. තිර රචනාවත් ඔහුගෙමයි. චිත්‍රපටය නිෂ්පාදනය කලේ Karan Johar විසින්. ඔහු බොලිවුඩ් පුරයේ නම දිනාගත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. චිත්‍රපටයට දායක වූ ප්‍රධාන චරිත දෙක නිසාම නිර්මාණයට දැවැන්ත ප්‍රේක්ෂක අවධානයක් හිමිවී තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. වසර 30කට අධික කාලයක් තිස්සේ ඉන්දීය සිනමාවේ තරුවක් ලෙස නමක් දිනාගත් ශ්‍රීදේවි කපූර් මිට මාස කිහිපයකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුනා. ඇගේ වැඩිමහල් දියණිය Jhanvi Kapoor මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Parthavi ලෙස රංගනයේ යෙදෙනවා. ඒ ඇගේ පළවැනි සිනමා රංගනය බවත් සඳහන්. ප්‍රචාරක පටය නිකුත් කළ අවස්ථාවේ අදහස් විමසීමේදී ඇය කිවුවේ “මට දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නැහැ, මම ආතතියෙන් සහ කලබලයෙන් ඉන්නේ” යනුවෙන්. ඒ තරමටම ඇයට ඒ අවස්ථාව සුවිශේෂී වී තිබුනා. ඒ වගේම ඇගේ මව ගැනත් ඇය මේ මොහොතේ සිහිපත් කොට තිබුනා.

ජාන්වී සමග Madhukar නම් වන අනික් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ Ishaan Khatter. ඔහු මිට පෙර චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහුගේ පළමු චිත්‍රපටය වයස අවුරුදු 10දී ඔහු රඟපෑ Vaah!blife ho toh aisi සහ 2017 වසරේ ලෝක ප්‍රකට ඉරාන සිනමාවේදී Majid Majidi අධ්‍යක්ෂණය කළ Beyond the clouds චිත්‍රපටයෙන් ඔහුගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබී තිබෙනවා. බොලිවුඩ් රංගන ශිල්පින් යුවලක් වන Neelima Azeem සහ Rajesh Khatter ඔහුගේ දෙමව්පියන් වනවා. ඔහුත් රංගනය සිය පවුලෙන්ම රැගෙන ආ අයෙක් වගේම ඔහු මතු බලාපොරොත්තු සහිත දක්ෂ චරිතාංග නළුවකු බවත් බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා. මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති Romantic drama film එකක් තමයි Dhadak චිත්‍රපටය. Ajay Atul සංගීත නිර්මාණයෙන් දායක වූ චිත්‍රපටයට Vishnu Rao සම්බන්ධ වන්නේ cinematographer ලෙසින්. Aditya Kumar, Aishwarya Narkar, Kharaj Mukherjee ඇතුළු පිරිසක් අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. එළඹෙන ජූලි 20 වැනිදා සිට ලොව පුරා සිනමාලෝලීන් වෙත Dhadak තිලිණ කෙරෙනු ඇති.

Share

Ship of theseus චිත්‍රපටය SLMTI ශ්‍රවණාගාරයේදී

$
0
0

SLMTI ආයතනය ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය, සිනමා කලාව, වැඩසටහන් නිෂ්පාදනය ආදී විෂයන් සන්ධහා විද්‍යාර්ථින් බිහි කරන ප්‍රමුඛ පෙලේ ආයතන වලින් එකක්. එම ආයතනය මගින් මාසික සිනමා සංවාද මණ්ඩපයක් සංවිධාන කෙරෙනවා. SLMTI World cinema festival ලෙස මේ වැඩසටහන නම් කොට තිබෙනවා. ජුනි මාසය සඳහා වන මාසික සිනමා සංවාද මණ්ඩපය පැවැත්වීමට දැන් සියල්ල සුදානම්.

ජුනි මස 16 වැනිදා සවස 5.30ට මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. SLMTI ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා. Anand Gandhi අධ්‍යක්ෂණය කළ Ship of theseus චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිත බව සඳහන්.

35143985_1530784973716526_508359390080794624_n

16 සවස 5.30 සිට චිත්‍රපට දර්ශනය පැවැත්වීමෙන් අනතුරුව සිනමා සංවාදය පැවැත්වෙනවා. චිත්‍රපටයේ හඳුන්වාදීම සහ සංවාද මණ්ඩපය මෙහෙයවීම ධනුෂ්ක ගුණතිලකගෙන්. සිනමා සංවාද මණ්ඩපයට මෙවරත් එක්වන ලෙස සිනමාලෝලි රසිකයින් වෙත SLMTI ආරාධනා කර සිටිනවා.

2013 ඉන්දියාවේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටයේ රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද් ගාන්ධි විසින්. අනන්‍යතාව, යුක්තිය සාධාරණය, අර්ථාන්විත බව, ජීවිතය, මරණය වැනි සංකල්ප පිළිබඳව සාකච්චාවට ගෙනෙන චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා තිබෙනවා. ගවේෂණාත්මක චායාරුප ශිල්පිනියක්, රෝගාතුර හිමිනමක් සහ කොටස් තැරැව්කරුවෙක් වටා මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපටය 2012 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ප්‍රථම දැක්ම පවත්වා තිබෙනවා. එහිදී දෙස් විදෙස් විචාරකයින්ගේ සුබවාදී විචාරයන් චිත්‍රපටයට ලැබී තිබෙනවා. සිනමා විචාරක Derek Malcom මෙම චිත්‍රපටය “Life changing film” ලෙස හඳුන්වාදී තිබුනා. 61 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබුනා. Aida Al-Khashef, Neeraj Kabi, සහ Sohum Shah චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

දිනාගත් ජාතික සහ ජාත්‍යන්තර සම්මාන

Award Category Recipients and nominees Result
Transilvania International Film Festival[27][28] Transylavania Trophy (Best Film) Anand Gandhi Won
Transilvania International Film Festival[28][61] Best Cinematography Pankaj Kumar Won
BFI London Film Festival[62][63] Jury Special Mention Anand Gandhi Won
British Film Institute[64][65][66] Sutherland Trophy Anand Gandhi Nominated
Tokyo International Film Festival[67][68] Best Artistic Contribution Award Pankaj Kumar Won
Tokyo Grand Prix Anand Gandhi Nominated
Mumbai Film Festival[69][70][71] Jury Award for Technical Excellence Pankaj Kumar Won
Golden Gateway Anand Gandhi Nominated
Dubai International Film Festival[72][73][74] Best Actress Aida El-Kashef Won
Best Film Sohum Shah, Mukesh Shah Nominated
Hong Kong International Film Festival[75][76][77]
Signis Award Anand Gandhi Won
Asian Film Awards[78][79][80] Best Screenplay Anand Gandhi Nominated
Naya Cinema Festival[81][82][83] Contribution to Cinema Award Anand Gandhi Won
61st National Film Awards[7] Best Feature Film Anand Gandhi Won
61st National Film Awards[7] Best Supporting Actress Aida El-Kashef Won

 

Share

තරිඳු ලොකුආරච්චිගේ නැවත ජාත්‍යන්තර සම්මාන ලබයි

$
0
0

තරිඳු ලොකුආරච්චිගේ ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පියෙක්. ඔහු දැනට විදෙස් රටක සිනමාව පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙක්. ඔහු නිර්මාණය කළ අලුත්ම කෙටි චිත්‍රපටය මිට පෙර ජාත්‍යන්තර ඇගයීම් කිහිපයකටම ලක් වුනා. මෙවර තරිඳු තවත් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනාගෙන තිබෙනවා. මේ, ඒ පිළිබඳව තොරතුරු ටිකක්. විදෙස් රටක සිටියත් සම්මානය පිලිබඳ තොරතුරු ලැබුනට පස්සේ cinema.lk අපි, තරිඳුට කතා කළා. ඔහු අපිට කිවුවේ මේ විදිහේ කතාවක්.

“මගේ අලුත්ම කෙටි චිත්‍රපටය “Frozen heart” කියන නිර්මාණය, මීට කලිනුත් ජාත්‍යන්තර ඇගයීම් කිහිපයක් මට ලැබුනා. මෙවර Shanghai  international student film festival එකේ තරගකාරී අංශයේ හොඳම විදෙස් චිත්‍රපටය විදිහට මගේ චිත්‍රපටයට සම්මාන ලැබුනා. මේ චිත්‍රපට උළෙලේ තියන තරග අංශ අතරින් වැදගත්ම අංගයක් මේක. මගේ චිත්‍රපටයත් එක්ක අවසන් වටයේ නිර්දේශිත නාමයන් අතරේ තිබුනේ ඇමරිකාවේ නිර්මාණකරුවෙකුගේ Leo Johnson කියන නිර්මාණය සහ Florida නිර්මාණයක් වුනු Can’t without you කියන කෙටි චිත්‍රපට දෙක. මේ නිර්මාණ දෙකම මම බැලුවා. ඒවා ඉතාම උසස් මට්ටමක තිබුණු නිර්මාණ. ඉතින් මේ නිර්දේශ නම් අතරින් මට සම්මානය හිමි වීම මට ලොකු සතුටක්” තරිඳු අප සමග පැවසුවා.

ඒ වගේම මම කියන්න ඕනේ මේ කෙටි චිත්‍රපටය ඇතුලෙදි මම කතා කරන්න බලාපොරොත්තු වුනේ ශ්‍රී ලංකාවේ සිනමාවේ කඩා වැටීම ගැන, ඒ සඳහා චීනයෙන් වුනු බලපෑම, මේ නිර්මාණය මේ ඛේදවාචකයට වගකිව යුතු සියලු දෙනා නරඹන්න ඕනේ කියල මම හිතනවා. මට උවමනාවක් තියෙනවා ඒ හැමෝටම මේ නිර්මාණය පෙන්වන්න, ඒ අය මේක බලල තමන් කළ කී සියල්ල ගැන පසුතැවෙයි කියල මට විශ්වාසයි. මම ලංකාවට ආවහම ඒ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම මේ නිර්මාණයට දායක වුනු හැමෝටම ස්තුති කියන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා” තරිඳු වැඩිදුරටත් පැවසුවා. ජාත්‍යන්තරය ජයගත් ශ්‍රීලාංකික නිර්මාණකරුවෙක් වන තරිඳු ලොකුආරච්චිගේ, ඔබට cinema.lk පෙ සුබ පැතුම්…!!

 

Share

‘Forouzan’ හොඳම කෙටි චිත්‍රපටය වෙයි

$
0
0

‘Forouzan’ ඉරාන කෙටි චිත්‍රපටය ඇමරිකානු Astoria New York සිනමා උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලබා තිබෙනවා. Best narrative short award ලෙස මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍රවී ඇතැයි වාර්තා වනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mirabbas Khosravinejadගෙන්.

මෙම කෙටි චිත්‍රපටය මීට පෙර American film festivalහි 2018 ජුනි කලාපයේ Honorable mention for best narrative ලෙස තේරී තිබෙනවා. Astoria චිත්‍රපට සම්මාන උළෙල ජුනි මස 8 සහ 9 වානිදා නිව්යෝක් නගරයේදී පැවැත්වුනා. පස්වැනි Los Angeles diversity චිත්‍රපට උළෙල සඳහා Forouzan චිත්‍රපටය තේරී තිබෙනවා.එම සිනමා උළෙල ජූලි මස 26 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි. හතරවැනි Alexandria short film festival – greece සඳහාත් මෙම කෙටි චිත්‍රපටය තේරී තිබෙනවා. එය ජුනි 29 සිට ජූලි 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share


දැවැන්ත බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ තුන්වැන්න තිරගතවෙයි

$
0
0

Race චිත්‍රපටය ඉන්දීය සිනමාවේ දැවැන්ත පියවරක් බව බොහෝ විචාරකයින් මත පලකොට තුබුණු බව බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ට මතක ඇති. ඊට හේතු වුනේ එය දැවැන්ත පිරිවැයක් දරමින් නිර්මාණය කළ ඉහල මට්ටමේ ක්‍රියාදාම චිත්‍රපටයක් වීම. මේ චිත්‍රපටයේ දෙවැනි පියවර නිර්මාණය වද්දීත් බොහෝ ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් ඒ පිළිබඳව අවධානයෙන් සිටියා. දැන් මේ චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවරත් ප්‍රේක්ෂකයින්ට මුදාහැර තිබෙනවා.

Race 3 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Remo D’souza විසින්. මේ චිත්‍රපටය Action thriller ලෙස කාණ්ඩගත කොට තිබෙනවා. දශක ගණනාවක්ජ තිස්සේ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් වන Salman Khan, Anil Kapoor සහ Bobby Deol මේ චිත්‍රපටයේ එක්ව රංගනයේ යෙදෙනවා. ඊට අමතරව නව පරපුරේ නළු නිළි පිරිසක් වන Jacqueline Fernandez, Saqib Saleem, Daisy Shah, සහ Freddy Daruwela චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. සංගීත නිර්මාණය Salim Sulaiman ගෙන්. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 160ක්.

ලොව පුරා බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ට අපූරු අත්දැකීමක් ලබාදෙන Race 3 චිත්‍රපටය, පසුගිය 15 වැනිදා සිට තිරගත වනවා.

 

Share

ALFA මාසික චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාදය මෙවරත්

$
0
0

කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (Active league for Art) සංවිධාන කරන මාසික සිනමා දැක්ම මෙවරත් සංවිධාන කොට තිබෙනවා. පසුගිය වතාවන් කිහිපයකදී චිත්‍රපට දර්ශනයක් සහ සිනමා සංවාදයක් පැවැත්වුනා. එම වැඩසටහන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ අතර හොඳ ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහ අර්ථාන්විත සංවාදයක් පැවැත්වීමට හැකිවූ බව කලාව සඳහා ක්‍රියාකාරී ලීගයේ සංවිධායකයින් පවසනවා.

එම වැඩසටහන් මාලාවේ මෙවර වැඩසටහන ජුනි මස 24 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්. 24 වැනිදා සවස 4.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මෙවර සම්පත් දායකයා ලෙස අතුලසිරි සමරකෝන් සහභාගී වීමට නියමිතයි. “හොබේසියානු අරාජිකත්වය දිගේ මනුෂ්‍යත්වය සොයා” ලෙස මෙවර තේමාව නම්කොට තිබෙනවා. Mad max fury road චිත්‍රපටය තිරගත කිරීම සමග මෙම සංවාදය පැවැත්වීමට ALFA සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.

මෙවර තිරගත වන Fury road චිත්‍රපටය බොහෝ දෙනා Mad max 4 ලෙසත් හඳුන්වනවා. චිත්‍රපටයේ සම පිටපත් රචකයා, නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ George Millerයි. Brendon McCarthy සහ Nico Lathouris මෙහි තිර රචකයින් ලෙස දායකවී තිබෙනවා. Tom Hardy, Charlize Theron, NIcholas Hoult, Hugh Keays Byrne, Rosie Huntington, Riley Keough, Zoe Kravity චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඕස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මිනිත්තු 120ක ධාවන කාලයකින් යුක්තයි. ඇමරිකානු ඩොලර් 150ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කොට ඇති චිත්‍රපටය එවකට අතිශය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුනා. චිත්‍රපටය නරඹමින් සිනමා සංවාද මණ්ඩපයට එක්වන ලෙස කලාව සඳහා ක්‍රියාකාරී ලීගය ඇරියුම් කර සිටිනවා.

35534080_10216293474393631_3203433325163184128_n

 

Share

චිත්‍රපට සංස්ථාවෙන් අලුත් ඉදිරි පිම්මක්

$
0
0

දේශීය චිත්‍රපට මෙරට තුළ බෙදාහැරීමේ අයිතිය යළි තමාවෙත පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කොට තිබෙනවා. එම බලතල මෙතෙක් පැවතියේ චිත්‍රපට සංස්ථාව සතු රිද්මා මණ්ඩලය සහ අනිකුත් පෞද්ගලික චිත්‍රපට බෙදාහරින මණ්ඩල කිහිපයක් සතුවයි.

1971 පනත ප්‍රකාරව තම සංස්ථාව සතුව තිබු බලතල යළි පවරාගත් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සිතෙන්ද්‍ර සේනාරත්න මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළා. “2001 වසරේ නිලවීර වාර්තාවට අනුව පෞද්ගලික අංශය යටතට පත් කෙරුණු චිත්‍රපට බෙදා හැරීමේ අයිතිය නැවත පවරා ගැනිමකුයි මෙතැනදී සිදු කෙරෙන්නේ, මේක කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැවති සෑම රජයකින්ම කළ ඉල්ලීමක්, එහෙම නැතුව අපි මේ ආපහු 70 දශකයේ තිබුනු දේශපාලනය ක්‍රියාත්මක කරනවා නෙමෙයි, මේක සිනමාවේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාගේ කැමැත්තෙන් සහ කමිටු කිහිපයක නිර්දේශ සලකා බලමින් ගත්ත තීන්දුවක්” ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින්, කලාකරුවන්, සංස්ථා නිළධාරින් සහ මාධ්‍යවේදීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Share

වඩා හොඳම Ranbir Kapoor ද..? Ranveer Singh ද…..?

$
0
0

ජනප්‍රිය හොලිවුඩ් නළු Sanjay Dutt ගැන බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නවා. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ විවිධ චරිත නිරුපනය කළ Sanjay Duttට දැවැන්ත රසික ප්‍රසාදයක් තවමත් තිබෙනවා. ඔහුගේ ජිවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බොලිවුඩ් සිනමාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙන්නේත් ඒ නිසාමයි. සංජය දත් නම් පුද්ගලයා සිනමාවේ මෙන්ම ඔහුගේ ජිවිතයේ මුහුණ දුන් විවිධ අත්දැකීම් සියල්ල පදනම් කරගනිමින් මේ චිත්‍රපටය ගොඩනැගීමට නිර්මාණ කරුවන් කටයුතු කොට තිබෙනවා. චිත්‍රපටයේ සන්ජේගේ චරිතය නිරුපණය කරන්නේ Ranbir Kapoor විසින්. චිත්‍රපටය “Sanju” ලෙස නම් කොට තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු පුද්ගලයා තෝරා ගැනීම ගැන ගැටළුවක් තිබු බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. චිත්‍රපටයේ නිෂ්පාදක Vidhu Vinod Chopra සඳහන් කරන්නේ එම චරිතයට Ranveer Singh තෝරා ගැනීමට තමාට අවශ්‍ය වූ බවයි. “රන්වීර්ගේ රංගන හැකියාව, පරාසය, රංගනය වෙනුවෙන් ඔහු කරන කැපවීම ඇතුළු සියලු දේවල් සලකා බලපුවාම ඔහු තමයි මේ චරිතයට සුදුසුම කියල මම හිතුවේ, මේ ගැන මම අධ්‍යක්ෂ එක්ක කතා කළා. නමුත් අධ්‍යක්ෂ Rajkumar Hirani ඒ ඉල්ලීම සලකා බැලුවේ නැහැ. ඔහුට දැඩිව උවමනා වුනා රන්බීර් කපූර්ව මේ චරිතයට යොදාගන්න” චොප්රා පවසා තිබුනා. අවසානයේ අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත රන්බීර් චරිතයට තෝරා ගත්තත් ඒ ගැන තමා කණගාටු වූ බවත් චොප්රා පවසනවා. නමුත් චිත්‍රපටයේ රුගත කිරීම් සිදුකරමින් යද්දී ඔහුගේ අදහස සම්පුර්ණයෙන් වෙනස් වූ බවත්, තමාගේ වචන පිලිබඳ තමන් කණගාටු වූ බවත්, විනෝද් චොප්රා පවසා තිබෙනවා.

රන්බීර් කපූර් ඉතා අසීරු අභියෝගයක් සාර්ථකව නිමාකර ඇති බවට අදහස් පළකෙරෙනවා. Sunjay Duttගේ අවුරුදු 20ක වයසේ සිට මේ දක්වා ජිවිතයේ සිදුවීම් ඇසුරින් නිර්මාණය වුනු “සංජු” චිත්‍රපටය බොලිවුඩ් සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගනීයැයි මත පල කෙරෙනවා.

 

Share

මහමුහුද මැද අතරමංවූ ආදරයක් – Adrift

$
0
0

Tami Oldham සහ Richard Sharp අපූරු ආදරවන්තයන් දෙදෙනෙක්. මහසයුර එක්ක අපුරු ගනුදෙනුවක් තියෙන සාගරය එක්ක ජිවත් වෙන මේ දෙදෙනා සුන්දර ආදරවන්තයින් දෙපළක්. මේ දෙදෙනා මුහුණ දෙන සුන්දර වගේම ත්‍රාසජනක ජීවිත අත්දැකීම් එක්ක නිර්මාණය වුනු අපුරු චිත්‍රපටයක් දැන් තිරගත වනවා. චිත්‍රපටයේ නම Adrift. ඇමරිකානු ක්‍රියාදාම සහ ප්‍රේමාන්විත චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය හඳුන්වා තිබෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Baltasar Kormakur විසින්. තිර රචනයට Aaron Kandell සහ JOrdan Kandell දායකවී තිබෙනවා. මේ චිත්‍රපට කතා තේමාවට පදනම් වී තිබෙන්නේ Red sky mourning නමැති සත්‍ය කතාවක්. මහසයුර මැද ආදරය, අහිමිවීම සහ පැවැත්ම කියන සාධක ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයෙන්ද කියන තේමාව මේ කතාව පුරාම විහිදෙනවා. චිත්‍රපටයට ප්‍රධාන චරිතය වන Dock worker Tami Oldham ලෙස රණගනයෙන් දායක වන්නේ Shailene Woodley. Richard Sharp ලෙස Sam Claflin රංගනයෙන් දායක වනවා. සාගරය මැද බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම් රැසකට මුහුණ දෙන මේ ආදරවන්තයින් යුවළ පිලිබඳ අපුරු කතාන්දරය මිනිත්තු 96ක කාලයක් පුරා රිදී තිරයේ දිගහැරෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වියදමින් නිර්මාණය කොට ඇති චිත්‍රපටය පිලිබඳ  විශාල වශයෙන් ධනාත්මක විචාර ලැබී තිබෙන බව නිරීක්ෂණය කරන්නට හැකියාව තිබෙනවා.

 

Share

ඉරාන සිනමා උළෙල –අද සහ හෙට චිත්‍රපට තුනක්

$
0
0

ඉරාන සිනමා උළෙලක් 21 සිට 25 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බව cinema.lk ප්‍රේක්ෂකයින් වෙත අප මීට පෙර තොරතුරු ලබා දුන්නා. එම සිනමා උළෙල ඊයේ (21 වැනිදා) ඉරාන සංස්කෘතික ආයතනයේදී ආරම්භ වුනා.  චිත්‍රපට උළෙලේ දෙවැනි සහ තුන්වැනි දිනයන් වන අද සහ හෙට එනම් 22 සහ 23 වැනිදා තිරගත කෙරෙන චිත්‍රපට පිලිබඳ තොරතුරුයි මේ.

22 වැනි සිකුරාදා සවස 6.00ට තිරගත වන්නේ Love Stricken නම් වන ඉරාන චිත්‍රපටය. 1992 වසරේ නිර්මාණය කෙරුනු මෙම චිත්‍රපටය ඉතිහාස සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුනු නාට්‍යමය චිත්‍රපටයක්. පර්සියන් බසින් නිර්මාණය වුනු චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ali Hatami විසින්. ඉරාන සම්භාව්‍ය සංගීතඥයින් සිය පළමු පටිගත කරන ලද සංගීත පටය නිර්මාණය කරගැනීම සඳහා සිදුකළ අරගලය ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Amin Torokh, Akbar Abdi, Saeed Poursamimi, Mohamed Ali, Keshavarz, Jamshid Hashempour, Hamid Jebelli ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය මිනිත්තු 91ක ධාවන කාලයකින් යුක්තයි.

23 වැනි සෙනසුරාදා දිනයේ සිනමා උළෙලේ චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිතයි. ඉන් පළමුවැන්න සවස 3.00ට තිරගත කෙරෙනවා. ඒ Hamoon හෙවත් Hamoun චිත්‍රපටයයි. Psychological drama කාණ්ඩය යටතට ගැනෙන මෙම චිත්‍රපටය 1989 වසරේ නිර්මාණය වූවක්. Dariush Mehrjui විසින් අධ්‍යක්ෂණ කළ චිත්‍රපටයට පදනම් වන්නේ ඉරාන මධ්‍යම පාන්තික සැමියකු සහ ඔහුගේ බිරිඳ අතර වන සිදුවීම් මාලාවක්. සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කළ බිරිඳ සහ ස්වාමියා අතර සිදුවීම් මාලාවක් වටා චිත්‍රපටය ගොඩනගා තිබෙනවා. Khosrow Shakibai සහ Bita Farrahi මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 122ක්.

සෙනසුරාදා දිනයේ සවස 6.00ට තිරගත වන්නේ Leila චිත්‍රපටයයි. 1996 වසරේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Dariushi Mehrjui විසින්. Raza සහ Leila විවාහක යුවලක්. බිරිඳ Leilaට එක් අවස්ථාවක දැනගන්නට ලැබෙන්නේ ඇයට ගැබ් ගැනීමට හැකියාවක් නොමැති බවයි. නමුත් Reza පවුලේ එකම පුතා වීම නිසාම ඔහුගේ මවට මුණුබුරන් අවශ්‍ය වනවා. නමුත් Reza තමාට දරුවන් අනවශ්‍ය බව ප්‍රකාශ කරනවා. සිය ස්වාමියාත් ඔහුගේ මවත් අතර දෙලොවක සිරගත වන Leilaට අවසානයේ අත්වන ඉරණම කුමක්දැයි මේ චිත්‍රපටය හරහා සාකච්ඡ කෙරෙනවා. 23 වැනි සෙනසුරාදා සවස 6.00ට මේ චිත්‍රපටය තිරගත වනවා.

ඉරාන සිනමාවේ අපුර්වත්වය විඳින්නට සිනමා උළෙල සමග එක්වන ලෙස සිනමලෝලින්ට ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.

 

Share

ඉරාන සිනමා උළෙල –සිව්වැනි දිනය

$
0
0

ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා කොළඹදී ආරම්භ කෙරුනා. දින පහක් පුරා චිත්‍රපට 07ක් රසවිඳීමට මෙමගින් ප්‍රේක්ෂකයින්ට අවස්තාව හිමි වනවා. ආසියාතික සිනමාවේ විශිෂ්ට නිර්මාණවේදීන්ගේ සිනමාපට මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

සිනමා උළෙලේ සිව්වැනි දිනය ජුනි 24 වැනිදා චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එදින සවස 3.00ට Captain Khorshid චිත්‍රපටය තිරගත වනවා. මෙය ඉරානයේදී 1987 නිර්මාණය වුවක්. චිත්‍රපටයට තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කලේ Nasser Taghvas විසින්. 1937 වසරේ අර්නස්ට් හෙමිංවේ විසින් රචනා කළ To have and have not නම් වූ නවකතාව පාදක කරගනිමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. ඉරාන සිනමා ඉතිහාසයේ අතිවිශිෂ්ට සිනමාපටයක් ලෙස මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් වුනා. Dariush Arjmond, Ali Nassirian, Parvaneh Masoumi ඇතුලු පිරිසක් චිත්‍රපටය රංගනයෙන් දායක වුනා. මෙහි ධාවන කාලය විනාඩි 109ක්.

එදිනම සවස 6.00ට the Banquet ඉරාන සිනමාපටය තිරගත වනවා. සිනමා රසිකයින් වෙත නොමිලේ ලැබෙන මෙම අපුරු සිනමා උළෙල සමගින් එක්ව විරල ගනයේ ඉරාන සිනමාපට රසවිඳීමට අවස්ථාව උදාකර ගන්නා ලෙස ඉරාන සංස්කෘතික ආයතනය දන්වා සිටිනවා.

Share


දෙරණ සිනමා සම්මාන සහ ජයසුන්දරලාගේ ලෝකය –ප්‍රියාන් විජේබණ්ඩාර

$
0
0

උපුටනයකි – සටහන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාරගෙනි.

විමුක්ති ජයසුන්දර විසින් දෙරණ සිනමා සම්මාන උළෙල වර්ජනය කරමින් නිකුත් කළ නිවේදනය මෙන්ම පසුව අනිද්දා පුවත්පතට යොමු කළ ලිපිය පිළිබඳ අවධානය යොමුකිරීමේදීද, සපත්තුවේ හැඩයට කකුල කපා ගැනීමක් අත්විඳිය හැකිය. එනම් ලෝකයේ සිනමා සම්මාන උළෙලවල සැබෑ ස්වරූපය අමතක කොට එහි යම් යම් අංග, දෙරණ සම්මාන උළෙල වර්ජනය කිරීම සාධාරණියකරණය කිරීමෙහිලා යොදාගන්නා අයුරු දැක ගත හැකිය. වෙනත් අයුරකින් කිවහොත් එය පවත්නා යථාර්ථය තමාගේ ෆැන්ටසිය දක්වා ඌනනය කර ගැනීමකි. සැබෑව කුමක් වුවද, තමාගේ මතය තහවුරු කරනු පිණිස වැඩියමක් කරුණු වසං කරමින් කළ කරුණු ගැලපීමකි. ඒ පිළිබඳ සැකෙවින් හෝ යමක් සටහන් කළ යුතුය. ජයසුන්දර දෙරණට මෙසේ ලියයි.

“සුළඟ ගිනි අරන්චි” චිත්‍රපටය 68 වෙනි ලොකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහා තෝරාගත් අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු නියෝජනයයි. ඊට අමතරව ටෝකියෝ සිනමා උළෙලේ සම්මානනීය චිත්‍රපටයක් වූ අතර ජාත්‍යන්තර සිනමා උළෙලවල් විසි ගණනකට වැඩි ප්‍රමාණයකට ආරාධනා ලැබීය. දැන් ජයසුන්දර අපට කියන්නේ ලොකර්නෝ සිනමා උළෙලට තෝරා ගැනීමත්, ටෝකියෝ සිනමා උළෙලේදී සම්මානයක් ලැබීමත්, තවත් සිනමා උළෙලවල් විසි ගණනකට වැඩි ප්‍රමාණයක් සඳහා ආරාධනා ලැබීම පමණක් හේතුවෙන් , ඔහුගේ කෘතිය ලංකාවේ සම්මාන ලැබීම සඳහා අනිවාර්යයෙන්ම සුදුසු මට්ටමක තිබුණු බවයි. ඔහු විසින් හොටු පෙරාගෙන හඬන්නේ තමාට එකී සම්මාන නොලැබීම ගැනයි. එහිදී ජයසුන්දර විසින් තමාගේ භාවිතය අමතක කිරීම තක්කඩි වෑයමක් වුවද, අප විසින් ඔහුට එකී අතීතය සිහිපත් කරදීම යුතුකමකි.

විමුක්ති ජයසුන්දරද, ජුරි සභිකයෙකු ලෙස කටයුතු කරනු ලැබූ දෙරණ පළමු සම්මාන උළෙල (2012) තුළදී ඔහු විසින් පරසක්වල ගසනා ලෝකයේ සුපිරිචිත්‍රපට උළෙලවල නියෝජනය කළ හා සම්මාන දිනා ගත් සංජීව පුෂ්පකුමාරගේ flying fish චිත්‍රපටයට කිසිදු ඇගයීමක් නොලැබුණේ ඇයි? එවර දෙරණ සම්මාන උළෙල තුළ (Cinema of tomorrow) නියෝජනය වූ චිත්‍රපට වූයේ Nino Live, Ini Avan, නිකිණි වැස්ස, Flying Fish, ඉන්ගුරුන්දු, සහ කර්මයි. එවර ˜නිකිණි වැස්ස˜චිත්‍රපටයට “මොස්ට් ප්‍රොමොසින්ග් ඩිරෙක්ටර්” ලෙස සම්මාන හිමිවූ අතර “ඉනි අවන්” හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. තිසරගේ Nino Live ප්‍රසන්න ජයකොඩිගේ “කර්ම” යන චිත්‍රපට සඳහා ජූරියේ විශේෂිත සහතික හිමි විය. නමුත් ඒ වසරේ වැඩිම ජාත්‍යන්තර සම්මාන උළෙලවල් නියෝජනය කළ මෙන්ම ජාත්‍යන්තර සම්මාන දිනාගත් ^Best Director Award” New Territories Competition – St’Pertersburg International Film Festival, KINOFORUM 2011- Best Asian Film,” NETPAC award” 4th Bengaluru International Film Festival) “ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයට එවර කිසිදු සම්මානයක් ලබානොදීම ගැන එවක ජූරියේ සාමාජිකයෙකු වූ ජයසුන්දර විසින් මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැත.

අනෙක් අතට ජාත්‍යන්තර සිනමා සම්මානවලට අයදුම් කොට තම චිත්‍රපටය පිළිගත් උළෙලවල් ගැන ආඩම්බරයෙන් කතා කරන හෙතෙම එය ප්‍රතික්ෂේප වූ උළෙලවල් කොපමණදැයි නොකීමට තරම් පරිස්සම් වෙයි. එවන් උළෙලවල් සඳහා කලාත්මක චිත්‍රපට යයි ඔහු විසින් අර්ථ දක්වන සිනමා කෘති මෙන්ම වාණිජ සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපට පවා ප්‍රදර්ශනයට ආරාධනා ලබන බැව් නොකියයි. Metrix චිත්‍රපටය, සංජය ලීලා බන්සාලිගේ දේව්දාස් වැනි චිත්‍රපට ජයසුන්දරව “ජාත්‍යන්තර සිනමාවේදියෙකු” ලෙස ඔසවා තැබූ ජාත්‍යන්තර කාන්ස් සිනමා උළෙලේ පවා වරෙක ප්‍රදර්ශනය කෙරුණු බැව් ජයසුන්දර නොදන්නවා විය නොහැකිය. ජයසුන්දර විසින් නිකුත් කළ නිවේදනයෙත්, අනිද්දා පුවත්පට ලියූ ලිපියේත් හරය වැකි කිහිපයකට සාරාංශගත කළ හැකිය. පළමුවැන්න නම් සම්මාන උළෙලවල අරමුණ විය යුත්තේ කලාත්මක සිනමාව නඟා සිටුවීම බැවින් සම්මාන ලබාදිය යුත්තේ කලාත්මක සිනමා කෘතිවලට පමණි. එහිදී ඔහුගේ වචනවලින් කිවහොත් “ජාත්‍යන්තර ව්‍යක්ත සිනමා භාෂාව” සැලකිල්ලට ගත යුතුය. ලෝකයේ කලාත්මත සිනමාවට ප්‍රමුඛත්වය ලබාදෙන සිනමා උළෙලවල් මෙන්ම වානිජ සිනමාවට ප්‍රමුඛත්වය දෙනු ලබන උළෙලවල්ද පවත්නා බව එහිදී ඔහුට අමතකවී යයි. නිදසුනක් ලෙස අසල්වැසි ඉන්දියාවේ පවා කල්කටා, ගෝවා, පූනෙයි, කේරළ වැනි චිත්‍රපට උළෙලවල් පවතිද්දී “ෆිල්ම් ෆෙයාර්” වැනි ජනප්‍රියවාදී බොලිවුඩ් සිනමා කර්මාන්තය වෙනුවෙන් පවත්වන සිනමා උළෙලක්ද පවතින බැව් සිහිපත් කළ යුතුය.

දෙරණ සිනමා සම්මාන උළෙල පවත්වනු ලබන්නේ “වාණිජ අරමුණු” වෙනුවෙන් බවට ජයසුන්දර නඟන අදහසට මෙම ලියුම්කරු මෙන්ම මොළය කළඳක් හෝ පවත්නා ඕනෑම කෙනෙකු එකඟවනු නොඅනුමානය. ඒ විතරක් නොව “සුමති සම්මාන, සරසවි සම්මාන, හිරු සම්මාන, රයිගම් සම්මාන ආදී කුමන උළෙලක වුවද, පවත්නේ එවන් අරමුණු බවද අවිවාදිතය. වෙනත් උදවිය ඒ ගැන ප්‍රසිද්ධියේ කියාපෑමට කැමැත්තක් නොදක්වන නමුත්, දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ ඒ බව ප්‍රසිද්ධියේ කියාසිටින බවද, සත්‍යයකි. මෙවර සම්මාන උළෙලේදී පවා වේදිකාවට නැගුණු කළණ ගුණසේකර විසින් “අලූත් චිත්‍රපට වලට සම්මාන ලැබුණද, ප්‍රදර්ශනය නොවීමේ ගැටළුව” ගැන කතා කළවිට ඊට ප්‍රතිචාර දක්වමින්ද, වික්‍රමගේ කියා සිටියේ ප්‍රදර්ශනය විය යුත්තේ “දුවන චිත්‍රපටි” වැනි අදහසකි. එහෙත් දෙරණ සම්මාන උළෙලේ ආරම්භයේ සිටම “හොඳම චිත්‍රපටයත්, වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයත්” යන දෙකටම සම්මාන ලබාදුන් බව අප විසින් අමතක නොකළ යුතුය. මෙවර “හොඳම චිත්‍රපටයත්” වානිජ ධාරාවේ එකක්ම විය හැකි බවට අනුමාන කරමින් තමාගේ මාධ්‍ය නිවේදනය නිකුත් කළ ජයසුන්දර, චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ වූ නිසාත්, එය වාණිජ චිත්‍රපටයක් ලෙස සලකන්නට කිසිදු හැකියාවක් නොවීමත් නිසාම ජාම බේරාගන්නට “අනිද්දා” හි ලියා පළ කළ ලිපියේ වැඩි සම්මාන ප්‍රමාණයක් “ආලෝකෝ උදපාදි” චිත්‍රපටයට ලැබී හොඳම තිර රචනය හා අධ්‍යක්ෂණය “28”ට ලැබීම ගැන කනගාටුවට පත්ව “වාණිජ සිනමා තරු වසාගත් සිනමා උළෙලක හුදකලාවී ඇත” යන්න පමණක් කියයි.

ජයසුන්දර විසින් නඟන චෝදනාවන්හි සාරාංශය ගත්විට දෙවැන්න නම් උළෙල ප්‍රමිති ගත තත්ත්වයක පවත්වාගෙන නොයෑමය. ඔහු විසින් උත්කර්ශයට නංවන, ඔහුද ඔසවා තැබූ කෑන්ස් සිනමා උළෙලේ ප්‍රමිතිය ගැන කිසිදු ගැටළුවක් ඔහුට නොමැතිද? කාන්ස් උළෙලට තරඟකාරී අංශයට වසරකට චිත්‍රපට ලබාගැනීමේ සංඛ්‍යාත්මක අගයක් නැත. එය වර්ෂයෙන් වර්ෂයට වෙනස් වේ. ඒ 2014-18,2015-19,2016-21,2017-19,2018-21 ආදී වශයෙනි. 2016 වසරේ 21 වෙනි චිත්‍රපටය ලෙස Asgar Farhadi ගේ The Salesman චිත්‍රපටය බාරගෙන තිබුණේ නියමිත අවසාන දිනයද පසු වූ පසුය. එසේ නියමිත කාලරාමුවට පිටින් ලබාදුන් එකී චිත්‍රපටයට එවර තිරරචනය හා නිලිය වෙනුවෙන් සම්මාන හිමිවිය. TheFog of war(2003) – වාර්තා චිත්‍රපටය දේශපාලනය නිසා තරඟකාරී අංශයට නොගැනීම ආදී පදනම් විරහිත තීරණ කාන්ස් සංවිධායකයින් විසින් ගෙන තිබු‚. Jim Jarmusch ගේ Stranger than Paradise දෙවන චිත්‍රපටය සඳහා camera d Or සම්මානය දීමද, මේ අයුරින්ම විවාදයට පාත්‍රවූ කරුණකි.

ජයසුන්දර නඟන චෝදනාවන්හි තෙවැන්න නම් චින්තන ධර්මදාසට Most promising director සම්මානය ලබාදීම සුදුසු නැතැයි යන්නය. ඔහුට අනුව මෙම සම්මානය ලබාදිය යුත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ පළමු චිත්‍රපටයටයි.
ඔහුට අමතක වී ඇත්තේ චිත්‍රපටයක් හෝ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පිළිගැනීමට එය මහජන ප්‍රදර්ශනය කර තිබිය යුතු බවයි. (ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට අධ්‍යක්ෂවරයෙකු ලෙස පිළිගනු ලබන්නේ පවා චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරුවය ) නමුත් චින්තන හා උදය එක්ව නිර්මාණය කළ How I wonder what you are චිත්‍රපටය එසේ මහජන ප්‍රදර්ශනය අරමුණු කරගෙන කළ එකක් නොව පර්යේෂණාත්මක අත්හදා බැලීමකි. එනිසාම ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස “ඇවිලෙන සුළුයි” චිත්‍රපටය සැලකීම වරදක් නොවේ. මේ කාරණය සම්බන්ධයෙන්ද ජයසුන්දර වඩාත් කැමති කාන්ස් උළෙලෙන් ආදර්ශ ගත හැකිය. ජිම් ජාමුෂ්ගේ දෙවන චිත්‍රපටය වන Stranger Than Paradise (1984) චිත්‍රපටය වෙනුවෙන්, අධ්‍යක්ෂවරයෙකුට පළමු චිත්‍රපටය වෙනුවෙන් ලබාදෙන Golden camera සම්මානය ලබාදෙන ලදී. මෙහිදී ඔහුගේ පළමු චිත්‍රපටය Permanent Vacation (1980) සලකුණු ලැබුවේ ප්ර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසිනි. අනෙක් අතට ජයසුන්දර විසින් නඟන තවත් චෝදනාවක් වනුයේ දෙරණ සම්මාන උළෙලේ Cinema of tomorrow තරඟ අංශයට චිත්‍රපට ලබා ගන්නේ කුමන පදනමකින්ද යන්න හා එහි ප්‍රමිතියයි.

උළෙලකට චිත්‍රපට ලබාගන්නේ මෙසේයැයි ලෝකයේ කිසිම උළෙලක් නිස්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නොමැත. ඔවුන් ඒ සඳහා උළෙලට සාපේක්ෂ විවිධ ක්‍රම භාවිතා කරනු දක්නට ලැඛෙයි.
ඔහු යෝජනා කරන පරිදි විදෙස් උළෙලවල් නියෝජනය කළ චිත්‍රපට පමණක් ඊට තෝරා ගන්නේනම් මෙවර එම අංශය (Cinema of tomorrow) නියෝජනය කළ යුතුව තිබුනේ චිත්‍රපට දෙකක් පමණි. දැන් ජයසුන්දර යෝජනා කරන්නේ එවන් චිත්‍රපට දෙකකින් උළෙලක් සංවිධාන කිරීම නම් එය විහිළු සහගතය. ඔහුගේ අවසාන යෝජනාව ලෙස සැලකිය හැක්කේ ජූරියේ සංයුතිය හා ජූරි සභිකයින්ගේ සිනමාව පිළිබඳ වන දැනුමය. ඒ පිළිබඳ ජයසුන්දරගෙ දැනුම හා අත්දැකීම් එක්ක සැසඳීමක් කළ හැකි නමුත් කෙනෙකු විසින් කරනු ලැබූ චිත්‍රපට මත හෝ එකී චිත්‍රපට ලැබූ සම්මාන මත පමණක් “සිනමාත්මක දැනුම” තීන්දු තීරණ නොගත යුතු බැව් පුද්ගලිකව අපගේ හැඟීමය. ජයසුන්දර විසින් ජාත්‍යන්තර උළෙලවල් සඳහා චිත්‍රපට ඉදිරිපත් කරනවිට එහි ජූරි සභිකයින් කවුදැයි දැන හැඳුනුම්කම් මත තමාට සම්මාන හිමිවෙතැයි අනුමාන කරනවා විය හැකි වුවත්, ලොව සෑම අධ්‍යක්ෂවරයෙකුටම එහෙව් අවස්ථාවක් ලැඛෙන්නේ නැත. ලොව පිළිගත් ඔස්කාර් සිනමා උළෙලේ ජූරිය කවුදැයි කිසිවිටෙකත් ප්‍රකාශයට පත් නොකරන බැව් පමණක් මෙහිලා සිහිපත් කරනු වටියි. අවසාන වශයෙන් කිව හැක්කේ අද වනවිට කලාත්මක සිනමාව හා වානිජ සිනමාව අතර ඛෙදුම් රේඛාව බොඳවෙමින් පවත්නා බව හා එය ඉතාමත් විවාදපන්න කරුණක් බවයි. අනෙක් අතට වානිජ අරමුණු වෙනුවෙන් චිත්‍රපට සෑදීම හා ආත්ම ප්‍රකාශනයක් ලෙස චිත්‍රපට සෑදීම යන කරුණකට පමණක් සිනමාකරණය ලඝු කළ නොහැකි අතර වානිජ අරමුණු වෙනුවෙන් කලාත්මක සිනමාව භාවිතා කිරීම හෙවත් ෆෙස්ටිවල් ඉලක්ක කරගත් චිත්‍රපට කලාවට දිය හැකි නම කුමක්දැයි විමසා බැලිය යුතුය. මන්දයත් සෝමරත්න දිසානායකලා ලංකාව වැනි පුංචි වෙළඳපොළකට චිත්‍රපටයක් කර හුදී ජනයා චූන් කර, ඔවුන්ගේ මොළ සෝදා කීයක් හරි සාක්කුවේ දමාගැනීමත්, ජයසුන්දරලා ෆෙස්ටිවල් දෙක තුනක් ඉලක්ක කර එයින් සම්මාන සමග ලබන මුදල් ප්‍රමාණයත් සංඛ්‍යාත්මක වශයෙන් එතරම් පරතරයක් ඇතැයි විශ්වාස කළ නොහැකි නිසාය. අනෙක් අතට ආත්ම ප්‍රකාශන, කලාත්මක සිනමාව වෙනුවෙන් පෙනී සිටීම යනු ඒ වෙනුවෙන් ජීවිත අභ්‍යාසයෙන් ආදර්ශයක් දීම විනා නිවේදන නිකුත් කිරිමෙන් පමණක් කළ හැකි කාරණයක් නොවේ. “සුළඟ එනු පිණිස” වැනි චිත්‍රපටයක් වෙනුවෙන් තමාව එල්ලා මැරීම සඳහා යෝජනා කළ රෙජිමයක, පාලකයෙකු යළි බලයට පත්කිරීමට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිවල කොටස්කරුවෙකු ලෙස ක්‍රියාකිරීමෙන් හෝ මහබැංකුව මහ දවල් කොල්ලකෑ පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ උන්නතිය වෙනුවෙන් වෙළඳදැන්වීම් නිර්මාණය කරන අතරේම හුදී ජනයාගේ බුද්ධි කලම්භනය වෙනුවෙන්ම තමන්ගෙ නිර්මාණ භාවිතය කැපකර අතැයි කීම විහිළුවක්ම නොව අමු ප්‍රෝඩාවකි.

සටහන :  ප්‍රියාන් ආර් විෙජ්බණ්ඩාර

Share

ඉරාන සිනමා උළෙලේ අවසන් දිනය

$
0
0

ඉරාන සිනමා උළෙල පසුගිය 21 වැනිදා සිට කොළඹදී පැවැත්වෙනවා. සිනමා උළෙලේ පසුගිය දින හතර පුරාම චිත්‍රපට හයක් තිරගත කෙරුනා. අද (ජුනි 25 වැනිදා) එහි අවසන් දිනය වනවා. අද සවස 6.00ට ඉරාන සංස්කෘතික ආයතනයේදී උළෙලේ අවසන් චිත්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතයි.

2005 වසරේ නිර්මාණය වුනු ඉරාන චිත්‍රපටයක් වන The Verdict නැතහොත් The Command නම් චිත්‍රපටය අද දවසේ තිරගත කෙරෙනවා. චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ ඉරාන සිනමාකරු Masoud Kimiai විසින්. මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර 25 වනි සිනමාපටය ලෙස සඳහන් වනවා. Poulad Kimiai, Ezzatollah Entezami, Khosro Shakibai, Leila Hatami, Bahram Radan මෙම චිත්‍රපටයේ චරිත නිරුපණය සඳහා දායක වනවා. Mohsen සහ Foroozandeh යුවල එක් වැසිබර රාත්‍රියක ඉංජිනේරු Kazemගේ නිවසට පහරදී ඔහුට සහ නිවසට අලාභහානි සිදුකරනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ සැලසුම වන්නේ වෙනත් රටකට පලායාම. මේ සඳහා අවශ්‍ය වන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔවුන් විශ්‍රාමික Gangster කෙනෙකු වන Reza Maroufi වෙත යනවා. මෙම ගමන සහ ඔවුන්ගේ අභිලාශය මත ගැටුම් ආදිය මතින් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.

ජුනි 25 වැනිදා සවස 6.00ට ඉරාන සංස්කෘතික ආයතනයේදී මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ලෙස ඉරාන සිනමාවට ඇලුම් කරන සියල්ලන්ට ඉරාන සංස්කෘතික ආයතනය ඇරියුම් කරනවා.

 

Share

රිදී තිරයට සරසවිය, වරම් දෙයි යළිත්…..

$
0
0

 

සරසවි සම්මාන උළෙල ශ්‍රී ලාංකීය සිනමාවේ නිර්මාණ සහ ශිල්පින් අගය කිරීමේ අරමුණින් යුතුව මුලින්ම ආරම්භ වන්නේ 1964 වසරේදී. හරියටම මිට වසර 54කට පෙරදී. අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි ප්‍රායෝගික ගැටළු රැසක් හේතුවෙන් යම් යම් අවස්ථාවන්හි පසුබෑමට ලක් වුනත්, සරසවි සම්මාන උළෙල 33 වතාවක් පැවැත්වීමට “සරසවිය”ට හැකියාව ලැබී තිබෙනවා. මෙවර යළිත් සරසවි සම්මාන උළෙල පැවැත්වීමට දැන් සියළු කටයුතු සුදානම්. මේ සුබ ආරංචිය නිවේදනය කරන මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුනා.

සරසවි සම්මාන උළෙල එදා පටන්ම හැඳින්වුයේ දේශීය සිනමාවේ මහා කලා මංගල්‍ය නමින්. දේශීය සිනමාවේ ආරම්භයේ පටන් පැවතුනු සිනමා සම්මාන උළෙල වන නිසාම ඒ සම්මානයට විශේෂ වටිනාකමක් සහ බරක් එක්ව තිබුනා. දේශීය සිනමාවේ නියැලෙන ශිල්පින් තුළ “සරසවි” සම්මානයක් යන්න බලාපොරොත්තුවක් සහ සිහිනයක්ව තිබුනා. ඒ සිහිනය දිගින් දිගටම පවත්වා ගනිමින් දේශීය සිනමාවේ හෙට දවසට උරදීමේ අරමුණින් මෙවර සරසවි සම්මාන උළෙල සඳහා Cargills සමාගම අත්වැල් බැඳගන්නවා. අගෝස්තු මස 03 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2016 සහ 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට සඳහා මෙවර ඇගයීම් සම්මාන ප්‍රධානය සිදු කෙරෙනවා.

2016 වසරේ තිරගත වුනු චිත්‍රපට අතරින් 25ක් අතරින්  25ක් සහ 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 26ක් මෙලෙස ඇගයීම් සඳහා සලකා බැලෙනවා. සම්මාන උළෙලේ පිරිනැමෙන තරඟකාරී අංශයේ සම්මාන ප්‍රමාණය 24ක් වනවා. ඒ අනුව වසර දෙක සඳහා වෙන වෙනම සම්මාන 48ක් තරගකාරී අංශය වෙනුවෙන් පිරිනැමීමට උළෙලේ ජුරිය විසින් තෝරා ගැනෙනු ඇති. ඉතා මෑතකදී සරසවි සම්මාන උළෙලට හඳුන්වා දුන් “ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සම්මානය” සඳහාද වසර දෙක වෙනුවෙන් වෙන වෙනම සිනමාපට සලකා බලෙන බවත් පැවසෙනවා. ප්‍රසිද්ද රැඟුම් පාලක මණ්ඩලය මගින් අනුමත කළ එහෙත් තවමත් තිරගත නොවුණු අලුත් සිනමා කරුවන්ගේ “ප්‍රථම නිර්මාණය” (Debut film) මෙම සම්මානය සඳහා සුදුසුකම් ලබනවා. එයත් අදාළ වර්ෂ දෙකට අනුව වෙන වෙනම ඇගයීමට ලක්කෙරෙනු ඇති.

ජනප්‍රිය සම්මාන කාණ්ඩය මෙරට සම්මාන ක්ෂේත්‍රයට හඳුන්වා දුන් සරසවි සම්මාන උළෙල මෙවරත් වසර ද්විත්වය සඳහා වෙන වෙනම ජනප්‍රියම ශිල්පින් තෝරා ගැනීමට සැලසුම් කොට තිබෙනවා. එය තෝරාගනු ලබන්නේ ප්‍රේක්ෂක මනාපයට අනුව වීමත් සුවිශේෂියි. ජනප්‍රියම සිනමාපටය ලෙස සම්මානයට හිමිකම් කියන්නේ වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයයි.

සිනමාව වෙනුවෙන් ජීවිතය පුරා සිදුකරන උදාරතර කැපකිරීම උදෙසා වන රණ තිසර යාවජීව සම්මානයද මෙවරත් පිරිනැමෙනවා. මේ අනුව සිනමාපට 49ක් සඳහා සම්මාන 60කට අධික සංඛ්‍යාවක් පිරිනැමීමට සරසවි සම්මාන උළෙල සුදානම්. අගෝස්තු මස 3 වැනිදා BMICH හිදී මෙවර විශිෂ්ටයින් අභිෂේක ගැන්වීම සිදු කෙරෙනවා.

 

Share

SIGNIS සිනමා සම්මාන –ආධුනික කෙටි චිත්‍රපට කරුවන් ඇගැයේ

$
0
0

දේශීය සිනමාව සහ රූපවාහිනී කලාවේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන සම්මාන උළෙල කීපයක් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව පැවැත්වෙන ප්‍රධාන ධාරාවේ සම්මාන උළෙලක් ලෙස SIGNIS සම්මාන උළෙල හැඳින්වීමට හැකියාව තිබෙනවා. 1928 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වුනු OCIC සහ Unda සංවිධාන මගින් මෙරට සිනමාව සහ රුපවාහිනි / ගුවන්විදුලි කලාව උදෙසා විවිධ අයුරින් දායකත්වය ලබාදී තිබෙන බව ඉතිහාසය විමසීමේදී දකින්නට ලැබෙනවා. OCIC/Unda සම්මාන උළෙල ආරම්භ වන්නේත් එහි එක පියවරක් වශයෙන්. 2001 වසරේ සිට මෙම සම්මාන උළෙල SIGNIS සම්මාන ලෙස නම් කොට නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට එම සංවිධානය කටයුතු කළා. සම්මාන උළෙලට නව්‍යතා රැසක්ද වසරින් වසර එකතු කරමින් එය පුළුල් කිරීමටත් සංවිධානය කටයුතු කොට තිබෙනවා.

SIGNIS සිනමා සම්මාන සඳහා මෙවර තවත් සුවිශේෂී කණ්ඩයක් එක කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙන බව නිවේදනය කළා. දිවයින පුරා විසිරී සිටින ආධුනික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සඳහා ඇගයිමක් ලබාදීම අරමුණු කරගනිමින් සම්මාන උළෙලට සමගාමීව ආධුනික කෙටි චිත්‍රපට තරගයක් සංවිධානය කොට තිබෙනවා. මෙම තරගය සඳහා දැන් නිර්මාණ බාරගැනෙන බව සංවිධායකයින් නිවේදනය කළා.

“Director Tomorrow” ලෙස මෙම තරග අංශය නම්කොට තිබෙනවා. 2016 ජුලි මස සිට 2018 ජුලි මාසය දක්වා කාලය තුළ නිර්මාණය කළ ස්වතන්ත්‍ර කෙටි චිත්‍රපටයක් ඔබ සතුව තිබේ නම්, ඔබටත් මෙම තරගය සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙටි චිත්‍රපට නිර්මාණය මිනිත්තු 2 – 15 අතර විය යුතු බව සංවිධායකයින් නිවේදනය කරනවා. ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය අගෝස්තු 04 වැනිදාට පෙර ගෙනවිත් බාරදිය යුතු බව සඳහන්. අයදුම්පත් ලබාගැනීමට සහ තරග කොන්දේසි සඳහා 0718069085 , 0778585976 හෝ 0112 693425 දුරකථන අංක අමතන ලෙස සංවිධායකයින් දන්වා සිටිනවා. ජූරියේ තීරණය අනුව හොඳම කෙටි චිත්‍රපටය ලෙස තෝරා ගන්නා නිර්මාණය වසරේ විශිෂ්ටතම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්රවනු ඇති. ජූරියේ විනිශ්චය අනුව තවත් නිර්මාණ 15ක් සඳහා කුසලතා සහතික පිරිනැමීමද සිදු කෙරෙනවා.

SIGNIS සම්මාන රාත්‍රියේ විශිෂ්ටයකු ලෙස අභිෂේක ලබන්නේ ඔබ විය හැකියි. ඉක්මනින් ඔබේ නිර්මාණ තරගය සඳහා යොමු කරන්න.

36039207_1666652573451145_2000574884345806848_n

 

Share

BODYGUARD චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාදය

$
0
0

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අධ්‍යනාංශය සංවිධාන කරන චිත්‍රපට දර්ශනයේ තවත් පියවරක් ජුනි මාසයේ පැවැත්වෙනවා. ජුනි 28 වැනි බ්‍රහස්පතින්දා සවස මෙම සිනමා දර්ශනය පැවැත්වෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයීය කලා අධ්‍යනාංශයේ 175 දේශනා ශාලාවේ සිනමා දර්ශනය පැවැත්වෙන්නේ සවස 3.30ට බව සඳහන්.

36188397_10156647753480712_7866827111997112320_n

මෙවර සිනමා දර්ශනය සඳහා ඉරාන චිත්‍රපටයක් වන BODYGUARD තෝරාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය මෙරට තිරගත වන්නේ දෙවැනි වරට වීම විශේෂත්වයක්. මිට පෙර කොළඹ ඉරාන සිනමා උළෙලේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුනා. 2016 වර්ෂයේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඉරාන ඉහල පෙලේ දේශපාලනික චරිතයකට ආරක්ෂාව සපයන ආරක්ෂක නිලධාරියකු සහ ඔහු වට සිදුවන සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් නිර්මාණයවී තිබෙනවා. චිත්‍රපටයේ තිරරචනය සහ අධ්‍යක්ෂණය Ebrahim Hatamikia විසින් සිදුකොට තිබෙනවා. Parviz Parastoui, Merila Zarei, Babak Hamidian ඇතුළු පිරිසක්  චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

34 වැනි Fajr International Film Festival හිදී හොඳම නළුවා සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග යන කාණ්ඩ සඳහා මෙම චිත්‍රපටය සම්මානයට ලක්වුනා. VIFF vienna independent film festival හිදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නළුවා හොඳම නළුවා යන සම්මාන ලබාගැනීමටත් මෙම චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. ජුනි 28 වැනිදා සවස 3.30 දේශන ශාලා 175දි සිනමාපටය රසවිඳීමට සහ සංවාදයට එක්වීමට ඔබට හැකියාව තිබෙනවා.

Share

Viewing all 2382 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>