Quantcast
Channel: Cinema.lk
Viewing all 2389 articles
Browse latest View live

Triple Talaq නීතියට එරෙහිව දැවැන්ත හඬක්

$
0
0

Talaq කියන්නේ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පැවතුනු නීතියක්. ශිෂ්ටාචාරය දැවැන්ත ලෙස ප්‍රගමනයට ලක් වද්දීත් ඉන්දියාව තුල මේ නීතිය තවදුරටත් බලාත්මක වුනා. සමාජයමය වශයෙන් දැවැන්ත සිවිල් බලයක් සහිත පුරුෂෝත්තමවාදී සමාජයක් වුනු ඉන්දියාවේ මේ නිතිය පවත්වාගෙන යාම පුරුෂයන්ට වාසිදායක වන්නක් වුනා. කෙසේ නමුත් සමාජමය වශයෙන් මීට එදිරි කතිකාවන් ආරම්භ වීමත් සමගම, මේ පිලිබඳ යළි සලකා බැලීමට අධිකරණයට සිදු වුනා. ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නීතිය පිලිබඳ විවාදයක් පැවැත්වුනා. 2017 වසරේ අගෝස්තු 22 වැනිදා එම නීතිය බල රහිත කරන්නට තීරණය වන්නේ 3/5 ක බලයක් හිමිවීමත් සමගයි. ඒ අනුව “තලාක්” නිතිය ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි යල්පිනු නීතියක් ලෙස නම් කෙරෙනවා. ඉන්දියාව තුළ “Talaq” නීතියේ තත්වය සැකෙවින් එසේයි.

දැන් Talaq යනු කුමක්දැයි ඔබට යම් ප්‍රශ්නයක් පැනනගිනවා විය හැකියි. ඉන්දීය මුස්ලිම් වරුන්ට තමා කැමති ඕනෑම අවස්ථාවක බිරිඳ දික්කසාද කිරීමේ බලයක් එම සම්ප්‍රදායික නිතිය සතුව තිබුනා. Talaq යන අරාබි වචනයේ අර්ථය “දික්කසාදය” යන්න බව පැවසෙනවා. නමුත් මෙහි ඛේදාන්තය වන්නේ පිරිමියාට අවශ්‍ය ඕනෑම විටක තෙවරක් Talaq ලෙස ප්‍රසිද්දියේ පවසා බිරිඳගෙන් දික්කසාදය ලබාගත හැකි වීමයි. පසුකාලීනව මෙය ලිඛිතව ලිවීමෙන් මෙන්ම ඩිජිටල් ක්‍රමවේදයක් මගින් (email, whatsapp, massenger) පවා සිදුකිරීමට හැකිවන අයුරින් බලාත්මක කොට තිබුනා. නමුත් ඉන්දීය මුස්ලිම් කාන්තාවන් මේ කුරිරු නීතියට විරුද්ධව දිගින් දිගටම සටන් කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම නිතිය බලරහිත කොට ව්‍යවස්ථාවට පටහැනි ලෙස නම්කර ගැනීමට ඔවුන් සමත් වුනා. එය ඉබේ සිදුවූවක් හෝ පුරුෂ සමාජය සාධාරණත්වය වෙනුවෙන් ලබාගත් ප්‍රගතශීලි පියවරක් නොවන බව පැවසෙන අපූරු ඉන්දීය චිත්‍රපටයක් ළඟදීම තිරගත වීමට නියමිතයි. චිත්‍රපටයේ නම Phir Ussi Mod Par.

Lekh Tandon චිත්‍රපටයට තිර රචනය කොට එය අධ්‍යක්ෂණය කළා. මේ සිනමාවෙදියා  මියයාමට පෙර නිර්මාණය කළ අවසන් චිත්‍රපටයද වනවා. ඔහු 2017 ඔක්තෝබර් 15 වැනිදා ජිවිතයෙන් සමුගත්තේ හෘදයාභාධයක් හේතුවෙන්. Kanika Bajpai, Ruby Beghum, Nadira Babbar, Kanwalijieet Sing, Prameet Sethi, Rajiv Verma, Govind Numder ඇතුළු ශිල්පීන් පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Jahangir Choudhury මෙහි කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක් වනවා.

 

Share


තෙමසක් පුරා GLUUOO.COM සබඳතාව නොමිලේ අත්විඳින්න

$
0
0

ඔබ ලොව කොතන සිටියත් ලංකාවේ දේශීය නිර්මාණ ඔබවෙත සමීප කරන ජාත්‍යන්තර තත්වයේ දේශීය ඩිජිටල් සන්නාමය gluuoo.com දේශීය සිනමාවේ සයිබර් අවකාශය cinema.lk සමග එක්ව අලුත්ම තරගයක් අද පටන් ආරම්භ කෙරෙනවා. ඔබ ලොව කොතැනක සිටියත්, ඔබට කැමති ඔබ වඩා ප්‍රියකරන දේශීය චිත්‍රපට රූපවාහිනී වැඩසටහන්, ආදිය නැරඹීමට අවස්ථාව සලසන gluuoo.com, වෙබ් අඩවියේ මාස තුනක් පුරාවට සම්බන්ධතාව නොමිලේ ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ඔබ සතියේ ජයග්‍රාහකයා වුවහොත් පමණයි.

සෑම සතියකම සිකුරාදා දිනයේ සතියේ ප්‍රශ්නාවලිය cinema.lk වෙබ් අඩවියේ පල කෙරෙනවා. එම ප්‍රශ්න සඳහා පිළිතුරු අදාළ Facebook පිටුවේ Comment එකක් ලෙස යොමු කිරීමට ඔබට හැකියි. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා දිනයේදී සතියේ ජයග්‍රාහකයින් තෝරා ගැනෙනවා.

මේ සතියේ ජයග්‍රාහකයකු වීමට ඔබට අවශ්‍ය නම් ඔබ පිළිතුරු ලබාදිය යුතු ප්‍රශ්න මෙසේයි.

01. ආචාර්ය ධර්මසේන පතිරාජයන් නිර්මාණය කළ පළමු චිත්‍රපටය කුමක්ද..?

02. කිනිහිරියා මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කවුද..? ඒ කිනම් වර්ෂයකද..?

03. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් “සංදේශය” නිර්මාණය කලේ කවර වර්ෂයකද?

ඉහත සඳහන් පහසු ප්‍රශ්න තුනට පිළිතුරු Facebook comment එකක් වශයෙන් අපේ cinema.lk හෝ gluuoo.com Facebook පිටුව වෙත යොමු කරන්න. තෝරාගන්නා ජයග්‍රාහකයින් වෙත මාස තුනක් පුරා gluuoo.com සම්බන්ධතාවය හිමිවනු ඇති.

Share

දැවෙන විහඟුන් (අද ජුනි 29) සිට දිවයින පුරා

$
0
0

සිනමාවේදී සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” සිනමාපටය අද එනම් ජුනි 29 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වනවා. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ගැනීමට සමත් වූවක්.

1980 දශකයේ අග භාගයේ මෙරට දේශපාලනික අරගලය හේතුවෙන් අතුරුදන් වන පුරුෂයකු සහ ඔහුගේ බිරිඳත් දරුවනුත් වටා මෙහි කතාව ගොඩනැගෙන බව සඳහන්. චිත්‍රපටය සම නිෂ්පාදනයක් වශයෙන් නිර්මාණය වුවක්. රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක, Antonin Dedet, Dominique Welinski මෙහි නිෂ්පාදකයින් ලෙස කටයුතු කොට තිබෙනවා. ප්‍රංශය, නෙදර්ලන්තය, කටාර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ මෙම චිත්‍රපටය සඳහා ප්‍රචාරක තේමාව ලෙස “අම්මා එක්ක ඇවිත් බලන්න” යනුවෙන් භාවිතා කොට තිබෙනවා. මේ දිනවල මෙහි ප්‍රචාරණ කටයුතු සිදුවන අයුරු දැකිය හැකියි. “අපේ තාත්තා ගොනිබිල්ල අරන් ගියා, ඔයාලා එන්න අපිව බලන්න” යනුවෙන් වන පොස්ටරයකින් චිත්‍රපටය පිලිබඳ දැන්වීම් පළකර තිබෙනු දකින්නට ලැබුනා. මේ සියල්ල මගින් සිනමාපටයේ තේමාව පිලිබඳ අදහසක් ලබාගැනීමට ප්‍රේක්ෂකයාට හැකියාව ලැබෙනවා.

අනෝමා ජනාදරී, සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ලියෝනි කොතලාවල, පුබුදු චතුරංග, දසුන් පතිරණ, ශ්‍යාම් ප්‍රනාන්දු  ඇතුළු නළු නිළි පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා. 29 වැනිදා සිට දිවයින පුරා මෙම සිනමාහල්වලදී මෙම චිත්‍රපටය නැරඹීමට හැකියාව තිබෙනවා.

Share

Colombo PRIDE 2018 –අභිමානී චිත්‍රපට උළෙල 29 වැනිදා සිට

$
0
0

යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වෙන්නක්. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙමින් ක්‍රියාකාරීව කටයුතු කරන EQUAL GROUND සංවිධානය මෙම සිනමා උළෙල සංවිධාන කරනවා. චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාව ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනියක් වන නිම්මි හරස්ගම එක්ව සිටියා.

මෙරට තවමත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දේශපාලනිකව ලැබී නැති බව බොහෝ දෙනාගේ අදහසක්. ශ්‍රී ලංකාවේ නීතියෙන් තවමත් මෙය සාපරාධී අපරාධයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් එම ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීම සහ සමාජීය වශයෙන් සාමාන් ලෙස පිළිගනිම කරා ලාංකේය සමාජය යොමු කරවීම වෙනුවෙන් Equal ground ආයතනය රටපුරා විවිධ වැඩසටහන් රැසක් පවත්වාගෙන යනවා. සිනමාව සමාජය ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙන්නක්. ඒ නිසාම Equal ground ආයතනය මෙවර Pride 2018 වැඩසටහන සඳහා යුරෝපීය සංගමය සමග එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබෙනවා.

ජුනි 30 වැනි සෙනසුරාදා වෘතාන්ත චිත්‍රපට පහක් සහ කෙටි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිතයි. කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ අංක 24 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂ්මන් කදීරගාමර් අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානයේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. ජුනි 30 වැනි සෙනසුරාදා තිරගත කෙරෙන චිත්‍රපට සහ එම කාලසටහන පහත සඳහන්.

01. Tom of Finland (Adults only)  – Finland  – 10.30am

02. North Sea Texas (All Audiences) – Belgium – 01.30pm

03. Monument of Pride (All Audiences)   – Netherlands – 3.50pm

04. Evening Shadows (All Audiences) – India – 6.00pm

05. Heavy Girls (All Audiences) – Germany – 8.15pm

මෙම වෘතාන්ත චිත්‍රපට වලට අමතර කෙටි චිත්‍රපට දෙකක්ද මෙදිනම තිරගත කිරීමට නියමිතයි.

01. Let’s Get Married (More suitable for adults)  – Taiwan – 3.30pm

02. Sistergirl (All Audiences)  – Australia  – 8.00pm

මෙම චිත්‍රපට සියල්ල නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන බවත් මේ සිනමාපට නැරඹීම සඳහා සිනමාලෝලින් වෙත විවෘත ආරාධනයක් සිදුකරන බවත් Equal ground ආයතනය පවසනවා.

Share

අභිමානී සිනමා දැක්ම –අද දවස

$
0
0

Colombo PRIDE 2018 වැඩසටහනට සමගාමිව සංවිධාන කෙරෙන “අභිමානී” සිනමා දැක්ම අද එනම් ජුනි 30 වැනිදාත් පැවැත්වෙනවා. සිනමා දැක්ම 29 වනි සිකුරාදා ආරම්භ වුනා. සිනමා දැක්මේ දෙවැනි දිනයේදී වෘතාන්ත චිත්‍රපට පහක් සහ කෙටි චිත්‍රපට දෙකක් තිරගත කෙරෙනවා. කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සබඳතා ආයතනයේ ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා. සිනමාපට නැරඹීම සඳහා සියල්ලන්ටම විවෘතව ඇරියුම් කෙරෙනවා.

උදේ 10.30

Tom of Finland චිත්‍රපටය තිරගත කිරීමට නියමිතයි. 2017 වර්ෂයේ පින්ලන්තයේදී නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය Biographical drama කාණ්ඩය යටතට නම්කොට තිබෙන්නක්. චිත්‍රපටය Dome Karukoski අධ්‍යක්ෂණය කළා. තිර රචනය Aleksi Bardyගෙන්. Pekka Strang, Lauri Tilkanen, Jessica Grabowsky, Taisto Oksanen, ඇතුළු ශිල්පින් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. 2017 වසරේ Gothenburg අන්තර්ජාතික සිනමා උළෙලේදී චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය පැවැත්වුවා.

ප.ව. 1.30

අද සවස 1.30 තවත් අපුරු චිත්‍රපටයක් තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ බෙල්ජියමේ නිර්මාණය කෙරුනු North sea Texas චිත්‍රපටය. 2011 වර්ෂයේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය Flemish drama film ලෙස ජාත්‍යන්තරව ශානරගත කොට තිබෙනවා. චිත්‍රපටය තිරරචනා කොට අධ්‍යක්ෂණය කරන්නේ Bavo Defurne විසින්. Jelle Florizoone, Mathias Vergels, Eva Van Der Gucht, Katelijne Damen ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වුනු චිත්‍රපටයට Anton Mertens කැමරා අධ්‍යක්ෂවරයා ලෙස දායකවී තිබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 96ක්.

ප.ව. 3.50

සවස 3.30 කෙටි චිත්‍රපටයක් තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. මිනිත්තු 18ක ධාවන කාලයකින් යුතු තායිවාන නිෂ්පාදනයක් වන Let’s get married කෙටි චිත්‍රපටයෙන් අනතුරුව සවස 3.50ට නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයක් තිරගත කිරීමට නියමිතයි. Monuments of Pride (Monuments van Trots) ලෙස නම්කොට ඇති මෙම වාර්තා චිත්‍රපටය Pink revolution පිලිබඳ තොරතුරු සහිත පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපටයක්. 2017 වසරේ නිර්මාණය කොට ඇති මෙය අධ්‍යක්ෂණය කලේ Sebastiaan Kes විසින්. නෙදර්ලන්ත නිෂ්පාදනයක් වන මෙය මිනිත්තු 82ක ධාවන කාලයකින් යුක්තයි.

සවස 6.00

අභිමානී සිනමා දැක්ම නියෝජනය කරන එකම ආසියානු නියෝජනය සවස 6.00ට තිරගත කිරීමට සුදානම්. ඉන්දීය නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ නම Evening Shadows. ඉන්දියාවේ මුම්බායිහි නිර්මාණය වුනු මෙම චිත්‍රපටය 2018 වසරේ නිෂ්පාදන කටයුතු අවසන් කළ අලුත්ම චිත්‍රපටයක්. Sridhar Rangayan අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Sridhar සමග Saagar Gupta තිර රචනය සිදුකලා. Mona Ambegankar, Faredoon Dodo Bhujwala සහ Arpit Chaudhary ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වන චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය Subhransuගෙන්. සාම්ප්‍රදායික ඉන්දීය දෙමාපිය යුවලකගේ එකම පුත්‍රයා ප්‍රේමයෙන් බැඳෙන්නේ තවත් තරුණයකු සමගින්. පියාගේ දැඩි අවශ්‍යතාව ඔහුට විවාහයක් කොට දී පවුලේ වගකීම් පවරා දීමට. පීඩනය දැඩිම වන අවස්ථාවක තමා තරුණයෙක් සමග ප්‍රේමයෙන් බැඳී ඇති බව සිය මවට පැවසීමට මේ තරුණයා කටයුතු කරනවා. මේ කැළඹීම හමුවේ මව පියා සහ පුතනුවන් අතර සිදුවීම් කෙසේ ගලාගෙන යන්නේද, සාම්ප්‍රදායික ආසියාතික පවුල තුළ සාමකාමී දරුවන් සහ දෙමාපියන් අතර අන්‍යෝන්‍ය සබඳතාව කෙසේ ගොඩ නැගෙන්නේද එහි අවසානය කෙබඳු වේද යන්න පිළිබඳව මෙම චිත්‍රපටය හරහා කතාබහට ලක් කෙරෙනවා.

රාත්‍රී 8.15.

රාත්‍රී 8ට ඕස්ට්‍රේලියානු කෙටි චිත්‍රපටයක් වන Sistergirl තිරගත කිරීමෙන් අනතුරුව 8.15ට තවත් වෘතාන්ත චිත්‍රපටයක් තිරගත කෙරෙනවා. ජර්මානු චිත්‍රපටයක් වන Heavy Girls චිත්‍රපටය මෙලෙස තිරගත වීමට නියමිතයි. 2012 වසරේ ජර්මනියේදී නිපදවුණු චිත්‍රපටය තරමක් සුවිශේෂියි. Axel Ranisch චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. චිත්‍රපටයේ තිර රචනයට සම්බන්ධ වන්නේත් ඔහුමයි. මෙහි අනික් විශේෂත්වය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වන්නේත් Axelම වීමයි. සාමාන්යෙන් සිනමා නිර්මාණයකදී රචකයා සහ අධ්‍යක්ෂවරයා එක අයකු වීම සුලභ වුනත් කැමරා අධ්‍යක්ෂනයත් ඔහුම වීම තරමක් විශේෂිතයි. එසේ වන්නේ ඔහු සිනමාවේ බොහෝ ක්ෂේත්‍ර පරිශීලනය කොට ඇත්තෙක් නම් පමණයි. ඒ නිසා මේ චිත්‍රපටය විශේෂිත වනවා. එමෙන්ම තිර රචනයට දායක වූ Heiko Pinkowski මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියෙක්ද වනවා. ඊට අමතරව ruth Bickelhaupt, Peter Trabner ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මෙහි ධාවන කාලය මිනිත්තු 77ක්.

සටහන : නිසංක වෙහෙරදුව

 

Share

විහඟුන් දැවී යාම හෙවත් ජාත්‍යන්තර සපත්තුවේ තරමට අපේ කකුල කපා ගැනීමට නොහැකි වීම

$
0
0

සටහන : සහන් කසීර වික්‍රමසිංහ

“දැවෙන විහඟුන්” හි කියැවෙන්නේ 88-89 භීෂණ සමයේ දරුවන් අට දෙනෙක් සහ නැන්දම්මා ද සමග අසරණ වන වැන්දඹු ගැහැණියක ගේ ජීවන අරගලය ය. පුද්ගලික පළි ගැනීමක් බවට ඉඟි සපයමින් ගෝනි බිල්ලෙක් විසින් හඳුනා ගන්නා කුසුම්ගේ සැමියා පැරා මිලිටරි ඝාතනයට ලක් වේ. අනතුරුව කුසුම් තමාගේත් දරුවන් අටදෙනාගේත් , නැන්දම්මාගේත් කුසගිනි නිවීමේ අරගලයට පිවිසෙන්නීය.

සිනමා පටයේ කුසුම් ලෙස රංගනයේ යෙදෙන අනෝමා ජනාදරී , ඉඩෝර චරිත රඟපෑමේ තම විශේෂ ප්‍රාගුණ්‍යය මැනවින් විදහා දක්වන්නේ මධ්‍යම පාංතික රංගන ලේබලයෙන් මිදෙන්නෙට නොහැකි චාන්දනී සෙනෙවිරත්න නිතරගයෙන් අභිබවා යමිනි. සැමියාගේ වියෝවෙන් පසුව එදාවේල ද අහිමි වන කුසුම් ( අනෝමා) , චාන්දනී සෙනෙවිරත්න සොයා යන අතර ඇය කුසුම්ට ද තමා සේවය කරන ගල් කොරියේ රැකියාවක් සොයා දෙන්නීය. ගල් කොරියට නවකයෙක් වන කුසුම් , වඩාත් බුහුටි ලෙස ඒ කම්කරු සේවයේ යෙදෙනු දක්නට ලැබෙන්නේ අනෝමා මෙවන් කර්කශ චරිත අරභයා දක්වන ශක්‍යතාව පසක් කරමිනි. සමනළී ෆොන්සේකා වැඩිමල් දියණිය ලෙසින් රංගනයේ යෙදුණ ද බොහෝ විට ඇයව දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් ට කවන , පොවන , ඔවුන්ව තුරුළු කරන , පරක් කරන ආයා චරිතයක් ලෙස විනා වැඩිවියට පත් දැරියක ආකාරයකින් නොවේ. කඩේ යන්නේද ගල් කොරියේ , මස් මඩුවේ නැහී ගෙදර අම්මාම යැයි පෙන්වන පසුබිමක මේ සමස්‍ත නිවහනම පෘථිවියෙන් වෙන් ව ජීවත් වන්නේදැයි සැක සිතෙන සුළුය.

පැරා මිලිටරි සාමාජිකයින්ට සහ ගෝනි බිල්ලන්ට මිනිස් ජීවිතවල ඉරණම යුගයක් ගැන කතා කරන “දැවෙන විහඟුන්” හි කලා අධ්‍යක්ෂකවරයා සොයා සම්මානයක් පුද දෙනු වටී. මේ කතා කරන්නේ 88-89 යුගය ගැනය. කඩ වල තිබෙන්නේ මයිලෝ සැෂේ පැකට් ය. අලියා බීම අලුත්ම මාදිලියේ බෝතල් ය. ලංකාවට වෝල්ස් අයිස් ක්‍රීම් ආවේ 1996 න් පසුව වන අතර එය කාර්ගීල්ස් අයිස් ක්‍රීම් වූයේ ඊටත් වසර ගණනකට පසුවය. නමුත් පුබුදු චතුරංග සහ අනෝමා ජනාදරී තේ බොන දර්ශනය පසුබිමෙන් පෙනෙන්නේ
නූතන කාර්ගීල්ස් අයිස් ක්‍රීම් දැන්වීමකි. පුබුදු චතුරංග විශාල ෆෝල්ට් එකක් සහිත ආදිකාලීන කලිසමක් අඳින විට මිලිටරි සොල්දාදුවන් ශ්‍යාම් ප්‍රනාන්දු සහ සගයන් අඳින්නේ අද කාලයේ , දුෂ්‍යන්ත් වීරමන්ලා, කසුන් කල්හාරලා අඳින කළු පාට බොඩි ෆිට් ෂර්ට් ය. අනූව දසකය මැදක් වනතුරු ඇට්ලස් වෙළඳ නාමයෙන් තිබුණේ බෝල්පොයින්ට් පෑන් පමණකි. නමුත් සම්බාහන මධ්‍යස්ථානයේ පිළිගැනීමේ නිළධාරිනිය අත ඇත්තේ නවීන ඇට්ලස් CR පොතක් වීම ආහ්ලාදජනක කරුණකි. යුගය 88-89 ය. සම්බාහන මධ්‍යස්ථානයේ ලිංගික ශ්‍රමික කාන්තාවන් හැඳ සිටින්නේ සහස්‍රයේ විලාසිතා ය. අනෝමා ජනදරී ගේ රතු ගවුම ම කාල යන්තරයක් හරහා ගොස් මිලදී ගත්තකි. කාන්තාරයක් බඳු පළාතක , හුදෙකලාව පිහිටි නිවස තනා ඇත්තේ අමුතුම තාලේ වරිච්චියකින් ය. කැලැන්ඩරයක් හෝ ලිතක් වත් , අඩුම තරමින් කඩදාසි කැබැල්ලක් අලවා නැති කොටේජ් පෙනුමැති නිවසේ කාමරය රෙදි කඩමාල්ලකින් හෝ තොර ඉහළ පැදුරු ආනක් පමණක් ඇති ශුන්‍ය එකකි. ගෙල වැල ලාගත් නැන්දම්මාව දුරස්ත කැමරා දර්ශනයකින් පෙනේ. ඒ නැන්දම්මාව අටපට්ටමට යැවීමට සිතෙන්නේ කිසිදු උස් ආධාරකයක් හතරමායිමක නැතිව නැන්දම්මා හුස්ම හිරවන උසක එල්ලීම ලෝක පුදුමයක් වන නිසාය. නිවාඩු දවසක මූදු වෙරළට යන අනෝමා සහ දරු පවුල ද චාන්දනී ද සතුටින් දවස ගෙවනතුර පපරේ බෑන්ඩ් එකක් ඔවුන් ඉදිරියෙන් වාදනය සපයමින් ගමන් ගනිති. අඳෝමැයි ! 88-89 යුගයේ මූදු වෙරළක පපරේ බෑන්ඩ් වාදනය කරන්නේ 2010 දී පමණ භාතිය – සන්තුෂ් ගැයූ ” බයිලා ගමුද රී මික්ස් කරලා” ගීතය ය. කලා අධ්‍යක්ෂ තුමනි ; විහඟුන් දැවෙන්නට ඔබ කළ මෙහෙය අපමණය. මේ දූපතෙන් පිටස්තර ජූරියකට අයිස් ක්‍රීම් දැන්වීම් , මයිලෝ සැෂේ පැකට් , ඇට්ලස් පොත් හෝ භාතිය සන්තුෂ් ගැන නොතේරෙනවා විය හැකිය. නමුත් මේ දූපත තුළ තවමත් 88-89 පසු කර ජීවත්වන්නවුන් සිටින බව සිහිපත් නොකර බැරිය.

ඒ හැරුණු කොට “දැවෙන විහඟුන්” තුළ අපේක්ෂා භංගත්වයට ලක් කළ තවත් සිදුවීම් රාශියකි. මුල සිට අග දක්වාම අදාල පරිසරයේ මිලිටරි සාමාජිකයින්ගේ උග්‍ර හිඟයක් තිබිණිදැයි සැක සිතේ. හැඳුනුම්පත් පරීක්ෂා කරන්නට එන්නේත් , ගෝනි බිල්ලන් සමග මිනිසුන් අල්ලාගෙන යන්නේත් , බයිසිකලයක නැගී ගම පුරා කැරකෙන්නේත් ශ්‍යාම් ප්‍රනාන්දුම ය. වෙනකක් තබා සම්බාහන මධ්‍යස්ථානයේ සේවය පතා යන මිලිටරි සාමාජිකයාද ශ්‍යාම් ය. අනෙක් අතට ගල් කොරියේ පුනර් දර්ශන කෙතරම් නීරස වීද යත් , පිටපතේ හැටියට පොලිසිය ගල් කොරිය තහනම් නොකළා නම් පැය එක හමාරම ගල් කඩන , පටවන , සක්ක කෑලි කඩන හැටි බලන්නට වෙනු ඇත. ගෝනිබිල්ලා ලෙස ක්‍රියා කර අහිංසකයෙක් මරණයට කැප කළ විදුහල්පතිවරයාගේ අදාලත්වය සහ කුඩා ළමුන් හත් දෙනෙක් සමග එකවර ගමෙන් පිටත්වන සමනළී , උද්‍යෝගිමත් ජුකී මසන්නියක් වීම සහ ළමුන් ගැන සඳහනක් නොවීම ද අමතක කර නොහැකිය. අම්මා රිමාන්ඩ් ගතව සිටින මොහොතක මිත්තණිය දිවි නසා ගත් විට තනි වුණු දරුවන් නිවෙස තුළ හඬන දර්ශනයේ පසුබිමෙන් ශ්‍රියා කාරියවසම් ගයන ” කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ ” ජනගීතය ඇසේ. දයාරත්න රටගෙදර ඒ කාලයේ පෝය දවසට පෙන් වූ ” සිත නිවන කතා “වල තිබූ ප්‍රාථමික උපක්‍රමයක් සිනමාව කරා ගෙන ආවේ ඇයි දැයි අපි විමතියෙන් යුතුව සංජීවගෙන් ප්‍රශ්න කරමු.

තෝකියෝ ෆිල්මෙක්ස් බඳු ප්‍රශස්ත සිනමා උළෙලක විශේෂ ජූරි සම්මානයක් පවා හිමි වූ ” දැවෙන විහඟුන්” ලංකාවේ පොළව මත බිජුවට දළු ලන පැළයක්ද යන ප්‍රශ්නාර්ථය අපට ඉතිරි වී පවති.

ජාත්‍යන්තර සපත්තුව අපේ කකුලට නොගැලපීම දුකකි. නමුත් ඒ තරමට අපේ කකුල කපා ගැනීමට කිසි සේත් කළ නොහැකි වැඩකි.

– සහන් කසීර වික්‍රමසිංහ –

Share

“SANJU”ලොව පුරා අති සාර්ථක ගමනක

$
0
0

Sanjay Dutt කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දිය යුතු කෙනෙක් නොවෙයි. දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වුනු ඔහු බොහෝ කතාබහට ලක්වුණු චරිතයක් වුනා. ක්ෂේත්‍රයේදී ඔහු කළ නිර්මාණ නිසා වගේම පෞද්ගලික ජිවිතයේ කාරණා නිසාත් ඔහු ලොව පුරා කතාබහට ලක්වුණු චරිතයක් වුනා. මේ කතාව සංජයගේ සිනමා ජීවිතය සම්බන්ධව නොවෙයි.

කෙනෙකුට තමන්ගේ ජිවිත කාලයේම තමන්ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටයක් දකින්න ලැබෙනවා කියන එක තරමක් විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව සංජය දත් කියන බොලිවුඩ් නළුවාට හිමිව තිබෙනවා. ඒ, SANJU බොලිවුඩ් චිත්‍රපටය හරහා. මීට දින තුනකට පෙර තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය Biographical movie එකක් විදිහට නිර්මාණය වුනේ සංජය දත්ගේ ජිවිත කතාව ඇසුරින්. Rajkumar Hirani කියන්නේ ඉන්දීය සිනමාවේ ජනප්‍රියම අධ්‍යක්ෂවරයෙක්. සහ ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතිශය ජනප්‍රිය වුනා වගේම ලොව පුරා කතාබහට ලක්වුනා. 3 idiots, PK වගේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවන තරම්. ඔහු මෙවර SANJU චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයින් වෙත එනවා. චිත්‍රපටයට තිර රචනය කරන්නේ Rajkumar Hirani සහ Abhijat Joshi විසින්. නිෂ්පාදනයට Rajkumar Hiran සමග Vidu Vinod Chopra සම්බන්ධ වනවා. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන සංජය දත්ගේ චරිතයට රංගනයෙන් එක්වන්නේ Ranbir Kapoor. මේ තෝරා ගැනීම ගැන බොහෝ මත ගැටුම් නිෂ්පාදකයන් අතර ඇති වුනත් අවසානයේ Ranbir ඒ සඳහා තෝරා ගන්නෙත් Rajkumar Hiraniගේ දැඩි අවශ්‍යතාව නිසාමයි.

Paresh Rawal, Vicky Kaushal, Manisha Koirala, Dia Mizra, Sonam Kapoor, Anushka Sharma, Jim Sarbh සෙසු චරිත සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා. කෙසේ නමුත් සංජය දත්ගේ මව ඔහු කුඩා කල සිට ඔහු ඇමතීමට භාවිතා වන සුරතල් නාමය (Nickname) වුනේ “සංජු”. චිත්‍රපටයේ නම සඳහා එයම යොදා ගැනීමට රාජ්කුමාර් හිරානි තීරණය කොට තිබෙනවා. 2017 වසරේ ජනවාරි මස මුලික වැඩ කටයුතු ආරම්භ කළ චිත්‍රපටය වැඩකටයුතු අවසන් කොට තිබෙන්නේ 2018 ජනවාරි මාසයේදී. ජුනි 29 වැනිදා ලොව පුරා චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කොට තිබෙනවා. දින දෙකක් ඇතුලත ලොව පුරා තිරගත කිරීමෙන් ₹97.99 croreක ආදායමක් මේ වනවිට උපයා ඇති බව සඳහන්. චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වනු ඇතැයි අපේක්ෂා කරනවා. විචාරකයින් වෙතින් මේ වනතෙක් ලැබෙන්නේද යහපත් ප්‍රතිචාර බව සඳහන්. Ranbirගේ රංගනය සහ Rajkumar Hiraniගේ අධ්‍යක්ෂණය පිළිබඳව බොහෝ විචාරක පැසසුම් ලැබී  ඇති බව සඳහන්. 2018 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වනු ඇතැයි අපේක්ෂා කරනවා. චිත්‍රපටය මිනිත්තු 161ක් පුරා දිගහැරෙන්නක්.

Share

“අනෝමා අක්කේ, අපි මෙතැනින් ඉක්මනට යමු”–උපේක්ෂා නුවන්ශ්‍රීනිගේ සටහනක්

$
0
0

….උපුටා ගැනීමකි….

සටහන : උපේක්ෂා නුවන්ශ්‍රීනි

*************************************************************

ලංකාවේ වෙළදපළ ක්‍රමය තුළ කලාවෙහි සිදු වන අවභාවිතාවේ භයානක ප්‍රතිඵළය වන්නේ අවසානයෙහි ව්‍යවසායකයා වෙත සමස්ත ජයග්‍රහණය හිමි වූ අවශේෂ ශ්‍රමිකයන් නිෂ්පාදන සාධක බවට පත්වී ඔවුන්ට සියලුම මානවීය වටිනාකම් සහ හිමිකම් ද සමාජීය වශයෙන් සම්පූර්ණයෙන්ම අහිමිව යාමයි. කලාවේ මෙම මුදලාලිකරණය ඇගේ හිරිගඩු පිපෙන තරමට අවලස්සන සහ පිළිකුල් සහගත බව දන්නා නමුදු යළි මෙම කරුණ වඩාත් තහවුරු කළේ හෙට සිට තිරගත වීමට නියමිත දැවෙන විහගුන් සහ එහි ප්‍රධාන නිළිය වූ අනෝමා ජනාදරී මහත්මිය සම්බන්ධ කතා බහ නිසාවෙනි. දැවෙන විහඟුන් සිනමාපටය සඳහා අනෝමා ජනාදරී මහත්මිය සදහා ලබාදෙන තිර පිටපතෙහි ( එය තවමත් ඇය සතුව ඇත.) ලිංගික දර්ශන 14ක් ඇතුළත් වේ. එමෙන්ම මෙම නිර්මාණයට දායකත්වය ලබා දීමට පෙර ඇය විසින් ලබා දුන් ගිවිසුම ප්‍රතික්ෂේප කොට අධ්‍යක්ෂවරයා ලබා දුන් ගිවිසුමට ඇය අත්සන් තබන්නීය. නමුදු එහිද මෙම මුහුණු මාරුව ගැන කිසිදු සදහනක් දක්වා නැති අතර ලොස් ඇන්ජලීස්හි පැවති සිනමා උළෙල ඇතුලු සියලුම විදෙස් සිනමා උළෙල සදහා අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන්නේ ලිංගික දර්ශන 14ක් සහිත ශුද්ධ පිටපතට අනුව සකස් කරන ලද සිනමාපටයයි. විදේශයන්හි පළ වූ විචාර තුනකම අනෝමා ගැන සදහන් කරන ලියවිල්ලෙන් එය තවදුරටත් තහවුරු වේ. විදේශයන්හි සම්මානිත වී තමන්ගේ මූලික අභිප්‍රාය පූර්ණ වූ විට අධ්‍යක්ෂවරයා සිදු කරන්නේ කුමක්ද? ඔහුට ඉගිල්ලෙන මාලු මව්රටේ ප්‍රදර්ශනය කිරීමේ අයිතිය අහිමිවිය. එබැවින් ඔහු මෙවර සිදු කරන්නේ ලංකාවේ වෙළඳ පලට උචිත පරිදි යළිත් සිනමාපටය ප්‍රතිනිර්මාණය කිරීමයි. එයද සිදු කරන්නේ අතිශය අමානුෂික අන්දමිනි. අතිශයෙන් වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණය අවසානේ ළමා චිත්‍රපටයක් බවට පත්වෙයි. එහි ප්‍රධාන නිළිය අනෝමා නොව ලංකාවේදී සමනළී වෙයි. ගෝනි බිල්ලා තාත්තව අරන් ගියා..ඔයාලා එන්න අපිව බලන්න… දැන් ළමයි ටිකක් අපට සිනමාපටය බලන්නට ඇරයුම් කරති. මෙය කෙබදු විහිලුවක්ද?

ඔහුගේ බිහිසුණු ප්‍රෝඩාව තවදුරටත් හෙළිවන්නේ රැස පුවත්පතෙහි වන සංවාදයෙනි. ඔබ ලිංගිකත්වය සිනමා භාවිතය තුළ දක්වන අදහස යනුවෙන් මාධ්‍යෙවදියා නගන ප්‍රශ්නයේදී සංජීව පිළිතුරු දෙන්නේ ඔහු තැනූ ඔරිජිනල් ෆිල්ම් එකම ළමා සිනමාපටයක මට්ටමට තබමින් ප්‍රේක්ෂකයාව තවදුරටත් අන්දමිනි. අනෝමා නමැති ශිල්පිණිය විසින් කළ විශිස්ඨ රංගන දායකත්වයෙන් ලබා ගත් සම්මාන ලේබලයම අලවි කරමින් ඔහු තමාගේ සිනමාපටයට දායකවූ නලු නිලි ලයිස්තුවට ඇගේ නාමය පවා නොතකා මකා දමයි. ඒ අනුව හෙට සිට තිරගත වන සිනමාපටයට අනුව ලංකාවේ හොදම නිලිය විය හැක්කේ සමනලී ෆොන්සේකාටය. මන්ද මේ පිටපතෙහි අනෝමා යනු සහාය නිළියක් පමණකි. මෙහි ඇති වඩාත් ඛේද ජනකම තත්වය වන්නේ ඇයට නීතියෙහි පිළිසරණ පැතීමට වත් සහය පළ කරන්නට එකට රංගන දායකත්වය ලබාදුන් ශිල්පීන් කිසිදු සහයක් පළ නොකිරීමයි. අම්මා ගැන ගැහැනිය ගැන සානුකම්පිතව සිනමාපට තනන්නේ මෙබදු මිනිසුන්ද? සිනමාපටයට දායකත්වය දුන් ගැහැනිය තිරිසනකු ලෙස අවසානයට නොසලකා දමා මේ සිදු කරන්නේ කුමක්ද? සැබැවින්ම අපි අසමගිය සහ ආත්මාර්ථය පිරුණු අවාසනාවන්ත රටක අවාසනාවන්ත ගැහැනුන් සහ මිනිසුන් වෙමු.

නමුත් මෙතන වරද සැබැවින්ම කාගේද? සංජීව පුෂ්ප කුමාරලාගේද සක්විති රණසිංහලාගේද වැඩි වෙනසක් නැත.මොවුන්ගේ මුල හාරා බලනවානම් වර්තමාන සමාජ හැසිරීම් ගැන විශ්ම පත් විය යුත්තේද නැත. මෙවනි අශෝභන මානසිකත්වයක් සහිතව ඔවුහු උපත ලබන්නේද සමාජීය සාධක ගොන්නක ඵලය මතිනි . අපි එය මදකට අමතක කරමු. නමුත් මෙතන ඇති විශාලම අවුල වන්නේ මේ රටේ පද්ධතික ක්‍රමවේදයෙහි පවතින අවුල නිසා මෙබදු පුද්ගලයන් එක් වරම ඉස්මතු වෙමින් රටක පැවත ආ විධිමත් වෘතීය ක්‍රමවේදයක් අසංවිදිත ලෙස අවභාවිතා කිරීමයි. මේ සදහා සැබැවින්ම රජයක් සතුව වගකීම් පවතී. එනම් කිසියම් සිනමාපටයක් සදහා අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපට සංස්ථාව සමග ගිවිසුම් ගත කර එමගින් විදේශීය වෙළදපලට සිනමාපටයක් ඉදිරිපත් වී එය ලංකාවේ තිරගත කරන විට එය සංස්කරණය කළ යුතු සීමාව තීරණය කිරීම , ශිල්පීන්ට සිදු කරන ගෙවීම්, ඔවුන්ගේ හිමිකම් සුරක්ෂා කිරීම ආදිය ඉන් ආවරණය කළ යුතුවේ. එම සියලු තීරණ රාජ්‍ය මැදිහත් වීම සහිත මධ්‍යස්ත මණ්ඩලයක් මගින් සිදු විය යුතු අතර එවිට පාර මාරුවන විට ගමන පහසු වන්නට වාහන් පිටුපස අමතර රෝද සවිකරගෙන යන්නාක් මෙන් රටින් රටට වෙනම පිටපත් සකස් කරමින් අත්තනෝමතික ලෙස හැසිරීමට ඇති හැකියාව ජාවාරම් කරුවන් වෙත අවම වේ.

එමෙන්ම ලංකව තුළ නිළියක කිසියම් රංගනයක නිරත වෙද්දී තම නිරුවත අයැද සිටිනවානම් ඒ පිළිබද එක්වරක් නොව දහවරක් සිතා බැලිය යුතුය. අද දවස වන විට අනෝමා එම යථාර්ථය වටහාගෙන අවසන්ය. ඇයට වැරදුනේ පලමුවැන්නාට වඩා දෙවැන්නා හොද වෙතැයි කළ අපේක්ෂාව නිසාවෙනි. නමුත් ඇය තුන්වැන්නකුද එසේ යහපත් වෙතැයි සිතා නොරැවටෙනු ඇතියි මම උදක්ම අපේක්ෂා කරන අතර දැන් ඇය ඉනූ රෙදි පට සදහටම නොගැලවෙන සේ ඇදගත යුත්තේ ඉන් යෙහෙමින් වැජඹෙින් තමාගේම සිත තලා දමන්නට තවදුරටත් සමාජයට ඉඩ නොතැබිය යුතු බැවිනි. ගෞරවණීය විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක, එමෙන්ම විශිෂ්ඨ රංගවේදිනියක වන ඇය අද සිට අධිෂ්ඨාන කර ගත යුත්තේ තමාට වූ වරද සකසාගෙන නව මාවතක ගමන් කිරීමටය. නිලියක ලෙස තමාට වැරදුනේ අධ්‍යක්ෂවරුන්ගේ වරද නිසානම් ඇයට අවංක සහ විශ්ෂඨ අධ්‍යක්ෂවරියක වීමම වරද කළවුන්ට දෙන දඩුවමක් විය හැකිය. සැබැවින්ම ඔබ දැන් නතර වූ තැනින් යළි පටන් ගත යුතුය. එතෙක් ඔබ දිගුකාලීන නිද්‍රාවක ගැලී සිටියාට වරදක් නැත. මන්ද එවිට යළි ඔබට වඩාත් ශක්තිමත් ගැහැනියක ලෙස නැගී සිටීමට හැකිවනු ඇත.අපගේ දුක කියා කෑසුවාට ඉන් ඇතිවන ඵලයක් නැත. මක්නිසාද යත් මේ පවතින්නේ අම්මාද විකිණෙන අර්ථ ක්‍රමයකි. ඇස් කන් වැසූවන් සිටින නීරෝලා වෙණ වයන පුරයකි. ඔබ වෙනුවෙන් මම සිනමාපටය ප්‍රෙක්ෂකත්වයෙන් වර්ජනය කරමි. මගේ ලබැදියන්ගෙන්ද එයම ඉල්ලමි. දැන් ඉතින් රෝමය ගිණි ගන්නා වෙලාවයි. (නීරෝලා වෙණ වයනු ඇත)

අනෝමා අක්කේ…. අපි මෙතනින් ඉක්මණට යමු.!

– උපේක්ෂා නුවන්ශ්‍රීනි –

Share


මොකක්ද මේ අලුත් වැඩේ..?? ධනුෂ්ක ගුණතිලක පැහැදිළි කරයි

කෙටි චිත්‍රපට අටක් එකදිගට –ජූලි 04 වැනිදා

$
0
0

ජර්මානු සංස්කෘතික ආයතනය සහ Agenda 14 එක්ව සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම ජූලි මාසයේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. “July film forum” ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන ජූලි මස 04 වැනි බදාදා පැවැත්වීමට නියමිතයි. සවස 6.00 සිට ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe Institute) හිදී මෙම චිත්‍රපට දැක්ම සුපුරුදු පරිදි පැවැත්වෙනවා. මෙවර වැඩසටහන සඳහා කෙටි චිත්‍රපට අටක් තිරගත කිරීමට නියමිතයි.

එදින තිරගත වීමට නියමිත කෙටි චිත්‍රපට අට මෙසේයි.

A story nobody cares about     –  Thisara mangala Bandara

Dragonfly Scream          –  Sumudu Athukorala

Where’s my route           –  Sudath Abesiriwardhane

Fire of life                        – Dhananjaya Bandara

By the sea                         – Bhavaneedha Loganathan

Walv                                  – Mahasen Kalahe

Hope                                 – Fathima Shanaz

Charisma of god             –  Kelum Kaluhannadige

 

මෙම චිත්‍රපට අට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙන බවත් සඳහන්. චිත්‍රපට සියල්ල  දේශීයව හෝ ජාත්‍යන්තරව කිසියම් ඇගයීමකට ලක්වූ චිත්‍රපට බව පැවසෙනවා. සවස 6 සිට කෙටි චිත්‍රපට තිරගත කිරීම සිදුකිරීමෙන් අනතුරුව එම නිර්මාණකරුවන් සමග සංවාදයක් පැවැත්වීමටත් අපේක්ෂා කෙරෙනවා. මෙම චිත්‍රපට නරඹා සිනමාකරුවන් සමග කතාබහට එකතුවන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරනවා.

 

Share

වයස අංකයක් පමණද..? ප්‍රේමයට සීමා මායිම් කොහිද..??

$
0
0

ප්‍රේමයට සීමා මායිම් නැති බව හුඟක් ප්‍රේම කතා වලදී අපට අහන්න දකින්න ලැබෙන කතාවක්. දේශසීමා, ජාති ආගම් කුලමල බේද මේ කිසිවක් ප්‍රේමයට අදාළ නොවන බවට සාක්ෂිත් ඕනා තරම්. වයස කියන සාධකය සැලකුවත් කතාව මෙහෙමම තමයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදරයට, ප්‍රේමයට මේ මේ ආකාරයේ වයස් සීමාවන් තිබිය යුතුයි කියල. නමුත් වයස කියන සාධකය ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්නෙත් කවුරුම හරි කෙනෙක් මිස ඒක පොදු විද්‍යාත්මක නියමයක් නොවෙයි. වයස ගැන නොසලකා සිතට දැනෙන ප්‍රේමය බාරගත් බොලිවුඩ් තරු ගැන සටහනක් මේ.

Priyanka Chopra (35) and Nick Jonas (25) – Age gap 10 years 

2017 වසරේ රතු පලසක් මතදී මේ දෙදෙනාගේ පින්තුර අස ගැටීමත් සමග ලෝකයේම සිනමා රසිකයින්ගේ සහ ගීත ලෝලීන්ගේ අවධානය මේ දෙදෙනා වෙත යොමු වුනා. කිහිප වරක්ම සමාජ ජාලා හරහා වගේම මාධ්‍ය හරහාත් විවිධ gossips පල කෙරුනා. අවසානයේ මේ දෙදෙනා තමන් පෙම්වතුන් බව හැඟවෙන පරිදි ප්‍රසිද්දියේ හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගියදා ප්‍රියංකා ඇගේ Instagram පිටුවට Nick Jonas සහ ඇගේ මව සමග එක්ව ලබාගත් පින්තුරයකුත් එක්කොට තිබුනා. කෙසේ නමුත් මේ පෙම්වතුන් යුවලගේත් වයස් පරතරය අවුරුදු 10ක් බව පැවසෙනවා.

priyanka-nick-5

Urmila Matondkar (43) and Mohsin Akhtar Mir (33) – Age gap 10 years 

මේ දෙදෙනා එකිනෙකා හඳුනාගන්නේ ඔවුන්ගේ මිතුරගේ මාර්ගයෙන්. කෙසේ නමුත් සියල්ලෝම පුදුම කරවමින් මේ දෙදෙනා ප්‍රේමවන්තයින් බවට පත් වුනා. අවසානයේ 2016 වසරේදී සියලු දෙනාගේ ආශිර්වාද සමග මේ දෙදෙනා විවාහ වුනා. ඔබ මේ දෙදෙනාගේ social media pages follow කරනවා නම් ඔවුන්ගේ ප්‍රීතිමත් ජීවිතය පිලිබඳ සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකියි.

Urmila

Soha Ali Khan (39) and Kunal Kemmu (35) – Age gap 5 years 

Soha සහ Kunal දීර්ඝ කාලයක් ප්‍රේමවන්තයින් ලෙස එකිනෙකා සමග ප්‍රේමයෙන් ජිවත් වුනා. ඔවුන් දෙදෙනා එකිනෙකට හොඳින් ගැලපෙන යුවලක් බව වටහාගැනීමෙන් පස්සේ මේ දෙදෙනා 2015 ජනවාරි මාසයේදී විවාහ වුනා. ඔවුන්ගේ දියණිය 2017 සැප්තැම්බර් මස උපත ලැබුවා. ඔවුන් ඉතා සතුටින් දියණිය සමග ජිවත් වන බවත් බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා.

soha-ali-khan-kunal-khemu

ආදරයට ප්‍රේමයට හෝ එක්ව ජිවත් වීමට අවශ්‍ය වන්නේ ආදරය සහ අන්‍යෝන්‍ය අවභෝධය පමණක් බව මේ කතා වලින් ඉතා හොඳින් පැහැදිලියි. සංස්කෘතික කාරණා සියල්ල පැත්තක තබා බැලුවහම වටහාගත හැකි සරල සත්‍ය තමයි ඒ. වයස යනු අංකයක් පමණමයි.

Share

ශාරුක් ඛාන්ට විසිපහයි….??

$
0
0

හින්දි තිරය එහෙමත් නැත්නම් බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොව පුරා විසිරි සිටින රසිකයින් අතරින් 99%ක් වගේ ප්‍රමාණයක් Shah Ruk Khan කියන දක්ෂ නළුවාටත් ඒ වගේම කැමතියි කීවොත් එහි වරදක් නැහැ. ඒ තරමටම Shahruk සහ බොලිවුඩ් සිනමාව කියන දෙක එකිනෙක සම්බන්ධයි. කෙසේ නමුත් මේ කියන්න යන්නේ ශාරුක්ගේ සිනමා ජිවිතයේ වැදගත් කඩඉමක් ගැන. ජුනි 26 වැනිදා ඔහු සිය සිනමා ජීවිතයේ 25 වැනි වසර සම්පුර්ණ කළා. සිනමාවේ රිදී ජුබිලිය සමරන ඔහු පළමුවෙන් සිනමාපටයකට රංගනයෙන් දායක වුනේ 1992 වසරේ. එම චිත්‍රපටය 1992 ජුනි 26 වැනිදා තිරගත වීම ආරම්භ වුනා. චිත්‍රපටයේ නම “Diwana”. මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු Film fare සම්මානයක් දිනා ගැනීමට සමත් වුනා. “උමතුව” යන තේරුමින් නම යොදා තිබුණු මේ චිත්‍රපටයට Rishi Kapoor සහ Diwya bharathee රංගනයෙන් දායක වුනා. මිනිත්තු 162ක ධාවන කාලයකින් යුතු වූ මෙම චිත්‍රපටය ලැබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 82ක් වුනා.

මේ අනුව ඔහුගේ සිනමා ජිවිතයට පසුගිය ජුනි 26 වැනිදා වසර 25ක් සම්පුර්ණ වුනා. 1965 නොවැම්බර් 02 වැනිදා නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබූ ඔහු, 1988 වසරේ රුපවාහිනිය සමග සම්බන්ධ වුනා. වසර හතරකට පසු ඔහුට සිනමාවට සම්බන්ධ වීමට වරම් ලැබුනා. Badshah of Bollywood, King of Bollywood සහ King Khan යන අන්වර්ථ නාම ඔහුව හැඳින්වීමට භාවිත කෙරෙනවා. ඔහු 1991දි Gauri Khan සමග විවාහ වුනා.  මේ වනවිට චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වූ හෙතෙම මෙතෙක් ලබාගත් Film Fare සම්මාන සංඛ්‍යාව 14ක්. සම්මාන 30ක් සඳහා නිර්දේශිත නාමයන් අතරට එක්වීමෙන් අනතුරුවයි ඔහු මේ සම්මාන දිනා ගත්තේ. ඉන් සම්මාන 08ක් හොඳම නළුවා සම්මාන බවත් සඳහන්. 1993දි Baazigar චිත්‍රපටය සඳහා ඔහු පළමු හොඳම නළුවා සම්මානය දිනා ගත්තා. 2008 වසරේදී Newsweek සඟරාවේ වර්ගීකරණයන් අතරට ඔහු එකතු වුනේ ලොව බලවත්ම පුද්ගලයින් 50 දෙනා අතරින් එක අයෙක් ලෙසින්.

හින්දි සිනමාවේ King Khanගේ රිදී ජුබිලියට ලොව පුරා බොලිවුඩ් සිනමා රසිකයින් සමාජ ජාලා හරහා සුබ පැතුම් එක්කොට තිබුනා.

 

Share

Equal Ground සංවිධාන කළ “අභිමානී”සිනමා දැක්ම

$
0
0

යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වුනු මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වුනා. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙමින් ක්‍රියාකාරීව කටයුතු කරන EQUAL GROUND සංවිධානය මෙම සිනමා උළෙල සංවිධාන කළා. චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාව 28 වැනිදා කොළඹදී පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනියක් වන නිම්මි හරස්ගම එක්ව සිටියා.

මෙරට තවමත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දේශපාලනිකව ලැබී නැති බව බොහෝ දෙනාගේ අදහසක්. ශ්‍රී ලංකාවේ නීතියෙන් තවමත් මෙය සාපරාධී අපරාධයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් එම ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීම සහ සමාජීය වශයෙන් සාමාන් ලෙස පිළිගනිම කරා ලාංකේය සමාජය යොමු කරවීම වෙනුවෙන් Equal ground ආයතනය රටපුරා විවිධ වැඩසටහන් රැසක් පවත්වාගෙන යනවා. සිනමාව සමාජය ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙන්නක්. ඒ නිසාම Equal ground ආයතනය මෙවර Pride 2018 වැඩසටහන සඳහා යුරෝපීය සංගමය සමග එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබුනා.

ජුනි 29, 30 සහ ජුලි 01 යන තෙදින කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ අංක 24 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂ්මන් කදීරගාමර් අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානයේදී මෙම සිනමා උළෙල පැවැත්වුනා.

Photo 2          Photo 3

Share

ජපාන සිනමා අත්දැකීමක් පුළුල් තිරයෙන්…ජූලි මාසයේදී

$
0
0

ජපානය පිළිබඳව ඔබ බොහෝ කතා අසා ඇතුවාට සැකයක් නැහැ. ජපානය පසුගිය දිනවල නැවතත් සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වන්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමගින්. තරගය පිළිබඳව වගේම ඉන් අනතුරුව ක්‍රීඩා පිටිය පිරිසිදු කළ ජපන් ජාතිකයින් පිළිබඳවත් මේ දිනවල බොහෝ සෙයින් කතාබහ කෙරෙනවා. නමුත් මේ ඊට වඩා වෙනස් කතාවක්. මේ පුවත ජපාන සිනමාව පිළිබඳවයි.

සිනමා රසිකයින් විවිධාකාරයි. බොලිවුඩ් සිනමාවට කැමති, හොලිවුඩ් සිනමාව රසවිඳින වගේම ලෝකයේ වෙනත් රටවල සිනමාව රසවිඳින සිනමා රසිකයින් අප අතර සිටිනවා. මේ පණිවිඩය ලෝක සිනමාව රසවිඳින ඔබ වෙනුවෙන්මයි. ජපානයේ සිනමාව රසවිඳින්නට ඔබට අපූරු අවස්ථාවක් ජූලි මාසයේදී ඔබට උදා වනවා.

ජපානය  ආසියාවේ දැවැන්ත සිනමාවකට හිමිකම් කියන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. නමුත් ජපානය සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරනවා. ජපාන නිහඬ යුගයේ සිනමාව ආරම්භ වන්නේ 1897 වර්ෂයේ. ඒ අනුව ජපාන සිනමාවට වසර 100කට අධික ඉතිහාසයක් තිබෙනවා. ආසියානු සිනමාවේ දැවැන්තයෙක් වන ජපාන සිනමාවේ නිර්මාණය කෙරුණු සිනමාපට අවස්ථා හතරකදී ඇකඩමි සම්මාන ලබා ගන්නේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසින්. එම වාර්තාවට සම කිරීමට කිසිදු ආසියාතික රටකට හැකිවී නැහැ. එවන් සිනමාවක් සහිත ජපානයේ අපූරු චිත්‍රපට හතරක් තිරගත කෙරෙන ජපාන සිනමා උළෙලක් ජූලි මාසයේ පැවැත්වීමට නියමිතයි. ජූලි 21 සහ 22 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා.

එහිදී තිරගත වන චිත්‍රපට මෙසේයි.

21 / 07       3.00pm        It’s a beutiful life (drama)

21 /07        5.30pm        The Complen (Horror)

22 / 07       3.00pm        Golden Orchestra (comedy)

22 / 07       6.00pm         Time of EVE (sci-fi-anime)

ජපාන තානාපති කාර්යාලය ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව මෙම සිනමා උළෙල සංවිධාන කෙරෙන අතරම ජාතික තරුණ සේවා සභාව සහ Ship for world youth alumni association මේ සඳහා සම දායකත්වය සැපයීමට එක්ව සිටිනවා. සිනමා ප්‍රේක්ෂකයන් වෙත මෙම සිනමා උළෙල නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

36531947_10216389449312944_8896633177200656384_n

Share

Sonali Bendre පිළිකා රෝගයෙන් පීඩා විඳියි

$
0
0

බොලිවුඩ් සිනමා තරු අතර බොලිවුඩ් රසිකයන් වඩා කැමති නිළියන්ගෙන් එක අයෙක් Sonali Bendre. ඇය කලක් බොලිවුඩ් සිනමාවේ ඉහළ මට්ටමේ නිලියක් ලෙස වැජඹුනු කෙනෙක්. මේ කියන්න යන්නේ ඇගේ සිනමා ජීවිතය ගැන කතාවක් නොවෙයි. ඊට වඩා තරමක් කණගාටුදායක තත්වයක්. ඇය කිසිවෙකුටත් නොපවසා සිටි සත්‍යක් අද මුල්වරට ලෝකය හමුවේ පැවසීමට ඇය කටයුතු කළා.

තමන් පිළිකා රෝගියෙක් බවත්, කලක් තිස්සේ මෙම රෝග ලක්ෂණ පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ බවත් ඇය පවසා තිබෙනවා. එම පරීක්ෂණ ප්‍රථිපල වලට අනුව ඇගේ රෝගී තත්වය පිළිකාවක් බවට නිශ්චිත වශයෙන් සොයාගත් බව ඇය සඳහන් කොට තිබෙනවා. Twitter පණිවිඩයක් මගින් ඇය අද මේ බව ලොවටම පවසා තිබුනා. එම රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීමට තමා ඇමරිකාව බලා පැමිණි බවත් මේ වනවිට නිව්යෝක් නුවරදී ඇය රෝගයට ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවත් එම පණිවිඩයේ සඳහන් කොට තිබුනා.

Sonali Bendreගේ Twitter පණිවිඩය මෙසේයි.

” I have recently been diagnosed with a high grade cancer that has metastised, which we frankly did not see coming. A niggling pain led to some tests, which led to this unexpected diagnosis. ”

Share


Sonali Bendre බලන්න Akshay Kumar නිව්යෝක් යයි

$
0
0

දශක ගණනාවක් පුරා බොලිවුඩ් තිරය හැඩකළ සුරූපී බොලිවුඩ් තරුවක් වුනු Sonali Bendre ගැන ඊයේ පටන් නැවත ලෝකය පුරා කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ වෙනකක් නිසා නොවෙයි, ඇගේ අසනීප තත්වය නිසයි. ඇය ඊයේ සිය Twitter ගිණුම හරහා ප්‍රථම වරට සිය රෝගී තත්වය පිළිබඳව ලෝකයට නිරාවරණය කළා. තමන් පිළිකා රෝගයෙන් පිඩා විඳින බවට රෝග නිශ්චය කරගත් බවත්, එය high grade cancer ලෙස හඳුනාගෙන ඇති බවත් ඇය සිය පණිවිඩයේ අනාවරණය කොට තිබුනා. මේ පුවත සැලවීමත් සමග බොලිවුඩ් සිනමා රසිකයින් කැළඹීමට පත්ව සමාජ ජාලා හරහා ඇයට ආශිර්වාද කරමින් නිරෝගී සුව පතමින් පණිවිඩ සටහන් කොට තිබුනා.

කෙසේ නමුත් ඇගේ රෝගී තත්වය පිලිබඳ දැනගත් වහා ඇගේ සුවදුක් විමසීමට බොලිවුඩ් නළු Akshay Kumar නිව්යෝක් බලා ගොස් ඇති බව සඳහන්. කලක් ඇගේ සමීපතම මිත්‍රයෙක් මෙන්ම තිරයේදී බොහෝ වාර ගණනක් ඇගේ සහය නළුවා ලෙස කටයුතු කලේ Akshayයි. සොනාලි වෙනුවෙන් තමා දෙවියන් යදින බවත්, අගේ ඉක්මන් සුවය සහ ඉක්මනින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යලි පැමිණීමට හැකිවන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත් ආක්ෂේ පවසා තිබුනා. සොනාලි සිය පවුලේ අය සහ සමීපතමයින් සියල්ලන්ටම ස්තූති කොට පණිවිඩයක් සටහන් කොට තිබුනා.

ඇය සටහන් කොට තිබූ පණිවිඩය මෙසේයි.

“Sometimes, when you least expect it, life throws you a curveball. I have recently been diagnosed with high-grade cancer that has metastasized, which we frankly did not see coming. A niggling pain led to some tests, which led to this unexpected diagnosis. My family and close friends have rallied around me, providing the best support system that anyone can ask for. I am very blessed and thankful for each of them. There is no better way to tackle this than to take swift and immediate action. And so, as advised by my doctors, I am currently undergoing a course of treatment in New York. We remain optimistic and I am determined to fight every step of the way. What has helped has been the immense outpouring of love and support I’ve received over the past few days, for which I am very grateful. I’m taking this battle head-on, knowing I have the strength of my family and friends behind me.”

Share

“ගින්නෙන් උපන් සිතල” OSCAR තරග බිමට…???

$
0
0

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය පිලිබඳ විශාල් කතාබහක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වුනේ එය OSCAR සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වීමට සුදුසුකම් ලබුවේ යයි කියවෙන පුවතක් සමගින්. මේ පිළිබඳව ඉන්දියානු සමාගමක් සහ මෙරට මාධ්‍යත් වාර්තා පලකොට තිබුනා. එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන තොරතුරු සැකෙවින් මෙසේයි.

OSCAR උළෙලට චිත‍්‍රපට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දියානු චිත‍්‍රපට ප‍්‍රවර්ධන සමාගමක් චිත‍්‍රපටය නරඹා එය ‘හොදම චිත‍්‍රපටය’ යන කාණ්ඩය යටතේ ඉදිරිපත් කිරීම සදහා තෝරා ගැනීමට ඔවුන් තීරණය කොට ඇති බව නිවේදනය කොට තිබෙනවා. OSCAR උළෙලේ තරග කිරීමේදී වට කිහිපයක් සදහා ඉදිරිපත් වීමට සිදු වෙනවා. එහි පළමු වටය සදහා මෙම චිත‍්‍රපටය ඉදිරිපත් කිරීමට ඉහත කී All Lights Film Services (Pvt) Ltd, නැමැති සමාගම සිය කැමැත්ත පළකොට තිබෙනවා. ඒ අතරම මෙම  චිත‍්‍රපටය සීමිත කාලයක් ඇමෙරිකාවේ ප‍්‍රදර්ශණය කිරීමටත් මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව පැවසෙනවා. ඊට හේතුව වන්නේ ඇමරිකාවේ තිරගත වූ චිත්‍රපටයක් පමණක් OSCAR සම්මාන උළෙලේ “හොඳම චිත්‍රපටය” යන කාණ්ඩය යටතේ තරග කළ හැකි බවට කොන්දේසියක් එම සම්මාන උළෙල සංවිධායකයින් විසින් පනවා තිබීමයි. එසේ නොවුන හොත් තරග කළ හැකි වන්නේ Best foreign language film (හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය) යන කාණ්ඩයට පමණයි. හොඳම චිත්‍රපටය කාණ්ඩයට තරග කිරීමට නම්, ඇමරිකාව තුළ දිනකට තුන් වරක් සතියකට වැඩි කාලයක් තිරගත වීම අනිවාර්යයි. මේ ආකාරයෙන් OSCAR උළෙලේ මුල් වටයක් සදහා ඉදිරිපත් කිරීමට සුදුසු මට්ටමක චිත‍්‍රපටය ඇති බවට ඉන්දියානු සමාගමක් තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ බව නිවේදනය කරමින් අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කොට තිබෙනෙවා.  කෙසේ නමුත් ඉදිරි වට සඳහා තරග කිරීමෙන් පසු OSCAR සිහිනය සැබෑ කරගැනීමට වරම් ලැබේවා..! යැයි cinema.lk අපි ප්‍රාර්ථනා කරනවා. 

Share

සුපර් ස්ටාර් නොවන රජිනිගේ චිත්‍රපටිය – Jegan Ganeshanගේ සටහනක්

$
0
0

සටහන : Jegan Ganeshan

රංජිත්ගේ අධ්‍යක්ෂණයෙන් “සුපර් ස්ටාර්” රජිනිකාන්ත්ගේ රංගනයෙන් මේ මස 7 වන දින ලොව පුරා තිරගත වූ චිත්‍රපටිය කාලා. මේ චිත්‍රපටියේ වස්තු විෂය වෙලා තිබුණේ මුඩුක්කුවාසීන්ගේ ජීවිතය හා ඔවුන් ජීවත් වීමේ අරගලයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නේ.? ධාරාවි නම් ප්‍රදේශය මුම්බායිවල පිහිටා අැති එක් මුඩුක්කු ප්‍රදේශයකි, මුම්බායිවල ශක්තිමත් දේශපලනඥයෙකු වන හරිගේ අරමුණ වන්නේ පිරිසිදු මුම්බායි නගරයක් බිහි කිරීමයි, නමුත් සැබෑ අරමුණ වන්නේ ධාරාවි ප්‍රදේශය තමන්ගේ නමින් ලියාපදිංචි කරගැනීමයි. ඔහුගේ උත්සහයට කාලා විරුද්ධ වෙනවා. මාෙවුන් දෙන්නාගෙන් ජය ගත්තේ කවුරුන් ද යන්නයි මෙහි අවසානය. සාමාන්‍යයෙන් රජිනිකාන්ත්ගේ ෆිලුම් එකක් ඔහුව හඳුන්වා දෙන්නේ දිගු දෙබසක් කියා හෝ යම් දුකක් අැති වූ විට ඔහු පිහිටට පැමිණෙන බව අතිශ්‍යයෝක්තියෙන් කියා ය. නමුත් මේ චිත්‍රපටියේ එය එ් අාකාරයෙන් තිබුණත් එ් තරම් අතිශ්‍යයෝක්තියක් නොවිය. සරල ලෙස ඔහුගේ පළමු රූප රාමුව පෙන්නුවේ කුඩා ළමුන් සමඟ ක්‍රිකට් සෙල්ලම් කරන අාකාරය පෙන්වමින්, සාමාන්‍යයෙන් රජිනිගේ රසිකයන් හැටියට අප ඔහුගෙන් බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා. සටන් ජවනිකා විහිළු ගීත යන එ්වා අප බලාපොරොත්තු වෙනවා. කබාලි චිත්‍රපටියේ රංජිත් මේවා රජිනි රසිකයන්ට ලබා දෙන්න අපොහොසත් වුණත් මේ චිත්‍රපටියේ ඔහු එ්වා ලබා දී තිබුණ බවක් පෙනෙන්නට තිබුණා.

වර්තමාන දේශපාලනඥයන් හා විප්ලවවාදියන් ගැනත් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් මනා ලෙස පෙන්වා තිබුණා. සමාජ අසාධාරණ ගැන කතා කරන රංජිත් මේ චිත්‍රපටියෙත් එය තම තේමාව කරගෙන තිබුණා. ලෝකයේ සියලු රටවල මුඩුක්කු ප්‍රදේශ තිබෙනවා. එහි ජීවත් වෙන අයටත් සිදු වන්නේ මෙවැනි ඉරණමක් බවට රංජිත් මතක් කර දී තිබුණා. තවත් සුවිශේෂි කරුණක් නම් විප්ලවවාදීන්ව ත්‍රස්තවාදීන් ලෙස හෝ දුෂ්ඨයන් ලෙස නිරූපණය කිරීමට අතීත, වර්තමාන දේශපලනඥයන් දරණ උත්සහය මේ චිත්‍රපටිය තුළ පෙන්වීමට රංජිත් උත්සහා කර තිබුණා. හරිගේ මිණිබිරිය කාලා කියන්නේ කවුද කියා අැසු විට ඔහු පවසන්නේ රාවණන් යනුවෙන්ය. තව ද රංජිත් විසින් රාමායනය පවා අභියෝගයට ලක් කරන දෙබස් කිහිපයක් යොදා තිබුණා. රංජිත්ට අනුව රාවණා වීරයෙකි. රාමන්ට වඩා.. චිත්‍රපටියේ දුර්වලතා නොතිබුණාම නොවේ. දමිළ සිනමාවේ රජිනි යනු සුපර් හීරෝ කෙනෙකි. එ් නිසා ඔහුව මරන්න ජගතෙක් නොමැත. මේ චිත්‍රපටියේ ද එය අනුගමනය කර තිබිම අපට දකින්නට ලැබුණා. සමහර තැන්වල දෙබස් ඉතා වේගවත් නිසා එ්වා නිසා අාකාරයට තේරුම් ගැනීමේ අපහසුතාවයක් තිබුණා. සංගීතය ගැන වැඩි කතාබහක් නොමැත, නමුත් නිතරම රැප් සංගීතය භාවිතා කරගැනීමට රංජිත් සමත් වී තිබුණා. වැස්සේ අව් කණ්ණාඩි පැළඳගෙන රජිනිකාන්ත සටන් කිරීම, එසේ සටන් කරන විට අව් කණ්ණාඩිය ගැළවී නොවැටිම වැනි දේවල් අපට විහිළුවක් ලෙස දැනුනත් රජිනිකාන්ත් චිත්‍රපටිය තුළ කුමක් කළත් අපට එය වරදක් ලෙස නොදැන්නෙන් මන්ද..? එය ඔහුට අැති ගරුත්වය ද.. නැතිනම් ඔයා කෙරෙහි අැති සෙනෙහස ද යන්න දන්නේ නැත. කොටින්ම කියනවා නම් කාලයකින් බැලු රජිනිකාන්ත්ගේ හොඳ චිත්‍රපටියක් යැයි මට කීමට හැක. මෙය රජිනි රංගනයෙන් දායකවන රංජිත්ගේ චිත්‍රපටියක් පමණයි. 100%ක් මෙය රංජිත්ගේ චිත්‍රපටියක් බවයි මගේ මතය..

 

 

Share

දැවෙන විහඟුන්.. මට…–කුමාරි කුමාරගමගේගේ සටහනක්

$
0
0

සටහන : කුමාරි කුමාරගමගේ

********************************************************

සංජීව වගේ කෙනෙකුගෙන් චිත්‍රපටයක මංගල දර්ශනයට සහභාගීවන්නට ආරාධනා පතක් ලැබුනාම ඒක හරි සුන්දරයි. සංජීව මා වැනි තව බොහෝ අයට ආරාධනා කර තිබිමත් ඉතා සුවිශේෂී කරුණක්. ආරාධනා පත ලැබුන මොහොතේ පටන්මත් මම කල්පනා කලේ Dress codes පිළිපදිමින් යමකට සහභාගීවීමට මගේ ඇති නොකැමැත්ත මැඩ ඊට සහභාගී වන්නේ කෙසේද යන්න.
රීගල් එකට ඇතුළුවන්නට සිදුවුනේ අමතක කරන්නට උත්සාහකරන අසුන්දර අත්දැකීමක් එක්ක. යාළුවෙකුගේ චිත්‍රපටයක මංගල දර්ශනයකට ස්කෑන් කරගෙන ඇතුළුවෙන්න කාටද ඕනේ? මේවා දියුණු ලෝකයක අපි බලාපොරොත්තු නොවන දේවල්. අපේ දේවලදිවත් අපිව රවටමින්, අන්දමින් අපවම පාලනය කරන්න දඟලන දේශපාලුවන්ගෙන් ගැලවීමක් නැතිකොට!
චිත්‍රපටයේ මුද්‍රිත තිරපිටපත මුලින්ම පිදෙන්නේ අම්මාට. ඊ ලඟට ජනාධිපතිවරයාට වුවත් සංජීව බොහොම සංසුන්ව තම මව පසෙක සිටි තවත් මවෙකුට පොතක් පිළිගන්වලයි ඒ කාර්යයට ගියේ. ඒකත් සුන්දරයි. තමා ඉගෙනගත් පාසැලේ විදුහල්පතිවරයා වෙනුවෙන් කළ වර්ණනාව අර ඊට කලින් පුද්ගලයා ගැන කලානම් එහෙම අපිට සංජීවගේ අපේක්ෂාව ගැන ප්‍රශ්න බොහෝ ඉතිරිවෙන්න තිබුනා බරපතළවම…
අවසානයේ චිත්‍රපටයට ඇතුළුවුනේ මිශ්‍ර හැඟීම් තොගයක් සමග. ඉතිං, නිදහස්ව විවෘතව කිසිවක් රසවිඳින්නේ කොහොමද??
ගෙදර යන ගමනුත් මම කල්පනා කලේ මෙතරම් බලවත් තිර පිටපතක්, ගැහැණිය පිලිබඳ මෙතරම්ම ගැඹුරු ප්‍රකාශවීමක්, පෙනිසිටීමක් ලාංකීය සිනමාවේ අපට මුණගැසී නැති බවයි. ඒත් අපරාදේ! එහෙමමයි මට හිතුනේ.
දිනගණනක් ගතවී නිදහස් තත්ත්වයට ආපසු මා නැවත චිත්‍රපටය ගැන සිතන්න උත්සාහ කළා. ගැහැණුන්ගේ සැබෑ ප්‍රශ්නය තේරුම්ගන්නට වෙර දරන කෙනෙකු වශයෙන් මම කොහොමද සංජීවගේ මේ අතිමහත් ව්‍යායාමය අගය නොකර සිටින්නේ? චිත්‍රපටයට එළියෙන් වූ සිදුවීම් මත චිත්‍රපටය පිලිබඳව වන සැබෑව යටකළ යුතුද?
කොහොම නමුත් මම චිත්‍රපට විචාරය කරන්නියක් නෙවෙයි. ඒත් එහෙම කියලා අපිට කියන්න දේවල් නැතිවෙන්නේ නෑනේ!
සංජීව මතුකරන්නේ අපේ සමාජය අමතක කරන්න වෙර දරන දකුණේ ඛේදවාචකය. අසාධාරණයට එරෙහිව නැගීසිටි ජනයා වෙත දිගු කල මර්ධනයේ වියරු බව. රාජ්‍ය මර්ධනය සමග අත්වැල් බැඳගත් ගමේ ඇති හැකි එකා විසින් තමන් අකමැති අනෙකා විනාශ කිරීමට ඇටවූ කෙම, සියල්ලෙන් හා සියල්ලන්ගෙන් අත්හැරෙන ගැහැණිය පිලිබඳ ජීවන සත්‍යය, අසරණවන ගැහැණිය තම උගුලට හසුකරගන්නට බලා සිටිනා පිරිමියාගේ හෙළුව, අවසානයේදී මේ සමාජ ක්‍රමය තුල ගැහැණියට ඉතිරිවන එකම ජීවන වෘත්තීය පිළිබඳව වූ සත්‍යය….
පුළුල් භූමියක යම් කිසි එකක් නැතිනම් එකෙක් පෙන්නීම සංජීවගේ ක්‍රමය කියලයි මට හිතෙන්නේ. ඒ මේ මහා විසල් ලෝකයේ හුදෙකලාවීම සනිටුහන් කරන්නක් විය හැකියි. අර ආච්චි අම්මා ඒ වගේ සුවිසල් තැනක, එච්චර උසක එල්ලෙන්නේ කොහොමද කියන එකටත් එක් පිළිතුරක් එය වන්නට හැකියි. අනෙක, ඒ එල්ලීමට පාවිච්චි කල ආධාරකයන් පෙන්වන්නටම ඕනෙද? ලොකු දුව අනෙක් සියලු දරුවන් සමග නගරයට ගොස් පවතින්නේ කෙසේද, වූයේ කුමක්ද යන්නත් ප්‍රශ්නයක් ලෙස මටත් ඉතිරිවූවක් තමයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු අධ්‍යක්ෂකවරයා විසින්ම ලබා දිය යුතුද? එසේ ගොස් සිදුවූ සියල්ල පෙන්වූවානම් චිත්‍රපටයේ හරය වෙනස් වන්නේ නැතිද? මා විසින්ම මාගේ ප්‍රශ්නවලට පිළිතුර සපයාගැනීමට තීරණය කල අනික් හේතුව වූයේ ෆිල්මින් ගැන මා කිසිවක්ම නොදන්නාමුත් සංජීව ඒ ගැන දන්නා බවත්, ඔහු ඒ පිළිවෙලකට හදාරා ඇති බවත්, ඔහු විවිධ ශානරයන් අත්හදාබලන්නෙක් බවටත් මට ඇති බලවත් විශ්වාසයයි. මට/අපට ඇතිවූ මෙවන් ගැටළු සංජීවට හසු නොවී තියෙන්නටනම් විදියක් ඇත්තේම නැහැ. ඉතිං, ඒ සියල්ල ඔහු දැනුවත්වම හේතුවක් ඇතිව කළා විය යුතුයි!
අවසානයේ කියන්නට ඇත්තේ ‘සංජිව, ඔබට බොහොම ස්තූතියි, මෙවන් බරපතළ අමිහිරි සත්‍යතයන් රැසක් චිත්‍රපටයකින් අප ඉදිරියට ගෙන එන්නට ඔබ මුහුණදුන් අභියෝගයට’…!

Share

තරු දිලෙන රැයක් –ජූලි 7 වැනිදා රෑ 7.30 සිට

$
0
0

TV දෙරණ ප්‍රේක්ෂක රසික සිත් ඉතා හොඳින් හඳුනාගත් ටෙලිවිෂන් නාලිකාවක්. ප්‍රේක්ෂකයින් වඩා කැමති රසවින්දනය ලබාදීම TV දෙරණ නිෂ්පාදක කණ්ඩායමේ නිරන්තර උත්සාහය වනවා. දෙරණ Fair & Lovely Star City – twenty 20 වැඩසටහන ආරම්භ වන්නේත් ඒ ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙසින්. වැඩසටහන ආරම්භයේ සිටම දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුනා. තමා ආදරය කරන ටෙලිවිෂන් තරු ඔවුන්ගේ හැකියාවන් පෙන්වමින් තරග වදින අයුරු ප්‍රේක්ෂකයින් උද්යෝගයෙන් යුතුව බල සිටියා. දැන් මේ වැඩසටහනේ අවසන් අදියරට එළඹ තිබෙනවා. වැඩසටහනේ අවසන් මහා තරගය ජූලි මස 7 වැනිදා පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්.

21 වැනි සියවසේ දෙවන දශකයේ ජනකාන්ත ටෙලිවිෂන් විසිතුර ලෙස වැඩසටහනේ තේමාව සකස් කොට තිබුනේ එය සැබෑවක් බව පසක් කරමින් ජනකාන්ත බවට පත්වන්නට වැඩසටහනට හැකියාව ලැබුනා. තරග කරුවන් රැසක් එකිනෙක පරයා තරග වදින අයුරු ප්‍රේක්ෂකයින් නොඉවසිලිවන්තව බලා සිටියා. දැන් එහි කූටප්‍රාප්තිය එළඹ තිබෙනවා. 7 වැනි සෙනසුරාදා එනම් හෙට දවසේදී පූජා උමාශංකර්, නිහාල් නෙල්සන්, රවීන් කණිෂ්ක, ශලිනි තාරකා, රොනී ලීච්, ශානිකා වනිගසේකර, නිලන්ති ඩයස්, අනුෂා දමයන්ති අවසන් මහා තරගයේ වේදිකාව මත සිය ගැයුම් රැඟුම් ඉදිරිපත් කරනවා ඇති. අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලැබූ යුගල තුනක් එකිනෙකා පරයමින් හෙට දවසේ සිය දක්ෂතා පෙන්වීමට සියල්ල සුදානම්.

දිනක්ෂි සහ ශනුද්රි ප්‍රියසාද් දෙසොහොයුරියන් තරග බිමේ සෑම දිනකම අලුත්ම යමක් ඉදිරිපත් කළ තරගකරුවන් යුවලක්. ඔවුන් අවසන් මහා තරග වේදිකාවේ ප්‍රේක්ෂකයන් විමතියට පත් කිරීමට පුහුණු කටයුතු සිදු කරනවා. අශාන්ති සහ රන්දීර් තමාගේ හඬින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගත් අපුරු තරගකරුවන් යුවලත් ඔවුන්ගේ උපරිම හැකියාව සමග අවසන් මහා තරගයට සුදානම්. ගායන ක්ෂේත්‍රයේ හොඳ මිතුරු යුවලක් තීක්ෂණ අනුරාධ සහ රොමේෂ් සුගතපාල දෙදෙනාත් Star City ප්‍රේක්ෂකයන් හමුවට අපුරු ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සමග පැමිණීමට ලහි ලහියේ සුදානම් වනවා. මේ තරු විසිතුරු දිගහැරෙන මනරම් රාත්‍රියක් රසවිඳින්න TV දෙරණ ප්‍රේක්ෂක හිතවතුන්ට හෙට (7 වැනිදා) රාත්‍රී 7.30 සිට අවස්තාව උදා වනවා.

ජූලි 7 රෑ 7.30 සිට TV දෙරණ සුසර කරගන්න. තරු දිලෙන ජනකාන්ත ටෙලිවිෂන් විසිතුර අත්විඳින්න.

Share

Viewing all 2389 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>