Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

දෙරණ සිනමා සම්මාන –ප්‍රධාන සම්මාන රැසක් “ආලෝකෝ උදපාදි”චිත්‍රපටයට

$
0
0

දෙරණ මාධ්‍ය ජාලය සිනමාවේ හෙටදවස වෙනුවෙන් හයවැනි වරටත් සංවිධාන කළ “දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල” පසුගියදා පැවැත්වුනා. කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු මේ සම්මාන රාත්‍රිය විචිත්‍රවත් එකක් වුනා. උළෙලේ සම්මාන පිරිනැමීම ආරම්භ වීමත් සමගම සැමදෙනාගේම අවධානය දිනාගෙන තිබුනේ මෙවර සම්මානයට පාත්‍රවන විශිෂ්ටයින් කවුරුන්ද යන කරුණ වෙත. සම්මාන පිරිනැමීමේදී කාණ්ඩ තුනක් යටතේ එම ඇගයීම් සිදුකොට තිබුනා. ජූරියේ ඇගයීම් සම්මාන, Peoples jury awards කාණ්ඩය සහ Cinema of tomorrow කාණ්ඩය වශයෙනුයි. මෙම සම්මාන අතරින් ජනප්‍රිය සම්මාන එකක් සහ ජූරියේ ඇගයීම් සම්මාන අටක් දිනා ගැනීමට ආලෝකෝ උදපාදි චිත්‍රපටය සමවත් වුනා.

ජනප්‍රියම සමාන කාණ්ඩය යටතේ වසරේ ජනප්‍රියම ප්‍රතිවීර චරිතය ලෙස ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රංගනයේ යෙදුනු ධර්ශන් ධරමරාජ් සම්මානයට පත්වුනා.

හොඳම ස්වතන්ත්‍ර සංගීත නිර්මාණය ලෙස සම්මානයට පත්වුණේ ආලෝකෝ උදපාදි චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළ මිලින්ද තෙන්නකෝන්. හොඳම ගේයපද සංකල්පනාව සඳහා පුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් සම්මානයට පාත්‍ර වද්දී හොඳම ගායනය ලෙස එම චිත්‍රපටයේ “සසුනඹරේ” ගීතය ගායනා කළ ගායන ශිල්පී අමරසිරි පීරිස් සම්මානයට ලක්කෙරුනා. හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා චත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි සම්මාන ලැබුවේ ආලෝකෝ උදපාදි චිත්‍රපටය වෙනුවෙන්මයි. හොඳම කළා අධ්‍යක්ෂණය සඳහා සුනිල් විජේරත්න සහ හොඳම වේශ නිරුපනය සඳහා ජයන්ත රණවක සම්මානයට ලක්වුනා. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා කුමාර කරන්දෙණිය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා ප්‍රභාත් රොෂාන් සම්මානයට ලක්කෙරුනේ ආලෝකෝ උදපාදි චිත්‍රපටය සඳහායි.

මේ අනුව චත්‍ර වීරමන් විසින් නිර්මාණය කළ ආලෝකෝ උදපාදි චිත්‍රපටය මෙවර දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ සම්මාන 09ක් දිනා ගැනීමට සමත් වුනා. චත්‍ර ඇතුළු ආලෝකෝ උදපාදි කණ්ඩායමට cinema.lk වෙතින් සුබ පැතුම්…

IMG_2208     IMG_2229 [Original Resolution] IMG_2297     IMG_2299 IMG_2321     IMG_2356 IMG_2379     IMG_2919

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>