
ශ්‍රී ලාංකේය සිනමාවේ විවිධ වර්ගයේ සිනමාපට නිර්මාණය වීමේ අඩුවෙක් තියෙනවා කියන කතාව ක්ෂේත්‍රයේ අය වගේම රසිකයිනුත් නිතර නිතර පවසන දෙයක්. වාණිජ මට්ටමේ චිත්‍රපට කලාත්මක චිත්‍රපට ළමා චිත්‍රපට කියන මේ විවිධ වර්ගවල චිත්‍රපට නිර්මාණය වුනොත් පමණයි සිනමාව සමග ප්‍රේක්ෂකයන් රැඳෙන්නේ කියන ඒකයි මේ අයගේ අදහස. කොහොම වුනත් දැන් දැන් මේ විදිහේ විවිධ තේමාවන්ට අයත් නිර්මාණ බිහි වෙන ප්‍රවණතාවක් තියෙනවා. මේ තොරතුරු ඒ විදිහේ තවත් අපූරු චිත්‍රපටයක් ගැනයි.
ළමා කාලයේ අපි හැමෝම බොහොම කැමැත්තෙන් රසවිඳි කතාවක් තමයි රයිගමයයි ගම්පලයයි කතා මාලාව. ඒ චරිත අපට බොහොම සමීපයි. කාලය වෙනස් වෙද්දී පුංචි දරුවන්ගේ ලෝකයත් වෙනස් වෙනවා, ඊට සමගාමිව මේ චරිතත් පුංචි දරුවන්ගේ ලෝකෙන් ගිලිහිලා ගියා. නමුත් මේ අපූරු සුන්දර චරිත නැවත වරක් ළමා ලෝකයට සජීවීව කැන්දාගෙන එන අපූරු චිත්‍රපටයක් නිර්මාණය වෙලා. ලලිත් ප්‍රේමතිලක අධ්‍යක්ෂණය කළ රයිගමයයි ගම්පලයයි චිත්‍රපටය හරහා ඒ චරිත දෙක හරි අපුරුවට තිරයට ගෙනවිත් තියෙනවා. හැරෙන නාගොඩවිතාන සහ දිලිනි ද සිල්වා චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුනා. මේ සොඳුරු චරිත දෙක ජීවමාන කරන්නේ චරිතාංග රංගන ශිල්පින් යුවලක් වන ගිරිරාජ් කෞශල්‍ය සහ කුමාර තිරිමාදුර. ඊට අමතරව විජේරත්න වරකාගොඩ, පියුමි හංසමාලි ඇතුළු නළු නිළි පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. මේ අපූරු චිත්‍රපටය ළමයින්ට වගේම ළමා ලෝකයේ සොඳුරු මතක අලුත් කරගන්න කැමති වැඩිහිටියන්ටත් හරිම අපූරු අත්දැකීමක් වේවි. අද (ජුනි 01 දා) සිට දිවයින පුරා සිනමාහල්වලදී චිත්‍රපටය නැරඹීමට අවස්ථාව තිබෙනවා.