
ජර්මානු සංස්කෘතික ආයතනය සහ Agenda 14 එක්ව සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම ජූලි මාසයේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. “July film forum” ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන ජූලි මස 04 වැනි බදාදා පැවැත්වීමට නියමිතයි. සවස 6.00 සිට ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe Institute) හිදී මෙම චිත්‍රපට දැක්ම සුපුරුදු පරිදි පැවැත්වෙනවා. මෙවර වැඩසටහන සඳහා කෙටි චිත්‍රපට අටක් තිරගත කිරීමට නියමිතයි.
එදින තිරගත වීමට නියමිත කෙටි චිත්‍රපට අට මෙසේයි.
A story nobody cares about – Thisara mangala Bandara
Dragonfly Scream – Sumudu Athukorala
Where’s my route – Sudath Abesiriwardhane
Fire of life – Dhananjaya Bandara
By the sea – Bhavaneedha Loganathan
Walv – Mahasen Kalahe
Hope – Fathima Shanaz
Charisma of god – Kelum Kaluhannadige
මෙම චිත්‍රපට අට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙන බවත් සඳහන්. චිත්‍රපට සියල්ල දේශීයව හෝ ජාත්‍යන්තරව කිසියම් ඇගයීමකට ලක්වූ චිත්‍රපට බව පැවසෙනවා. සවස 6 සිට කෙටි චිත්‍රපට තිරගත කිරීම සිදුකිරීමෙන් අනතුරුව එම නිර්මාණකරුවන් සමග සංවාදයක් පැවැත්වීමටත් අපේක්ෂා කෙරෙනවා. මෙම චිත්‍රපට නරඹා සිනමාකරුවන් සමග කතාබහට එකතුවන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනයක් සිදුකරනවා.