
ප්‍රේමයට සීමා මායිම් නැති බව හුඟක් ප්‍රේම කතා වලදී අපට අහන්න දකින්න ලැබෙන කතාවක්. දේශසීමා, ජාති ආගම් කුලමල බේද මේ කිසිවක් ප්‍රේමයට අදාළ නොවන බවට සාක්ෂිත් ඕනා තරම්. වයස කියන සාධකය සැලකුවත් කතාව මෙහෙමම තමයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදරයට, ප්‍රේමයට මේ මේ ආකාරයේ වයස් සීමාවන් තිබිය යුතුයි කියල. නමුත් වයස කියන සාධකය ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්නෙත් කවුරුම හරි කෙනෙක් මිස ඒක පොදු විද්‍යාත්මක නියමයක් නොවෙයි. වයස ගැන නොසලකා සිතට දැනෙන ප්‍රේමය බාරගත් බොලිවුඩ් තරු ගැන සටහනක් මේ.
Priyanka Chopra (35) and Nick Jonas (25) – Age gap 10 years
2017 වසරේ රතු පලසක් මතදී මේ දෙදෙනාගේ පින්තුර අස ගැටීමත් සමග ලෝකයේම සිනමා රසිකයින්ගේ සහ ගීත ලෝලීන්ගේ අවධානය මේ දෙදෙනා වෙත යොමු වුනා. කිහිප වරක්ම සමාජ ජාලා හරහා වගේම මාධ්‍ය හරහාත් විවිධ gossips පල කෙරුනා. අවසානයේ මේ දෙදෙනා තමන් පෙම්වතුන් බව හැඟවෙන පරිදි ප්‍රසිද්දියේ හැසිරෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගියදා ප්‍රියංකා ඇගේ Instagram පිටුවට Nick Jonas සහ ඇගේ මව සමග එක්ව ලබාගත් පින්තුරයකුත් එක්කොට තිබුනා. කෙසේ නමුත් මේ පෙම්වතුන් යුවලගේත් වයස් පරතරය අවුරුදු 10ක් බව පැවසෙනවා.
Urmila Matondkar (43) and Mohsin Akhtar Mir (33) – Age gap 10 years
මේ දෙදෙනා එකිනෙකා හඳුනාගන්නේ ඔවුන්ගේ මිතුරගේ මාර්ගයෙන්. කෙසේ නමුත් සියල්ලෝම පුදුම කරවමින් මේ දෙදෙනා ප්‍රේමවන්තයින් බවට පත් වුනා. අවසානයේ 2016 වසරේදී සියලු දෙනාගේ ආශිර්වාද සමග මේ දෙදෙනා විවාහ වුනා. ඔබ මේ දෙදෙනාගේ social media pages follow කරනවා නම් ඔවුන්ගේ ප්‍රීතිමත් ජීවිතය පිලිබඳ සාක්ෂි ඕනෑ තරම් සොයාගත හැකියි.
Soha Ali Khan (39) and Kunal Kemmu (35) – Age gap 5 years
Soha සහ Kunal දීර්ඝ කාලයක් ප්‍රේමවන්තයින් ලෙස එකිනෙකා සමග ප්‍රේමයෙන් ජිවත් වුනා. ඔවුන් දෙදෙනා එකිනෙකට හොඳින් ගැලපෙන යුවලක් බව වටහාගැනීමෙන් පස්සේ මේ දෙදෙනා 2015 ජනවාරි මාසයේදී විවාහ වුනා. ඔවුන්ගේ දියණිය 2017 සැප්තැම්බර් මස උපත ලැබුවා. ඔවුන් ඉතා සතුටින් දියණිය සමග ජිවත් වන බවත් බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා.
ආදරයට ප්‍රේමයට හෝ එක්ව ජිවත් වීමට අවශ්‍ය වන්නේ ආදරය සහ අන්‍යෝන්‍ය අවභෝධය පමණක් බව මේ කතා වලින් ඉතා හොඳින් පැහැදිලියි. සංස්කෘතික කාරණා සියල්ල පැත්තක තබා බැලුවහම වටහාගත හැකි සරල සත්‍ය තමයි ඒ. වයස යනු අංකයක් පමණමයි.