Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

ශාරුක් ඛාන්ට විසිපහයි….??

$
0
0

හින්දි තිරය එහෙමත් නැත්නම් බොලිවුඩ් සිනමාවට ආදරය කරන ලොව පුරා විසිරි සිටින රසිකයින් අතරින් 99%ක් වගේ ප්‍රමාණයක් Shah Ruk Khan කියන දක්ෂ නළුවාටත් ඒ වගේම කැමතියි කීවොත් එහි වරදක් නැහැ. ඒ තරමටම Shahruk සහ බොලිවුඩ් සිනමාව කියන දෙක එකිනෙක සම්බන්ධයි. කෙසේ නමුත් මේ කියන්න යන්නේ ශාරුක්ගේ සිනමා ජිවිතයේ වැදගත් කඩඉමක් ගැන. ජුනි 26 වැනිදා ඔහු සිය සිනමා ජීවිතයේ 25 වැනි වසර සම්පුර්ණ කළා. සිනමාවේ රිදී ජුබිලිය සමරන ඔහු පළමුවෙන් සිනමාපටයකට රංගනයෙන් දායක වුනේ 1992 වසරේ. එම චිත්‍රපටය 1992 ජුනි 26 වැනිදා තිරගත වීම ආරම්භ වුනා. චිත්‍රපටයේ නම “Diwana”. මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු Film fare සම්මානයක් දිනා ගැනීමට සමත් වුනා. “උමතුව” යන තේරුමින් නම යොදා තිබුණු මේ චිත්‍රපටයට Rishi Kapoor සහ Diwya bharathee රංගනයෙන් දායක වුනා. මිනිත්තු 162ක ධාවන කාලයකින් යුතු වූ මෙම චිත්‍රපටය ලැබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 82ක් වුනා.

මේ අනුව ඔහුගේ සිනමා ජිවිතයට පසුගිය ජුනි 26 වැනිදා වසර 25ක් සම්පුර්ණ වුනා. 1965 නොවැම්බර් 02 වැනිදා නවදිල්ලියේ මුස්ලිම් පවුලක උපත ලැබූ ඔහු, 1988 වසරේ රුපවාහිනිය සමග සම්බන්ධ වුනා. වසර හතරකට පසු ඔහුට සිනමාවට සම්බන්ධ වීමට වරම් ලැබුනා. Badshah of Bollywood, King of Bollywood සහ King Khan යන අන්වර්ථ නාම ඔහුව හැඳින්වීමට භාවිත කෙරෙනවා. ඔහු 1991දි Gauri Khan සමග විවාහ වුනා.  මේ වනවිට චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වූ හෙතෙම මෙතෙක් ලබාගත් Film Fare සම්මාන සංඛ්‍යාව 14ක්. සම්මාන 30ක් සඳහා නිර්දේශිත නාමයන් අතරට එක්වීමෙන් අනතුරුවයි ඔහු මේ සම්මාන දිනා ගත්තේ. ඉන් සම්මාන 08ක් හොඳම නළුවා සම්මාන බවත් සඳහන්. 1993දි Baazigar චිත්‍රපටය සඳහා ඔහු පළමු හොඳම නළුවා සම්මානය දිනා ගත්තා. 2008 වසරේදී Newsweek සඟරාවේ වර්ගීකරණයන් අතරට ඔහු එකතු වුනේ ලොව බලවත්ම පුද්ගලයින් 50 දෙනා අතරින් එක අයෙක් ලෙසින්.

හින්දි සිනමාවේ King Khanගේ රිදී ජුබිලියට ලොව පුරා බොලිවුඩ් සිනමා රසිකයින් සමාජ ජාලා හරහා සුබ පැතුම් එක්කොට තිබුනා.

 

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>