
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වුනු මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වුනා. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙමින් ක්‍රියාකාරීව කටයුතු කරන EQUAL GROUND සංවිධානය මෙම සිනමා උළෙල සංවිධාන කළා. චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාව 28 වැනිදා කොළඹදී පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනියක් වන නිම්මි හරස්ගම එක්ව සිටියා.
මෙරට තවමත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දේශපාලනිකව ලැබී නැති බව බොහෝ දෙනාගේ අදහසක්. ශ්‍රී ලංකාවේ නීතියෙන් තවමත් මෙය සාපරාධී අපරාධයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් එම ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීම සහ සමාජීය වශයෙන් සාමාන් ලෙස පිළිගනිම කරා ලාංකේය සමාජය යොමු කරවීම වෙනුවෙන් Equal ground ආයතනය රටපුරා විවිධ වැඩසටහන් රැසක් පවත්වාගෙන යනවා. සිනමාව සමාජය ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙන්නක්. ඒ නිසාම Equal ground ආයතනය මෙවර Pride 2018 වැඩසටහන සඳහා යුරෝපීය සංගමය සමග එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබුනා.
ජුනි 29, 30 සහ ජුලි 01 යන තෙදින කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ අංක 24 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂ්මන් කදීරගාමර් අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානයේදී මෙම සිනමා උළෙල පැවැත්වුනා.