Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

GENIUS සාර්ථක පළමු සතිය පසුකරයි

$
0
0

බොලිවුඩ් සිනමාවේ දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපට බිහිවීම දිනෙන් දින වැඩි වෙමින් යනවා කියන දේ බොලිවුඩ් සිනමා රසිකයින් ඉතා හොඳින් දන්නා කරුණක්. ඒ වගේම මේ චිත්‍රපට වලට පාදක වන තේමාවනුත් එකිනෙකට වෙනස් අයුරින් යොදා ගන්නත් ඒ හරහා දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්නත් නිර්මාණකරුවන් උත්සහ කරනවා. පසුගිය වසර දෙකක කාලය සලකා බැලුවොත් ඒ කාලය තුළ ජනප්‍රිය වුනු ක්‍රියාදාම (Action) චිත්‍රපට අධ්‍යනය කරද්දී මේ කාරනා ඔබට සරලව හඳුනාගන්න පුළුවන්. මේ කියන්න යන්නේ මිට සතියකට පෙර තිරගත වීම් ආරම්භ වුන ඒ විදිහේ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටයක් ගැන.

චිත්‍රපටයේ නම GENIUS. ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහටයි මෙය නිර්මාණය කරන්නේ. Anil Sharma චිත්‍රපටයට තිර රචනය කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වන Vasudev සහ Nandini චරිත සඳහා අලුත්ම නළු නිළි යුවලක් යොදාගෙන තිබෙනවා. ඔවුන්ගේ පළමු සිනමා රංගනය මේ චිත්‍රපටය බව පැවසෙනවා. Utkarsh Sharma සහ Ishita Chauhan මෙම නළු නිළි දෙදෙනායි. ඊට අමතරව Mitun Chakrabothy, Ayesha Jhulka, සහ Nawazuddin Siddiqui විසින් මෙම චිත්‍රපටයේ අනිකුත් චරිත වලට රංගනයෙන් දායක වනවා.

RAW නිලධාරියෙක් සහ පෙම්වතෙක් අතර දෝලනය වන චරිත දෙකක් සහ ඔහුගේ පෙම්වතිය සහ අනිකුත් චරිත ඇසුරින් අපූරු ක්‍රියාදාම චිත්‍රපටයක් මැවීමට නිර්මාණකරුවන් සමත්ව ඇති බවට සිනමා ප්‍රේක්ෂකයින් දැක්වූ අදහස් වලින් කියවුනා. කෙසේ නමුත් අපුරු Action movie එකක් රසවිඳින්න ඔබට අවස්ථාව උදාවෙලා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>