Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

UoVT කෙටි චිත්‍රපට තරගය මෙවරත්

$
0
0

කෙටි චිත්‍රපට නිර්මාණය කරන නිර්මාණවේදීන් වෙනුවෙන් විවෘත වුනු අවකාශයක් ලංකාවේ නොමැති වීම ලොකු ගැටළුවක්. කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන කෙනෙකුට අවම වශයෙන් තමන්ගේ නිර්මාණය ජනගත කරගැනීමටවත් නිසි ක්‍රමවේදයක් නැහැ. මේ අඩුව පුරවන්න විවිධ සංවිධාන සහ ආයතන එකතු වෙලා කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් ඇගයීම සඳහා චිත්‍රපට උළෙල සංවිධානය කෙරෙනවා. ඒ අයුරින් සංවිධාන කෙරෙන සිනමා උළෙල මගින් ඇගයීමට ලක්කෙරෙන නිර්මාණ කරුවන් දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදෙමින් ජාත්‍යන්තර ඇගයීම්ද ලබාගනිමින් සිටිනවා.

වාර්ෂිකව සංවිධානය කෙරෙන කෙටි චිත්‍රපටකරුවන් උදෙසාම වෙන්වුනු චිත්‍රපට උළෙලක් University of vocational technology (UoVT) මගින් පැවැත්වෙනවා. 2018 වර්ෂය සඳහා මේ චිත්‍රපට උළෙල පැවැත්වීමට සියල්ල සුදානම් බව UoVT නිවේදනය කර සිටිනවා. ලංකාව පුරා විසිරි සිටින කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට මේ සඳහා නිර්මාණ ලබාදීම දැන් සිදුකළ හැකි බව ඔවුන් දැනුම් දෙනවා. මේ සඳහා වයස් සීමාවක් සළකා නොබැලෙන බව සඳහන්. නිර්මාණ කරුවන්ට තමාට කැමති තේමාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළහැකි බව පැවසෙනවා. නමුත් මේ කෙටි චිත්‍රපට නිර්මාණ සියල්ල මිනිත්තු 2ත් 4ත් අතර කාලයකට යටත් වියයුතු බවට කොන්දේසියක් පනවා තිබෙනවා. නිර්මාණකරුවන් ඔක්තෝබර් 15 වැනිදාට පෙර සිය නිර්මාණ UoVT වෙත යොමුකළ යුතුයි.

ප්‍රවීණ ජූරියක් මගින් නිර්මාණකරුවන් ඇගයීමට ලක්කෙරෙනවා. ජූරි සාමාජිකයින්ගේ තීරණය අනුව හොඳම නිර්මාණ පහක් තෝරා ගැනීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා. එම නිර්මාණ අතුරින් විශිෂ්ට නිර්මාණ තුනක් සඳහා මුදල් තෑගී පිරිනැමෙනු ඇති. ඔබත් කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් නම්, මේ වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්ම විය හැකියි. ඔබේ නිර්මාණ සමග ඔක්තෝබර් 15 වැනිදාට පෙර අයදුම් කරන්න. වැඩි විස්තර අවශ්‍ය නම් 0112 630 746 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව සංවිධායකයින් දැනුම්දෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>