Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ගින්නෙන් උපන් සීතල –ඇමරිකාවේදී තිරගතවෙයි

$
0
0

ලංකාවේ දේශපාලනික ඉතිහාසය ඇසුරින් නිර්මාණය වන චිත්‍රපට කිහිපයක් මෑත කාලයේ නිර්මාණය වෙමින් තිබෙනවා. රජ කතා ඉතිහාසයෙන් මෑත කාලීන දේශපාලනික ඉතිහාසය ඇසුරින් සිනමාපට නිර්මාණය කෙරෙමින් තිබෙන අවදියක එවැනි චිත්‍රපටයක් OSCAR සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන බවට පසුගියදා තොරතුරු වාර්තා වුනා. ඒ ගින්නෙන් උපන් සීතල (The Frozen Fire) චිත්‍රපටයයි.

සිනමා සහ ටෙලි මාධ්‍යයේ ප්‍රසිද්ද නමක් වුනු අනුරුද්ධ ජයසිංහ මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. චිත්‍රපටයට පදනම් වන්නේ මෙරට දේශපාලනික ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක් වුනු රෝහණ විජේවීරගේ චරිතය වීම මේ චිත්‍රපටයේ ඇති සුවිශේෂීම කාරණය වනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික අරගලය සහ එම දේශපාලන ඉතිහාසය ඇසුරින් චිත්‍රපටය ගොඩනගා තිබෙන බව සඳහන්.

සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 04 වැනිදා දක්වා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මේ චිත්‍රපටය තිරගත කිරීමට සුදානම් වනවා. ඒ අනුව Regency norwalk 13917 සිනමාශාලාවේ සතියක කාලයක් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනු ඇති. 12.oopm, 3.45pm, 6.00pm ලෙස දිනකට දර්ශන වාර තුනක් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රෝහණ විජේවිර ලෙස කමල් අද්දරආරච්චි රංගන ශිල්පියා රංගනයෙන් දායක වනවා. ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි ඒකනායක ඇතුළු ශිල්පින් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

41506468_2168780580077467_1443021961058844672_n

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles