Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

පිය උරුමයෙන් Ahaan Shetty සිනමාවට

$
0
0

Suniel Shetty කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයින්ට අලුතින් හඳුන්වා දෙන්න අවශ්‍ය කෙනෙක් නොවෙයි. 80-90 දශකවල හින්දි තිරයේ වීරයා, ප්‍රේමවන්තයා වගේම දුෂ්ටයා ලෙසිනුත් විවිධ චරත නිරුපණය කළ ඔහු සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත්තා. මේ කියන්න යන්නේ ඔහුගේ ඊළඟ පරම්පරාව ගැන.

සුනිල් ශෙට්ටිගේ දියණිය Athiya Shetty මිට පෙර සිනමාවට හඳුන්වා දුන්නා. ඒ ජනප්‍රිය නළු සල්මාන් ඛාන් විසින්. සුනිල් ශෙට්ටිගේම හැඩරුවින් යුතු ඔහුගේ පුත්‍රයාත් සිනමාවට එක්වන පුවත Bollywood hungama වාර්තා කොට තිබුනා. ඔහු සිනමාවට හඳුන්වා දෙන්නේ Sajid Nadiawala. Rajat Arora තිර රචනා කරන නවතම හින්දි චිත්‍රපටය RX 100 සමගින් Ahaan සිනමාවට එක්වීමට සුදානම්. තෙලිඟු භාෂාවෙන් මීට පෙර නිර්මාණය වුනු මේ චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වුවක්. එහි හින්දි නිර්මාණය මෙලෙස නිෂ්පාදනය කෙරෙන බව තමයි බොලිවුඩ් වාර්තා සඳහන් කරන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා Milan Luthria තෝරාගෙන තිබෙනවා. අනිකුත් නළු නිලියන් සහ නිෂ්පාදනයේ අනිකුත් තොරතුරු තවම මාධ්‍යයට එක්කොට නැහැ. කෙසේ නමුත් වයස අවු 22ක මේ තරුණයා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙසින් සිනමාවට එක්වීමට නියමිත බව සඳහන් වනවා. පියා වගේම දක්ෂ නළුවකු වීමට අහාන්ට හැකිවේද යන්න පිලිබඳ බොලිවුඩ් රසිකයින් අවධානයෙන් බලා සිටිනවා.

11ahan-shetty1 (1) Aahan-shetty AHAN Ahan-Shetty ahan-shetty-goes-london-special-training-know-1 karan-johar-took-to-social-media-to-announce-ahan-shettys-bollywood-debut-201611-843739 maxresdefault (1) Untitled-design-2

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>