Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ආදරයම මරණයකට හේතුවක් වූ කල….??

$
0
0

මැතිව් පීරිස් පියනම කොළඹ ප්‍රදේශයේ පොහොසත් වගේම බලවත් බැතිමතුන් රැසක් සම්බන්ධ පල්ලියක පියතුමන් ලෙස කටයුතු කරනවා. දිනක් ඔහු දෛනික පූජාව අවසන් කිරීමට පස්සේ, ඔහුගේ බිරිඳ එයුනිස් පීරිස්, රූමත් කාන්තාවක් සහ ඔහුගේ ස්වාමියාව මැතිව් පීරිස් වෙත හඳුන්වා දෙනවා. Daphne Reynolds සහ Randy Reynolds ලෙස හඳුන්වා දුන් මේ යුවලට රැකියාවන් ලබා දෙන්න ස  මැතිව්ස් පියතුමා කටයුතු කරනවා. ප්‍රකට පුවත්පත් සමාගමක සහය මාධ්‍යවේදියකු ලෙස පත්ව යන Randy පල්ලියේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු   ලෙසත් බැඳෙනවා. Daphne පියතුමන්ගේ ලේකම්වරිය ලෙස සේවයට එක්වන්නේ ඔහු අලුතින්ම ලියමින් සිටින පොත අත්පිටපත් කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙමිනුයි. මේ යුවල පියතුමාගේ නිවසේම    කාමරයක පදිංචි වනවා.

මැතිව්ස් සහ Daphne අතර ප්‍රේමයක් ඇති වනවා. මීට බරපතලම බාධකය වන්නේ Randy. හිටිහැටියේ Randy අසනීප වන්නේ මේ අතරයි. ඔහුව වෛද්‍යවරයකුට පෙන්වීම අනවශ්‍ය බවත් අවශ්‍ය ප්‍රතිකාර තමන් ලබාදෙන බවත් පියතුමා පවසනවා. නමුත් අවසානයේ හදිසි අවස්ථාවක ඔහු රෝහලට ඇතුලත් කෙරෙනවා. දින කිහිපයක් ඇතුලත අවාසනාවන්ත ලෙස ඔහු මිය යනවා. ඔහුගේ මෘත දේහය රැගෙන යාම පවා පියතුමන් වළක්වනවා.

මේ අතර විදෙස්ගතව සිටි එයුනිස් පීරිස් යළි ලංකාවට පැමිණෙනවා. මැතිව්ස් පියතුමාට ඊළඟ බාධකය වන්නේ ඇය. කලින් වතාවේ මෙන්ම අසනීප තත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා එයුනිස්ගේ බෙහෙත් වෙනුවට ඇයට ලැබෙන්නේ රුධිර සීනි මට්ටම පහත හෙලන ඖෂධය වර්ගයක්. අවසානයේ අභිරහස් ලෙස ඇයත් මිය යනවා. මේ සිදුවීම් දෙකටම සම්බන්ධ වෛද්‍ය වරයකුට මේ දෙකේ යම් සම්බන්ධතාවක් පිලිබඳ සැක මතු වනවා. ඒ සැකයත් සමගින් ඔහු මේ පිලිබඳ පරීක්ෂණ සඳහා තොරතුරු ලබා දෙනවා.

මැතිව්ස් පියතුමා සහ ඔහුගේ පෙම්වතිය Daphne මේ මිනීමැරුම් සඳහා වැරදිකරුවන් වෙයිද..? ඔවුන්ට හිමිවන දඬුවම කුමක් වෙයිද..? ඔවුන්ගේ අනාගතය කෙබඳු වෙයිද..? මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගැනීමට නම් මේ දිනවල දිවයින පුරා  CEL මණ්ඩලයේ තිරගත වන According to Mathew චිත්‍රපටය නැරඹිය යුතුයි. චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය සඳහා Alston Cotch, Jacqueline Fernandez, Bimsara Premarathna, Kian O’Gredy ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>