Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

පකිස්තානයට එරෙහි 2016 මෙහෙයුම සිනමාවට – Uri ජනවාරියේ

$
0
0

2016 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය මගින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ ගැටුමක් ඇති වනවා. ඉන්දීය හමුදාව සහ පකිස්තාන සොල්දාදුවන් අතර ඇතිවන මෙම ගැටුමින් ඉන්දීය සෙබළුන් 35ක් හෝ 50ක් අතර ප්‍රමාණයක් මියයන්නට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මේ ගැටුම ඉතිහාසයට එකතු වුනත්, ඒ හා සම්බන්ධ ප්‍රතිගැටුම්, මරණ ආදී සියල්ල සිදුවී අවසන් වුනත් ඒ සිද්දි මාලාවේ ප්‍රථිපල අවසන් වී නැහැ. මේ සිදුවීම ඇසුරින් සිනමා නිර්මාණයක් බිහිවන්නේත් එහි ප්‍රථිපලයක් ලෙසිනුයි.

Aditya Dhar තිර රචනා කොට අධ්‍යක්ෂනය කරන අලුත්ම බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට Uri ජනවාරි 11 වැනිදා තිරගත වීම් ආරම්භ කෙරෙනවා. Major Vihan Sheragii ලෙස කැපී පෙනෙන චරිත නිරුපණයක යෙදෙන මෙහි ප්‍රධාන නළුවා වන්නේ Vicky Kaushal. මෑත කාලින බොලිවුඩ් සිනමාවට බිහිවූ නළුවන් අතරින් විශේෂ රංගන හැකියාවක් සහ ධාරිතාවක් සහිත නළුවකු ලෙස බොහෝ විචාරකයින් Vicky Kaushalව හඳුන්වා තිබෙනවා.

Paresh Rawal, Mohit Raina, Yami Gautam, ඇතුළු නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. “යුද්ධය කියන්නේ අපි අනුමත කරන දෙයක් නොවෙයි, මොන හේතුවක් නිසාවත් මිනිසුන්ව නැති කරගැනීම, විනාශ කිරීම අනුමත කරන්න බැහැ, නමුත් සොල්දාදුවා කියන්නේ වෙනම වෘත්තියක්. ඔහුගේ වෘත්තියේදී සෙසු කිසිම කාරණයක් අදාළ වෙන්නේ නැහැ, ඒ කැපවීම ගැන මේ චරිතය මට බොහෝ දේ කියා දුන්නා” මේ පිලිබඳ අදහස් දක්වමින් විකී කෞෂාල් පවසා තිබුනා.

ජනවාරි 11 වැනිදා සිට ලොවපුරා බොලිවුඩ් සිනමා රසිකයින්ට මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>