
ජයලාල් රෝහණ කියන නම ශ්‍රී ලාංකිකයින්ට අලුතින් හඳුන්වා දියයුතු චරිතයක් නෙමෙයි. සිනමාවේ, වේදිකාවේ, ටෙලි තිරයේ ඔහුගේ රංගන හැකියාව අත්වින්ද නැති අයෙක් සොයාගැනීම අපහසු තරම්. විවිධ චරිත ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයන්ට සමීප වුනු ජයලාල් රෝහණ රංගවේදීයා ගැන පසුගියදා පැතිර ගියේ අසුබදායි ආරංචියක්. ජයලාල් රෝහණ මියගොස් ඇති බවට පුවතක් අන්තර්ජාලය පුරා පැතිර ගියා.
මේ ආරංචිය සම්පුර්ණ අසත්‍යක් බව දැන් ඔබ හොඳින්ම දන්නවා වුනත් ඒ සිදුවීම ගැන හරියටම දැනගන්න අපි ජයලාල් රෝහණ රංගවේදියාව සම්බන්ධ කරගත්තා. මේ කතාව පසුපස තිබුණු සැබෑ සිදුවීම පිලිබඳ ඔහු ප්‍රකාශ කලේ මෙවැනි අදහසක්.
“පහුගිය දවසක මම බිරිඳ එක්ක රාගම රෝහලට ගියා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහත්තයා මගේ හොඳ හිතවතෙක්. මම ගියේ එතුමන්ව මුණගැහෙන්න. ඒත් හිටිගමන් මගේ පපුවේ වේදනාවන්ක් ඇතිවුනා. පස්සේ පරීක්ෂාවන් කිහිපයක් කරලා බලල, මගේ හදවත දුර්වල මට්ටමක තියනවා කියල තීරණය වුනා. මට රෝහලේ නතර වෙන්න කියල උපදෙස් ලැබුනා. 20 වැනිදා මාව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයට මාරුකර එවුවා. එතැනින් තවත් පරීක්ෂණ කිහිපයක් කරා. අවසානයේ වෛද්‍යවරු තීරණය කරේ මට තියෙන්නේ වකුගඩු සම්බන්ධ ගැටළුවක් බව.
රෝහලේ ඉන්න අතරේ මගේ දුරකථනයට පණිවිඩ එන්න ගත්තා සමාදානයේ සැතපේවා කියලා. එතකොටයි මම දැනගත්තේ මම මැරිලා කියල ප්‍රචාරයක් යන බව. සමහරු මාව නොමරා මරලා. ඒත් ඉතිං මම ආයෙත් මළවුන්ගෙන් නැගිට්ටා. තමන්ගේ page වල ratings වැඩිකර ගන්න මිනිස්සු ඕනෙම අසූචි ගොඩක් අනුභව කරන තරම් පහත තත්වයට වැටිලා. ඉතින් මට සිද්ද වුන දේ ගැන ලොකු පුදුමයකුත් නැහැ එක අතකට” ජයලාල් රෝහණ රංගවේදියා පවසා සිටියා. කෙසේ නමුත් රාගම සහ කොළඹ රෝහල්වල වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට තමන් ස්තුතිවන්ත වන බවද ඔහු වදිසුරටත් සඳහන් කළා.