
අධ්‍යාපනය ක්‍රමය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ වෙනත් රටවලත් දැඩි අවධානයක් ලැබෙන විෂයක්. ලෝකයේ දියුණු කියන රටවල් අලුත් සමීක්ෂණ, පර්යේෂණ සිදුකරමින් ඒ ලැබෙන දත්ත මත වෙනස්, දියුණු සහ නවීන ක්‍රමවේදයන් හරහා අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කරමින් සිටිනවා. නමුත් අපේ රටේ මේ තත්වය කණගාටුදායක බව හැමෝම දන්නා කාරණයක්. යල්පැනගිය පැරණි අධ්‍යාපන ක්‍රමයෙන්ම තවමත් පවත්වාගන යන අධ්‍යාපන ක්‍රමයක් සහ විෂය මාලාවක් තමයි අපට තියෙන්නේ. නමුත් මේ තත්වයන් තුළ වුනත් සාධනීය අත්හදාබැලීම් කරන ගුරුවරු අපට කලාතුරකින් හමුවනවා. මේ ඒ විදිහේ ගුරුවරයකුගේ කතාවක්. අසේල සර් සහ ඔහුගේ ශිෂ්‍ය පිරිස ගැන කතාව මේ.
අසේල සර් වගේම එයාගෙ පන්තියේ ළමයි සහ අනික් සියලුම චරිත ඔබට හමුවන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත “තාල” චිත්‍රපටය හරහා. පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ තාල චිත්‍රපටයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වන්නේ නිලාන් වීරසිංහ. චිත්‍රපටය M-Entertainment බෙදාහැරීමක්. ජනවාරි 31 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වලදී මේ චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව තිබෙනවා. හේමාල් ගුණසේකර, කලණි දොඩන්තැන්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ජයලත් මනෝරත්න, ප්‍රියන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞශල්‍ය, චාන්දනී සෙනවිරත්න, චමිලා පීරිස්, ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.