
ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා, 27 වැනිදා අභාවප්‍රාප්ත වුනා.
දේහය මේ වනවිට අංක 162, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය ලිපිනය් පිහිටා ඇති ඔහුගේ නිවසේ තැන්පත් කොට තිබෙනවා. බ්‍රහස්පතිනා එනම් 30 වැනිදා සවස 4.00ට නාවල පොදු සුසාන භූමියේදී දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. දශක ගණනක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රවීණ නළුවකු වූ හෙතෙම මියයන විට 68 වැනි වියේ පසුවූවා.