
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලයේ මැදිහත්වීම දෙරණ සිනමා උළෙල සෑම වසරකම ක්‍රියාත්මක වනවා. මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ හත්වැනි වරට. මෙවරත් සුපුරුදු විශේෂාංග සියල්ලම සමගින් සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියල්ල සුදානම්.
ප්‍රවීණ ජූරියක් මගින් මෙවරත් සියළු විනිශ්චය කටයුතු සිදු වනවා. පසුගිය වසරේ තිරගත කෙරුණු චිත්‍රපට 25ක් මෙවර ජූරියේ නිරීක්ෂණයට ලක් කෙරෙනවා. ඉන් විශිෂ්ටයින් තෝරා ගැනෙන්නේ ජූරියේ එකඟතාවන් මතයි. සම්මාන කාණ්ඩ කිහිපයක් යටතේ විශිෂ්ටයින් වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුකෙරෙනවා.
ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන සඳහා ප්‍රේක්ෂක මනාපය සැලකිල්ලට ගැනෙනවා. ප්‍රේක්ෂකයන් ලබාදෙන මනාපය මත එම සම්මාන සඳහා හිමිකරුවන් තෝරා ගැනීම සිදුවනවා. ඒ සඳහා මනාපය පලකිරීමට දැන් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාකොට තිබෙනවා.
විශිෂ්ටයින් තෝරා ගැනීම සඳහා ජුරිය විසින් සැලකිල්ලට ගැනෙන පසුගිය වසරේ තිරගත වුනු චිත්‍රපට මෙසේයි.
01. කුසල් – අධ්‍යක්ෂණය අර්ජුන් කමලනාත්
02. කෝමාලි කිංග්ස් – අධ්‍යක්ෂණය කින්ග් රත්නම්
03. කොළඹ සන්නිය රිටර්න්ස් – අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්ද
04. කළු හිම – අධ්‍යක්ෂණය උපාලි ගම්ලත්
05. ගෝල් – අධ්‍යක්ෂණය – රොහාන් පෙරේරා
06. ඝරසරප – අධ්‍යක්ෂණය ජයන්ත චන්ද්‍රසිරි
07. එක දවසක අපි – අධ්‍යක්ෂණය අනුරුද්ධ ජයසිංහ
08. දැවෙන විහඟුන් – අධ්‍යක්ෂණය සංජිව පුෂ්පකුමාර
09. ටවුමේ ඉස්කෝලේ – අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න
10. ඇලඩින් සහ පුදුම පහන – අධ්‍යක්ෂණය සුමිත් කුමාර
11. ආදරෙයි මං – අධ්‍යක්ෂණය ප්‍රගීත් රත්නායක
12. According to Matthew – අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම්
13. යාලු මාළු යාලු – අධ්‍යක්ෂණය ලාල් ප්‍රියදේව
14. සේයා – අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකර
15. සරුංගල් – අධ්‍යක්ෂණය නාලක විතානගේ
16. රයිගමයයි ගම්පලයයි – අධ්‍යක්ෂණය ලලිත් ප්‍රේමතිලක
17. පුංචි අන්දරේ – අධ්‍යක්ෂණය සුමිත් රෝහණ තිත්තවැල්ල
18. පෝරිසාදයා – අධ්‍යක්ෂණය සිරිතුංග පෙරේරා
19. නිදහසේ පියා DS – අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග ලොකුහේවා
20. නෙලා – අධ්‍යක්ෂණය බෙනට් රත්නායක
21. මධුර චාරිකා – අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය
22. වෛෂ්නාවී – අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්
23. උදුම්බරා – අධ්‍යක්ෂණය කේ. එස්. චම්මන්තරාජා
24. යාම රජ සිරි – අධ්‍යක්ෂණය සජීව සංකල්ප
25. බිම්බා දේවි හෙවත් යසෝදරා – අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න