Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

තිසරගේ “ගණන් ගන්නැති කතාවක්”කාබුල් යයි

$
0
0

කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ “ගණන් ගන්නැති කතාවක්” (A story nobody cares about) ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පැවැත්වෙන පස්වැනි Mehrgn International Film Festivalහි තරගකාරී අංශය නියෝජනය කිරීමට මේ කෙටි චිත්‍රපටය සමත්වුනා. නොවැම්බර් මස 20 සිට 25 වැනිදා දක්වා මෙම සිනමා උළෙල ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරදී පැවැත්වෙනවා.

2018 වසරේ දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබූ තිසරගේ ගණන් ගන්නැති කතාවක්, තවත් සිනමා උළෙල කිහිපයක විවිධ ජයග්‍රහණ ලැබූවක්. තිසර ඉන් පෙර නිර්මාණය කළ “අබ සරණයි” කෙටි චිත්‍රපටයද සම්මාන උළෙල කිහිපයක විවිධ සම්මාන දිනා ගත්තා. ගණන් ගන්නැති කතාවක් සමග ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන තිසර මංගල බණ්ඩාරට cinema.lk වෙතින් සුබ පැතුම්…..!!

 

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>