Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ගම්පෙරළිය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ

$
0
0

සටහන : උදිත ලක්මාල්

ආසියාවේ පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසටද, ලෝකයේ පැරැණිතම අන්තර්ජාතික සිනමා උළෙලයන් දහයෙන් එකක් ලෙසටද සැලකෙන, ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල (International Film Festival of India) නොවැම්බර් 20 වැනිදා ඉන්දියාවේ ගෝව නගරයේදී අති උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. 1952 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින සමාරම්භය සනිටුහන් කළ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ 50 වෙනි අදියර මෙම වසරේදී ක්‍රියාත්මක වන අතර, එහිදී රටවල් 73 කට අයත් සිනමාපට 265 කට ආසන්න සංඛ්‍යාවක් සිනමා ඛාණ්ඩ 23 ක් යටතේ මෙවර උළෙල නියෝජනය කෙරේ. ඒ අනුව ‘ස්වර්ණ මයුර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම’ (Golden Peacock Retrospective) නම් වූ සිනමා ඛාණ්ඩය යටතේ උළෙල නියෝජනය කිරීමට තෝරාගත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ සිනමාපටය අද සවස 3.15 ට උළෙලේදී තිරගත වේ. 1965 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා වූ කාලපරාසය තුල පැවති තරඟකාරී අදියරයන් තුලදී, උළෙලේ විශිෂ්ටතම සිනමා පටය උදෙසා වූ ස්වර්ණ මයුර සම්මානයෙන් (Golden Peacock Award) පිදුම් ලද සිනමාපට අතුරින් තෝරාගත් සිනමාපට 09 ක් ඉහත කී ‘ස්වර්ණ මයුර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම’ යටතේ තිරගතවේ.

ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල ඉතිහාසයේ ස්වර්ණ මයුර සම්මානයෙන් (Golden Peacock Award) පිදුම් ලද පළමු සිනමාපටය ලෙසට සැලකෙන ‘ගම්පෙරළිය’ සිනමාපටය , ඉන්දියානු සිනමා උළෙලේ තිරගත වන සිව් වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1965 වර්ෂයේදී ‘අන්තර්ජාතික තරඟකාරී අංශය’ (International Competition) යටතේද, 1977 සහ 1983 දෙවර්ෂයන්හිදී ‘ලෙසටර් ජේම්ස් පීරිස් උපහාර අංශය’ (Tributes- Lester James Peries) යටතේද උළෙල නියෝජනය කිරීමට ‘ගම්පෙරළිය’ සිනමාපටය සමත් විය. එසේම ලංකාවෙන් එපිට පැවැත්වෙන්නා වූ අන්තර්ජාතික සිනමා උළෙලක ‘ගම්පෙරළිය’ තිරගතවන 29 වෙනි අවස්ථාව මෙය වේ. 1963 වර්ෂයේදී රුසියාවේ පැවති 03 වෙනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල (Moscow International Film Festival) නියෝජනය, ‘ගම්පෙරළිය’ සිනමාපටයේ පළමු ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජන අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්ව ඇත. ‘අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානයකින් පිදුම් ලද පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමපටය (Long Feature Film)’ නම් වූ ඓතිහාසික වාර්තාවට හිමිකම් කියන’ගම්පෙරළිය’, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ තෙවැනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වේ.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>