
සටහන : ෂර්ලි සමරසිංහ
හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා කෘතිය උලලේනි ඊයේ සවස රීගල් සිනමා හලේ දී නැරඹුවෙමි.
උලලේනි සිනමා කෘතිය ත්‍රාසය හා භීතිය මුසුවුණු horror සිනමා ශානරයේ චිත්‍රපටයකි. සංජීව උපේන්ද්‍ර, ගයනි ගිසන්තිකා මෙන්ම චමීර ලියනගේ රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයට නැවුම් අත්දැකීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
හේමන්ත තම පළමු චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය වෙත මුදාහැරි අභියෝගාත්මක පරිසරය වර්තමාන සිනමා කර්මාන්තයට එළැඹෙන නවකයෙකු අත්දකින අසීමාන්තික කටුක ගමන් මගක යථාර්ථය සාක්ෂාත් කර ගැනීමකි.
නූතන අර්ථ ක්‍රමය තුළ කර්මාන්තයක් ලෙස සිනමාවට ආයෝජකයෙකු සොයාගැනීමේ අභියෝගය පසෙකලා තම පෞද්ගලික වියදමින් සිනමා කෘතියක් බිහි කිරීම නිර්මාණකරුවෙකුට උත්තේජනයක් වන්නේ කිසියම් ආකාරයක ඔහු තම සිනමා ගමන් මග පිළිබඳව පවත්නා අසීමිත වූ කැපකිරීමේ ප්‍රතිඵලයක් වීම නොඅනුමානය.
සිනමා කෘතිය තුළ ප්‍රේක්ෂකයා රඳවා ගැනීමේ ප්රයත්න ඉතාමත් විශිෂ්ට ආකාරයකින් රැකගන්නා උලලේනි සිනමා කෘතිය කුතුහලයකින් යුතු කතා රසයකින් හා රංග ප්රයාමයකින් මෙන්ම තාක්ෂණික පතිතයකින් නිමවීම මෙහි සුවිශේෂිත්වයයි.
සිනමා කෘතිය ආරම්භයේ පටන් අවසානය දක්වා අධ්‍යක්ෂකවරයා සියලු ආනුෂංගික අංගයන් ඒකමිතියකට තබාගනිමින් ඹහුටම අනන්‍ය වූ නාටකීය රිද්මයක් පවත්වාගෙන යමින් කෘතිය තුළට ප්‍රේක්ෂකයාව රඳවා තබා ගැනීමට සමත් වෙයි.
ඹිලාරික කිසිදු දෙබසක් යොදා නොගනිමින් කෘතිය ඉතා සූක්ෂම ආකාරයෙන් වියමන් කරන නිර්මාණකරුවා අභියෝගාත්මක බොහෝ කාරණා ප්‍රමාණාත්මකව හා සංවිධානාත්මකව පරිකල්පනයෙන් ජයගැනීම පැසසිය යුත්තකි.
වේදිකාවේත් ටෙලිනාට්‍ය මාධ්‍ය තුළත් අප දකින සම්මානනීය රංග පෞරුෂයක් වන සංජීව උපේන්ද්‍ර රංගන ශිල්පියා මේ කෘතිය තුළ තම හැඟීම් මුදා හැරීම කිසියම් ආකාරයක වඩාත්ම නිදහස්කාමී ඉරියව්වකින් මතුවීමත් ගයනි ගිසන්තිකා එයට නොදෙවෙනිව චරිතය විශ්වාසනීයව ප්‍රේක්ෂකයා වෙත රැගෙන ඒමත් තුළ කූටප්රාප්තියට නැන්වීමට ඹවුන් ගත් උත්සාහය පැසසිය යුතුය.
මෙබඳු ආකාරයේ සිනමා කෘති බටහිර මෙන්ම ඉන්දියානු සිනමාව තුළ ප්‍රබල ආස්ථානයක පැවතියත් අප රටේ සිනමාකරුවන් අතළොස්සක් පමණක් මෙවැනි චිත්‍රපට නර්මාණ කිරීමත් විශේෂයෙන් කැපී පෙනේ.
අබිරහස වැනි සිනමා කෘතියක් සිංහල සිනමාවේ එක්තරා වකවානුවක අසීමාන්තිකව වැලඳගත් බව අදට පවා එම සිනමා කෘති නරඹන රසික පිරිස ගේ ප්‍රතිචාර මතින් වඩාත් පැහැදිලි වෙයි.
නවමු සිනමා අධ්‍යක්ෂකවරයෙකු දොරට වඩන උලලේනි සිනමා කෘතිය ලාංකේය රසිකාගාරයට ගෙනෙන නැවුම් අත්දැකීමකි.
ෂර්ලි සමරසිංහ