Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Nick තවම ඉන්දියන් කෑම හදන්න දන්නෙ නෑ –ප්‍රියංකා

$
0
0

හිටපු ලෝක රූ රැජිණක් වගේම බොලිවුඩ් තරුවක්ද වන ප්‍රියංකා චොප්රා “කෑම” සම්බන්ධව අහපු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදී තිබුනේ මේ විදිහට.

ප්‍රියංකා කියන්නේ අහුවෙන ඕනෑම දෙයක් කන කෙනෙක්ද..? කෑම, ප්‍රියන්කට වැදගත් වෙන්නෙ කොහොමද..?

නැහැ. මම එහෙම අහුවෙන ඕනෑම දෙයක් කන කෙනෙක් නම් නෙමෙයි. හැබැයි කෑම කියන්නේ මට හුඟක් විශේෂ දෙයක්. මම හැම වෙලේම මගේ කෑම ගැන සැලකිලිමත්. උදාහරණෙකට මම උදේම උදේ කෑම ගැන හිතනවා. ඊට පස්සේ දවල්ට මොනවද කන්නේ කියල හිතනවා. දවල් කෑමෙන් පස්සේ මම හිතන්නේ රෑ කෑමට මොනවද ගන්නේ කියල. ඒ තරම් මම කෑමට ප්‍රිය කෙනෙක්. අලුත් රටකට, නගරයකට ගියපු ගමන්ම මම කරන්නේ ඒ නගරයේ හොඳම කෑම තියෙන රෙස්ටියුරන්ට්ස් මොනවද කියල හොයන එක. නත්තල් සහ දිවාලි උත්සව මට විශේෂයි. මම ඒ කාලෙට කිසිම පාලනයක් නැතුව කැමති කෑම නිදහසේ කනවා. කොහොමත් උත්සව කාලෙ ඉවර වෙද්දී මගේ බර හුඟක් වැඩි වෙනවා. ඊළඟට ඉතිං මාස දෙකක් විතර මහන්සි වෙනවා බර අඩු කරගන්න.

උදේ නැගිටපු ගමන්ම ශරීර සෞඛ්‍ය වෙනුවෙන් මොනවද කරන්නෙ..?

හොඳ කෝපි එකක් බොන එක. (සිනාසෙයි) මම කොහොමත් කෝපි බොන්න කැමති කෙනෙක්. සහ කොපි ශරීර සෞඛ්‍යටත් වැදගත් වෙනවා. කෝපි එකෙන් පස්සේ මම මොනවහරි quick warm-up exercise ටිකක් කරනවා. හැබැයි ඒකෙ කිසි පිළිවෙලක් නැහැ. අද කරන එක හෙට මට මතක නැහැ. (සිනාසෙමින්) නමුත් මම skipping කරනවා. මම එකට හුඟක් කැමතියි වගේම ඒක හරි ලේසියෙන් කරන්නත් පුළුවන්.

උදේ දවල් සහ රෑ කෑම වලට වැඩිපුරම ගන්නේ මොනවද..?

උදේට මම බිත්තර ඔම්ලට් එකක් එග් ටෝස්ට් වගේ දෙයක් තමයි වැඩිපුරම කන්නෙ. අවකාඩෝ ටෝස්ට්, ඉඩ්ලි හෝ දොසේ කන්නත් මම කැමතියි. ඇයි පරාටා, මම ආසම කෑමක්. විශේෂයෙන් ඉන්දියාවේදී. දවල්ට නම් ගර්කා කානා, ඩබ්බාස්, වගේ දෙයක් කනවා ඉන්දියාවේදී. හැබැයි ඇමරිකාවේදී වෙනස්. ඒත් මම සැන්විච් වලට වැඩිපුර ආස කෙනෙක් නෙමෙයි.සැලඩ් එක්ක එළවලු කන්න කැමතියි. මේ කාලේ මම වෙජිටේරියන්. ඉතිං සැලඩ් තමා වැඩිපුරම කැවෙන්නේ. මට උයන්න බැහැ. මම ඒක ඉගෙනගෙනම නැහැ. මගේ සැමියා නික් මට වඩා හොඳට කෑම හදාගන්න දන්නවා. හැබැයි ඒ ඇමරිකන් කෑම. එයා ඉන්දියන් කෑම හදන්න නම් ඉගෙනගෙනම නැහැ. රෑට මම කොහොමත් සුප් බොනවා. කන්න පටන් ගන්නෙම උණු සුප් එකක් බීලා. ඊට පස්සේ ඉතින් පුරුදු විදිහට ටෝස්ට්ස්, සැලඩ් වගේ දෙයක් කනවා.

ඔබ උදෙන්ම නැගිටින කෙනෙක්ද..?

අපෝ නැහැ, මට ඒක හරි අමාරුයි. කවුරු හරි මාව උදෙන්ම ඇහැරවනවාටත් මම ආස නැහැ. මම රා වෙනකල් වැඩ කරනවා. නමුත් උදෙන්ම නැගිටින පුරුද්දක් මට නැහැ.

කැමතිම කෑම වර්ගය මොනවද..?

ඉන්දියන් කෑම පුළුවන් හැම වෙලාවකම කන්න උත්සාහ කරනවා.

work out කරන්න දවසේ හොඳම වෙලාව මොකක්ද..?

ඔයාට හොඳයි කියල හිතෙන වෙලාව තමයි. ඔයාට දැන් ෆීල් උනොත් මේ තමයි ව්‍යායාම වලට හොඳ වෙලාව කියල, ඒ තමයි හොඳම වෙලාව. මොකද එහෙම කරන්න ඕනේ කියල feeling එකක් එන්නේ නැතුව කළ යුතු නිසා වෙලාවක් වෙන් කරගෙන කරාට තේරුමක් නැහැ.

සෞඛ්‍යයට හිතකර liquor එක මොකක්ද..?

Tequila තමයි මම දන්නා විදිහට සෞඛ්‍යට හිතකරම ඇල්කොහොල් වර්ගය.

 

Pinkvilla සමග කළ සංවාදයක් ඇසුරිනි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>