
සටහන : ජෙගන් ගනේෂන්
සෑම පිරිමියෙකුගේම ජයග්‍රහණය පිටුපස කාන්තාවක් සිටිනවා යන්න සුප්‍රසිද්ධ කියමනකි. කෙසේ වෙතත් අද වනවිට එම ප්‍රකාශයට විවිධ අර්ථකතන කිරීමට කීබෝඞ් වීරයාගේ පෙළඹවීමක් දැකීමට හැක. ඔවුන් අනුව කාන්තාවන් යනු කට්ට කෛරාටික පිරිසකි. නමුත් මා දරණ මතය නම් කාන්තාවන් යනු කිසිදු ප්‍රතිලාභයක් නොබලා තමන් සෙනෙහස දක්වන පිරිස වෙනුවෙන් ඕනෑම කැපවීමක් කිරීමට පෙළඹෙන පිරිසකි. ඊට හොඳම උදාහරණය ලෙස තමන්ගේ මව හඳුන්වා දිය හැකිය.
දුප්පත් පවුලක ඉපදී, බස් කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරමින් සිට ඔහු අද වනවිට සුපර් ස්ටාර් කෙනෙකු ලෙස වැජඹෙන්න ප්‍රධානතම සාධකය කාන්තාවක් යැයි වූව ද කීමට හැකිය. සිවාජි රාවෝ, බැංගලුර්හිදී බස් කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි දිනක මෙම අපුරු සිදුවීම සිදුව තිබුණි. ඉන්දියාවේ බස් රථය තුළට ගොඩ විය යුතු නිවැරදි ක්‍රමයක් තිබේ. එය මෙලොව සියලු බස් මගීන් යටත්විය යුතු පොදු කරුණකි. දිනක් බැංගලෝර් වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියක් හදිසියට මෙන් පැමිණ, වැරදි දොරෙන් බසයට ගොඩ විය. එම බස් රථයේ කොන්දොස්තර ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ, සිවාජි රාවෝ ය. තරුණ වියේදී කුඩා දෙයකටත් කෝප වන ඔහු දැඩි ලෙස ඇයට බැන වැදුණේය. ඊට අතිශය ලැජ්ජාවට පත් වූ එම තරුණිය ද සිවාජි රාවෝට බැන වැදුණාය.
සාමාන්‍යයේ ගැටුමකින් ආරම්භ වන හඳුනාගැනීම ප්‍රේමයෙන් අවසන් වනවා යන කියමන දෙමළ තරුණයින් අතර සුප්‍රසිද්ධය. මෙම හමුවත් අවසන් වූයේ එවැනි ආකාරයකින්. මෙසේ කාලය ගත විය. එම දවස්වල සිවාජි බස් කොන්දොස්තර රැකියාව කරන අතරතුර බැංගලෝරයේ සිටි නාට්‍ය කණ්ඩායමකට ද සම්බන්ධවී සිටියේ. දිනක් ඔහු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍යයක් නැරඹීමට ද ඇයට ඔහු ආරාධනා කළේය. සිවාජිගේ දැඩි ඉල්ලීම මත ඇය ඊට එකඟ වූවාය. එහිදී ඇය සිවාජිගේ රංගන විලාශය දැක තවත් විශ්මයට පත්විය. ඉන් අනතුරුව සිවාජි කෙරෙහි ඇය තබා තිබු ආදරය තව තවත් වැඩි වන්නට විය.
ඒ ආදරය කොපමණ දුර දිග ගියා දැයි කිවහොත්, සිවාජිට නොකියාම, ඔහුගේ අයඳුම්පතක් අඩයාර් සිනමා පාසලට යොමු කිරීමට පවා ඇය පියවර ගෙන තිබුණාය. අයදුම්පත යොමු කළා පමණක් නොව ඊට අවශ්‍ය වන වියදම පවා ඇය විසින් ලබා දුන්නාය. කාලය ඉතා වේගයෙන් ගලා යන්නට විය. සිවාජි රාවෝ, රජිනිකාන්ත ලෙස ප්‍රකට විය. දින, මාස, වසර ගෙවි යන්නට විය. රජිනි කිසි දවසක මුල අමතක කරන්නෙක් නොවන බව අප කවුරුත් දනිමු. දිනක් ඔහුට සිය පෙම්වතිය සිහිවී බැංගලෝර් වෙත පිටව ගිය ඇයව විවාහ කරගැනීමේ අරමුණත් සමඟින්ය. නමුත් ඒ වනවිටත් මහබ්‍රහ්මයා සතුව වෙනත් සැලසුමක් තිබුණා යැයි කීමට හැක. රජිනිකාන්ත් ඇය ජීවත්ව සිටි නිවස වෙත ගියේ දහසකුත් ආශාවන් සමඟින්ය. නමුත් ඔවුන්ගේ නිවස දොරඟුලු දා තිබුණි. මෙය දැක වඩාත් සිත් තැවුලට පත්වූ රජිනි ඒ අවට සිටි පිරිසකගෙන් ඈ සම්බන්ධයෙන් විමසීය. නමුත් ලැබුණ පිළිතුර එතරම් යහපත් නොවිය. ඔවුන් වසර කිහිපයකට පෙර එම නිවස අතහැර ගොසින්ය. අනතුරුව ඇය අධ්‍යාපන කටයුතු සිදු කළ වෛද්‍ය විද්‍යාලය වෙත ද ගොස් තිබුණි. එහිදී ද ඇය සම්බන්ධයෙන් තොරතුරක් ලබාගැනීමට නොහැකි විය.
අනතුරුව නැවතත් චෙන්නයි වෙත පැමිණි රජිනිකාන්ත් යළි සුපුරුදු ජීවිතය ගත කිරීම ආරම්භ කළේය. අදටත් තමන්ගේ හිතවතුන් හමුවු විට ඔහුගේ පළමු පෙම්වතිය සම්බන්ධයෙන් මතකාවර්ජනය සිදු කරන බව රජිනිගේ සමීපතයින් නිරතුරුව පවසති.
සටහන – ජෙගන් ගනේෂන්