Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

සේදර මැණිකේට පෙම්බඳින බාලයා සහ මොණරා

$
0
0

අතීත ලංකාවේ “එකගෙයි කෑම” කියන්නේ බොහොම සාමාන්‍ය විවාහ ක්‍රමයක්. එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් එකම කාන්තාවක් එක්ක “පවුල් කෑම” තමයි මේ විවාහ ක්‍රමයේදී සිද්දවුනේ. දැන් අපේ උදවිය කරගහගෙන ඉන්න වික්ටෝරියානු සම්ප්‍රදායන්ට මේක විරුද්ධ වුනත් ලංකාවේ අතීතයේ ජීවත් වුනු පැරැන්නන්ට මේක අරුමයක් වුනේ නෑ. අයිය මලෝ දෙන්න බොහොම සහයෝගයෙන් මේ පවුල් ජීවිතය ගෙනිච්ච බවට ඉතිහාස සාධක තියෙනවා. බූදල් පිටගන්කාරයින්ට අයිති නොවී තමන්ගේම පරම්පරාවල රඳවගන්න මේ අය එකගෙයි කෑම සම්ප්‍රදායක් විදිහටම කළා. කොහොමහරි, ඉංග්‍රීසි ලංකාව පාලනය කරන්න ගත්තට පස්සෙ, අලුත් නීති ගෙනත් මේ ක්‍රමය තහනම් කළා. හැබැයි ලංකාවේ ඈත ගම්මාන වල ජීවත් වෙච්ච උදවියට ඔය නීති රෙගුලාසි වලංගු උනේ නෑ. ඒ අයට තිබුනේ ඒ අයගෙම නීති රෙගුලාසි. මහරැජිණටවත් රැජිණගේ ඒජන්තයින්ට වත් ඕනේ විදිහට ඒ ගම්මාන වැඩකටයුතු නොකලේ ඒ අය ස්වාධීන මිනිස්සු නිසා.

බිබිල වෙල්ලස්ස අවසාන ගම්මානය වෙච්ච ඇකිරියන්කුඹුර කියන්නෙ අන්න එහෙම ගම්මානයක්. එකගෙයි කන, සොකරි නටන, පවුල් ජීවත් වෙච්ච ගමක් කියලයි කියවෙන්නෙ. පවුල් කීපයකුයි, පුරාණ ගල්ලෙන් විහාරයකුයි තමයි ගමේ තිබුනේ. 1818 කැරැල්ලෙන් පස්සේ ජීවිතේ බේරගත්ත අය රහසේ හැංගිලා ජීවත් වුනෙත් මේ ගමේ. මේ ඇකිරියන්කුඹුරේ 1930 දශකයේ සිද්දවෙච්ච සිදුවීම් කීපයක් එක්ක අලුත් වැඩක් කෙරුණා.

ජැක්සන් ඇන්තනි කියන්නේ වේදිකාවේ, ටෙලි තිරයේ, සිනමාවේ සාහිත්‍ය කලාවේ එක එක විදිහට කරණම් ගහපු කලාකරුවෙක් කියල තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නෙ. ජැක්සන් ඇන්තනි, ඒ කරණම් අතරේ අලුත්ම කරණම ගහන්නේ මේ කියපු ඇකිරියන්කුඹුරට. ඒ ගමේ ජීවත් වෙච්ච කුංකුණා, ඩුන්ගුරා, ඩිංගිරා, බාලයා, මොණරා, සේදර මැණිකේ, බංගරහාමි, රේවත හාමුදුරුවෝ, අනෝමදස්සී හාමුදුරුවෝ වගේ චරිත ගොන්නක් එක්ක වෙනස්ම විදිහේ අත්දැකීමක් සිනමා තිරයට අරගෙන එන එකයි මේ අලුත්ම කරණම. චිත්‍රපටයට නම ලැබෙන්නෙ “එකගෙයි සොකරි” කියලයි. මේ චරිත එක්ක ඇකිරියන්කුඹුර ගැනත් 1930 දශකයේ ලංකාවේ ගම්මානයක හැඩය ගැනත් තවත් බොහොමයක් ලුත් දේවලුත් මේ චිත්‍රපටයේ ඇතුළත්.

ජැක්සන් ඇන්තනි නමින් තියෙන YouTube අවකාශයට පිවිසුනොත්, ඔබට මේ අපූරු චිත්‍රපටයේ ප්‍රචාරක පටයත්, ගීතත් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම 2020 පළවෙනි කාර්තුවේදී මේ අපූරු සිනමා වියමන රිදී තිරයෙන් දකින්න අපේක්ෂාවත් හිතේ තියාගන්න කියල අපි ඔබට මතක් කරනවා.

සේදර මැණිකේ ගැන, මොණරා ගැන, බාලයා ගැන වගේම අපේ රටේ අපේ ඉතිහාසයේ නොකියවුණු නොඇසුණු කරුණු කාරණා බොහෝමයකුත් දැනකියා ගන්න, “එකගෙයි සොකරි” එනතුරු ඉවසන්න.

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>